IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ඉල්ලා අස්වී යන පාපන්දු විධායකට ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් ප‍්‍රශ්න වැළක්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලෝක පාපන්දු සමුපවෙන් ලැබුණු බව කියන මූල්‍ය ආධාර වියදම් කළ ආකාරය ගැන වෙනමම පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙන ක‍්‍රීඩා අමාත්‍යංශය අද (7) සේවයෙන් විශ‍්‍රාම ගැනීමට සූදානම්ව සිටි පාපන්දු සම්මේලනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ක‍්‍රිෂාන්ත පෙරේරා මහතාට ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්න පත‍්‍රයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මෙම පරීක්‍ෂණය මෙහෙයවන්නේ බි‍්‍රගේඩියර් ප‍්‍රියන්ත සමරතුංග මහතා ඇතුළු ක‍්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් කීපදෙනකු විසිනි. සමරතුංග මහතා සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණ අධිකාරියේ වත්මන් සභාපතිවරයායි.

ලෝක පාපන්දු සමුළුවෙන් ශ්‍රී ලංකාවට ආධාර ලෙස ලැබුණු බව කියන ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 39 ක පමණ (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 48 කට ආසන්න) මුදලක් වියදම් කර තිබෙන ආකාරය ගැන පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා පාපන්දු සම්මේලනයේ නව සභාපති රංජිත් රොද්‍රිගු මහතාගේ උපදෙස් පරිදි සය පුද්ගල කමිටුවක් විසින් ද දැන් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

වසර 2002 සිට පාපන්දු සම්මේලනයේ විධායක නිලධාරී ධූරය හොබවන ක‍්‍රිෂාන්ත පෙරේරා මහතා අද (7) සිට බල පැවැත්වෙන පරිදි තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර තිබේ.
කෙසේ වුවත් පාපන්දු සම්මේලනයේ අධීක්‍ෂණයෙන් පසුගිය කාලයේ කළ ඉදිකිරීම් රැුසක් ගැන පරීක්‍ෂණ පවත්වන ක‍්‍රීඩා අමාත්‍යංශ කමිටුව ඒ සම්බන්ධයෙන් සම්මේලනයේ ඉහළම බලතල හිමිව තිබූ තනතුර දැරූ විධායක නිලධාරී ක‍්‍රිෂාන්ත පෙරේරා මහතාගෙන් ඒ පිළිබඳ පිළිතුරු අපේක්‍ෂාවෙන් ප‍්‍රශ්න රැුසක් ලිඛිතව බාරදී ඇතැයි ද වාර්තා වේ.

එම පරීක්‍ෂණ හමුවේ වාචිකව කරුණු දැක්වීම සඳහා ඉදිරියේදී කමිටුව හමුවේ පෙනී සිටින ලෙස ද ඔහුට දැනුම්දී තිබෙන බව පාපන්දු ආරංචි මාර්ග සඳහන් කරයි.

සේවයෙන් ඉල්ලා අස්වුවත් පරීක්‍ෂණ හමුවේ දිගටම පෙනී සිටිය සිටියුතු බව ද ක‍්‍රීඩා අමාත්‍යංශ කමිටුව ඒ මහතාට දැනුම්දී තිබේ. කෙසේ වුවත් ඔහු කමිටුවට දැනුම්දී ඇත්තේ කමිටුව විමසීම් කළ ඇතැම් කරුණු සම්බන්ධයෙන් තමාගේ වගකීමක් නැති බවත් ඉහළින් සිටි කිපදෙනකු ඊට වගකිවයුතු බවත්ය.

පාපන්දු සම්මේලනයෙන් ඉවත්වූ පෙරේරා මහතා ලෝක පාපන්දු සමුළුවේ දකුණු ආසියානු කලාපීය සංවර්ධන නිලධාරියකු ලෙස තවදුරටත් කටයුතු කරනු ඇතැයි ද වාර්තා වේ.

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (0)

ඉල්ලා අස්වී යන පාපන්දු විධායකට ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් ප‍්‍රශ්න වැළක්

දයා අලහකෝන් Tuesday, 07 May 2013 02:37 PM

මේ අයගේ නිච්චල චංචල දේපල ගැන විදිමත් පරීක්ෂණයක් කළයුතුයි. (ස)

:       0       0

අමල් Tuesday, 07 May 2013 09:55 AM

ඕවා හරියට යෙදෙව්වා නම් අද පාපන්දුව ජාත්‍යන්තරයට ගිහින්.(නදී)

:       0       0

හේමන්ත Tuesday, 07 May 2013 09:56 AM

දැන් ඉතින් ඉහ මොළ රත් වෙයිද ??(ස)

:       0       0

ගයන් Tuesday, 07 May 2013 09:56 AM

මේ පල් හොරු. සල්ලි ගසා කනවා විතරයි. මම දැකල නැහැ එක පාපන්දු ක්‍රීඩා පිටියක් ලංකාවේ සංවර්ධනය කරලා ති‍ෙයනවා. උල තියන්නේ ඕනේ පල්, හොරු.(ස)

:       0       0

ඩී. උපුල් Tuesday, 07 May 2013 10:59 AM

ඇයි මෙයාට විතරක් කමිටුවක්? බෙදා හදාගෙන නෙවෙයිද කෑවේ? (ස)

:       0       0

වරුණ Tuesday, 07 May 2013 04:42 PM

ගොඩක් ක්‍රීඩා සංගම් වල සල්ලි ගිලින බහිරවයෝ තමයි ඉන්නේ? අර ජනප්‍රිය ක්‍රීඩාවේ බිලියන 25ක් ගිය දිහාවක් නැහැයි කියන්නේ? ඉතින් වෙලාවකට රටට විරුද්දවෙලා සල්ලිවලට වෙන තරගාවලි තොරගත්තෛ කියලා ක්‍රීඩකයන්ට දොස් කියන්නත් බැහැ මොකද ක්‍රීඩකයන්ගේ දහදිය මහන්සියට හම්බ වෙන සල්ලිනෙ ක්‍රීඩා නිලදාරීන් ගිලින්නේ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 605 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1001 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 835 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1606 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 467 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 239 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site