උතුරේ නැවත පදිංචි කිරීම් සම්පූර්ණ කරමින් ලබන අගෝස්තු 15 වැනිදා වන විට යාපනය දිස්ත්‍රීක්කයේ සියලුම අවතැන් කඳවුරු ඉවත්කිරීමට රජය සැලසුම් කර ඇතැයි ඉන්දියාවේ පළවන ද හින්දු පුවත්පත කියයි.
අවතැන් කඳවුරු 31ක පවුල් 971 මෙලෙස අවසාන වශයෙන් නැවත පදිංචි කිරීමට කටයුතු යොදා ඇති බව එම පත්‍රය කියයි. රජයේ හමුදා සහාය ඇතිව පලෙයි හා කන්කසන්තුරෙයි ප්‍රදේශවල නිවාස 204ක් ඉදිකිරීමට කටයුතු යොදා ඇත.
එසේ වුවද නැවත පදිංචි කිරීම් හා බන්ධනාගාර අමාත්‍ය අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් පවසා ඇත්තේ අවතැන් කඳවුරු මුළුමනින්ම ඉවත්කර නැවත පදිංචි කිරීම් සම්පූර්ණ කිරීමට කාල රාමුවක් නැතත් හැකි ඉක්මනින් එම කටයුතු නිමා කිරීම රජයේ අපේක්ෂාව බවයි.
නිවාස ඒකකයකට මිලියනය බැගින් නිවාස 204ක් සෑදීම සඳහා රු.මිලියන 971ක මුදලක් වෙන්කරලීමේ කැබිනට් පත්‍රිකාවට පසුගිය බදාදා දිනයේ කැබිනට් අනුමැතිය හිමිවූ බවද එහි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවාස ඒකකයකට මිලියනය බැගින් නිවාස 204ක් සෑදීම සඳහා වැයවෙන්නේ මිලියන 204යි. නමුත් කැබිනට් පත්‍රිකාවෙන් මිලියන 971 වෙන්කළා කියලා කියන කතාව මොකක්ද එතකොට? (නි)
ඉන්දියාවේ හින්දු පත්තරේ පළවෙන්නත් ලංකාවේ පත්තරයක පළනොවෙන්නත් හේතුව හිතාගත හැකියි. එතකොට හමුදා කඳවුරු වලට මොකද වෙන්නේ? (නි)
අපි කාගෙවත් ප්‍රාන්තයක් නොවේ. නේද?(හේ)
අනේ මන්දා අපි ඉතින් මොනවා කියලා කියන්නද? කරන්නද?