ශ්‍රී ලංකාවේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ මුලින්ම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් යුරෝපා සංගම් පාර්ලිමේන්තුව යොජනාවක් එකමතිකව සම්මත් කර ගෙන ඇතැයි බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
එම යෝජනාව සම්මත කර ගනු ලැබු අවස්ථාවේදී යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු ලංකාවේ යුද්ධය අවසන් කිරීමෙන් පසුව ප්‍රථම වරට උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳවද ඇගයුමට ලක් කළ බවද වාර්තාවේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගනු ලැබු යෝජනාව මගින් එරට සිදු වී ඇතැයි කියන සිද්ධින් සම්බන්ධයෙන් විශ්වාසනීය පරීක්ෂණ පැවැත්වීම උතුරේ අධි ආරක්ෂිත කළාප ඉවත් කිරීම ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතුව ඇතැයි යුරෝපා සංගම් පාර්ලිමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ කොමිසම පත් කරගත්තේ ? (නදී)
මේ කොමිසම කියන්නේ අපේ එකක්. ඔක්කොම කල යුතුයි කියල තියෙන්නේ කොයි ලෝකෙද? (නදී)
අපි නොදැන හිටියට අපේ රටත් යුරෝපා සංගමේ සාමාජිකයෙක්නේ බැලුවම.(නදී)
මේ යුරෝපා කොමසමේ කට්ටියටත් වෙන වැඩ නැහැනෙ. වෙන රටවල්වල කේස් වලට හොට නොදා. තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නෙ නැතුව. යුරෝපා කොමිසමේම කොච්චර බංකොලොත් රටවල් තියෙනවද ගොඩගන්න. මෙයාල තුන්වන ලෝකෙ රටවල් වල අයට වෙනස්කම් කරන්නෙ හීන් නූලෙන්. ඕන තරම් උදාහරන තියෙනවා. මම ඉන්නෙත් යුරෝපෙ තමයි, ඒත් ඇත්ත කියන්න ඕනා.(නදී)
ඉතින් ඉන්ටකො, මොකද ඔය හැටි කලබලේ.(නදී)
යුරෝපා සංගමය අපේ දේශප්‍රේමී ජනතාව ගැන දන්නේ නැහැ. තව ටිකකින් බලන්නකෝ ඕගොල්ලන්ගේ අම්මා මුත්තා මතක් කර දෙන හැටි.(නදී)
බොහොම ප්‍රවේශමෙන් කල්පනාකාරීව තීරණ ගතයුතුයි. නොයෙක් ආකාරයේ විදේශ බලපෑම් විශාල ලෙස ඇතිවිය හැකියි. යුරොපයේ අයට ලංකාවෙ අභි වෘද්ධියක් අවශ්‍ය නැහැ. (නදී)
උගත් පාඩම් කොමිසමේ තීන්දු ක්‍රියාත්මක කරනවද නැද්ද යන්න තීරණය කල යුත්තේ ලංකාවය. (නදී)
උගත් පාඩම් කොමිසම ඇති කළේ ලංකා ආණ්ඩුව. යුරෝපා කොමිසමට ඇති රුදාව මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. ඉරාකයේ තාමත් බෝම්බ පිපිරෙනවා. බුෂ් උන්නෙහෙ , එංගලන්ත සුද්දා ඒ රට විනාශ කලා. යුරෝපා සංගමය ඇහෙක් ඇරලා බලනවද ? (නදී)
අපේ රටේ අපි වැඩ කරන්න ඕනේ අපිට ඕන විදිහට මිසක් ලෝකේ අනිත් අයට උවමනා විදිහට නොවෙයි.(නදී)
අනේ මන්ද මේ කියනා ඒවා අපේ අයත් කරාවිද කියලා . රටේ නම යන්නේ හොඳ පැත්තට නොවන බව පේනවා . මත් කුඩු හොර මැර කමට අන්තයට ගොස්ය. (නදී)
ඔහොම සැර කරලා කියන්ට එපා. අපි මේ ඒකනේ අනේ කරන්ට තනන්නේ.(නදී)
අපොයි අපේ ඇගලුම් අපනයන වලට යන කළ. මේක භයානක පුර්වාදර්ශයක්.(නදී)
ඇමරිකාව ලබන වසරේ ආර්ථික සම්බාධක පනවන්න යෝජනාවක් ගෙනෙන්න හදනවා කියා ආරංචි වුණා. ඒක සත්‍යයක්ද? (නි)
අපේ රටේ තිබිය යුතු ආරක්ෂිත කලාප මොනවාද කියා තීරණය කළ යුත්තේ අපිම නොවේද? (නි)
යුද්ධයෙන් පසු අපේ රටේ ඇතිවී තිබෙන සංහිඳියාව දරා ගන්න බැරි සමහර කුහක රටවල් සැහෙන කාලෙක සිට අපට නැගී සිටින්නට ඉඩ නොදී නැවත රට අස්ථාවර කිරිමටයි සුදානම. මෙවැනි පනත් සම්මත කරන අයගේ පරමාර්ථය රට දෙකඩ කිරීමයි. වීරෝදාර රණවිරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් දිනා දුන් රට ආපසු හැරවීමට ඉඩ නොතැබිය යුතුයි.(නදී)
කවද ඉදන්ද අපි යුරෝපා සංගමයේ සාමාජිකයෙක් උනේ. (නදී)