ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලෝක පාපන්දු සමුපවෙන් ලැබුණු බව කියන මූල්‍ය ආධාර වියදම් කළ ආකාරය ගැන වෙනමම පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙන ක‍්‍රීඩා අමාත්‍යංශය අද (7) සේවයෙන් විශ‍්‍රාම ගැනීමට සූදානම්ව සිටි පාපන්දු සම්මේලනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ක‍්‍රිෂාන්ත පෙරේරා මහතාට ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්න පත‍්‍රයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
මෙම පරීක්‍ෂණය මෙහෙයවන්නේ බි‍්‍රගේඩියර් ප‍්‍රියන්ත සමරතුංග මහතා ඇතුළු ක‍්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් කීපදෙනකු විසිනි. සමරතුංග මහතා සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණ අධිකාරියේ වත්මන් සභාපතිවරයායි.
ලෝක පාපන්දු සමුළුවෙන් ශ්‍රී ලංකාවට ආධාර ලෙස ලැබුණු බව කියන ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 39 ක පමණ (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 48 කට ආසන්න) මුදලක් වියදම් කර තිබෙන ආකාරය ගැන පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා පාපන්දු සම්මේලනයේ නව සභාපති රංජිත් රොද්‍රිගු මහතාගේ උපදෙස් පරිදි සය පුද්ගල කමිටුවක් විසින් ද දැන් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.
වසර 2002 සිට පාපන්දු සම්මේලනයේ විධායක නිලධාරී ධූරය හොබවන ක‍්‍රිෂාන්ත පෙරේරා මහතා අද (7) සිට බල පැවැත්වෙන පරිදි තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර තිබේ.
කෙසේ වුවත් පාපන්දු සම්මේලනයේ අධීක්‍ෂණයෙන් පසුගිය කාලයේ කළ ඉදිකිරීම් රැුසක් ගැන පරීක්‍ෂණ පවත්වන ක‍්‍රීඩා අමාත්‍යංශ කමිටුව ඒ සම්බන්ධයෙන් සම්මේලනයේ ඉහළම බලතල හිමිව තිබූ තනතුර දැරූ විධායක නිලධාරී ක‍්‍රිෂාන්ත පෙරේරා මහතාගෙන් ඒ පිළිබඳ පිළිතුරු අපේක්‍ෂාවෙන් ප‍්‍රශ්න රැුසක් ලිඛිතව බාරදී ඇතැයි ද වාර්තා වේ.
එම පරීක්‍ෂණ හමුවේ වාචිකව කරුණු දැක්වීම සඳහා ඉදිරියේදී කමිටුව හමුවේ පෙනී සිටින ලෙස ද ඔහුට දැනුම්දී තිබෙන බව පාපන්දු ආරංචි මාර්ග සඳහන් කරයි.
සේවයෙන් ඉල්ලා අස්වුවත් පරීක්‍ෂණ හමුවේ දිගටම පෙනී සිටිය සිටියුතු බව ද ක‍්‍රීඩා අමාත්‍යංශ කමිටුව ඒ මහතාට දැනුම්දී තිබේ. කෙසේ වුවත් ඔහු කමිටුවට දැනුම්දී ඇත්තේ කමිටුව විමසීම් කළ ඇතැම් කරුණු සම්බන්ධයෙන් තමාගේ වගකීමක් නැති බවත් ඉහළින් සිටි කිපදෙනකු ඊට වගකිවයුතු බවත්ය.
පාපන්දු සම්මේලනයෙන් ඉවත්වූ පෙරේරා මහතා ලෝක පාපන්දු සමුළුවේ දකුණු ආසියානු කලාපීය සංවර්ධන නිලධාරියකු ලෙස තවදුරටත් කටයුතු කරනු ඇතැයි ද වාර්තා වේ.
ඡායාරූප - ශාන්ත රත්නායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා හරියට යෙදෙව්වා නම් අද පාපන්දුව ජාත්‍යන්තරයට ගිහින්.(නදී)
දැන් ඉතින් ඉහ මොළ රත් වෙයිද ??(ස)
මේ පල් හොරු. සල්ලි ගසා කනවා විතරයි. මම දැකල නැහැ එක පාපන්දු ක්‍රීඩා පිටියක් ලංකාවේ සංවර්ධනය කරලා තිෙයනවා. උල තියන්නේ ඕනේ පල්, හොරු.(ස)
ඇයි මෙයාට විතරක් කමිටුවක්? බෙදා හදාගෙන නෙවෙයිද කෑවේ? (ස)
මේ අයගේ නිච්චල චංචල දේපල ගැන විදිමත් පරීක්ෂණයක් කළයුතුයි. (ස)
ගොඩක් ක්‍රීඩා සංගම් වල සල්ලි ගිලින බහිරවයෝ තමයි ඉන්නේ? අර ජනප්‍රිය ක්‍රීඩාවේ බිලියන 25ක් ගිය දිහාවක් නැහැයි කියන්නේ? ඉතින් වෙලාවකට රටට විරුද්දවෙලා සල්ලිවලට වෙන තරගාවලි තොරගත්තෛ කියලා ක්‍රීඩකයන්ට දොස් කියන්නත් බැහැ මොකද ක්‍රීඩකයන්ගේ දහදිය මහන්සියට හම්බ වෙන සල්ලිනෙ ක්‍රීඩා නිලදාරීන් ගිලින්නේ?(නදී)