IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


උතුරේ දරුවන්ට කොටි පුහුණුව දීලා

කොටි ළමා පුහුණු කඳවුරු උපදේශිකාවක්   උතුරු නැගෙනහිර කොටි සංවිධානයේ ළමා පුහුණු කඳවුරුවලට   දරුවන් තෝරාගත් සහ ළමා සොල්දාදුවන් පුහුණු කළ තිදරු මවක්    ඕස්ටේ‍්‍රලියානු සරණාගත කඳවුරකට අවුත්  දේශපාලන රැකවරණය ඉල්ලා   සිටින්නීය.

තමන් කොටි සංවිධානයේ ළමා පුහුණු කඳවුරුවල සේවය  කළ බවට පාපෝච්චාරණය කරමින්  ඕස්ටේ‍්‍රලියාවේ සරණාගත රැකවරණය   අයඳුම්කළද, එය කිහිප වරක්ම  ඕස්ටේ‍්‍රලියානු බළධරයන් විසින් ප‍්‍රතික්‍ෂ්පකර   ඇති බව වාර්තා වන්නේය.

ඇගේ මෙම ප‍්‍රකාශය අසත්‍යයක් බව කොටි හිතවාදීන් පෙන්වා දීමට උත්සහ කරති.

කොටි සංවිධානයේ හිටපු  දේශපාළන නායක තමිල් සෙල්වම් බටහිර මාධ්‍යයට එකළ පවසා සිටියේ   ළමා පුහුණු කඳවුරු ගැන තමන් නොදන්නා බවත් එය ශ‍්‍රී ලංකා රජයෙන්   එල්ටිටීඊ සංවිධානට එරෙහිව ගෙනෙන අවලාද බවත්ය.

පසුගිය සතියේ සිට   මෙම ළමා සොල්දාදු උපදේශිකාවගේ දරුවන් පාසල වෙත රැගෙනයන දිවා   ආහාර බහාලූම් පවා සරණාගත කඳවුරු  ආරක්‍ෂකයින් විසින් පරික්‍ෂාවට   ලක් කරණ බවද වාර්තාවන්නේය.    



අදහස් (0)

උතුරේ දරුවන්ට කොටි පුහුණුව දීලා

රන්ජි Thursday, 24 October 2013 09:53 PM

කවුරු මොනවා කිවුවත් අපි කියන දේ ලෝකයා ගණන්ගන්නේ නැහැනේ (නි)

:       0       0

කුමාරි Thursday, 24 October 2013 09:56 PM

කෙමනෙන් බැරිනම් හබකෙන් කියලා ඔය අපේ රටට විරුද්ධව සිනමා සංදර්ශන එහෙම තියන අයගේ ඇත්ත තත්වයත් මේ වගේ දවසක ලොවටම එළිවෙනවා.පිල්ලේ නෝනට දුරකථන ඇමතුමක් දෙන්න.දැන් මොකද කියන්නේ අහලා. (නි)

:       0       0

බන්ඩාර Friday, 25 October 2013 12:32 PM

චමින්දට ඉන්දියාව කීයක් ගෙවනවද ? ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවට .ඕස්ට්‍රේලියාවේ ගොඩක් සිංහලයෝ ඉන්නවා. සල්ලිවලට කහින අය.එයාල බොරුවට සිංහල කොඩිය ගත්තට යටින් ඉන්දියාවට උදව් කරනවා. (ස)

:       0       0

මන්සිල් නෙදර්ලන්තය Thursday, 24 October 2013 10:02 PM

මා දන්නා සිංහල අයද මෙහි සිටිනවා කොටින්ට රැකවරණ දුන් නිසා ලංකාවේ සිටියහොත් මරනවා යැයි කියා සරණාගත විසා ලබා ගත් (නි)

:       0       0

චමින්ද Friday, 25 October 2013 01:32 PM

කේ එච් ආර් කේ දිසානායක ඔහේ මොන රටේද ජීවත් වෙන්නේ කියලා මම දන්නේ නැහැ. ඔහේ ජීවත් වන රටේ ආරක්ෂක අන්සවලට ළමයිගේ කෑම පෙට්ටි පරීක්ෂා කරන්න පුළුවන් ඇති. ඒත් මේ රටේ ඒ සෙල්ලන් හරියන්නේ නැහැ. ලාල් සිඩ්නි ඔහෙටයි මේ කියන්නේ, කව්ද හොලෝ මෙතන රෙදි වැලක් ගැන කතා කලේ? කොහෙද යන්නේ මල්ලේ පොල් කියන්නේ ඕවටයි. මීට පස්සෙවත් මත්තෘකාව කියවල අදහස් ප්‍රකාස කරන්න ඉගෙන ගන්න(නදී)

:       0       0

පිටිගල මිලානෝ Friday, 25 October 2013 01:41 PM

ඕස්ට්‍රේලියාවේ ඉන්න සිංහල අය වැඩි හරියක් දෙකට දෙපැත්තට ඉන්නේ. කොටි ත්‍රස්තවාදයට එරෙහිව ඒගොල්ලෝ ලොකු හඬක් නැගුවේ නැහැ. චන්ද්‍රා, ඕස්ට්‍රේලියාවේ හොරු ආසියානු කාරයෝ නම් ඔයත් හොරකමේ යනවද? නැහැ, ඕස්ට්‍රේලියන් කාරයෝ අමු හොරු. ඒ ටී එම් මැෂින් අසල හැංගිලා ඉඳල වයසක කෙනෙක් මුදල් ගත්ත ගමන් ඔලුවට පොල්ලකින් ගහල සල්ලි අරන් පනින්නේ අසියාතිකයෝ නම් නෙවෙයි. .(නදී)

:       0       0

ද්ඩ් Friday, 25 October 2013 12:31 AM

මේ කතාව චැනල් 4 එකට කියන්නකෝ අනේ! (නි)

:       0       0

අමන්දා Friday, 25 October 2013 12:46 AM

කළකම් පළදෙනවා කියන්නේ ඕවට තමයි (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 25 October 2013 02:01 PM

පිටිගල, මෙල්බන් වල ලොකු රස්සාවක් කරන ඔයාගේ පුතාගේත් ජොබ් එක ගහල යයි ඔයා ඔහොම අදහස් ලිව්වොත්..(නදී)

:       0       0

ජයතිලක Friday, 25 October 2013 02:11 PM

පිටිගල මිලානෝ , පුතා ඉන්නෙත් ඕස්ට්‍රේලියාවේ නේද? මම එයා ගැන හොදට දන්නවා..(නදී)

:       0       0

චන්ද්‍රා Friday, 25 October 2013 06:00 AM

ලාල්, ඔය ඉතින් අසියානුකරනයේ විපාක තමා.අපරාදේ කියන්න බැහැ, සුද්දෝ වැඩිපුර ඉන්න ප්‍රාන්තවල දොර ඇරලා තිබුනත් කිසි දෙයක් නැතිවෙන්නේ නැහැ. බ්‍රිස්බනය කොපමණ හොඳද? ඔය කට්ටිය ඔහෙම තියාගන්න. (නි)

:       0       0

ජුඩ් Thursday, 24 October 2013 05:52 PM

බල මාළු කෑවා නම් විදවපන් බළලෝ කිව්වලු (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 24 October 2013 05:54 PM

ඔය කියන්නේ ලස්සනට. ඇත්ත හං ගන්න හැදුවට බැහැ කොහොම හරි එලියට එනවා. හරියට වතුරේ හංගපු පලාස්ටික් බෝලේ වගේ.(නදී)

:       0       0

සාරි යුනිට් ඉතාලිය Friday, 25 October 2013 03:06 PM

ඔව් ඔව් පිටිගලගේ පුතා ඔස්ට්‍රලියාවේ තවම ඇතුලේ . එලියට දාන්න තව කල් තියෙනවා කරපු වැරද්දට . ඒකේ ඇතුලේ ලොකු රස්සාවක් දැන් කරන්නේ .(නදී)

:       0       0

නන්ද Thursday, 24 October 2013 05:57 PM

ඇත්ත එළිවෙනවා කැනඩාව මොකද කියන්නේ (නදී)

:       0       0

චමින්ද Thursday, 24 October 2013 06:02 PM

ඕවා පිළිගන්න එපා. කිසිදාක දරුවන්ගේ කෑම බදුන් මේ රටේ කිසිම කෙනෙකුට පරීක්ෂා කරන්න බැහැ.(නදී)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 24 October 2013 06:51 PM

චමින්ද මහත්තයෝ, කවුද ඔබතුමාට එහෙම කිවුවේ?ආරක්ෂාව සම්බන්ධයෙන් ඕනෑම සැක කටයුතු ස්ථානයක් පරික්ෂා කරන්න ආරක්ෂක අංශ වලට පුළුවන් (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 26 October 2013 01:02 PM

ලාල් බ්‍ර්ස්බනේ කියන්නේ වේගයෙන්ම දියුණුවෙන ප්‍රාන්තය. දැන් වසර දෙකක් ආපස්සටට ගිහින් බැලුවත් ලොකු වෙනසක් තිබෙනවා. සැම තැනම කොන්ක්‍රීට් වනාන්තරයක් අවසානයේම ස්බාවික වනාන්තරයක් තිබෙනවා. මෙහෙ ලපි සිපි ජොබ් නැහැ. ඔහේ වගේ ඉන්දියානු පෙනුමකුත් නැහැ.(නදී)

:       0       0

ගජබා Friday, 25 October 2013 08:35 AM

අපේ රට හොඳ නැහැ කියල හිතල මෙහෙන් හැම දේම ලබාගෙන අවසානයේ සුද්දන්ගේ රටවල්වල ලැගගෙන කුලියට කහින ලැජ්ජා නැති කට්ටියත් ඉන්නවා නේද? (ස)

:       0       0

චන්ද්‍රා Saturday, 26 October 2013 01:11 PM

නිමල් අපිත් මෙහාට එනකොට ගොඩක් කට්ටිය කිව්වේ ඔහොම තමයි. ආවට පස්සේ හිතුනා මේ අයගේ කටවල් තලන්න ඕනා කියා. (නදී)

:       0       0

චමින්ද Friday, 25 October 2013 03:40 PM

මෙතන ඉන්න සමහර මැටි වහන්සෙලා අහනවා ඉන්දියාව කියක් ගෙව්වද කියලා.ලියලා තියෙන සිංහල අදහස තේරුම් ගන්න බැරි සමහර මැට්ටෝ එනවා අදහස් පල කරන්න.ඔක්කොටම ඉස්සල්ල මේ කට්ටියට සිංහල ඉගැනන්නුවා නම් හොඳයි. (ස)

:       0       0

නිමල්, බ්‍රිස්බේන් Friday, 25 October 2013 09:23 AM

අපොයි මමත් බ්‍රිස්බේන් වල හිටියා, ලංකාවේ මොනරාගල ඊට වඩා දියුණුයි. (ස)

:       0       0

ලාල් සිඩ්නි Thursday, 24 October 2013 07:53 PM

චමින්ද අපෝ...ඕස්ට්‍රේලියාවේ රෙදි ටිකක් හෝදලා වැලේ දමන්න බැහැ හොරකම් කරගෙන යනවා. හදිසියේ පොලිසියට කෝල් කලොත් එන්නේ පෙරහැර ගියාට පස්සේ. ආරක්ෂාව ඇති අන්තිමයි.(දිල්)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 25 October 2013 04:19 PM

ලාල් සිඩ්නි, ඕස්ට්‍රේලියාවේ හොරු තාම පොලු යුගයේද ඉන්නේ? ඒ කියන්නේ ලංකාවේ හොරු ගොඩක් දියුණුයි. දැන් ලංකාවේ හැම එකාටම ටී56 ක් තියෙනවා. (ස)

:       0       0

පී කරුණාසේන මිලානෝ Friday, 25 October 2013 04:25 PM

පිටිගල අයියා අද උදෙන්ම සප්පායම් වෙලා වගේ. (ස)

:       0       0

ලාල් සිඩ්නි Friday, 25 October 2013 10:44 AM

බ්‍රිස්බේන් වලට වඩා නම් සිඩ්නි ගොඩක් හොඳයි. කැලේට ගිහිල්ල අත ඇරලා දැම්ම වගේ. කිසිම දියුණුවක් නැහැ. රස්සාවලුත් නැහැ. මම ඉන්න දවස් වල බ්‍රිස්බෙන්වල වයසක මිනිහෙක්ට හොරෙක් පොල්ලකින් ගහල මරල අතේ තිබුන සල්ලි ටික ගත්තා. (ස)

:       0       0

එදිරිසංහ Thursday, 24 October 2013 08:36 PM

තිදරු මවක්නම් දරුවෝ ෂුවර් එකටම කොටි පැටව්. ලොකු උනාම පුල්ලිවල ලපය අරින්න අමාරුයි. ඒ නිසා පුනුරුත්තාපයකොට සමාජයේ නිසි අවබෝදය ලබාදී වැඩදායි පුද්ගලයන් කිරීම බලදාරින්ගේ වගකීමකි .(නදි)

:       0       0

චමින්ද Saturday, 26 October 2013 04:58 AM

සියල්ල දත් පිටිගල මිලානෝ,නොදන්නා දේ කතා නොකර සිටීමෙන්, අනවශ්‍ය අපහසුතාවයන්ට පත්වීමෙන් වැළකි සිටිය හැක. (නි)

:       0       0

නිශාර්ඩ් Friday, 25 October 2013 11:06 AM

කොටි හිතවාදීන් ඇත්ත වසන් කරන්න හැදුවත් මුළු ලෝකයම දන්නවා ළමයින්ව බලෙන් පැහැර ගෙන ගිහින් ළමා සොල්දාදුවන් හැටියට එල්ටීටීය පුහුණු කල බවට. (ස)

:       0       0

සෙන්තිල් Thursday, 24 October 2013 08:58 PM

නිලූ විදානගේ,මොකද ඔබ විතරක් රට ගියාම ඇද්ද?අනෙකුත් ජාතීන් සහ මිනිස්සුත් යන්න ඕනෑ (නි)

:       0       0

නාමල් Friday, 25 October 2013 11:33 AM

හලෝ චන්ද්‍ර සුද්දන්ට අනුන්ගේ රෙද්දක් හොරකම් කරලා වැඩක් නැහැ.ඒකයි සුද්දෝ අනුන්න්ගේ රෙදි හොරකම් නොකරන්නේ. නමුත් සුද්දෝ හොරකම් කරන්නේ ගෙඩි පිටින්ම අනුන්න්ගේ රටවල්. ඒ හොරකම් කරලා කරලා එකතු කරගත්තු දේපලවලට තමා හිරු නොබසින අධිරාජ්ජය කීවේ.දන්නැත්නම් ආච්චිගෙන් අහල බලන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4852 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


රුවන් නව ජනපතිට සුභපතයි
2024 සැප්තැම්බර් මස 22 50 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 840 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 126 0


බියගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 130 0


මඩකලපුවම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 82 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15518 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 74 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 251 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site