IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ඉරාන සබ්මැරීන් බළඇණියක් ලංකාවටත් එයි

ඉරානයේ 28 වැනි නාවික බළඇනිය යුද නැව් හා තරීක් සබ්මැරීන සමූහයක් සමග බෝම්බායට හා ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ඉරානයේ ෆාර්ස් ප්‍රවෘති සේවය කියයි.

තම යුද නැව් සමූහය දකුණු ආසියාව බලා යාත්‍රා කරන බව නාවික මෙහෙයුම් නායක ලුතිනන් කමාන්ඩර් සියාවෂ් ජරේ නිවේදනය කිරීමත් සමගම එම නැව් මුම්බායි හා කොළඹ වරායන් වෙත පැමිණි බව ෆාස් කියයි.

ගමනේ අරමුණ පැහැදිලි නැතත් ඉරාන නාවික හමුදාවේ විදේශ මෙහෙවරට තීරණාත්මක වැදගත් කමක් මෙම ගමනින් සැපයෙතියි ෆාස් පුවත් සේවය කියයි.

 

 



අදහස් (0)

ඉරාන සබ්මැරීන් බළඇණියක් ලංකාවටත් එයි

මාක් Saturday, 23 November 2013 04:09 PM

ඔයා වැඩ කරන්නෙය් ඊස්ශ්‍රායෙල් වලද? බටහිර රටවල් කියන පදයට හැමදාම නටන්න ගියොත් අපිට ඉන්න වෙන්නෙ හැමදාමත් උඩ බලාගෙන තමා. (අ)

:       0       0

කමල් Friday, 22 November 2013 02:58 PM

කොන්ද පණනැති ආරියසේන. හරියටම අපේ ලොක්කො වගේ. අපේ කොන්දත් නැති කරලා දානවා. (ස)

:       0       0

අමිල කටුනායක Friday, 22 November 2013 08:52 PM

ඊිලගට එකක් හදන්න හරි ගන්න හරි බලයි අර සුප්‍රිමි සේටි එක වගේ.(ස)

:       0       0

අබ්දුල් Saturday, 23 November 2013 09:13 AM

ලංකාවේ හොදම මිතුරෙක් . බටහිරට ගැති නොවන ස්වයන් තීරණ ගන්න රටක්..(නදී)........

:       0       0

සත්‍යයා Saturday, 23 November 2013 09:19 AM

අපේ විදේශ ප්‍රතිපත්තිය ජේ ආර් ගේ කාලයේ ඉඳන් ගමන් කලේ රුයිතෙට. අපට බටහිර රටවල් ගහනවා කියල මුස්ලිම් රටවල් ලංකර ගැනීම මල්වරවූ හීන් එකීගේ තනියට අල්ලපු ගෙදර චන්ඩි සිමා ට එන්න කිව්වා වගේ වැඩකි. නමුත් බොහෝ දේශපාලඥයින්ගේ පවුල් වල අය, නෑදෑ හිතවත්තු දරුවන්ට උසස් අධ්‍යාපනය දෙන්න අරින්නේ, සාප්පු සවාරි නිවාඩු ගත කරන්න යන්නේ එංගලන්තය ට හා ඇමෙරිකාවට. ගිලෙන්න යන කොට පිදුරු ගහෙත් එල්ලෙනවා.(නදී)

:       0       0

කැනඩා දිසා Saturday, 23 November 2013 10:00 AM

මාර කෙලියක් වේවිද මන්දා. මේ අය එකාට එකා මරා ගත්තොත් චීන පිහිට තමයි.(නදී)

:       0       0

නිරූපා Saturday, 23 November 2013 06:30 PM

අපි ඉරානය එක්ක හොඳට ඉන්න එක හොඳයි. තෙල් ටිකවත් ලාබෙට ලැබෙන්න පුළුවන්. අපිට පුලුවන්ද හැමෝමව සතුටු කරන්න. ඉස්සෙල්ලා බලන්න ඕනා අපේ වාසිය (නදී)

:       0       0

මර්වින් Friday, 22 November 2013 03:59 PM

පිටිගල සහ උපාලිගේ කතාව එක් කෙනෙක් වගේ.තමන් තමන්ටම හොඳ කියා ගැනීම කියන්නේ ඕක තමා.තමන්ගේ මට්ටම් තම්මට්ටම්.. (ස)

:       0       0

දයා Saturday, 23 November 2013 07:09 PM

2014 දී ලෝකයේ ලොකුම බලවතා ශ්‍රී ලංකාවයි. (අ)

:       0       0

බංඩාර Saturday, 23 November 2013 10:36 AM

ඉරානය බය නැති නායකත්වයකින් පෙරට යන රටක්. අපි ඔවුන්ගේ මිතුරන් වීම නුවනැති ක්‍රියාවකි. තෙල් සම්පත් රටකි.(නදී)

:       0       0

මිනිපෙ Friday, 22 November 2013 10:31 PM

බයවෙන්න එපා. ඕවා රුසියානු පරණ සබ්මැරින් වෙන්න ඇති (නි)

:       0       0

ෂපීක් Saturday, 23 November 2013 10:49 AM

මධුට කවදා මොලේ පැදෙයි ද දන්නේ නැහැ. පිටිගල නිවැරදියි. (නදී)

:       0       0

මධු Friday, 22 November 2013 04:35 PM

ඉක්මනට ඊශ්‍රායලයට දැනුම් දෙන්න ඕනි. මේක ඒ තරම් සුබ වාදී නෑ. කවදා අපේ අයට මොලේ පෑදේයි ද දන් නෑ ? (ස)

:       0       0

කසුන් ධර්මවංශ Thursday, 28 November 2013 10:44 PM

සත්‍යයා, ඔබ සමග මමත් එකගයි. (නි)

:       0       0

මොහමඩ් Friday, 22 November 2013 11:53 PM

අපේ අයත් ඉතින් ඔයවගේ සබ්මැරින් එකක් පිටරටකින් ආවොත් එහෙම,බොහොම සතුටින් පිළිගනීවි (නි)

:       0       0

වර්ණ Friday, 22 November 2013 05:23 PM

මේ කට්ටිය මොකටද මෙගේ එන්නේ? අපිට තිබෙන ප්‍රශ්න විසදාගන්නත් නොහැකිවයි අපි ඉන්නේ (නි)

:       0       0

මධු Friday, 22 November 2013 05:39 PM

ඒත් අපේ අය දන්නවා ඊශ්‍රායලයයි ඇමරිකාවයි කියන්නේ කොහොම අයද කියලා. (නි)

:       0       0

රවී Friday, 22 November 2013 05:44 PM

මේ කට්ටිය මොකටද ඒ පාර එන්න හදන්නේ? (නි)

:       0       0

ආරියසේන Friday, 22 November 2013 12:19 PM

මොකක් ද වෙන්න යන්නේ. ඇමරිකාව අපට ආර්ථික සම්බාධක පනවයි ද? මේ ප්‍රශ්නය නිසා. (ස)

:       0       0

නුවන් Friday, 22 November 2013 06:11 PM

මේක ඇවිල්ල ඩබල් ගේමක් වගේ .ඕන ඕන විදියට කොහොමද මේවා එන්නේ.මේක හොදට මොලය කල්පනා කරලා කරපු වැඩක්.අපේරටට අපරා ධ කරන අයටත් දැනෙන්න කරපු වැඩක් වගේ.බලමු මොකද වෙන්නේ කියා(ස).

:       0       0

ලුම්බිණි Friday, 22 November 2013 12:47 PM

අඩුවකට තිබුනේ මේ අය විතරයි. දැන් ඒකත් හරි නේ. (නදී)

:       0       0

මායා Saturday, 23 November 2013 02:58 AM

බලමු මොනවද කියලා. (නි)

:       0       0

අමිල් Friday, 22 November 2013 12:47 PM

ආරියසේන බයද? මේ ගොල්ලෝ ඇවිත් ඇත්තේ එයාලගේ න්‍යෂ්ටික අවි අරන්, ඒවා මෙහෙට විකුනන්ඩ නෙමේනේ. (නදී)

:       0       0

මධු Friday, 22 November 2013 12:57 PM

ඔන්න දැන් ඇමරිකන් කාරයා කුලප්පු වෙයි.(නදී)

:       0       0

මහින්ද Friday, 22 November 2013 01:01 PM

ඉක්මනට යන්න, දන්නවනේ ඇමෙරිකාවේ හැටි (නදී)

:       0       0

පිටිගල මිලානෝ Friday, 22 November 2013 01:07 PM

ඉරානය න්‍යෂ්ටික තාක්ෂණය උපයෝගී කරගන්නේ අවි නිපදවීමට නොව ශක්තිය නිපදවීමට බව ලොවට පවසා ඇත. ඔවුන් සතුව දැනට ඇති න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක මගින් එසේ කල නොහැකි බවද පවසා ඇත. කෙසේ වෙතත් ඊශ්‍රායලයේ දියුනුවීගෙන එන යුද ශක්තියේ හැටියට ප්‍රාදේශීය සමතුලිත භාවය රැක ගැනීමට ඉරානය යුදමය අතින් ස්ථාපනය විය යුතු බව නොරහසකි. (නදී)

:       0       0

වින්සන්මාධව Friday, 22 November 2013 06:41 PM

ඊශ්‍රායල්කාරයා රටවල් කුලප්පුකරලා තියලා ඒ රටවල් ගහන ‍ෙකාට දුවලා දුවලා ගිහිල්ලා අැමරිකන් කාරයාෙග් කලිසම අස්ෙස් හැංෙගනවා හැමදාම ඉතින් කොහොමද ගහන්නේ.(ස)

:       0       0

අසංග Thursday, 12 December 2013 01:05 AM

මොකාටද එන්නෙ කියලා හොයලා බෙලුවානම් හොදයි (ස)

:       0       0

උපාලි Friday, 22 November 2013 01:50 PM

පිටිගල මිලානෝ සමග 100% ක් එකඟයි. බල තුලනය අත්‍යවශ්‍යයි. නැත්නම් ලෝකයේ ඉතුරු වෙන්නේ මහා බලවතුන් කියා ගන්න තක්කඩි ටිකත් ඔවුන්ට ආවඩන හෝ ඔවුන්ගෙන් බැටකන කණ්ඩායම් දෙකත් විතරයි. (ස)

:       0       0

ඈපා Saturday, 23 November 2013 07:40 AM

ඇයි ඇමරිකාවත් කිවනේ ඉරානයට ආර්ථික සම්බාදක පනවන්න එපා කියලා . ඒක නිසා ඔය රවුමක් දාල යන්න එනවා ඇති. (නදී)

:       0       0

උදේශ් කොටුවේගෙදර Friday, 22 November 2013 01:59 PM

මොන දේ කලත් මේ රටේ අහිංසක මිනිස්සු තමයි තවත් අසරණ වෙන්නේ. (ස)

:       0       0

දමි Friday, 22 November 2013 02:00 PM

ආපු එකේ අපිටත් එකක් දෙකක් දීලා ගියා නම් නේද හොඳ, මොකද අපේ මිත්‍රයනේ.......! කොහොම වෙතත් දැන් බලාගෙන ගියහම ඉන්දියාවට වඩා ඉරානය, රුසියව, චීනය වගේ රටවල් ළං කර ගන්න එක තමයි හොඳ. (ස)

:       0       0

හේරත් රණවීර Friday, 22 November 2013 02:17 PM

ආදරෙන් ඇවිත් ඔලුව අත ගාන්නද දන්නෙ නැහැ එන්නෙ?? (ස)

:       0       0

එරන්ද Saturday, 23 November 2013 03:44 PM

බය වෙන්න දෙයක් නැහැ.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Friday, 22 November 2013 02:41 PM

අපි පෙර සිටම අපේ උදව්වට එංගලන්තේ, ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සිටිනවා කියා සිතා ඔවුන් කියන කියන දෙයම කරන්න පුරුදුව සිටියා. නමුත් කාලෝචිත ප්‍රඥාවෙන් පිරිපුන් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට තේරුණා මේ අය 'අඩු හැන්දකින්' අපිට බෙදන බව. ඒ නිසා මෙතුමා වෙනත් විකල්ප රටවල් අපේ මිත්‍රයන් කරගත් බැවින් අපට ත්‍රස්තවාදීන් පරද්දන්න හැකියාව ලැබුනා, පමණක් නොව විශාල ලෙස අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට ඔවුන්ගේ තාක්ෂණය මෙන්ම ණය මුදල් ද ලබා ගන්න පුළුවන් වුනා. බටහිරට ගැතිකම් කිරීම පසෙකලා අපි අපට ගැලපෙන පිලට යා යුතුය. එයින් අපේ ශක්තිය වැඩි කර ගත හැක. ඉන් පසු ඔය කවුරුත් නැවත අප පසුපස එනු ඇත. මතක තබාගන්න, ඩේවිඩ් කැමරුන් අපට බැන බැන ලංකාවට ආවේ සියයකට අධික ව්‍යාපාරික සේනාවක් සමඟයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 20 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 85 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 201 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 635 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1148 1

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 856 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14562 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 148 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site