IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ඉෆ්තාර් වේලාවේදී සිදුවන රිය අනතුරු ගණන ඉහළට

Iftar

 

 

ඉෆ්තාර් වේලාව තුළදී රිය පදවන විට වෙනදාට වඩා ප්‍රවේශම් විය යුතු අතර රාමදාන් මාසයේ රිය අනතුරු බොහෝමයක් ඉෆ්තාර් වේලාවේදී සිදුවන බව අභ්‍යන්තර අමාත්‍යංශය සිය සමාජජාල පණිවුඩයකින් අනතුරු අඟවා තිබේ.


රාමදාන් මාසයේදී රිය පදවන විට පිළිපැදිය යුතු උපදෙස් මාලාවක්ද අමාත්‍යාංශය සිය සමාජජාල පිටුවට ඇතුළත් කර ඇත. 


ඔබ වෙහෙසට පත්ව හෝ නිදිමත ගතියෙන් පෙළෙයි නම් රිය පැදවීමෙන් වළකින ලෙසටද අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත. එසේම මුස්ලිම් දේවස්ථාන අසල සහ වෙනත් පොදු ස්ථාන අසල වාහන තදබදයක් ඇති වන ලෙසින් සහ අන් අයට හිරිහැරයක් වන ලෙසින් අපරීක්ෂාකාරීව වාහන නැවැත්වීමෙන් වළකින ලෙසටද අභ්‍යන්තර අමාත්‍යාංශය සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කර තිබේ.


අභ්‍යන්තර අමාත්‍යාංශ්‍ය විසින් නිකුත් කර ඇති රාමදාන් සමයේදී පිළිපැදිය යුතු උපදෙස්වලින් කොටසක් පහත දැක්වේ.


● ඉෆ්තාර් වේලාව තුළදී රිය පදවන විට අමතර සැලකිල්ලක් යොමු කළ යුතුය. අවසන් මොහොතේදී ඔබේ නිවෙසට හෝ ඉෆ්තාර් ස්ථානයට යාමෙන් වැළැකී හැකි තරම් වේලාසනින් එතැනට ළඟා වන්න.
● ඔබ වෙහෙසට පත්ව හෝ නිදිමත ගතියෙන් සිටියි නම් රිය පැදවීමෙන් වළකින්න. ඉන් ඔබේ ජීවිතය මෙන්ම අන් අයගේ ජීවිතද ආරක්ෂා වේවි.
● අන් රියැදුරන්, මාර්ගය පාවිච්චි කරන්නන් සහ ආරක්ෂක නිලධාරීන් සමග ඉවසීමෙන් සහ සහයෝගයෙන් වැඩ කරන්න. 
● මුස්ලිම් දේවස්ථාන අසල සහ වෙනත් පොදු ස්ථාන අසල වාහන තදබදයක් ඇති වන ලෙසින් සහ අන් අයට හිරිහැරයක් වන ලෙසින් අපරීක්ෂාකාරීව වාහන නැවැත්වීමෙන් වළකින්න.


ඉහත උපදෙස්වලට අමතරව සියලුම මාර්ග නීති සහ ආරක්ෂක උපදෙස් පිළිපැදිය යුතුය. 


ආසන පටි පළඳින්න, ජංගම දුරකථන පාවිච්චි කරන්න එපා, වේග සීමා පිළිපදින්න, නියමිත මංතීරුව අනුගමනය කරන්න, හරහට මාරුවන ස්ථානවලදී වේගය අඩු කරන්න. එසේම වාහන දෙකක් අතර ආරක්ෂාකාරී පරතරයක් තබාගන්න. “එසේම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වෙන්කොට ඇති ස්ථානවල වාහන නැවැත්වීමෙන් වළකින ලෙස මෙන්ම පැති මංතීරුවලදී වාහන පේළියෙන් පිටතට ධාවනය නොකරන ලෙසටද අපි ඔබට යළිත් මතක් කරනවා” යැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.



අදහස් (0)

ඉෆ්තාර් වේලාවේදී සිදුවන රිය අනතුරු ගණන ඉහළට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 121 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 521 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 1111 3

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 990 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 157 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 974 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38856 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site