(ඩයනා උදයංගනී)
මාර්තු සහ අප්‍රේල් විදුලි බිල ඉහළ යාමෙන් පීඩාවට පත් පාරිභෝගිකයින්ට උපරිම සහනයක් දෙමින් එම ගාස්තුවෙන් කොටසක් රජය විසින් දැරීමට අද (8) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කොවිඞ් 19 වසංගත තත්ත්වය හමුවේ පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් මහජනතාව මාස දෙකකට ආසන්න කාලයක් තුළ නිවෙස් තුළ රැඳී සිටි නිසා ගෘහස්ථ විදුලි පාරිභෝජනය ඉහළ ගොස් ඇති බව කී ඇමැතිවරයා එලෙස නිවෙස් තුළ රැඳී සිටින ලෙස උපදෙස් දුන්නේ රජය බැවින් ඉහළ ගිය විදුලි ගාස්තුවෙන් කොටසක් රජය විසින් දැරීමට තීරණය කළ බව ද සඳහන් කළේය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි ඛනිජ තෙල් අමාත්‍යාංශයේදී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
විදුලි බිල සම්බන්ධව පාරිභෝගිකයින්ට සහනයක් ලබාදීම සඳහා පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල දුන් උපදෙස් අමාත්‍යවරයා විසින් පත් කරන ලද පංච පුද්ගල කමිටුවේ වාර්තාව අද (8) අමාත්‍ය මණ්ඩලයට යොමු කළ අවස්ථාවේදී එම වාර්තාවේ නිර්දේශිත කරුණු වලින් ඔබ්බට ගොස් මහජනතාවට උපරිම සහනයක්ලබා දීමට රජය තීරණය කළ බව ද ඇමැතිවරයා මෙහිදී පැවසීය.
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉහළ ගිය විදුලිබිලෙන් කොටසක් දැරීමට රජය තීරණය කරයි
nalin Wednesday, 08 July 2020 10:58 AM
විදුලි බිල ඉහළ ගියේ පාවිච්චිය වැඩිවුණු හින්දා නෙමෙයි. ගණනය කළ විදිහේ වැරැදි හින්දයි.
Nimal Wednesday, 08 July 2020 11:21 AM
අනේ හැමදාමත්ම ඡන්දෙ තියනවා නම් අපි කොච්චර වාසනාවන්තද?
eresh S kumara Wednesday, 08 July 2020 11:32 AM
ඉතා හොඳ තීරණයක්...
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 July 2020 11:43 AM
ප්‍රමාද වී හෝ ගත් පියවර අගනා දෙයක්.. මහජන මතයට හිස නැමීමක්... මෙයින් සන්නිවේදනය වන අනෙක් කරුණ නම් ව්‍යංගාර්ථයෙන් වුවද විදුලිබල මණ්ඩලය තම පාරිභෝගිකයින්ගේ මුදල් අයථා ආකාරයකින් ගසා කෑ බව නොවේද? මින් ඉදිරියට හෝ මෙවැනි දේ ඇති නොවීමට වගබලා ගැනීම ඉතා වැදගත්.. නැතහොත් විදුලිබල මණ්ඩලයද ජනතා මුදල් වංචා කරන ආයතනයක් බවට සමාජගත වෙනු ඇත.
ලසන්තThursday, 09 July 2020 01:43 AM
විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයාගෙන් අයථා ලෙසට මුදල්ගත් බව ඉතාම පැහැදිලියි. උදාරණයකින් කියනවා නම් එකම දින මනු කියවූ එක ළඟ නිවෙස් දෙකක වැඩි ඒකක ගණනක් පාවිච්චි කළ නිවසට අඩු මුදලකුත් අඩු ඒකක ගණනකුත් පාවිච්චි කළ නිවසට වැඩි මුදලකුත් බිල්පතේ සටහන් කිරීමක් දක්වන්න පුළුවනි. මේ පිළිබඳව විදුලි ඉංජිනේරු කාර්යාලයෙන් විමසීමේදී ප්‍රකාශ කලේ බිල්පත නිවැරදි බවයි. ඒ වගේම මාසිකව අයකරන ස්ථාවර ගාස්තුද රුපියල් 30ක සිට 480 දක්වා වැඩිකරලා තියෙනවා. මේක වර්තමාන ඇමතිලා නැවත පත්වුණොත් කරන තත්වයක් වෙන්න පුළුවන් දෙයක් වෙන්න බැරිද?
සමිත සේනක අලුත්ගමගේ.Thursday, 09 July 2020 03:23 AM
ඇමතිතුමා එක්තරා චැනල් එකක කියනවා ඇහුණා මේ විදුලි බිල අඩු කරන්නේ ඒකක 90 ට අඩු විදුලි බිල ඇති අයට කියා.. එහිදීත්, අඩු ආදායම් ලාභී අයට ප්‍රමුඛත්වය ලැබෙනවා. එතකොට මධ්‍යම පාන්තිකයන්ට හුලං... බොහෝ තැන්වල ඒකක අනුවත් පනින විට විදුලි බිල දෙගුණ වෙනවා... මේ අතින් බලන විට ඒකක 90 ට වැඩි අයට විදුලි බිලෙහි අඩු වීමක් නැහැ.. ඔවුන්ට වෙන්නේ විශාල අසාධාරණයක්... එතකොට ඔවුන්ගේ බිල් වැඩි වීම ගැන බලධාරීන් නිහඬයි නේද ? සාධාරණය කෝ ...? ඔවුන් ද මේ රටේ විදුලි පාරිභෝගිකයන් නොවේද ... ?
rana Wednesday, 08 July 2020 12:08 PM
ඔය මනුස්සයා මෙතෙක් කී දේවල් බොරු.., මේ වගේ අය රටේ නාමයෙන් පාර්ලිමේන්තුවට යවන්න එපා...
Kamal Wednesday, 08 July 2020 12:29 PM
රජයේ මුදල් කියන්නෙත් මහජනතාවගේම මුදල් නේ...
samWednesday, 08 July 2020 01:13 PM
මේ අය කාවද රවටන්නේ? ලංකාවේ බොහෝමයක් මෝඩ මිනිස්සු නිසා කරන්න දෙයක් නැහැ.
fairoos Wednesday, 08 July 2020 12:43 PM
ඡන්දෙට කළින් දුන්නා නම් හොඳයි.
Hafeel Wednesday, 08 July 2020 01:28 PM
එතකොට මහින්දානන්ද කිව්වේ තවත් බොරුවක්ද? ඔහු කිව්වනේ මාර්තු සහ අප්‍රේල් මාස සඳහා මුදල් අය කරන්නේ නැහැ කියලා, විදුලි බල රාජ්‍ය ඇමති හැටියට වගකීමෙන් කියන බව...
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 July 2020 01:30 PM
ඉහළ ගිය විදුලිබිල සම්බන්ධව, මෙසේ අමාත්‍ය මණ්ඩලය එකතු වී සාධාරණ ක්‍රියාමාර්ගයක් ගැනීම ගැන ස්තුතියි. එය ජනතාවට කිසියම් හෝ සහනයක් ගෙනදේවි... !
Rohana Wednesday, 08 July 2020 01:33 PM
ඡන්දය අතළඟ නිසා ජනතා සිත්සතන් නිවී සනසාලන මෙවැනි ප්‍රකාශවලට නොරැවටීමට කටයුතු කරමු.
Amare Wednesday, 08 July 2020 02:02 PM
අමරවීරගේ සල්ලි.., ඒකටනේ පාසල් වාහන පාට වෙනස්කර තීන්ත වලින් කොමිස් ගහන්න යන්නේ...
lankaThursday, 09 July 2020 01:07 AM
අමරවීරට මන්නම්, ඡන්දෙ ළංවෙනකොට විකාර කියවෙනවා.
H.MJ.Gunathilaka Wednesday, 08 July 2020 02:30 PM
ඔය දීපු සහන ඡන්දෙ ඉවරවෙලා බඩුමිලෙන් අල්ලයි..
Bandara Wednesday, 08 July 2020 02:33 PM
දැක්මක් නැති දේශපාලුවන්. රනිල් විදුලි බිල ගැන මැතිවරණ වේදිකාවල කිය කිය යන නිසා, දුන්න පොරොන්දුවක්...
Prabq Wednesday, 08 July 2020 02:50 PM
කරනකම් විශ්වාස නැත. මීට පෙර විදුලි බිල පෙන්වා නිවැරදි කරගත හැකි බව මාධ්‍ය වලින් ප්‍රකාශ විණි. නමුත් විදුලි බල මණ්ඩලයට ගිය අයට හිස් අතින් හැරී එන්නට විය...
රට වැසියා Wednesday, 08 July 2020 03:21 PM
බිල දෙගුණයක් කරලා එ්කෙන් භාගයක් රජය ගෙවනවා. හරිම හොඳ රජයක්....
මෙහෙම ඇන්දිල්ලක්Wednesday, 08 July 2020 08:31 PM
මහජන සල්ලි (= රජයේ මුදල්)... තව විදිහකින් කිවහොත් අපේම සල්ලි වලින් එවුන් වැරදියට ගණන් හදපු විදුලි බිල කොටසක් ගෙවනවා.. ඡන්දෙට මිනිසුන් අන්දන්න. මේ පොලිටික්කන් තව මහජන මුදල්වලින් සැප වාහන සහ පිරිවර නඩත්තූ කරගන්න උපරිම සැප විඳින ගමන් ලැජ්ජා නැතිකමට පෙන්වන්නේ හරියට ඔවුන්ගේ සල්ලි වලින් කරනවා වගේ... අප්පිරියයි. වෙනරටක නම් වුණු බිලේ වැරද්ද පිලිගෙන ඒක හදවලා, මහජන සේවය ලබාදෙනවා...
Nishantha Wednesday, 08 July 2020 04:53 PM
මෙයාලා බොරුවට විදුලි බිල ඉහළට දාලා දැන් අඩු කරනවා.
nilantha gamage Wednesday, 08 July 2020 05:24 PM
ගණනය කිරීමේ වරදකින් වූ දෙයකට වන්දි ගෙවන්නේ වංචනිකයන් විතරයි. වැටත්, නියරත් ගොයම් කා නම් කාට පවසම්ද ඒ දුක...
Perera Wednesday, 08 July 2020 07:20 PM
එක එක උප්පරවැට්ටි යොදා ජනතාව රැවටීම ඉතා පහසු බව මෙහි දමා තිබෙන සමහර කමෙන්ට්වලින් පැහැදිලියි.
බද්රානි Wednesday, 08 July 2020 09:30 PM
අනේ! මගේ බල්ලට වත් එපා ඔය දෙන සහන... ගෙදරට ලයිට් බිල එව්වට පස්සෙද ඔය කියන සහන මතක් උනේ?
sampath Wednesday, 08 July 2020 11:19 PM
බිල් හදා තිබෙන ක්‍රමය සම්පූර්නයෙන් වැරදි, එය වංචාසහගත ලෙස මුදල් ගසා කැමක්, සාමාන්‍ය මාසික බිල රුපියල් 4000ක් නම්, බිල් පත් එවා ඇත්තෙ රුපියල් 8000ක් ලෙස, එමගින් කිසිඳු සහනයක් ඇති නොවේ. මේ ආණ්ඩුවත් බොරුවෙන් ගෙනියන්නෙ කවුරුවත් අපෙක්ෂා නොකරපු ලෙස.
Indhika Thursday, 09 July 2020 01:16 AM
අපේ වහලා තිබ්බ ගෙදර ලයිට් බිල පස්ගුණයක්.. වෙනදා 200යි.., මේ පාර 1050යි. අපි නැති අතරේ කොරෝනා වෛරස් ඇවිල්ලා ජීවත් වෙලාද?
abilin Thursday, 09 July 2020 02:28 AM
කොරෝනා නිසා දුන්නු සලාක හොඳටම ඇති, බීජ ඇට පැකැට්ටුව, 5000, පොහොර, 100 ට සැමන්, පරිප්පු.
amareFriday, 10 July 2020 02:50 PM
දුන්නා දුන්නා....
Bamunuarachchi Thursday, 09 July 2020 04:21 AM
වැඩ නැති කාලයේ ගෙදර ඉඳන් කාමරවල ෆෑන් ලයිට් දාගෙන ටීවී බලන්න විදුලිය පාවිච්චිකරලා බිල වැඩි වෙලානම් සහන දෙන්න එපා. එය අනිකුත් බිල් ගෙවන අයට කරන අසාදාරණයක්.
Bamunuarachchi Thursday, 09 July 2020 04:26 AM
ගෙදර ඉන්න කීවාට කාමරවල ෆෑන් ලයිට් දාගෙන ටීවී බලන්න කීවේ නැහැනේද? මොනවාද මේ රජයක් කරන වැඩ?
RIHAN Thursday, 09 July 2020 04:47 AM
ඡන්ද ගුන්ඩුවක්ද දන්නේ නැහැ.
අස්රෆ් අමීන් Thursday, 09 July 2020 05:09 AM
අදහසනම් හොඳයි. ඡන්දෙට කලින් සහනය දුන්නොත් ගොඩ තමයි.
Gamma Thursday, 09 July 2020 12:33 PM
නියම ක්‍රමය විදුලිබිල වැඩිකරලා ඒකෙන් 10% අඩුකරලා මිනිස්සුන්ව ගොනාට අන්දවලා අඩුකළා කියලා හරියට මේක විදුලි ඇමැතිගේ සාක්කුවෙන් දෙනවා වගේ කතා කරන්නේ. රජයේ මුදල් කියන්නේ අපේ මුදල් කරන දෙයක්... ඡන්දෙන් ඉස්සෙල්ලා කරන්න. ඡන්දෙන් පස්සේ නම් මුකුත් අපිට ලැබෙන්නේ නැහැ.