
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීම පෞද්ගලීකරණය වීම නිසා ශ්‍රමිකයන් බොහෝ අසීරුතාවලට ලක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ඊශ්‍රායලයට කෘෂිකර්ම සහ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ඉතා වැදගත් විදේශ රැකියා වැඩසටහනක් ක්‍රියාත්මක වුණා.මේ මොහොත වන විට විදේශ රැකියා ක්ෂේත්‍රය බරපතල අර්බුදයකට මුහුණ දී සිටිනවා.
මෙය ආරම්භ වුණේ රාජ්‍යයන් අතර වැඩසටහනක් නිසයි.නමුත් අද මේ ක්ෂේත්‍රය පෞද්ගලීකරණය වෙලා.සමහර පෞද්ගලික විදේශ රැකියා ආයතන රජය වෙනුවට මෙම වගකීම ඉටුකිරීම බරපතල ප්‍රශ්නයක්.විදේශ ගත වන සෑම පුද්ගලයෙක්ටම අඩුගානේ ලක්ෂ 35ක් විතර වැය කරන්න සිදුවී තිබෙනවා.
අද පෞද්ගලික අංශයෙන් සියයට අනූ ගානක් විතර විදේශගත වන විට රජයෙන් යන්නේ සියයට හතක් විතර ප්‍රමාණයක්.පොලිස් වාර්තා ලබාගෙන 2000ක විතර පිරිසක් විදෙස් ගත වෙන්න බලාගෙන ඉන්නවා.පෞද්ගලික අංශ වලින් අය කරන ලක්ෂ ගාන වෙනුවට මේ අයට ලොතරැයි ඇදීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න.රජයන් අතර ක්‍රියාත්මක වන වැඩසටහනේදී ඊශ්‍රායලයට යන්න වැය වුණේ රුපියල් ලක්ෂ නවයක් පමණයි යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම සාධාරණ ලෙස සල්ලි ගත්තනම් හොඳයි.ඹබ ග තුමාගේ පණිවුඩය ගොඩාක් වැදගත්
හැම දේකම අඩුපාඩු වැරදිම දකින තමුන්ට බැරියැ හරියට වැඩක් කරළම පෙන්වන්ඩ.