IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඊශ්‍රායලයට රිද්දන්න ඉරානය ප්‍රමුඛ කණ්ඩායම් සූදානමින්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායලය හමාස් දේශපාලන අංශයේ නායක ඉස්මයිල් හනියේ ඝාතනය කිරීමට පිළිතුරු ලෙස හිස්බුල්ලා, හවුති, හමාස්, ජිහාඩ් සංවිධාන සහ ඉරානය එකතුවී ඉදිරි දින කීපයේදී ඊශ්‍රායලයට ප්‍රහාරයක් දියත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය  අද (02) වාර්තා කළේය.

ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ යුතු හොඳම සහ වැඩිම හානියක් කළ හැකි ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට ඉරාන රජයේ ඉහළ නිලධාරීන් ලෙබනනය, ඉරාකය සහ යේමනයේ සිය හිතවාදීන් ඊයේ (01) ටෙහෙරානයේදී මුණ ගැසී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

එම සාකච්ඡාව සඳහා හිස්බුල්ලා, හවුති, ඉස්ලාමීය ජිහාඩ් සහ හමාස් සංවිධාන මෙන්ම ඉරාක සන්නද්ධ කණ්ඩායම් වල ඉහළ පෙළේ සාමාජිකයන් සහභාගීවී ඇතැයි විදෙස් මාධ්‍ය පැවැසුවේය.

ඉරානය සිරියාවේ සිට ඩ්‍රෝන යානා යොදා ගනිමින් ගුවන් ප්‍රහාරයකට සූදානම් වන බවට එක්සත් රාජධානිය පදනම් කරගත් යුද නිරීක්ෂණ කණ්ඩායමක් අනතුරු අඟවා ඇති බවත් බොහෝ දුරට එම ප්‍රහාරය සිරියාවේ ඩමස්කස් නුවර සහ සිරියානු කාන්තාරවල සිට එල්ල වීමට ඉඩ තිබෙන බවට එම කණ්ඩායම අනතුරු අඟවා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එසේම  ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාරය  මැඩ පැවැත්වීමට ඇමෙරිකා භටයන් මැදිහත් නොවූවොත් ඔවුන් ඉලක්ක නොකරන ලෙස සියලුම සංවිධානවල සාමාජිකයන්ට අණ ලබාදී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.



අදහස් (8)

ඊශ්‍රායලයට රිද්දන්න ඉරානය ප්‍රමුඛ කණ්ඩායම් සූදානමින්

Rohana Saturday, 03 August 2024 07:58 AM

අවිබලයෙන් ජයගත් රටක් මෙලෝකයේම නැත. ඒ නිසා සාමකාමීව රටරටවල් අතර ගැටළු නිරාකරනය කරගැනීම වඩාත් යහපත්ය.

:       10       26

Ariyathilaka Saturday, 03 August 2024 01:25 PM

මැද පෙරදිග අවාසනාවන්ත ඉරණමකට ඇද වැටීම නියතයි. මැද පෙරදිග කලාපීය රටවල් ධන බලය හා ජීවන තත්වය රැඳී ඇත්තේ ප්‍රධාන කොට ම ඛණිජ තෙල් මතයි. ආහාර සුරක්ෂිත බව ඇත්තේ විදේශ රාජ්‍ය මතයි. එය ද මැද පෙරදිග කලාපීය රටවල් මත නොවේ. යුද අවි නිෂ්පාදනයට දායක වන්නේ ඉරානය සහ පාකිස්ථානය යන දෙරටය. ඉරානයේ යුද අවි නිෂ්පාදනය ද බොහෝ අමුද්‍රව්‍ය කලාපයෙන් බැහැර රටවලින් සපයා ගනී. මැද පෙරදිගට හිතවත් රටක් ලෙස සෘජුව ඇත්තේ ප්‍රබල රුසියාවයි. රුසියාවට යුක්‍රේනය සමඟ නො නවතින යුද්ධය හේතුවෙන් ඉරානයට යුද්ධමය වශයෙන් උපකාර කිරීමට ඉදිරිපත් වීම සැක සහිතයි. මේ අවස්ථාවේ යුක්‍රේනය සමඟ යුද වැදීම නවතා ගැනීමට රුසියාවට ද අවශ්‍ය බවක් පෙනේ. එසේ වුවොත් ඉරානයට සහ ඉරාන හිතවාදී රටවලට හිතකර බවක් උදාවීමට පුළුවන. රුසියාවේ යුද ආධාර සෘජුව සහ වක්‍රව ලැබීමෙන්. මේ අවස්ථාවේ නේටෝව ඇතුළු බටහිර රටවල් යුක්‍රේන යුද්ධය නවතා එයට ඉඩක් නො තබනවා ඇත. මැද පෙරදිග කලාපය ආහාර වලින් ස්වයංපෝෂිත නොවීමත් යුද අවි නිෂ්පාදනයෙන් දියුණුවක් නොවීමත් හේතුවෙන් ඉරානය ඇතුලු ඉරාන හිතවාදී රටවල් නියත ලෙස විනාශ වීම නොවැළැක්විය හැක. විශේෂයෙන් ම න්‍යෂ්ටික අවියකට ප්‍රමාණවත්...

:       2       5

Gamma Saturday, 03 August 2024 10:31 AM

සූදානම් වීම පහසුයි- සටන් කිරීම තමයි අමාරු.. ගුටි කද්දී ඒකරාශී වෙච්චි අය විසිරිලා යති...

:       0       6

War Critic Saturday, 03 August 2024 10:49 AM

කුමේනිට සිය ජීවිතයේදී තම ජනතාව සමග අනුභව කරන්නට ලැබෙන රසම රස බිරියානියත් සූදානම් වෙමින් පවතින බවට සැකයක් නැහැ.

:       0       13

Ariyathilaka Saturday, 03 August 2024 10:53 AM

මැද පෙරදිග අවාසනාවන්ත ඉරණමකට ඇද වැටීම නියතයි. මැද පෙරදිග කලාපීය රටවල් ධන බලය හා ජීවන තත්වය රැඳී ඇත්තේ ප්‍රධාන කොටම ඛණිජ තෙල් මතයි. ආහාර සුරක්ෂිත බව ඇත්තේ විදේශ රාජ්‍ය මතයි. එය ද මැද පෙරදිග කලාපීය රටවල් මත නොවේ. යුද අවි නිෂ්පාදනයට දායක වන්නේ ඉරානය සහ පාකිස්ථානය යන දෙරටයි. ඉරානයේ යුද අවි නිෂ්පාදනය ද බොහෝ අමුද්‍රව්‍ය කලාපයෙන් බැහැර රටවලින් සපයා ගනී. මැද පෙරදිගට හිතවත් රටක් ලෙස සෘජුව ඇත්තේ ප්‍රබල රුසියාවයි. රුසියාවට යුක්‍රේනය සමඟ නො නවතින යුද්ධය හේතුවෙන් ඉරානයට යුද්ධමය වශයෙන් උපකාර කිරීමට ඉදිරිපත් වීම සැක සහිතයි. මේ අවස්ථාවේ යුක්‍රේනය සමඟ යුද වැදීම නවතා ගැනීමට රුසියාවට ද අවශ්‍ය බවක් පෙනේ... එසේ වුවොත් ඉරානයට සහ ඉරාන හිතවාදී රටවලට හිතකර බවක් උදාවීමට පුළුවනි. රුසියාවේ යුද ආධාර සෘජුව සහ වක්‍රව ලැබීමෙන්. මේ අවස්ථාවේ නේටෝව ඇතුලු බටහිර රටවල් යුක්‍රේන යුද්ධය නවතා එයට ඉඩක් නො තබනවා ඇත. මැද පෙරදිග කලාපය ආහාර වලින් ස්වයංපෝෂිත නොවීමත් යුද අවි නිෂ්පාදනයෙන් දියුණුවක් නොවීමත් හේතුවෙන් ඉරානය ඇතුළු ඉරාන හිතවාදී රටවල් නියත ලෙස විනාශ වීම නොවැළැක්විය හැක. විශේෂයෙන්ම න්‍යෂ්ටික අවියකට ප්‍රමාණවත්...

:       2       3

Ariyathilaka Saturday, 03 August 2024 10:54 AM

යුරේනියම් බල ගන්වා ගැනීමට මත්තෙන් බටහිර රටවලින් ඉරානය බේරීමට නොහැකි වනු ඇත. සතුරු ප්‍රහාරයකදී වහා ගිනි ඇවිලෙන තෙල් ළිං හා ඉන්ධන ගබඩා සංකීරණ විනාශ වනු ඇත. ඒවා නැවත ප්‍රයෝජනය ගත නොහැකි ලෙස විනාශ වීමත් එමගින් ආර්ථිකය බලවත් ලෙස කඩා වැටීමෙන් ජනතාව මහත් ව්‍යවසනයට පත්වීම නොවැළැක්විය හැකිය. ඉරානයට සහ ඉරාන හිතවාදී රටවලට අත් වනුයේ කඳුලු සහ සෝ සුසුම් පමණක් වනු ඇත. කලාපයේ අනෙක්‍ රටවලට ද ඒ ආර්ථික කඩා වැටීමේ ඛේදවාචකය අත් විඳීමට සිදුවීම නියතයි.

:       1       8

මීගොන් තොපිSunday, 04 August 2024 02:44 AM

හොදම වැඩේ . ලංකාවට තෙල් නැති වී ගල් යුගේට යැවේවා. එවිට ලංකා පාර්ලිමේන්තුවේ 226 ම මරා දැමිය යුතුම නිසා නේටෝවට ජයවේවා. මාගේ පැතුම තුන්වෙනි ලෝක යුද්දය සරුවේවා. නැත්තටම නැතිවී ආපසු වැද්දෝ වේවා අපි කොහොමත් නිර්දන පන්තිය නිසා මහ ධනේශ්වර පාර්ලිමේන්තුවේ අධිකරනයේ, පොලිසියේ, ත්‍රිවිද බල හමුදාවේ සියලුම ලොකු ජුන්ටාරෙජීම වැනසේවා. තුවක්කු, වැදිගෙවල් වැඩිවේවා කොහොමද රනිලා මැරෙන්න කලින් ඌ කොල අතු ඇන්දාම. උගේ නපුන්සකකම ලංකාවේ කාටත් පේන්න කොල අතු අයින්කර ඌවගාලු මුව දොර එල්ලනවාමයි

:       1       0

මොහාන් Saturday, 03 August 2024 05:37 PM

ඔය ඉරානය කියන අය තමයි ත්‍රස්තවාදීන්ට මුදල් දෙන්නේ, ඔවුන්ව විනාශ කරලා දාන්නම ඕනෑ...

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 298 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 76 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1330 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 9117 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 4375 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 352 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 29504 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23636 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 133 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 412 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site