රාජ්‍ය උගස් හා අයෝන බැංකුවේ හිටපු මහ කළමණාකරු ඩබ්ලිව් එම් දයාසිංහ ට රටින් පිටවීම වළක්වන ලෙස කොළඹ කොටුව මහේත්‍රාත් තිළිණ ගමගේ මහතා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
2010 ඔක්තෝබර් 15 සිට 2013 කාලයේදී රුපියල් හැටඅට ලක්ෂයක මහජන මුදල් අයථා පරිහරණය කළැයි බැංකුවේ සහකාර මහ කළමණාකරු රහස් පොලීසියට පැමිණිළි කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් පුදුම බැංකුවක්.දන්නා කෙනෙකුට යන්න දෙන්න හොද නැහැ. (නි)
ලක්ෂ 60 ලොකු හොරකමක් නෙමෙයි අද කරන හොරකම් වල හැටියට (නි)
ඔන්න දැන් වංචාකාරයෙක් අහුවෙලා (නි)
නඩු ගිහින් කවදා ගොඩ එන්නද අපි? අනික් රටවල මේවා සිද්ධ වෙන්නේ නැද්ද? ඕනෑ තරම් සිද්ධ වෙනවා. නමුත් ලොකු වෙනසක් තිබෙනවා. ඒ රටවල තනතුරක් දරන පුද්ගලයට වඩා 'සම්මත ක්‍රියාදාමයන් හා පද්ධතීන්' බලවත්. ඒ නිසා වංචා එළිවෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. අපේ රටේ 'පුද්ගලයා' තමයි බලවත්. ඒ නිසා ක්‍රියාපද්ධති අක්‍රිය කරලා තමන්ගේ වංචා වහගන්න තිබෙන ඉඩකඩ වැඩියි. හැමදාම පෙන්නලා දෙන්නේ ඕකනේ. කෝ, කවුද පිළිපදින්නේ? (නි)
ඔය බැංකුවේ වැඩියෙන්ම හොරකම් කරන්නේ කවුද කියලා අපි දන්නවා. ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ (නි)
ලක්ෂ 60 ටත් මේ වගේ සීරියස් ඇක්ෂන් ගන්නවා නම් මේ බැංකුවෙම තමයි සල්ලි දාන්න ඕන (..විහිලුවට කිවුනෙ ඈ..) (ස)
ම්ම් අපි රට ඉඳලා අමාරුවෙන් එවන සල්ලි වලට තමයි වැඩේ දෙන්නේ එහෙනම්. (ස)