IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඉවසීමේ ගුණය වෛද්‍යවරුන්ට අවශ්‍යයි

පාසල් පිට්ටනියේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි සිසුවකු අතින් සිය නිවසට විසි වූ බෝලයක් ඉල්ලීමෙන් උරණ වී දාහත් හැවිරිදි දරුවකුගේ පපුවට වායු රයිෆලයකින් වෙඩි තැබූ බව කියන සිද්ධියට අදාළව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයා ලබන 2 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයකු වන තාරක ප්‍රියජීව ඇල්විටිගල නැමැත්තකු බව ද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

අදාළ වෛද්‍යවරයා ‘නිර්වින්දනය කර ගත්’ වෛද්‍යවරයකු විය යුතුය. ළමා ලෝකයේ සිතුම් පැවතුම් හැසිරීම් සම්බන්ධ සියුම් සංවේදනා ජීවිත කාලයේ අවසන් මොහොත දක්වාම රැඳී පවතින්නකි. තමන් වියපත් වූවද ළමා ලෝකයට අදාළ සිදුවීම් නිවස තුළින් මෙන්ම පිටස්තර සමාජයෙන් ද නිතර නෙත ගැටේ. එමඟින් තම ළමා ලෝකය සම්බන්ධ අත්දැකීම් සිහිපත්ව එයින් කිසියම් වින්දනයක් ලැබීම මනුෂ්‍ය ස්වභාවයකි. තම වත්තට වැටුණු බෝලය ඇහිලීමට ආ දරුවාට වායු රයිෆලයකින් වෙඩි තැබීමට තරමට යමකු පිරිහෙන්නේ නම් හෙතෙම නියත වශයෙන්ම අසංවේදී මෙන්ම නිර්වින්දනය වූ අයෙකි.

වෛද්‍යවරයකු යනු වෘත්තීමය නිපුණතාවෙන් මෙන්ම කාරුණික බවින් පිරිපුන් විය යුතුය. ‘ලෙඩ්ඩු කලබල වුණාට දොස්තරලා කලබල නොවෙතියි’ යන්න සමාජ කියමනකි. එයින් කියැවෙන්නේ වෛද්‍යවරයා ඉවසීමෙන් යුතු අයකු බවය. එය එම වෘත්තියට අදාළ අනන්‍ය යහ ලක්ෂණයකි. වායු රයිෆලයෙන් දරුවකුට වෙඩි තැබූ බව කියන වෛද්‍යවරයා එම වෘත්තීය ආචාර ධර්ම වලින් පොහොසත් ද? නැද්ද? යන්න ඉඳුරාම ප්‍රත්‍යක්ෂ වන්නකි.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිතුමා හා කාර්ය මණ්ඩලයෙන් ද එම දරුවාගේ දෙමාපියන්ගෙන් ද සමාව ඉල්ලා සිටින බවය. මානව හිතවාදී මානව දයාවෙන් යුක්ත කාර්ය මණ්ඩලයක් සිටින මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයකු අතින් සිදු වූ මෙම වැරැද්ද සම්බන්ධයෙන් මෙම සමාව ඉල්ලා සිටින බව ද ඒ මහතා සඳහන් කර තිබේ.

    ඕනෑම ක්ෂේත්‍රයක ඇති සමාජ ගරුත්වය පිළිගැනීම මත වසුරු හෙළන අම්බරුවෝ සිටිති. තමන් කවුරුන් ද? , තමන්ගේ සමාජ පිළිගැනුම කුමක් ද?, තමාගෙන් සමාජය අපේක්ෂා කරන්නේ කුමක් ද? යන්න සම්බන්ධ වැටහීමක්, හැඟීමක් නැති අම්බරුවන් අතින් මෙබඳු පන්නයේ හැසිරීම් අපේක්ෂා කටයුතුය.

ක්‍රීඩා කිරීමට පැමිණෙන දරුවන්ගෙන් වෙනත් අයවලුන්ගෙන් යම් හිරිහැරයක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර තිබේ. මෙබඳු ප්‍රශ්න බොහෝවිට සාකච්ඡා කර විසඳා ගැනීමට සමත් කමක් තිබිය යුතුය. එසේ නොවී වායු රයිෆලයකින් වෙඩි තබා ප්‍රශ්න විසඳා ගැනීමට යාම අනුමත කළ නොහැකිය. යම් හෙයකින් එම නිවසේ වායු රයිෆලයක් වෙනුවට ගල්කටස් එකක් හෝ ටී පනස් හය වර්ගයේ ගිනි අවියක් තිබුණේ නම් ප්‍රතිඵලය කුමක් වේද යන්න සිතා ගැනීම අසීරු නැත.

විශේෂයෙන් අවධාරණය කළ යුතු කාරණයක් ද තිබේ. තවත් අයකුට හිංසාකාරී ලෙස කටයුතු කිරීමට කිසිවකුට අයිතියක් නැත. ඇතැමෙක් මෙම සිද්ධාන්තය අමතක කර කටයුතු කරති. ‘ඔබගේ අත රැඳි හැරමිටිය වැනීමට ඔබට ඇති අයිතිය අනෙකාගේ නාසය අගින් කෙළවර වේ’ යන්න ප්‍රකට, පිළිගත් කියමනකි. මේවා අමතක කර දමා ජීවත් වෙමින් සාමූහික බව හෝ සමාදානය ආරක්ෂා කර ගත නොහැකිය. ‘අත්තානං උපමං කත්වා - නහනෙය්‍ය නඝාතයේ’ කියා බුදු වදනේ සඳහන් වන පරිදි නිතරම තමන් උපමාවට ගෙන අනුන් ගැන සිතිය යුතුය. මෙම වෛද්‍යවරයාගේ නිවෙස අසල සෙල්ලම් කරන ළමයින්ගේ බෝල වෛද්‍යවරයාගේ ගෙවත්තට නිතර නිතර වැටෙන්නේ නම් ඔවුන්ට බලවත් කරදරයකි. ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානියකි. විශේෂයෙන් තාප්පය උඩට නැග බෝලය ගැනීමට යාම ද විනීත නොවේ. අනුන්ගේ ගෙවතුවලට අනවසරයෙන්, බලහත්කාරයෙන් ඇතුළුවීම ද වරදක් බව මේවාට සම්බන්ධ දරුවන්ගේ දෙමව්පියන් තේරුම් ගත යුතුය.

තමන් හිංසනයට, අගෞරවයට පාත්‍රවීමට අකමැති පරිදිම අනෙකා ද  එයට අකමැති බව පිළිගැනීම බුද්ධිමත් බව වේ. සමාජයේ ජීවත්වීමේ දී අවශ්‍ය වන්නේ මෙම බුද්ධිමත්කම වේ. ඇවැසිම ගුණාංග අහිමිවීම යනු නොසිතන විපත් ළඟා කර ගැනීමකි.

(***)



අදහස් (12)

ඉවසීමේ ගුණය වෛද්‍යවරුන්ට අවශ්‍යයි

Aba Thursday, 26 November 2020 05:15 AM

ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් පිවිතුරු දාර්ශනික වේ.

:       7       34

ChamaraThursday, 26 November 2020 07:02 AM

සහතික ඇත්ත.. ඔය වගේම අපේ වත්තටත් බෝල ගහනවා... ළමයි එළියේ පිට්ටනියේ සෙල්ලම් කරලා. මම කීප විටක්ම කිව්වා බෝල ගහන පැත්ත වෙනස් කරන්න කියලා.. එහෙම කළොත් බෝලෙ යන්නේ වෙලට... ඔවුන් තමන්ගේ පහසුවට අපේ වත්ත පැත්තටම ගහනවා. මගේ වගා මිරිස් පාත්ති... විනාශයි. තාප්පෙන් පනිනවා. ගේට්ටුව දිගේ නගිනවා. යම් විදිහකින් හොරෙකුටත් මෙහෙම කරන්න පුළුවන් දැන්. අපට හොයන්න බැහැනේ කවුද කියලා..? මේක මහා කරුමයක්. අනුන්ට හිරිහැර නොවෙන්න ඉන්න උගන්නලා නැහැ. මටත් වෙඩි තියන්න නොහිතුණා නෙමේ සමහරදාට...

:       4       20

RaveendraThursday, 26 November 2020 08:42 AM

කතුවැකියෙහි සඳහන් කරුණු කාරණා අප අගයන්නෙමු. එනමුත් වෛද්‍යවරු පමණක් ඉවසීම ප්‍රගුණ කළ යුතුද යන්න ගැටලුවකි. ඔබ, අප මෙන්ම අප සියල්ලෝම එය ප්‍රගුණකළ යුතුම නොවේද..? දරුවන් ක්‍රීඩා කිරීමේදී පන්දුව අහළ පහළ යන එක කිසිවිට වැළැක්විය නොහැක. එලෙසම දරුවන්ද අනුන්ට හිරිහැරයක් වන ලෙස හැසිරීම වගබලා ගතයුතු නොවේද? කෙසේවෙතත් අපගේ අනාගත පරපුර අනුනට කරදරයක් ලෙස හැසිරීමේදී ඔවුන් වැඩිහිටියන් වූ විටද අනිකාට කරදරයක් ලෙස හැසිරීම සක්කරයාටවත් නැවැත්විය නොහැකි බව අප සියල්ලෝම සිහියට ගත යුතුය. එබැවින් වැඩිහිටියන් වන අපගේ යුතුකමක් මෙන්ම වගකීමකි. අපගේ දූදරුවන් අනුන්ට කරදරයක් නොවෙන ආකාරයට සමාජයේ ජීවත්වීමට පුරුදු පුහුණු කිරීම බව කිව යුතුමයි. නොඑසේ නම් දරුවන්ගේ නොමනාකම් නිසාවෙන් හෙම්බිරිස්සාව නැතත් නිතරම නාසය බුරුල්වීම නිසා කොත්තමල්ලි තැම්බීමට අප සැමටද සෑමවිටම කළයුතු වෙනු නියතයි. වෙනත් වචනවලින් සඳහන් කරන්නේ නම් අපගේ දරුවන්ගේ නොමනා හැසිරීම් නිසාවෙන් මිනිසුන් අපට සුන්දර වචනවලින් පිං අනුමෝදම් කරනු නියතයි.

:       2       10

sharm warn Thursday, 26 November 2020 06:39 AM

මෙවැනි චෝදනාවක් වරක් අර්ජුන රණතුංගටත් එල්ල වුණ පාසල් ළමුන් සමග ඇතිකරගත් ගැටුමක් නිසා. ඇත්තටම අපි ළමයින්ට විනය ඉගැනිවිය යුතුයි. එයා නිවාසෙන්ම ආරම්භ වී දෙමව්පියන් ඒ විනය නිවාසයේ පවත්වාගෙන යාමතුළින් එය දරුවන්ට කාවැද්දිය යුතුයි. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් දරුවන්ට අද ළමා ලෝකය අහිමිවෙලා තියෙන්නේ වැඩිහිටියන්ගේම නොමනා ආත්මාර්ථකාමී ක්‍රියාවන් නිසා නොවේද? ගෙවත්තට බෝලයක් වැටුණාම ඒක මහා වැරැද්දක් වෙනවා නම් ඔබේ ළමා කාලයේ ඔබ මේ අත්දැකීමට මුහුණ දී නැතිව විය යුතුයි. එසේනම් ඔබට ළමා කාලයක් කොහෙත්ම තිබී නැත. එය ඉතාම දරුණු සමාජ හානියක්. දරුවන් සමග මිත්‍රෙවන්න හැකි නම් මේ ගැටුම් කොපමණ අඩුකරගන්නට හැකි වෙනවද කියා වැඩිහිටි අපි සිතාබැලිය යුතු නොවේද? මේ ප්‍රශ්නයේදී මම නම් ඉන්නේ දරුවන්ගේ පැත්තේ. මේ ආදර්ශය දරුවන්ට කොයිතරම් හානිකර වෙනවාද කියා ඔබ සිතා බලන්න. මේ හැසිරීම දකින දරුවා වැඩිහිටියෙක් වැන්දාට අපිට අලුත් පාතාලයක් බිහි නොවන්නේ යයි ඔබට විශ්වාසද? පාඨක ඔබෙන් අසමි.

:       3       11

SL Voice Thursday, 26 November 2020 06:58 AM

කොරෝනා නිසා පාසල් වසා තියෙන බස්නාහිර පළාතේ කොහොමද ක්‍රීඩාංගණයක ක්‍රිකට් ගහන්නේ. අනික හැමවෙලාවේම බෝල අහුලන්න කියලා තමන්ගේ වත්තට එන්න ගත්තා නම් මේක ලියපු කෙනාට තේරෙයි ඒකෙ තියෙන වැඩේ. ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් පිළිතුරු දාර්ශනික වේ...

:       4       21

fairoos Thursday, 26 November 2020 07:24 AM

ඉවසීමේ සීමාව පනින්න ඇති.

:       1       9

අශෝක එරමිනිගම්මන Thursday, 26 November 2020 08:19 AM

වර්තමාන සමාජයේ සමාජ බලයක් ඇති පුද්ගලයින්ගේ පිරිහුණු ගති පැවතුම් නිරන්තරයෙන් අපි අත්දකිමින් සිටිමු. උත්තරීතර පාර්ලි‌‌මේන්තුව තුළත් ඇත්තේ එවැනිම තත්වයකි. සියල්ල මුදල් මත තීරණය වන පරිසරයක අනෙකා ගැන සිතන්නට ඔවුන්ට වේලාවක් නැත. අනෙකට හෙන ගැසුවත් තමන්ගේ මල්ලි පිරෙනවා නම් ඒ ඇති. දරුවන්ගේ මනස කියවා ගැනීමට නොහැකි මේ වෛද්‍යවරයා පමණක් නොව තවත් වෛද්‍යවරු සිටිති. මේවා අපි නොඇසිය යුතු සිද්ධීන්...

:       8       1

Athula Thursday, 26 November 2020 09:40 AM

දැන් දැන් වෛද්‍යවරුන් මැරයින්ගේ තත්වයට පත්වෙනවා. මේක තමයි විනාශය... එදා ජේ.අාර්. කියන පුද්ගලයා කිව්වා සාහිත්‍යය කන්නද කියලා මෙන්න සාහිත්‍යයක්, කලාවක් නොමැති සමාජයක ප්‍රතිඵල අදටත් මේ වගේ ව්‍යවසනයේ සුලමුල කොතැනද කියලා වටහාගෙන නැහැ. දැන් ඉන්න නායකයා කියන්නෙත් අාර්ට් කරලා වැඩක් නැහැ කියලා... එ් ගොයියගේ දැනීමේ තරම තමයි. මෙහෙම නායකයින් හදන රටක් තවත් නැහැ.

:       9       3

Vipula Thursday, 26 November 2020 09:42 AM

සමහර කමෙන්ට්ස් දැක්කාම පුදුම හිතෙනවා. නිකමටවත් මඩොල් දූව වගේ පොතක් කියවලා නැති අයද මේ කමෙන්ට්ස් දාන්නේ? ගම්වල හැදුණු සුන්දර ළමාවියක් නොතිබෙන්න අපි පොඩිකාලේ කරපු දඟ වැඩ. නමුත් අපේ ගමේ වැඩිහිටියෝ අපිව මරන්න හැදුවේ නැහැ. ඒක ළමයාගේ විනය නැතිකම නොවේ. ඒක ළමා ගතිය. මෙතන වෙලා තියෙන්නේ සුන්දර ළමා කාලයක් අහිමි වූ වර්තමාන ඇතැම් වැඩිහිටියන්ගේ නොමනා හැසිරීමයි.

:       10       9

බද්රානිThursday, 26 November 2020 11:41 AM

ඇත්තමයි විපුල මහත්මයෝ ඔබේ කතාව හරියටම හරි. අපේ රටේ බොහොමයක් වෛද්‍යවරු පමණක් නොවෙයි, මෙතන කොමෙන්ට්ස් දමන බහුතරයකුත් පුනරුත්තාපනය කළයුතු තත්වයකයි පසුවෙන්නේ. වයසට අනුව මනස මෝරා නොමැති විපරිත ආකල්ප ඇති වැඩිහිටියන් රැලක් අප සමාජයේ ජීවත් වීමම තමයි අපේ රටේ පවතින ප්‍රධාන ඛේදවාචකය... මට තියන දුක නම්, මේ උම්මන්තක මනෝ විකාර කාරයින්ගේ, විගඩම් අත්විඳිමින් ජීවත්වන ළමා හා තරුණ පරපුර ගැනයි.

:       9       7

wije Monday, 30 November 2020 04:43 AM

සමහර ප්‍රතිචාර වල තියෙන්නේ තමන් තුල ඇති ප්‍රදේශ කවර් කර ගැනීම්. නමුත් වෙඩි තැබීම කෙසේවත් අනුමත කළ නොහැකියි. ඇත්ත නම් මිනිසුන් මෙවැනි තත්ත්වයන්ට ඉබේම පත් නොවන බවයි. දිගින් දිගටම එකම කරදරයක් විඳින පුද්ගලයාගේ මානසික මට්ටම මෙය විය හැකියි. වත්තට (වත්ත කිව්වට මේවා පර්චස් 10 කුඩා ඉඩම් විය හැකියි) නිතරම බොලේ වැටෙනවිට බෝලය ගන්න ළමයින් නිතර තාප්පය හරහා පනින විට එය කරදරයක් නොවන්නේ කාටද?.. අන් අයට කරදර හිරිහැර නොවන්න ට ළමයින් පුරුදු කිරීම කුඩා කාලයේදීම කල යුතුයි.. එසේ නැතිව ප්‍රතිඵලයට බැණ වැදී ඵලක් නෑ. සමහරු කියලා තියෙනවා ඒ ළමයින්ගේ හැටි කියලා... වත්තට වඳුරන් ඇවිත් විනාශ කරන විට කරදර කරන විට ඒ වඳුරන්ගේ හැටි කියලා ඉවසන් ඉන්න. වඳුරෝ එලවන්නේ නැති අය ඉන්නවද?

:       0       0

[email protected] Monday, 30 November 2020 05:04 PM

මෙහි දෙපැත්තක් තියනවා. අසල්වාසීන් නිවුස් වලට කියපු විදියට වහලයට ගල්ගහලා තියෙනවා.. දොස්තර හරි නෑ.. නමුත් තරුණයෝත් පෙන්නන්න හදන තරම් අහිංසක නෑ. මේක ගොඩාක් පොදු අත්දැකීමක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5098 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 526 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 1091 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1585 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3356 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 227 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16101 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 79 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site