අග විනිසුරුවරියට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 107 (3) වගන්තිය යටතේ ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගයට එරෙහි පෙත්සම් විමර්ශනය කළ යුතු ආකාරය පිළිබඳව අභියාචනාධිකරණයෙන් යොමු කැරුණු අයදුම්පත් හතක් දෙසැම්බර් 13 හා 14 දිනයන් හි විභාගය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ රජතුන් කට්ටුවක් අද තීරණය කෙළේය. නිමල් ගාමිණි අමරතුංග, කේ. ශ්‍රී. පවාන් සහ ප්‍රියසාද් ඩෙෆ් යන විනිසුරුවරු ඊට අයත් වෙති. පාර්ලිමේන්තු කතානායකට හා දෝෂාභියෝගය විමසා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මේ ගැන දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලේඛකාධිකාරීට නියෝග කෙළේය. . සභාපති විනිසුරු නිමල් ගාමිණි අමරතුංග මහතා පැවැසුයේ ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා ආණුඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියාකරන බවයි ලිඛිත කරුණු දැක්වීමට තේරීම් කාරක සභාවට සතියක් කල් ඇති බව අධිකරණය සඳහන් කරයි. මෙම විභාගෙය වෙනුවෙන් කතානායකට හා තේරීම් කාරක සභාවට නොතීසි නිකුත්කර තිබුණ ද එහි සාමාජිකයන් හෝ ඔවුන් වෙනුවෙන් නීතිඥවරු අද පෙනී සිටියේ නැත. මේ අතර පාර්ලිමේන්තු කතානායක චමල් රාජපක්ෂ මහතා පෙරදින පැහැදිලිවම ප්‍රකාශ කෙළේ තමාට හෝ තේරීම් කාරක සභාවට නියෝග දීමට පිටස්තර කිසිවකුටත් බලයක් නැති බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අර ජනරාල් තුමාගේ නඩු තිබ්බ කාලෙ කොයි තරම් සහයෝගෙන් කටයුතු කලාද?(ස)
මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නය (දී)
අයියෝ සල්ලි
කවුරුත් අපි කියන දේ අහනවයි (ස)
අනේ මන්දා අපි කියන දේ මේ කවුරුවත් අහන එකක්යැ (ස)
මොනවා වෙන්න යනවාද කියලා දෙවියෝ තමයි දන්නේ (දී)
අපේ රටේ එක එක්කෙනාට එක එක නීතිය (ස)
අවසානයේ ලංකාව මුළු ලෝකයේම අවමානයට ලක් වීම ඇර සිදුවන යහපතක් නැත. දැන් ඉතින් කීව නාහන ගුරු ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි. (නි)
විකාර වැඩ ..දෙගොල්ලොම එකයි (ස)
දේශපාලනය කියන්නේ පුදුම දෙයක් (දී)
අපි ඉතින් මොනවා කරන්න ද (දී)
අනේ මන්දා මොනවා වෙයිද කියලා
ඒ මොකද්ද ඒ (දී)
මොකද්ද ඉහල උසාවිය කියන්නේ (දී)
මොකද්ද මින් පසු ගන්න පියවර (දී)
කියන්නකෝ මොනවාද තියෙන්නේ එහි (දී)
නියමයි..ඇයි අපි ජාත්‍යන්තරයට මේ ප්‍රශ්නේ අරන් යන්නේ නැත්තෙ? (නි)
මොකද්ද එතකොට වෙන්නේ (දී)
ඉහල උසාවිය කියන්නේ ශ්‍රේෂ්ටාධි කරණයට නේද (දී)
අපි ඉතින් දැන් මොකද්ද කරන්න ඕනේ (දී)
අපිට දෙයියන්ගේ පිහිටයි......(ස)
පාර්ලිමේන්තුවට යන්නේ ජනතා කැමැත්තෙන් නේ.ජනතාවනේ අධිකරණයට ගිහින් ඉන්නෙත්..අධිකරණ තීරණ වලටනේ ජනතාව හිස නමන්නේත්.ඒ හන්ද හොදම දේ අධිකරණ තීරෙනයට හිස නැමීමයි (ස)
මොකද්ද දන්නේ නැහැ ඒ දැන්වීම (දී)
ඒ පාර මොකද්ද (දී)
අදාළ පාර්ශ්වකරුවන් අධිකරණය මගහැර සිටීනම් දැන් කරන්න තියෙන්නේ ඒකපාර්ශ්විකව නඩුව විභාගයට ගන්නයි. (නි)
ඔන්න ලංකාවේ නීතිය (ස)
ජය වේවා .අපගේ උත්තමාචාරය (ස)
ඔහොම යන්... රේල් පීලි වගේ (ස)