IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ඉසිඹු ගත්තත් රාජකාරියේ

සති තුනකට පෙර විශ්‍රාම යා යුතුව සිටි බස්නාහිර පළාතේ නියෝජ්‍ය අධ්‍යාපන ලේකම්   අද (17)  මීගමුව ශාන්ත පීතර විද්‍යාලයයේ පැවැති ගුරු තුලන වැඩසටහනක ප්‍රධානියා ලෙස සහභාගී වී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

සේවා දිගුවක් පවා නොලැබ තනතුරේ රාජකාරි කිරීම නීති  විරෝධී  බව ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එන් පී අයිලප්පෙරුම මහතා පැවසුවේ පළාත් අධ්‍යාපන ලේකම්ගේ උපදෙස් පරිදි නියෝජ්‍ය ලේකම් සමග තමා ගුරු තුලන වැඩසටහනට සහභාගී වූ බවයි.

ඔහු විශ්‍රාම ගියත් සේවා දිගුවක් ඉල්ලා ඇති නිසා එලෙස කටයුතු කිරීමේ වරදක් නැතැයි පළාත් අධ්‍යාපන ලේකම් එස් ටී කොඩිකාර මහතා කියයි.   ඔහුගේ සේවා දිගුවට අවශ්‍ය ලේඛන සියල්ල ජනවාරි පළමු වැනි දා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත යොමු කළ බවද කොඩිකාර මහතා සඳහන් කරයි.

නියෝජ්‍ය ලේකම්ට සේවා දිගුවක් ලබා දෙන්නේදැයි තවම තීරණය කර නොමැති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් සුනිල් අබේවර්ධන මහතා පවසයි.  පත්වීමක් නැතිව එලෙස රාජකාරි කිරීමට වැරදි බව කී ඒ මහතා පැමිණිල්ලක් ලද හොත් විමර්ශනය කරන බව ද සඳහන් කරයි.



අදහස් (0)

ඉසිඹු ගත්තත් රාජකාරියේ

ෂෙරිෆ් Friday, 17 January 2014 08:23 PM

අනේ මෙහේම තණ්හාවක්... අනේ මෙහේම ආසාවක්.(නදී)

:       0       0

නුවන් - රක්වාන Monday, 20 January 2014 11:33 PM

මේකට උත්තරයක් ලැබෙන්නේ නැත කියන්නේ රටේ අනික් ප්‍රශ්න ගැන හිතා ගන්න පුළුවන්නේ (අ)

:       0       0

ඉන්ද්‍රානි - රත්මලාන Sunday, 19 January 2014 01:25 PM

මේකටත් දැන් මොන මොනවා හරි කියයි - අපි බලාගෙන ඉමුකෝ (දිල්)

:       0       0

නුවන් ගමගේ - මීගමුව Sunday, 19 January 2014 01:46 PM

අනේ අධ්‍යාපනයට ගිය කලක්(දිල්)

:       0       0

සමන් - මිනුවන්ගොඩ Sunday, 19 January 2014 01:56 PM

පිළිතුරක් දෙනකල් ඉවසන්න (දිල්)

:       0       0

නුවන්ප්‍රගීත් Friday, 17 January 2014 08:54 PM

පත්වීමක් නැතිව එලෙස රාජකාරි කිරීමට වැරදි බව කී ඒ මහතා පැමිණිල්ලක් ලද හොත් විමර්ශනය කරන බව ද සඳහන් කරයි. - හතර හිනා කියන්නේ මේවට තමා.(නදී)

:       0       1

අමරසිරි Friday, 17 January 2014 08:58 PM

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එන් පී අයිලප්පෙරුම මහතා පැවසුවේ පළාත් අධ්‍යාපන ලේකම්ගේ උපදෙස් පරිදි නියෝජ්‍ය ලේකම් සමග තමා ගුරු තුලන වැඩසටහනට සහභාගී වූ බවයි. -- කැකිල්ලේ නඩු තීන්දුව මතක් වෙනවා.(නදී)

:       0       0

ජයතිලක Sunday, 19 January 2014 03:05 PM

මෙවැනි තන්හාදිකයන් නිසා මේ තනතුරට ඊළගට උසස් වීමක් ලැබීමට සුදුසුකම් ඇති කෙනාටත් [ඔහුත් විශ්‍රාම යාමට ආසන්න නම්] ඒ අවස්ථාව නැති කරනවා. (නදී)

:       0       0

ගීතානී Friday, 17 January 2014 09:45 PM

මේ වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් නේද අනේ මේ අපේ ළමයි පව් (දිල්)

:       0       0

කල්දේරා Friday, 17 January 2014 09:54 PM

අයිලප්පෙරුමට දැන් සූරියප්පෙරුම වගේ තමා ප්‍රකාශ නිකුත් කරන්නේ අනේ අද්‍යාපනයට ගිය කලක්.(නදී)

:       0       0

නිමන්ත Friday, 17 January 2014 10:10 PM

ඔහු විශ්‍රාම ගියත් සේවා දිගුවක් ඉල්ලා ඇති නිසා එලෙස කටයුතු කිරීමේ වරදක් නැතැයි පළාත් අධ්‍යාපන ලේකම් එස් ටී කොඩිකාර මහතා කියයි. - දීකිරට බළල්ලුත් ශාක්ෂිලු.(නදී)

:       0       0

ගාමිණී - සීදුව Sunday, 19 January 2014 05:58 PM

එන් පී අයිලප්පෙරුම මහතා පැවසුවේ පළාත් අධ්‍යාපන ලේකම්ගේ උපදෙස් පරිදි........ඇමතිලා නෙමේ දැන් තීරණ ගන්නේ ලේඛම් ලා අනේ රටකට ගිය කලක්.(නදී)

:       0       0

සුමාලි - වෙන්නප්පුව Sunday, 19 January 2014 06:07 PM

අධ්‍යාපන ලේඛම් කියන්නේ වගකිවයුතු තනතුරක් - ලේඛම් සහ ගෝලබාලයෝ කියන කතා පරස් පරයි - මේ ගැන ඇ මති සොයා බැලිය යුතයි - නෑත්නම් අපි කොහොමද මේ රජය ගැන විශ්වාශයක් තියන්නේ.(නදී)

:       0       0

සමරකොන් - දෙහිවල Sunday, 19 January 2014 06:12 PM

මේ ලිපියෙන් හා ප්‍රතිචාර වලින් කියවෙන්නේ මේ රටේ අධයාපනය පිලිබද බරපතල ඛේදවාචකයක්.(නදී)

:       0       0

අමරසිරි- අම්පාර Sunday, 19 January 2014 06:16 PM

වෙනත් රටවල මේ වගේ වෙලාවක නිසි බලධාරියෙක් ඉදිරිපත් වී කරුණු පැහැදිලි කරනවා. ඒත් මේ අයට ගානක්වත් නැහැ. අනේ කාලේ වනේ වාසේ.(නදී)

:       0       0

කමල් - මොරටුව Saturday, 18 January 2014 06:49 PM

එලෙස රාජකාරි කිරීමට වැරදි බව කී ඒ මහතා පැමිණිල්ලක් ලද හොත් විමර්ශනය කරන බව ද සඳහන් කරයි. - මෙය මොනතරම් නින්දිත ප්‍රකාශනයක්ද - උන්ගේ වැරදි හොයා හොයා අපි පැමිණිලි කරන්ඩ ඕනා - මොකක්ද ඒ හරුපේ.(නදී)

:       0       0

ලාල් මහනුවර Saturday, 18 January 2014 01:17 AM

බලන්න මෙයාල සේවය කරන්න කොතරම් කැපවෙනවද කියල .පැන්සොන් ගියත් වැඩ. (අ)

:       0       0

කසුන් - ගම්පහ Saturday, 18 January 2014 09:31 PM

අපි දන්නා පරිදි සේවා දිගුවක් ඉල්ලන්න ඕන විශ්‍රාම යාමට මාස තුනකට කලින් විශ්‍රාම ගියාට පසුව සේවා දිගු ඉල්ලන්නේ මොන රටේද පොඩි මිනිහෙක් මේ දේ කලානම්? (නදී)

:       0       0

හැසිත- කැලණිය Saturday, 18 January 2014 09:50 PM

පළාත් අධ්‍යාපන ලේකම්ගේ මේ ක්‍රියාව චක්‍ර ලේකන පිලිබඳ නොදෙනුවත්කම නිසා සිදු වුවක් කරුණාකර ඔහුට අනුකම්පා කරන්න.(නදී)

:       0       0

සෑම් Saturday, 18 January 2014 02:21 AM

මෙයාට අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කාලා ඉවර කරන්න බැරිවෙලා .තවත් ටිකක් ඉතුරුවෙලා තියනවනේ. ඒ ටිකත් කන්න තමා සේවා දිගුවක් ඉල්ලන්නේ.(නදී)

:       0       0

නාමල් - මීරිගම Saturday, 18 January 2014 10:01 PM

මේ පිලිබඳ අධ්‍යාපන ඇමති තුමාගේ ප්‍රකාශනයක් මේ වෙබ් පිටුවේම අපි බලාපොරොත්තු වෙනවා - එසේ නොවන්නේ නම් එතුමාගේ ඇමති කමින් අපිට වැඩක් නෑ.(නදී)

:       0       0

උදර-ඇල්විටිගල Saturday, 18 January 2014 10:06 PM

අධ්‍යාපනය කියන්නේ අම්මගේ තාත්තගේ බුදල්ද අනුකම්පා කරන්න.(නදී)

:       0       0

අබේකෝන් - නිට්ටඹුව Monday, 20 January 2014 07:16 PM

ඔහු විශ්‍රාම ගියත් සේවා දිගුවක් ඉල්ලා ඇති නිසා එලෙස කටයුතු කිරීමේ වරදක් නැතැයි පළාත් අධ්‍යාපන ලේකම් එස් ටී කොඩිකාර මහතා කියයි. - විශ්‍රාම ගිය පසු සේවා දිගු ඉල්ලන්න පුලුවන්ද? - මේක මොන තරම් විහිලු කතාවක් ද - (අ)

:       0       0

සුජානි - දෙහිවල Saturday, 18 January 2014 10:27 PM

අධ්‍යාපන ලේකම් හසිතගේ ඥාතියෙක් වගේ - ඒ නිසයි අනුකම්පා කරන්න කියන්නේ.(නදී)

:       0       0

සමන්ත -පිළියන්දල Monday, 20 January 2014 07:42 PM

පිලිතුරක් දීමට නිසි බලධාරියෙක් ඉදිරිපත් නොවන්නේ මේ ප්‍රශ්නය ඉතාම සැහැල්ලුවට ගන්න නිසයි.(නදී)

:       0       0

හමීස් - මීරිගම Monday, 20 January 2014 07:46 PM

අධ්‍යාපන ලේකම් ඉල්ලා අස්විය යුතුයි.(නදී)

:       0       0

ඇස් හසන් - ගම්පහ Monday, 20 January 2014 07:53 PM

මේක කුඩු කන්ටෙනරයට අත්සන් තැබුවාට වඩා බරපතල තත්වයක් නොවේද? (නදී)

:       0       0

නුවන් Monday, 20 January 2014 08:00 PM

රුපවාහිනී විවාදයකට ගත යුතු මාතෘකාවක්.(නදී)

:       0       0

නිමන්ති - මොරටුව Monday, 20 January 2014 08:26 PM

වගකිවයුතු නිලධාරියෙක් දැන්වත් ඉදිරිපත් නොවූනොත් මේ විවාදය හෙට දවසේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වේවි (දී)

:       0       0

සමන්ති Sunday, 19 January 2014 03:39 AM

මේ කට්ටියම කරන්නේ හොරා පොලිස් සෙල්ලමක්. ලැජ්ජා නැද්ද? අකුලාගෙන යනවකෝ වැදගත් විදියට ගෙදර.(නදී)

:       0       0

උපාලි - දාගොන්න Monday, 20 January 2014 08:32 PM

මීගමුවේ තත්ත්වයි - පළාතේ තත්ත්වයි රටේ අධ්‍යාපනය යන දිසාව පෙන්නුම් කරන හොඳ සාධක දෙකක් (අ)

:       0       0

කමනි - ගල්ගමුව Monday, 20 January 2014 08:37 PM

ලංකා ගුරු සංගමය නිහඬයි - මුළු රටම හඬයි (දී)

:       0       0

සත්‍යයා Saturday, 18 January 2014 07:46 AM

කන්න හිතුනහම කබර ගොයත් තල ගොයා වෙනවා කියන්නේ ඕව ට තමා. ඔහොම යන්.(නදී)

:       0       0

කාන්ති - නුගපේ Monday, 20 January 2014 08:45 PM

ඇයි අනේ මේ රටේ ඇමතිලා අපේ ප්‍රශ්නෙකට උත්තරයක්වත් දෙන්නේ නෑත්තෙ - පව් සිද්ධ වෙනවා - අපි ඔයාලට චන්දෙ දුන්න නේද කියල හිතන්නකෝ (දී)

:       0       0

මිලින්ද Monday, 20 January 2014 08:54 PM

විශ්‍රාම ගියාමත් සේවය කරන එක හොදයි ජනතා සේවයක් ලෙස යුතු ප්‍රයෝජන සඳහා නම් වැරදියි

:       0       0

ජගත් - කටුනායක Monday, 20 January 2014 08:54 PM

දුක් වෙන්න එපා නැගණිය - අපි හිත හදාගෙන ජාත්‍යන්තර පාසලකටවත් යමු (දී)

:       0       0

අසංග Monday, 20 January 2014 09:01 PM

බන්දුල මාමේ නැගිටින්නකෝ - මේකට උත්ලයක් දෙන්නකෝ - අපේ අම්මි මව ජාත්ත්‍යන්තල පාසලකට දාන්ඩ යනවා (දී)

:       0       0

සමරසේකර - ගම්පහ Monday, 20 January 2014 09:05 PM

අපි මේ ප්‍රශ්නය ජනාධිපති තුමාට යොමු කරනවා - ඔබ තුමාට දැනෙනවානම් මේ ප්‍රශ්නයේ බරපතල කම කරුණාකරලා අපිට උත්තරයක් දෙන්න (දී)

:       0       0

හේමන්ත - කහව Monday, 20 January 2014 09:10 PM

ජාතික පත්තර වලින් අපි ඉල්ලා හිටිනවා මේ ප්‍රශ්නය සාකච්ජාවට ගනන කියල (දී)

:       0       0

සුමනසිරි - හල්දුම්මුල්ල Monday, 20 January 2014 09:17 PM

අන්තර්ජාලය ගැන ලොකුවට කීයෙව්වට අධ්‍යාපන ලොක්කෝ අනතර්ජලය පරිහරනය කරන්නේ නෑ - එකයි මේවගේ බරපතල ප්‍රශ්නයක් නොදෙන සිටින්නේ (දී)

:       0       0

අසේල Monday, 20 January 2014 09:24 PM

මීගමු කලාපයේ අධ්‍යාපන නිලධාරීන්ගේ සුදුසුකම් ගැන වෙනමම පරීක්ෂණයක් කල යුතුයි (දී)

:       0       0

හේමාල් Monday, 20 January 2014 09:35 PM

අනුමත කරනවා (දී)

:       0       0

ප්‍රසාද් Friday, 17 January 2014 07:34 PM

ම්ගමුව කලාප අධ්‍යාපන කාර්යාලයෙ ඉන්නෙත් ඉසිඹු ගත යුතු සුදුසුකම් නෑති නිළධාරින්. විදුහල්පතිකමක් කර නෑති කලාප හා කොට්ඨාස අධාක්ෂකලා ඈති එකම කලාපය මීගමුවයි. අධ්‍යාපන බළධාරින් නිහඩයි.(නදී)

:       0       0

අමාලි - කටුනායක Sunday, 19 January 2014 01:04 PM

මෙය ඉතා වැරැදි පූර්වාදර්ශයක් ලොක්කන්ට එක නීතියකුත් පොඩ්ඩන්ට තව නීතියකුත් ද? අධ්‍යාපන ඇමතිතුමා මේ ගැන ප්‍රකාශයක් කරනකම් අපි බලාගෙන ඉන්නවා (දිල්)

:       0       0

කෝසල Monday, 20 January 2014 11:25 PM

පළාත් සභාවට තරග කරන දේශපාලකයින්ට මනාපේ දෙනකොට මේ ප්‍රශ්න ගැනත් දෙවරක් හිතන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 292 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 128 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 152 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1313 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 1902 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 114 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14612 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 203 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 148 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site