(රංජන් කස්තුරි)

ආචාර්යවරුන්ගේ හිඟයට විසදුම් ලබා ගැනීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්ව විද්‍යාලයීය ආචාර්යවරු හෙට සංකේත වැඩ‍ර්නයක නිරත වෙති.

රටපුරා සියලුම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් එම සංකේත වර්ජනයට සහභාගී වන බව එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසීය.

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ආචාර්යවරුන්ගේ හිඟය, කාර්ය මණ්ඩලය මත ඇති අධික වැඩබර, ප්‍රමාණවත් භෞතික පහසුකම් නොමැතිවීම ඇතුළු ගැටලු ගණනාවකට විසදුම් ඉල්ලා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවද ඹහු සදහන් කළේය.

මෙම වැඩවර්ජනයට සමගාමීව අද විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් පා ගමනක් සහ සම්මන්ත්‍රණයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද හෙතෙම කීය.