
උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, නිල සංචාරයක් ආරම්භ කරමින් අසල්වැසි චීනයට පැමිණියේය.
පසුගිය දා උතුරු කොරියාව සහ චීනය අතර 'යාලු ගංගා' නමැති ගංගාව හරහා නව පාලමක් ඉදි කෙරුණි. මාධ්ය වාර්තා කළේ, නායක කිම් ජොන් උන් සහ ඔහුගේ නියෝජිතයන්, මෙම පාලම හරහා චීනයේ ඩැන්ඩොං නගරයට පැමිණි බවය.
උතුරු කොරියාවේ න්යෂ්ටික සහ මිසයිල වැඩසටහන බටහිර රටවල නොසතුටට හේතුවක් බැවින්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් උතුරු කොරියාවට සම්බාධක පනවා ඇත.
එම සම්බාධක මධ්යයේ උතුරු කොරියාවේ හිතවතා සහ සමීපතම අසල්වැසියා වන්නේ චීනයයි. චීන ජනාධිපති ෂී ජින්පින් සහ නායක කිම් ජොන් උන් අතරේ සමීප සබදතා පවතී. එම සබදතා තවත් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බව පැවැසෙයි.
කිම් ජොන් උන් අවසන් වරට, චීනයේ සංචාරය කළේ පසුගිය 2025 සැප්තැම්බර් මාසයේය. චීන ජනාධිපතිවරයා, මෙම වසරේ ජූනි මාසයේ උතුරු කොරියාවේ නිල සංචාරයක නියැලුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd