IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


“ඉෂිතා මේ තරම් හැඩ වුණේ ඉරේෂා ලක්මාලීගේ හඬ නිසාද?

    SAN_4597

 

“මේ ආදරයයි” නාට්‍ය මාලාව නරඹන බොහෝ දෙනා පසුගිය දිනවල වැඩිපුර කථා කළේ එහි “ ඉෂිතා” ගැනයි. ඉෂිතා ලෙස “ මේ ආදරයයි” හැඩ කරන දිව්‍යංකා ත්‍රීපති පසුගිය දා ලංකාවට පැමිණීම ඒ විදිහට වැඩි දෙනා කතා කිරීමට තවත් හේතුවක් වුණා. කොයි හැටි වෙතත්, ඉෂිතා චරිතය එතරම්ම, ශ්‍රි ලාංකීය රූපවාහිනී ප්‍රේක්‍ෂකයින් අතරට සමීප වූයේ “ ඉරේෂා ලක්මාලි” නිසා යැයි ඔබ සිතුවාද? ඉෂිතා හට සිංහලෙන් හඬ කැවීම් කරන්නේ ඇයයි. එනිසා ඉෂිතා චරිතය මෙරට ටෙලි නාට්‍ය ප්‍රේක්‍ෂකයින් අතරට වඩාත් සමීප වූ බව කියන්න පුළුවනි. එනිසාම ඉෂිතාට ජීවය කවන ඉරේෂා ලක්මාලි අපි සැඳැල්ල කැඳවීමු.

 


■ ඉරේෂා ඔබ ගැන විස්තරයක් කළොත්.
කලා ක්‍ෂේත්‍රයේ මගේ ගමන පටන් ගත්තේ ගුවන් විදුලියේ ළමා පිටියෙන්. නැසීගිය මහින්ද අල්ගම මහතා තමයි එහිදී අපේ ගුරුවරයා වුණේ. පාසල් අධ්‍යාපනය ලැබුවේ මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයෙන්. මගේ එකම අරමුණ වුණේ වෛද්‍යවරියක වීමටයි. ඒ නිසා උසස් පෙළට තෝරා ගත්තෙත් විද්‍යා විෂයයන්. එම විෂයට එතරම්ම ආසා කළා. ළමා පිටියේ කටයුතුවලට සම්බන්ධ වුණේ 8 වසරේ සිටියදීයි. දහම් පාසලේදී සහ පාසලේ දී කලා අංශයේ කටයුතු වලට වගේම කව් ගී ගායන අංශ වලටත් නිරන්තරයෙන් දායක වුණා. වෛද්‍යවරියක වීමේ හීනය ලකුණු කීපයක් අඩු වීමෙන් බොඳවී ගියත්, කලා ක්‍ෂේත්‍රය වෙත රන් දොර  විවර වුණා. මම හිතන්නේ මගේ ඉරණම ලියැවී තිබෙන්නේ කලා ක්‍ෂේත්‍රයට වෙන්න ඇති.

 

SAN_4586

 


■ පවුලේ අය ගැන කිව්වොත්?
පවුලේ අම්මායි තාත්තයි අයියයි, මායි, මල්ලියි,  නංගියි. තාත්තා ගිය වසරේ අපිට අහිමි වුණා. මල්ලි පැවිදි දිවියට ඇතුළත් වුණා.

 


■ සරසවි සිහිනය බොඳ වු පසු කොහොමද ජීවිතය පටන් ගත්තේ.?
ඒ අතරේ ගුවන් විදුලියේ පුංචි පුංචි වැඩ සටහන්වලට දායක වුණා. එහෙම සිටිය දී 2004 දී විතර සහන නිවේදිකාවක ලෙස පිවිසීමේ වරම් ලැබුණා. ළමා නිවේදිකාවක ලෙස තමයි මුලින්ම පටන් ගත්තේ. පසුව සහන නිවේදිකාවක වූ පසු සිටි එෆ්.එම් සහ වෙළඳ සේවයෙත් කටයුතු කරන්න ලැබුණා. ප්‍රවෘත්ති නාලිකාවකටත් සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ අතරවාරයේ දී රූපවාහිනියේ හඬ කැවීම් ශිල්පීන් තේරූ අවස්ථාවට මුහුණ දුන්නා. එයින් සමත් වුණා. නමුත් අවස්ථා ලැබුණේ නැහැ. ඔන්න ඔය විදියට කාලය ගත වෙමින් සිටිය දී, සිරසේ මහගෙදර කතාවේ හඬ කැවීම් සඳහා ශිල්පීන් තේරූ අවස්ථාවට සහභාගී වුණා. එයින් සමත්ව මහගෙදර තුල්සිගේ දියණිය වූ ශෝභා වෙනුවෙන් හඬ කැවීම් කරන්න ලැබුණා. මගේ හඬ කැවීම් ගමන පටන් ගත්තේ ඒ විදියටයි.

 


■ ඒ විදියට පටන් ගත්ත ගමනේදී ඔබ ගැන වැඩිපුර කතා කරන්න පටන් ගත්තේ?
ඒ වන විට ජාතික රූපවාහිනියෙ නිදහස් නිවේදිකාවක ලෙසත් කටයුතු කළා. උඩරට මැණිකේ, නුග සෙවණ, ආදරණීය යෞවනය, රිවිදින අරුණැල්ල ඇතුළු වැඩ සටහන්වලට නිවේදනයෙන් එක්වීමට අවකාශය ලැබුණා. ඒ අතරේ සිරසේ ඩබිං (හඬ කැවීම් ) වලටත් ගියා. 

 

SAN_4551

 


■ ‘ඉෂිතා’ හඬ කැවීම් වලට ගිය මුල්ම වතාව මතකද? 
මුලින්ම මට තිබුණේ ඉෂිතාට ගොඩාක් කේන්ති ගිහින් තිබුණු අවස්ථාවක බනින අවස්ථාවක්. එය රිහසල් එකක් ලෙස කළේ. පසුව චරිතයට මාව තෝරා ගත්තා. මෙහි දෙබස් කැවීම් අවස්ථාවලට අපි මුහුණ දෙන්නේ තනි තනිවමයි. ඉතින් විෂුවල්ස් (රූප රාමු) සහ අදහසට අනුව නිෂ්පාදක මඩුල්ල අපට සියල්ල ගැන වටහා දෙනවා.

 


■ රමන්ට හඬ කවන්නේ? 
රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු.

 

SAN_4568

 


■ ඉෂිතා සහ ඔබ ගැන සැසඳුවොත්?
මම හරිම සරලයි. වැඩිය සද්ද බද්ද නැති කෙනෙක්. ජනප්‍රිය වීමේ පිපාසයක් මට නැහැ. ඉෂිතා තරමටම නොවූවත්, මටත් ඉවසීම තරමක් දුරට තියෙනවා. ඉෂිතා හා සැසඳුවොත් එයා පවුලට හරිම ලැදියි. මාත් එහෙමයි.

 


■ සැබෑ ජීවිතයේ “ රමන්” කෙනෙක් හමුවෙලාද සිටින්නේ? සැබෑ ජීවිතයේ “ මේ ආදරය” කොහොමද?
මම විවාහකයි. සැමියා හිරු නාලිකාවේ ප්‍රවෘත්ති අංශයේ සේවය කරන්නේ. මලින්ද තිරිමාන්න එයාගේ නමයි. අපි දෙන්නට දියණියක් සිටිනවා. ඇයගේ නම මිනුලි. අපේ ආදරය හොඳයි. මලින්ද සහ මම සෑහෙන කාලයක් මිතුරෝ වුණා. 2014 දී එය ආදරයක් බවට හැර වුණා. ආදරයේ දී පොඩි පොඩි දේ සිද්ධ වෙනවා තමයි. අපි දෙන්නත් සමහර අවස්ථාවල දී රන්ඩු වෙවි යාළු වෙනවා. දෙන්නට දෙන්නා තේරුම් ගන්නවා. පෙරටත් වඩා හොඳ බැඳීමක් ඉන් පස්සේ ඇති වෙන්නේ.

sadun-gamage



අදහස් (0)

“ඉෂිතා මේ තරම් හැඩ වුණේ ඉරේෂා ලක්මාලීගේ හඬ නිසාද?

ප්‍රියා Thursday, 10 March 2016 07:17 PM

ලස්සන කටහඬක් තිබෙනවා. ඔබට සුභ අනාගතයක්! (නි)

:       0       0

පුබුදු ප්‍රසන්න Thursday, 10 March 2016 12:04 PM

විවාහ ජීවිතේ සම්බන්ධයෙන් නම් ඇත්තම කියලා තියෙනවා.(හේ)

:       0       0

නීෂා Thursday, 10 March 2016 08:53 PM

මට නම් නුඹ ඉෂිතාට වඩා හැඩයි (නි)

:       0       0

ඉන්දු Thursday, 10 March 2016 12:54 PM

අමුතු ලස්සනක් ඇයට තිබෙනවා...(බ)

:       0       0

බන්දුල Wednesday, 16 March 2016 01:24 AM

ඇත්තටම මටත් ඇය ඉෂිතාට වැඩිය ලස්සනයි (නි)

:       0       0

ඉන්දු Friday, 11 March 2016 07:11 AM

මටත් ඉෂිතට වඩා අපේ ඉරේෂා ලස්සනයි.(කෞ)

:       0       0

නීල් Sunday, 13 March 2016 05:22 AM

ඔබගේ ලස්සන කටහඬ තවත් ලස්සන නාට්‍ය තුළින් අහන්න ආසයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 195 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1105 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3848 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2931 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3390 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1487 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site