IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘ඉහළ උසාවි තීන්දුව මහ නීතියට විරුද්ධයි‘ - අගමැති

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වලක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය   ප්‍රකාශයට පත් කළ අතුරු නියෝගය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 දෙක වගන්තිය අනුව බල රහිත බව රනිල් වික්‍රමසිංහ අගමැති අද ප්‍රකාශ කළේය.

මෙම වගන්තිය අනුව එවැනි තීරණයක් දීමට නම් අවම වශයෙන් විනිසුරුවරුන් තිදෙනකු සිටිය යුතු බවත්, විනිසුරුවරුන් දෙදෙනකුට බලය ඇත්තේ හදිසි ඇපෑලක් විභාගයට ගැනීමේ දී තීරණයක් ගැනීමේ අයිතිය පමණක් බවත් ඔහු කීවේය.

මේ සම්බන්ධයෙන් තමා නීතිපති මතය විමසන බව වික්‍රසිංහ මහතා කොළඹ දී මාධ්‍යවේදීන් සමඟ ප්‍රකාශ කළේය.

මෙම තහනම් නියෝගය අනුව ගෝඨාභය රාජපක්ෂට එරෙහි පරීක්ෂණ කරගෙන යෑමට අවහිරයක් නැතැයි ද, අධිකරණයෙන් අත්හිටුවා ඇත්තේ ඔහු අත්අඩංගුවට ගැනීම බව ද වික්‍රමසිංහ මහතා කීවේය.

රාජපක්ෂ මහතා විසින් ගොනු කැරුණු පෙත්සමෙන් වික්‍රමසිංහ මහතා වගඋත්තරකරුවකු කර තිබෙනවා නේදැයි මාධ්‍යවේදියකු ඇසූ විට ඔහුගේ පිළිතුර වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිසිම නොතීසියක් තමාට නොලැබුණු බවයි.

එහෙත් ඇමැති මණ්ඩලයට යැවූ නොතීසියේ පිටපතක් ලබා ගත් බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මෙම පෙත්සම විභාග කිරීමට නියමිතව සිටි බුවනෙක අලුවිහාරේ විනිසුරු පෞද්ගලික හේතු මත ඉවත් විය. ඊවා වනසුන්දර විනිසුරුවරිය හා සරත් ආබෘ විනිසුරු නඩුව ලබන ඔක්තෝබර දක්වා කල් තැබූ අතර නඩුව අවසන්වනතුර හිටපු ආරක්ෂක ලේකම් අත්අඩංගුවට ගැනීම අත්හිටුවීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 (2) වගන්තිය මෙසේය.

(2) ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය, වෙන් වෙන්ව නඩු විභාග කරන ඒ අධිකරණෙය් විනිශ්චයකාරවරයන් කිහිපෙදනකු විසින් එකම අවස්ථාවේ දී විවිධ කාරණා සම්බන්ධයෙන් කියාත්මක කළ හැක්කේ ය : එසේ වුව ද, සියලු අවස්ථාවල දී එහි අධිකරණ බලය ආණ්ඩුකම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශචයකාරවරයන්   තිදෙනකුට නොඅඩු සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණය වශෙයන් එක් රැස්ව සාමාන්‍යෙයන් කියාත්මක කළ යුත්තේ ය.



අදහස් (0)

‘ඉහළ උසාවි තීන්දුව මහ නීතියට විරුද්ධයි‘ - අගමැති

අනිල් Saturday, 16 May 2015 06:10 AM

දන්නේ නැති නිසා අහන්නේ? එක විනිසුරු කෙනෙක් ඉල්ලා අස්වීම නිසා නේද ගැටලුව? එතුමා අස්වෙලා තියෙන්නේ මේ කරණය හොඳින්ම දැනගෙන බව පේනවා නේද? අර තරාදිය අතින් අරන් ඉන්න කාන්තාවගේ ඇස් බැඳලා තියෙන රෙදිකඩ අයින් කරලද ඒ කියන්නේ? තරදියත් දැන් බැලන්ස් නැතිද මන්ද? (කේ)

:       0       0

විජිත Saturday, 16 May 2015 06:22 AM

මේ ඔක්කොම රටේ ජනතාව රවට්ටන චන්ද ගන්න උපක්ක්රම (කේ)

:       0       0

මංගල Saturday, 16 May 2015 06:52 AM

උසවිසට අපහස කිරීම යහපාලනය නෙමෙය් නේද (කේ)

:       0       0

ශාන් Saturday, 16 May 2015 07:35 AM

අපේ ඉතිහාසයේ හිටපු ලොකුම හොරු රැළ කොහොමහරි නීතිය ඉදිරියට ගේන්න ඕනෑ. (නි)

:       0       0

ප‍්‍රසන්න Saturday, 16 May 2015 07:54 AM

වගන්ති මොනවා උනත් දැනට සමාජේ ඇති කතාබහ අනුව මෙවර පැවැත්වෙන මහා චන්දෙන් රජය අන්ත පරද වෙනවා.මහින්ද වෙනම පක්ෂයක් හදාගෙන අවොත් ඔක්කොම කපෝති.(කේ)

:       0       0

වැකෝ Saturday, 16 May 2015 10:37 AM

රනිල් මහත්තය විශ්‍රාම ගියොත් හොදි. චන්දෙට ඉදිරිපත් වුනොත් ඇපත් නැහැ.(කේ)

:       0       0

බුලට් Saturday, 16 May 2015 12:36 PM

නීතියේ දෙවඟනගේ ඇස් බැදලනේ තිබෙන්නේ. කී දෙනෙක් බෙන්ච් එකේ ඉන්නවද කියලවත් පෙනෙන්නේ නැහැනේ. ඉතින් කව්රුත් හිනාවෙන්නනම් එපා. (කේ)

:       0       0

සම්පත් වන්නිආරච්චි Saturday, 16 May 2015 01:51 PM

මහින්දගේ කාලයේ මේ රටේ ඇති වූ වෙනස නගරයේ කිබූ සිල්ලර තොග වෙළඳ කඩය ගමට ගොස් නගරයට ෆුඩ්සිටි ආපු එක, නගරයේ තිබූ යකඩ කඩය ගමට ගොස් නගරයට මහාපරිමාන හාඩ්වෙයාර් ආපු එක. 2005 ට පෙර ගමක තිබූ මොටර් බයිසිකල්, ත්‍රීවීල් රථ සහ රෝද හතරේ වාහන සංඛ්‍යාව අතේ ඇඟිලි පහට අඩු වූවක් වූ අතර 2014 වන විට සෑම නිවාස තුනකින් එකකටම ඉන්ධන ඊාවිතාවෙන් දුවන කුමන හෝ වාහනයක් තිබීම. 2005 වන විට පා පැදියක්වත් නොති බූ මා 2014 වන විට රෝද 04 මොටර් රථයක් ගත්තේ අපේ ආදායම් වැඩීවීම හා ඒ මතින් ඇති වූ විශ්වාසය මත මූල්‍ය ආයතන ණය සැපයීම මත. මේවා නොදකින අය ජාති අන්ධයින්. මහින්දගේ රජය කාලයේ හොරකම් කිරීම කෙසේ වෙතත්, ග්‍රාමීය මට්ටමේ සිට ක්‍රියාත්මක වූ සංවර්ධන යෝජනා ක්‍රම හරහා ගම්වල ජනතාව අතට මුදල් ගලා ආවා. එය සිදුවූයේ එම කොන්ත්‍රාත් ගම්වලට දීමෙන් ගමේ යමෙකු ලැබූ ලාබ මත මිස හොරකම් කිරීමෙන් නොවෙයි. සියල්ලම සුදුයයි මා නොකියමි. එහෙත් මහින්දට පෙර වූ සංවර්ධනය ගමට ගලා නොගිය අතර මහින්ද ගමට සංවර්ධනය මෙන්ම ඒවායේ ප්‍රතිලාභද ගමට ලබා දුන් නායකයා බව පවසමි. මේ සියල්ලටම වඩා ලාභ ගෙන දෙන ව්‍යාපාරය වූ එමෙන්ම මීට පෙර පැවති රජයන්වල මැතිඇමතිවරුන් විශාල වශයෙන් මුදල් ඉපැයූ යුද්ධය නතර කළ නායකයා මහින්ද බව මේ රටේ කළගුණ දත් කිසිවෙකුටත් අමතක කළ නොහැක. (කේ)

:       0       0

ඉන්දික Saturday, 16 May 2015 02:43 PM

බොරු චෝදනා දාල හිරේ දාන්න හදපු එකට වැඩ වැරදිලා. මේවට උත්තර ලැබේ ඡන්දෙන් පස්සේ. (බ)

:       0       0

සංජීව-ඇමරිකාව Saturday, 16 May 2015 02:45 PM

ඡන්දෙකින් පත් නොවී අගමැතිකම ගැනීම ගැන නීති පොතේ මොනාද කියල තියෙන්නේ කියලත් අපි හොයල බලමු.(බ)

:       0       0

ලකී Friday, 15 May 2015 01:54 PM

අන්න හරි අරින්න එපා ලෙහෙසියෙන් (කේ)

:       0       0

ස අබේය්සිංහ Friday, 15 May 2015 02:47 PM

දැන් හැමෝටම තේරෙනවා ඇති මේ වෙනස (කේ)

:       0       0

නන්දසේන Saturday, 16 May 2015 11:07 PM

උසාවි නීතිය මෙහෙම වෙනස් කරන්න පුුලුවන්ද? (නි)

:       0       0

ජයන්ත Friday, 15 May 2015 03:37 PM

ඔව් ඉතින්. තුන්දෙනෙක් හිටපු එකෙන් එක්කෙනෙක්ව ඉවත් කරවාගෙන දැන් කියනවා තුන්දෙනෙක් නොසිටි නිසා මෙතන ප්‍රශ්නයක් කියලා. නිවැරදි මිනිස්සු නිකරුනේ අත්අඩංගුවට ගන්න එක පහසු නැහැ (නි)

:       0       0

පෙරේරා Friday, 15 May 2015 03:42 PM

ගෝඨා බයේ පැනලා යන්නේ මේ දේවල් සත්‍ය නිසාදැයි සාධාරණ සැකයක් මිනිසුන් තුළ ඇතිවීම නොවැළැක්විය හැක (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 15 May 2015 03:56 PM

සමහරුන්ට අද ප්‍රභාකරන්ගෙන් මේ රට ගළවාගත් අය දංගෙඩියට දක්කාගෙන යනතුරු ඉවසුමක් නැහැ වගේ. (නි)

:       0       0

සම්පත් Friday, 15 May 2015 04:04 PM

යහපාලනය අධිකරණයට බලපෑම් කිරීමට අර අඳිනවාද? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Friday, 15 May 2015 04:04 PM

වගන්ති නම් නීති පොතේ අච්චු ගහලා තිබෙනවා එමට. නමුත් වගන්ති තිබුනට වගන්තියට අදාළව ප්‍රකාශ වී තිබෙන දේ සිදුවන්නේ නීතියට අනුව නොව පක්ෂපාතිත්වය හා මුදලේ බලයේ තිබෙන වටිනාකම අනුවයි කියන එකයි ප්‍රශ්නය (නි)

:       0       0

මුණසිංහ Sunday, 17 May 2015 01:56 AM

එතකොට රනිල් කැමති තීන්දුවද දෙන්න ඕනෑ? එහෙම හරි නේද? (නි)

:       0       0

කරුණාදාස Friday, 15 May 2015 04:20 PM

මේ මොනවද කියන්නේ? (නි)

:       0       0

කිත්සිරි Friday, 15 May 2015 04:19 PM

අනේ අපි නම් දන්නෙ නැහැ ඕවා (නි)

:       0       0

අනුර Friday, 15 May 2015 04:56 PM

මෙය උපරිම අධිකරණයට අභියෝග කිරීමක් නොවන්නේද? (නි)

:       0       0

නිහාල් Friday, 15 May 2015 05:16 PM

ඉතින් මොනවාහරි කරන්නකෝ (නි)

:       0       0

දයා Friday, 15 May 2015 05:17 PM

දෙගොල්ලොම කරන්නේ කියව කියලා ඉන්න එක විතරයි (නි)

:       0       0

විජිත Friday, 15 May 2015 05:16 PM

දැන් ඉතින් මොකද කරන්නේ? (නි)

:       0       0

අමන්දා Sunday, 17 May 2015 04:19 AM

විනිසුරුවරුන් තිදෙනකු සිටිය යුතු බවත්, විනිසුරුවරුන් දෙදෙනකුට බලය ඇත්තේ හදිසි ඇපෑලක් විභාගයට ගැනීමේ දී තීරණයක් ගැනීමේ අයිතිය පමණක් බව කියන කොට හොඳට තේරෙනවා (නදී)

:       0       0

නන්දලාල් Friday, 15 May 2015 05:55 PM

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ උසාවියෙන් ලබාගත් තීරණය නීත්‍යනුකුල නොවේ නම්, රජය ඊට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කළයුතු වෙනවා නේද?මොකද්ද තිබෙන ප්‍රශ්නය? (නි)

:       0       0

සුනිල් Friday, 15 May 2015 06:20 PM

මේකෙන් තේරෙන්නේ විනිශ්චයකාරවරුත් දැන දැන වැරදි කර ඇති බවද? (නි)

:       0       0

සුමුදු හේවා Sunday, 17 May 2015 05:18 AM

කුෂාන් සහ තරුෂි, මගේ නමින් පළ කර ඇති 2015-05-16 01:49:44 අදහස මගේ අදහසක් යයි සිතාගෙන ඔබ දෙපළ අදහස් දක්වා ඇතත් එකී අදහස මගේ අදහසක් නොවන බව කරුණාවෙන් සලකන්න. (බ)

:       0       0

ධම්ම Friday, 15 May 2015 08:43 PM

ආදේශක විනිශ්චයකාරවරයා පත්කරනතුරු නඩුව කල්දැමීම සහ චූදිතයා අත්අඩංගුවට ගැනීම අත්හිටුවීම 132(2) උල්ලංඝනය කිරීමක් නොවේ. (නි)

:       0       0

ලලිත් Friday, 15 May 2015 10:23 PM

"අන්තෝ ජටා බහි ජටා" අනේ මන්දා මේවා සියල්ල අවසන්වෙලා කවදා නම් රට සංවර්ධනය ගැන සිත යොමු කරයිද කියලා. (නි)

:       0       0

උදිත් Friday, 15 May 2015 10:35 PM

අන්න හරි,අරින්න එපා. (නි)

:       0       0

දංගොඩ Friday, 15 May 2015 10:50 PM

පරීක්ෂණ වලට විනිසුරුවරු අතදාන්න උවමනා නැහැ. කවුරු වුණත් වැරදි කරලා කියලා සාක්ෂි තිබේ නම්, අධිකරණය දඬුවම් දියයුතු බවත්, විනිසුරුවරු තම වගකීම ඉටුකළ යුතු බවත් අපි කියනවා (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Saturday, 16 May 2015 12:24 AM

මහත්වරුනි, දැන්වත් තේරුම් ගන්න දැන් ක්‍රියාත්මක වන්නේ නීතිය මිසක් අවනීතිය නෙමෙයි කියලා. (නි)

:       0       0

ටෙනිසන් Saturday, 16 May 2015 12:56 AM

මොනවාහරි කරලම පෙන්වන්න මහත්තයෝ (නි)

:       0       0

සුමුදු හේවා Saturday, 16 May 2015 01:49 AM

මේ ගොල්ලන්ගේ ඒවායේදී නීතිය ක්‍රියාත්මක කළාට එච්චර ප්‍රශ්නයක් නැහැ. මොකද මේවා ඒ කාලේ මැතිවරණ උපක්‍රම පමණයි. හැබැයි මහින්ද මහත්තයාගේ කාලේ වූ විශාල වංචා දුෂණ ගැන හොයන එකෙන් වෙන්නේ ලංකාවේ සල්ලිකාරයෝ ටික වැටෙන එක. සාධාරණයෙන් වේවා අසාධාරණයෙන් වේවා මහින්ද මහත්තයාගේ කාලේ විශාල ධනවතුන් වූ අය අද රටට සම්පතක්. ඒ හින්දා මහින්ද මහත්තයාගේ කාලේ වැරදි කළ අයට දඩුවම් දෙන්න යන්න එපා. (නි)

:       0       0

කැනඩා දිසා Saturday, 16 May 2015 01:52 AM

කතාව සම්පූර්ණයෙන්ම ඇත්.ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙවන් නඩුවකදී විනිසුරුවරුන් තිදෙනෙක් අවශ්‍යයි. (නි)

:       0       0

යද්දෙහි ආරච්චි Saturday, 16 May 2015 02:02 AM

අවනීතිය යටපත් කිරීමට නීතියට හැකි බව අධිකරණය විසින් පෙන්වූ අවස්ථාවක්. (නි)

:       0       0

යෝනක Saturday, 16 May 2015 02:32 AM

අපි ඉතින් මේවට මොනවා කරන්නද? (නි)

:       0       0

කුෂාන් Saturday, 16 May 2015 02:31 AM

මට පේන්නේ සුමුදු හේවාත් මහින්ද මහතාගේ කාලේ ධනවතෙක් වූ කෙනෙක් වගේ. ඒකනේ මෙතන උදේ ඉඳලා පරිගණකයේ වාඩිවෙලා දිගට හරහට ලියන්නේ. මොකද්ද සුමුදු ඔයාගේ ව්‍යාපාරය? අපිට කියන්න ලැජ්ජාහිතෙන එකක් නම් නොකිව්වාට කමක් නැහැ (නි)

:       0       0

තරුෂි Saturday, 16 May 2015 03:13 AM

දුප්පත් මිනිස්සුන්ගෙන් පුළුවන් තරම් බදු ගහල එකතු කරපු සල්ලි ,හොරකම් කරපු අයව ආරක්ෂා කරන්න කියලද සුමුදු හේවා කියන්නේ ??? අනික ඉතා සුළු පිරිසක් පමණක් සල්ලි කාරයෝ උනා කියල දුප්පත් මිනිහට ඇති සෙතේ මොකක්ක්ද ? (කේ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 16 May 2015 03:49 AM

පිවිතුරු යහපාල , අපි එදත් අදත් රට රක දුන් මිනිසුන්ට ගවුරව කරමු , එහි විවාදයක් නැත එහෙත් , මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කෑ හොරුන් අදිකරණ ක්‍රියාමාර්ග හරහා දඬුවම් ලබා දිව යුතුව ඇත . එහි වාදයක් නැත !(කේ)

:       0       0

දුමින්ද Saturday, 16 May 2015 04:27 AM

හීන් නූලෙන් වැඩ (කේ)

:       0       0

දුමින්ද Saturday, 16 May 2015 05:03 AM

අලුත්කඩේ අලුත් ගැටළුවක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 93 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 980 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 196 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 885 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3560 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2256 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37727 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24866 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site