
(සුජිත් හේවාජුලිගේ)
පසුගිය වසර දෙකේදී මත්ද්රව්ය වැටලීම් 588100ක් සිදු කර ඒවාට සම්බන්ධ විවිධ තරාතිරම්වල 586824ක් අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා ලංකාදීපයට පැවසීය.
මේ පිරිස අතර වයස 21ට අඩු 11737ක් සිටින බවද ඔහු කීය.
රට පුරා පොලිස් ස්ථාන මගින් මෙන්ම විශේෂ මෙහෙයුම් මගින් මෙම වැටලීම් සිදු කෙරිණ.
ජාතික ජන බලවේග රජය සිය පාලන කාලයේදී රටේ මත්ද්රව්ය තුරන් කිරීමට සුවිශේෂ කැපවීමක් කරන බවත් ඒ සඳහා පොලිස් ස්ථානවලට අවශ්ය පහසුකම් ලබාදීමට සූදානම් බවත් අමාත්යවරයා කීවේය.
පාසල් දරුවන් මත්ද්රව්ය වලට ගොදුරු වීම වැළැක්වීමටද විශේෂ පියවර රැසක් ගෙන ඇතැයි ඔහු ප්රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd