IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘උතුරේ ජනතාව බෙදුම්වාදය වෙනුවට සංවර්ධනය තෝරාගෙන තියෙනවා’

(විනීතා එම් ගමගේ)

 

විග්නේෂ්වරන් මන්ත්‍රීවරයාගේ අන්තවාදය ප්‍රතික්ෂේප කර ඇති උතුරේ ජනතාව බෙදුම්වාදය වෙනුවට සංවර්ධනය තෝරාගෙන ඇතැයි එහි ඡන්ද ප්‍රතිඵලයෙන් පෙනී යන බව පිවිතුරු හෙළ උරුමය නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

එසේ තිබියදී භයානක ප්‍රකාශ කරමින් බොරු වැළක් කියමින් විග්නේෂ්වරන් මහතා යළි දෙමළ ජනතාව දිනාගන්නට සැරසෙතැයි ද එසේ වුවත් ජනතාව ඒවා පිළිගන්නට සූදානමක් නැතැයි ද ගම්මන්පිල මහතා කීය.

ඔහුගේ ප්‍රකාශවලට විරෝධය පෑමෙන් ඒවා බොරු බව ඔප්පු වන්නේ නැතැයි ද එසේ ඔප්පු කිරීම සඳහා තමන් සමඟ විවාදයකට පැමිණෙන්නැයි විග්නේෂ්වරන් මන්ත්‍රීවරයාට අභියෝග කරන්නේ යැයි ද හෙතෙම කියා සිටියේය.

නව පාර්ලිමේන්තුව විවෘත කරන දවසේ විග්නේෂ්වරන් කී බොරු අතරින් වඩාත්ම භයානක බොරුව වන්නේ ලංකාවේ මුල් පදිංචි කරුවන් දෙමළ ජනතාව යැයි කීම බවත් එය කිසිදු පුරා විද්‍යාත්මක හෝ ඉතිහාසගත සාක්ෂියක් නොමැති බවත් කී ගම්මන්පිල මහතා ලාංකික දෙමළ ජනතාව ගැන කියැවෙන පළමු ලිඛිත සාක්ෂිය වන්නේ ලන්දේසි යුගයේ රචිත යාල්පානම් වෛපමාලෙයි නමැති කෘතිය යැයි ද කීය.

ලොව පැරණිතම සජීවී භාෂාව දෙමළ යැයි ඔහු කියන නමුත් දෙමළ භාෂාව බිහිවූයේ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ වන අතර චීන අරාබි ග්‍රීක හා බාස්ක් වැනි භාෂා ඊට බොහෝ පැරණි බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආරක්ෂක අමාත්‍යංශය ජනාධිපති යටතේ තබා ගැනීමට නොහැකි යැයි තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා කී කථාව මුසාවක් බවයි. ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමැති වෙන්නට නොහැකි යැයි එම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ කොතැනක දැයි තමන්ට පෙන්වන මෙන් ද ගම්මන්පිල මහතා ඉල්ලා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ) වගන්තිය අනුව ආරක්ෂාව ඇතුළු ජනතාව විධායක බලය ජනාධිපති විසින් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ වගන්තිය අනුව ආරක්ෂක ඇමැති ධූරය වෙනත් ඇමැතිවරයකුට පවරන්නේ නැතිව ජනාධිපතිම රඳවා ගත යුතු බවත් සඳහන් 2003 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් පවතින්නේ යැයි ද ඔහු කියා සිටියේය.

එමෙන්ම 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ව්‍යවස්ථාවේ හතරවන වගන්තිය වෙනස් කර නැතැයි ද එය වෙනස් නොකර ආරක්ෂක අමාත්‍යංශ්‍ය වෙනත් ඇමැතිවරයකුට පැවරිය නොහැකි යැයි ද කී අමාත්‍යවරයා එකී වගන්තිය සංශෝධනය කරන්නට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකගේ අනුමැතියට අමතරව ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇතැයි ද පෙන්වා දුන්නේය.

ඒ අනුව බලද්දී තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා කියන පරිදි 19 වන සංශෝධනය නිසා ජනාධිපතිට ආරක්ෂක ඇමැති ධූරය දැරිය නොහැකි නම් එම සංශෝධනය අහෝසි කිරීමට එයම ප්‍රමාණවත් වන්නේ යැයි ද පැවැසීය.

කෙසේ වෙතත් 19 වන සංශෝධනය වෙනුවෙන් පෙනී සිටි පක්ෂ හා පුද්ගලයන්ට මෙවර මහ මැතිවරනණයේ දී ජනතාව අත් කළ ඉරණම සියලු දෙනාට පෙනී යන්නේ යැයි ද කීය. 

19 වන සශෝධනය අහෝසි කරන්නේ කවදාදැයි එහිදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගම්මන්පිල මහතා කියා සිටියේ මෙවර මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක බලය ඉල්ලා සිටියේ ඒ සඳහාම බවයි.

19 වන සංශෝධනයේ ඇති සාධනීය ලක්ෂණ රැකගෙන එය සංශෝධනය කරන බවත් පසුව එය අහෝසි වන පරිදි නවතම ව්‍යවස්ථාවක් ගෙන ඒම දිගුකාලීන  පියවරක් සේ සිදුවනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

කෙටියෙන් කිවහොත් ඇඳුමට දමා ඇති 19 වන අණ්ඩය ගලවා 20 වැන්න දමා කමිසය අඳින ගමන් අලුත් කමිසයක් ගෙන ඒම නව රජයේ බලාපොරොත්තුව යැයි ද ගම්මන්පිල මහතා කීය.

එහිදී විපක්ෂයේ අදහස් ද ගෙන සම්මුතියෙන් තීරණයක් ගත හැකි නම් හොඳ බවත් එසේ නොමැතිව සම්මත කර ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා ද බහුතරය තමන් සතු බවත් කී අමාත්‍යවරයා ඒ සමගම 2019 මැයි 7 වැනිදා තමන් ජනතාවට පොරොන්දු වූ පරිදි රිෂාඞ් බදුර්දීන් සිටින ආණ්ඩුවක තමන් නොරැඳෙන බවත් ඒ බව තමන් සහ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ලිඛිතව සඳහන් කර ඇති බවත් සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක සහ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරළගේ යන මහත්වරු ද අදහස් දැක්වූහ.  

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (2)

‘උතුරේ ජනතාව බෙදුම්වාදය වෙනුවට සංවර්ධනය තෝරාගෙන තියෙනවා’

Champa Tuesday, 25 August 2020 12:49 PM

ඔන්න කාඩ්බෝඩ් සිංහල දේශප්‍රේමීන්... විග්නේශ්වරන්ට පාර්ලිමේන්තුව ඇතුලේ උත්තර දෙන්න කොන්දක් නැහැ. හේතුව විග්නේශ්වරන්ට පාර්ලිමේන්තු එන්න පාර හැදුවේ පොහොට්ටුව නිසා වෙන්න ඕනේ. කොහොමටත් ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා කියපු සිංහල, බෞද්ධ දේශප්‍රේමය මහ මැතිවරණයේදී තිබ්බේ නැහැ. හේතුව ඡන්දය ගැන වෙන වැඩ පිළිවෙලක් තිබ්බ නිසා. පාර්ලිමේන්තුව ඇතුලේ විග්නේශ්වරන්ට විරුද්ධව වචනයක් කියන්න කොන්දක් තිබ්බෙ නැති කාඩ්බෝඩ් වීරයින් එළියට ඇවිල්ලා මරහඬ දෙනවා. දේශපාලනයේ ප්‍රවීණයන් වෙච්ච කථානායක, සභානායක, අගමැති, කැබිනට් ඇමතිවරු සියල්ලෝම විග්නේශ්වරන්ට බයේ කට වහන් උන්නු හැටි නම් ලැජ්ජයි. ඩීල් එක මොකක්ද දන්නේ නැහැ. අලුත් ප්‍රභාකරන් කෙනෙක් හදලා දෙන එකද?

:       0       16

de silva Wednesday, 26 August 2020 05:43 AM

චම්පාගේ අදහස් මමත් අනුමත කරමි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 445 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 999 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1067 1

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1273 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 2025 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 1155 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 429 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1918 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site