සති තුනකට පෙර විශ්‍රාම යා යුතුව සිටි බස්නාහිර පළාතේ නියෝජ්‍ය අධ්‍යාපන ලේකම් අද (17) මීගමුව ශාන්ත පීතර විද්‍යාලයයේ පැවැති ගුරු තුලන වැඩසටහනක ප්‍රධානියා ලෙස සහභාගී වී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
සේවා දිගුවක් පවා නොලැබ තනතුරේ රාජකාරි කිරීම නීති විරෝධී බව ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එන් පී අයිලප්පෙරුම මහතා පැවසුවේ පළාත් අධ්‍යාපන ලේකම්ගේ උපදෙස් පරිදි නියෝජ්‍ය ලේකම් සමග තමා ගුරු තුලන වැඩසටහනට සහභාගී වූ බවයි.
ඔහු විශ්‍රාම ගියත් සේවා දිගුවක් ඉල්ලා ඇති නිසා එලෙස කටයුතු කිරීමේ වරදක් නැතැයි පළාත් අධ්‍යාපන ලේකම් එස් ටී කොඩිකාර මහතා කියයි. ඔහුගේ සේවා දිගුවට අවශ්‍ය ලේඛන සියල්ල ජනවාරි පළමු වැනි දා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත යොමු කළ බවද කොඩිකාර මහතා සඳහන් කරයි.
නියෝජ්‍ය ලේකම්ට සේවා දිගුවක් ලබා දෙන්නේදැයි තවම තීරණය කර නොමැති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් සුනිල් අබේවර්ධන මහතා පවසයි. පත්වීමක් නැතිව එලෙස රාජකාරි කිරීමට වැරදි බව කී ඒ මහතා පැමිණිල්ලක් ලද හොත් විමර්ශනය කරන බව ද සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අනේ මේ රටේ ඇමතිලා අපේ ප්‍රශ්නෙකට උත්තරයක්වත් දෙන්නේ නෑත්තෙ - පව් සිද්ධ වෙනවා - අපි ඔයාලට චන්දෙ දුන්න නේද කියල හිතන්නකෝ (දී)
අධ්‍යාපන ලේඛම් කියන්නේ වගකිවයුතු තනතුරක් - ලේඛම් සහ ගෝලබාලයෝ කියන කතා පරස් පරයි - මේ ගැන ඇ මති සොයා බැලිය යුතයි - නෑත්නම් අපි කොහොමද මේ රජය ගැන විශ්වාශයක් තියන්නේ.(නදී)
මේ ලිපියෙන් හා ප්‍රතිචාර වලින් කියවෙන්නේ මේ රටේ අධයාපනය පිලිබද බරපතල ඛේදවාචකයක්.(නදී)
වෙනත් රටවල මේ වගේ වෙලාවක නිසි බලධාරියෙක් ඉදිරිපත් වී කරුණු පැහැදිලි කරනවා. ඒත් මේ අයට ගානක්වත් නැහැ. අනේ කාලේ වනේ වාසේ.(නදී)
ඔහු විශ්‍රාම ගියත් සේවා දිගුවක් ඉල්ලා ඇති නිසා එලෙස කටයුතු කිරීමේ වරදක් නැතැයි පළාත් අධ්‍යාපන ලේකම් එස් ටී කොඩිකාර මහතා කියයි. - විශ්‍රාම ගිය පසු සේවා දිගු ඉල්ලන්න පුලුවන්ද? - මේක මොන තරම් විහිලු කතාවක් ද - (අ)
පිලිතුරක් දීමට නිසි බලධාරියෙක් ඉදිරිපත් නොවන්නේ මේ ප්‍රශ්නය ඉතාම සැහැල්ලුවට ගන්න නිසයි.(නදී)
අධ්‍යාපන ලේකම් ඉල්ලා අස්විය යුතුයි.(නදී)
මේක කුඩු කන්ටෙනරයට අත්සන් තැබුවාට වඩා බරපතල තත්වයක් නොවේද? (නදී)
රුපවාහිනී විවාදයකට ගත යුතු මාතෘකාවක්.(නදී)
වගකිවයුතු නිලධාරියෙක් දැන්වත් ඉදිරිපත් නොවූනොත් මේ විවාදය හෙට දවසේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වේවි (දී)
මීගමුවේ තත්ත්වයි - පළාතේ තත්ත්වයි රටේ අධ්‍යාපනය යන දිසාව පෙන්නුම් කරන හොඳ සාධක දෙකක් (අ)
ලංකා ගුරු සංගමය නිහඬයි - මුළු රටම හඬයි (දී)
එන් පී අයිලප්පෙරුම මහතා පැවසුවේ පළාත් අධ්‍යාපන ලේකම්ගේ උපදෙස් පරිදි........ඇමතිලා නෙමේ දැන් තීරණ ගන්නේ ලේඛම් ලා අනේ රටකට ගිය කලක්.(නදී)
විශ්‍රාම ගියාමත් සේවය කරන එක හොදයි ජනතා සේවයක් ලෙස යුතු ප්‍රයෝජන සඳහා නම් වැරදියි
දුක් වෙන්න එපා නැගණිය - අපි හිත හදාගෙන ජාත්‍යන්තර පාසලකටවත් යමු (දී)
බන්දුල මාමේ නැගිටින්නකෝ - මේකට උත්ලයක් දෙන්නකෝ - අපේ අම්මි මව ජාත්ත්‍යන්තල පාසලකට දාන්ඩ යනවා (දී)
අපි මේ ප්‍රශ්නය ජනාධිපති තුමාට යොමු කරනවා - ඔබ තුමාට දැනෙනවානම් මේ ප්‍රශ්නයේ බරපතල කම කරුණාකරලා අපිට උත්තරයක් දෙන්න (දී)
ජාතික පත්තර වලින් අපි ඉල්ලා හිටිනවා මේ ප්‍රශ්නය සාකච්ජාවට ගනන කියල (දී)
අන්තර්ජාලය ගැන ලොකුවට කීයෙව්වට අධ්‍යාපන ලොක්කෝ අනතර්ජලය පරිහරනය කරන්නේ නෑ - එකයි මේවගේ බරපතල ප්‍රශ්නයක් නොදෙන සිටින්නේ (දී)
මීගමු කලාපයේ අධ්‍යාපන නිලධාරීන්ගේ සුදුසුකම් ගැන වෙනමම පරීක්ෂණයක් කල යුතුයි (දී)
අනුමත කරනවා (දී)
පළාත් සභාවට තරග කරන දේශපාලකයින්ට මනාපේ දෙනකොට මේ ප්‍රශ්න ගැනත් දෙවරක් හිතන්න (දී)
මේකට උත්තරයක් ලැබෙන්නේ නැත කියන්නේ රටේ අනික් ප්‍රශ්න ගැන හිතා ගන්න පුළුවන්නේ (අ)
අපි දන්නා පරිදි සේවා දිගුවක් ඉල්ලන්න ඕන විශ්‍රාම යාමට මාස තුනකට කලින් විශ්‍රාම ගියාට පසුව සේවා දිගු ඉල්ලන්නේ මොන රටේද පොඩි මිනිහෙක් මේ දේ කලානම්? (නදී)
අනේ මෙහේම තණ්හාවක්... අනේ මෙහේම ආසාවක්.(නදී)
පත්වීමක් නැතිව එලෙස රාජකාරි කිරීමට වැරදි බව කී ඒ මහතා පැමිණිල්ලක් ලද හොත් විමර්ශනය කරන බව ද සඳහන් කරයි. - හතර හිනා කියන්නේ මේවට තමා.(නදී)
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එන් පී අයිලප්පෙරුම මහතා පැවසුවේ පළාත් අධ්‍යාපන ලේකම්ගේ උපදෙස් පරිදි නියෝජ්‍ය ලේකම් සමග තමා ගුරු තුලන වැඩසටහනට සහභාගී වූ බවයි. -- කැකිල්ලේ නඩු තීන්දුව මතක් වෙනවා.(නදී)
මේ වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් නේද අනේ මේ අපේ ළමයි පව් (දිල්)
අයිලප්පෙරුමට දැන් සූරියප්පෙරුම වගේ තමා ප්‍රකාශ නිකුත් කරන්නේ අනේ අද්‍යාපනයට ගිය කලක්.(නදී)
ඔහු විශ්‍රාම ගියත් සේවා දිගුවක් ඉල්ලා ඇති නිසා එලෙස කටයුතු කිරීමේ වරදක් නැතැයි පළාත් අධ්‍යාපන ලේකම් එස් ටී කොඩිකාර මහතා කියයි. - දීකිරට බළල්ලුත් ශාක්ෂිලු.(නදී)
බලන්න මෙයාල සේවය කරන්න කොතරම් කැපවෙනවද කියල .පැන්සොන් ගියත් වැඩ. (අ)
මෙයාට අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කාලා ඉවර කරන්න බැරිවෙලා .තවත් ටිකක් ඉතුරුවෙලා තියනවනේ. ඒ ටිකත් කන්න තමා සේවා දිගුවක් ඉල්ලන්නේ.(නදී)
කන්න හිතුනහම කබර ගොයත් තල ගොයා වෙනවා කියන්නේ ඕව ට තමා. ඔහොම යන්.(නදී)
එලෙස රාජකාරි කිරීමට වැරදි බව කී ඒ මහතා පැමිණිල්ලක් ලද හොත් විමර්ශනය කරන බව ද සඳහන් කරයි. - මෙය මොනතරම් නින්දිත ප්‍රකාශනයක්ද - උන්ගේ වැරදි හොයා හොයා අපි පැමිණිලි කරන්ඩ ඕනා - මොකක්ද ඒ හරුපේ.(නදී)
ම්ගමුව කලාප අධ්‍යාපන කාර්යාලයෙ ඉන්නෙත් ඉසිඹු ගත යුතු සුදුසුකම් නෑති නිළධාරින්. විදුහල්පතිකමක් කර නෑති කලාප හා කොට්ඨාස අධාක්ෂකලා ඈති එකම කලාපය මීගමුවයි. අධ්‍යාපන බළධාරින් නිහඩයි.(නදී)
පළාත් අධ්‍යාපන ලේකම්ගේ මේ ක්‍රියාව චක්‍ර ලේකන පිලිබඳ නොදෙනුවත්කම නිසා සිදු වුවක් කරුණාකර ඔහුට අනුකම්පා කරන්න.(නදී)
මේ පිලිබඳ අධ්‍යාපන ඇමති තුමාගේ ප්‍රකාශනයක් මේ වෙබ් පිටුවේම අපි බලාපොරොත්තු වෙනවා - එසේ නොවන්නේ නම් එතුමාගේ ඇමති කමින් අපිට වැඩක් නෑ.(නදී)
අධ්‍යාපනය කියන්නේ අම්මගේ තාත්තගේ බුදල්ද අනුකම්පා කරන්න.(නදී)
අධ්‍යාපන ලේකම් හසිතගේ ඥාතියෙක් වගේ - ඒ නිසයි අනුකම්පා කරන්න කියන්නේ.(නදී)
මේ කට්ටියම කරන්නේ හොරා පොලිස් සෙල්ලමක්. ලැජ්ජා නැද්ද? අකුලාගෙන යනවකෝ වැදගත් විදියට ගෙදර.(නදී)
මෙය ඉතා වැරැදි පූර්වාදර්ශයක් ලොක්කන්ට එක නීතියකුත් පොඩ්ඩන්ට තව නීතියකුත් ද? අධ්‍යාපන ඇමතිතුමා මේ ගැන ප්‍රකාශයක් කරනකම් අපි බලාගෙන ඉන්නවා (දිල්)
මේකටත් දැන් මොන මොනවා හරි කියයි - අපි බලාගෙන ඉමුකෝ (දිල්)
අනේ අධ්‍යාපනයට ගිය කලක්(දිල්)
පිළිතුරක් දෙනකල් ඉවසන්න (දිල්)
මෙවැනි තන්හාදිකයන් නිසා මේ තනතුරට ඊළගට උසස් වීමක් ලැබීමට සුදුසුකම් ඇති කෙනාටත් [ඔහුත් විශ්‍රාම යාමට ආසන්න නම්] ඒ අවස්ථාව නැති කරනවා. (නදී)