උතුරු පළාත් සභාවේ ලබන සැප්තැම්බරයේ පැවැත්විමට රජය තීරණය කරන්නේ නම් ඊට පෙර පොලිස් බලතල ඉවත් කර පළාත් සභා කිහිපයක් ඒකාබද්ධ කිරීමේ බලතල නැති කළ යුතුයි ජාතික පෙරමුණු නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසිය.
එසේ නොවේ නම් ඊළම නැවත මතු වෙතියිද ඔහු පැවසීය.
ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඊළමට පාර කපන්න එපා
මර්සි ලංකා Tuesday, 18 June 2013 01:24 AM
විමල් වීරවංස ඇමති බොරු සද්දයක් දාන්නේ. මේවා එයාට පාර්ලිමේන්තුවේ හෝ මැති ඇමති සාකච්ඡා වලදී කතා කර විසඳගන්න පුළුවන්. මෙය දවල් මිගෙල් රෑ ඩැනියෙල් නාට්‍ය රංගනය කරනවා. මේ අය තමා රට කෑවේ. දැන් ඇමති කමට මුක්කු ගහන් ඉන්නේ. ජනාදිපති තුමා මෙයා ගැන හොඳට දන්නවා. මොකද මෙයා එලියට යන්නේ නැත්තේ ආණ්ඩුවෙන්?(නදී)
උදය Tuesday, 18 June 2013 10:12 AM
ලංකාවේ දේශපාලුවෝ අරක මේක කිය කියා කෑ ගහනවා, යුරෝපයේ කොටියෝ එකතු වෙලා ඊළම හදන්න සැළසුම් හදනවා. කවදා හරි ලංකාවේ අපේ සිංහලයට යන එන මං නැති වෙනවා. (නි)
අනිල් Tuesday, 18 June 2013 01:39 AM
ගාමිණි හරි. ඇමතිතුමා කියන කාරණාවත් හරි. බලදාරියෝ දුරදිග බලා තීරණ ගනිත්වා! (නි)
ෂෙරිෆ් Tuesday, 18 June 2013 01:46 AM
ගාමිණී-සිරි අයියගේ කටේ දාන්න ඕනේ සීනී ඇත්ත කිව්වට, කෝටියයි,ජේ.වී.පී. කාරයෝ එකතුවෙලා හෙලදෙරණට කරපු කොඩිවිනය තමයි තවම කපන්න බැරි වුනේ, කරන මගුලක් කරන්න නමුත් උතුරේ පොලිස් බලතල ඉවත් නොකළ යුතුයි.(නදී)
මිනිපේ Tuesday, 18 June 2013 01:52 AM
ඊළමට, පළාත් සභා ඕනේ නැ. ඒගොල්ලන්ට ප්‍රජාතාන්ත්‍රිකව බලය අවශ්‍ය නැහැ. එතකොට පිටරට ඉන්න අහිංසක දෙමල ජනතාවගෙන් සල්ලි එකතුකරන්න බැහැ.(නදී)
කුමාරි Tuesday, 18 June 2013 10:35 AM
එකම ධජයක්,එකම රටක්,ලක් මාතාවගේ අපි ඔක්කොම දරුවෝ.ආගම් ජාති බේද වලින් වැඩක් නැහැ.එක දවසක මිනිසුන් වසයෙන් අපි හැමෝම මැරෙනවා.මතු උපදින අයටවත් සාමයෙන් සමගියෙන් ජීවත් වෙන්න හැකි රටක් ඉතිරි කර මැරෙන්න.කරුණාකර වෛරය වපුරන්න එපා. (නි)
රොෂා සෞදි Tuesday, 18 June 2013 10:36 AM
ෂෙරිෆ් ,පළාත සබාවට මොකටද පොලිස් බලතල? එයාලගේ පළාත දියුණු කරන්න තියෙන අනිත් බලතල හොදටෝම ඇති. සමහර අය අදහස් දක්වලා තියෙන්නේ වීරවංස ගැන තියෙන අප්‍රසාදය නිසා. එහෙත් එයා කියන කතාව හරි. එයාලා සන්නද්ධ අරගලයෙන් ගන්න බැරුව ගිය ඊළම වෙනත් ආකාරයකින් ගන්න හදනවා (නි)
වාසනා Tuesday, 18 June 2013 10:45 AM
මමත් හිතනවා ඒ කතාව හරිඋ කියලා (දී)
සමන් Tuesday, 18 June 2013 03:03 PM
ඔය කතාව ජනතාවට කියලා වැඩක් නැහැ නේ. ජනතාවට දැන් කරන්න කිසිම දෙයක් නැහැ (නි)
මාලනී Tuesday, 18 June 2013 11:23 AM
විමල් මහත්තයා සතියකට කලින් කිව්වේ ආණ්ඩුවෙන් අයින් වෙනවා කියලනේ. දැන් සැර බාල කරල වගේ. (දී)
සම්පත් Tuesday, 18 June 2013 11:32 AM
බොරුවට හරි, ඇත්තට හරි විමල් ඇමතිතුමා කියන්නේ විය යුතුම දේ. පළාත් සභාවකට පොලිස් සහ ඉඩම් බලතල ඕනෑ නැහැ. එහෙම වුනොත් ඒ පළාතේ ජීවත්වෙන සිංහල සහ මුස්ලිම් සුළුතරයට අසාධාරණයක් වෙනවා. (නි)
නිශාන්ත Tuesday, 18 June 2013 07:30 AM
සහතික ඇත්ත
රන්ජනී ලන්ඩන් Tuesday, 18 June 2013 01:18 PM
සෑම දෙමළ අයකුටම ඊළාම් සිහිනය හිත්වල තියෙනවා. ඒ ගැන දෙකක් නැහැ.වගකීම ජනාධිපතිතුමා සතු දෙයක්.පොලිස් බලතල ඉවත් කිරීම වැරදි අදහසක් කියලා මගේ හැගීම. (නි)
බණ්ඩාර Tuesday, 18 June 2013 04:59 PM
ඇමතිතුමා හරි. පළාත් සබා නිසා රටම විනාශයි. පාසල්, පොලිසි ,පන්සල් පවා අද විනාශ වෙලා.ජාතියම නැතිකරන පළාත් සබා අහෝසිකරන්න ඔබ තුමා පෙරමුන ගන්න.(නි)
ගාමිණී-සිරි Monday, 17 June 2013 11:10 PM
ශ්‍රී ලංකාව වසර 30ක් ආපස්සට ඇද්දේ ඊළාම් සහ ජේ.වී.පී. කාරයෝය. අපේ අයට සතියකින් ,දෙකකින්, සේරම අමතකයි. රටේ සෑම පළාත් සභාවකම බලතල ජනාධිපති තුමා ගේ අණසක පරිදි පරිපාලනය නිර්මාණ වියයුතුයි. රටේ අනෙකුත් පළාත් සභා විධියට මේවාත් පාලනය කිරීම ජනාධිපති තුමාගේ බලතල වලට අයිති දෙයක්.(නදී)
පෙරේරා Tuesday, 18 June 2013 01:26 PM
සමහර ප්‍රතිචාර දැක්කම මේ මිනිස්සුන්ට මොකට මේ රට නිදහස් කරලා දුන්නද කියලා හිතෙනවා. (නි)
දිසානායක Tuesday, 18 June 2013 05:21 PM
ඊලමට පහර කපන්න එපා. දෙමල ඩයස් පෝරාවට ලංකාවේ සිටින වටිනාම පුද්ගලයා ඔබතුමා. ජාතින් අතර අසමගිය ඇතිකර මහ ජාතියේ ඡන්ද ටික සාක්කුවේ දාගන්න හදන්න එපා. හැමදාමත් උනේ ඕකයි. දෙමල සන්දනයත් කරන්නේ ඕකයි. ඔබතුමා නොදන්න කිරි සප්පයෙක්ද මේක.(නදී)
කැනඩා දිසා Tuesday, 18 June 2013 09:25 AM
මෙයා කියනදේත් ඇත්තක් තියනවා ,නමුත් මේ අසවලාගේ ගෝපියෝ.(අ)
ජයනාත් කුලතුංග Tuesday, 18 June 2013 09:23 AM
සියලු පළාත් සභාවල ඇති බලතල අයින් කර සියලු බලතල මධ්යnම ආණ්ඩුව සතු විය යුතුයි.
පද්මිණි Tuesday, 18 June 2013 05:23 PM
බෙරිහන් දෙන්ට ඕනෑ නැහැනේ, ඔය පාර්ලිමන්ට් එකට ගැහැනියක් පිරිමියෙක් කරන්න විතරනේ බැරි. ඔතනින්ම ඔය ප්‍රශ්නේ විසදන්නකෝ. හරියට අපි පාර කපලා වගේනේ කතාව! (නි)
රන්ජන් Tuesday, 18 June 2013 09:48 AM
මේ මහත්තයා හරියටම හරි (දී)
දාස Tuesday, 18 June 2013 12:56 AM
ඊළම අවොත් කොච්චර එකක්ද අපටත් පුළුවනි ඔයාලට හම්බ නොකර එහෙ ගිහින් හරි හම්බ කරන දෙයින් කාල ඇඳලා නීතියක් තියෙන රටක සැනසිල්ලේ ජීවත් වෙන්න. (අ)