IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


උතුරේ පෞද්ගලික බස් රථ සේවකයෝ වැඩ වරති

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ අත්තනෝමතිකව වේලාවක් නොමැතිව උතුරු පළාතේ ධාවනය සිදු කිරීමට විරෝධය අද උතුරේ සියලුම පෞද්ගලික බස් රථ ධාවන කටයුතු වලින් ඉවත් වූහ.

වෙනත් පළාත් වලට අයත් ඩිපෝවල බස් රථද උතුරු පළාතේ ධාවනයට යොදවා ඇත්තේ පෞද්ගලික බස්රථ ධාවනයට දැඩි බලපෑමක් එල්ල කරමින් බවටද වැඩ වර්ජනයේ නිරත පෞද්ගලික බස් රථ හිමියෝ කියති.

මේ අනුව පෞද්ගලික බස් රථ හිමියන් විසින් විරෝධතා සන්දේශයක් වව්නියාව අතිරේක දිසාපති තිරේස් කුමාර් මහතා වෙතට බාර දෙමින් කියා සිටියේ තම ගැටලුවට විසඳුමක් නොලැබෙන්නේ නම් ඉදිරියටද වැඩ වර්ජනය අඛණ්ඩව සිදු  කරන බවයි.

මේ අතර ලංගමය හා  ඒකාබද්ධ කාල සටහනකට එකඟ නොවු හලාවත කොළඹ මාර්ගයේ පෞද්ගලික බස් සේවකයෝද අද වර්ජනයක් ඇරඹු බව පොලිසිය කියයි.

bus_627 bus_627-2 bus_627-3 bus_627-4

ඡායාරූප - රොමේෂ් මධුෂංක



අදහස් (0)

උතුරේ පෞද්ගලික බස් රථ සේවකයෝ වැඩ වරති

කමනි Monday, 27 June 2016 09:28 PM

ප්‍රශ්නත්, අයිතිවාසිකමුත් තියෙන්නේ මෙයාලට විතරයි. ලංගම විනාශකර, අවුරුදු 35ක් තිස්සේ මේ ප්‍රවාහන සේවයේ ‘කෑලි‘ ගොඩට මිනිස් ජීවිත වැටෙනතුරු කිසිම රජයක් කිසිදෙයක් කළාද? (නි)

:       0       0

වින්සන්ට් Monday, 27 June 2016 10:10 PM

අද ලංකාවේ ඇති උද්ඝෝෂණ, විරෝධතා දකිනවිට හිතෙන්නේ ඒවා ප්‍රජාතන්ත්‍රවාදය නිදහස නිසා ඇතිවන්නක් නොවන බවය. රටක් දියුණු කරගැනීමට රාජ්‍යයක සෑම අංශයකටම නිවැරදි ප්‍රතිපත්තියක් තිබිය යුතුය. එහි අඩුපාඩුව මේ හැම අවස්ථාවකම අපට පෙනෙන්නට ඇත. ප්‍රතිපත්තිය රටේ අවශ්‍යතාවය නම් පෞද්ගලික බස් හිමියන්ටවත්, තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ජීවත්වෙන දේශපාලකයන්ටවත් එය වෙනස් කිරීමට රාජ්‍යක ඉඩ නොතිබිය යුතුය. ජනතා සේවයට කැපවී සිටින රාජ්‍ය ආයතනයක්, තමන්ගේ මල්ල පුරවා ගැනීමට පමණක් දුවන මෙවැන්නන්ට යටත් වියයුතු නැත. (නි)

:       0       0

ජයම්පති Monday, 27 June 2016 09:16 AM

අයින් කරගෙන ඉන්න කියන්න එක සතියක්. ඊළඟ සතියේ ඉඳලා ආපහු එනවා.(හේ)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 28 June 2016 03:17 AM

ඔය සේවය ජනතාව සහ රට විනාශකළා. වැරදි සංස්කෘතියක් බිහිකළා. ඔය සේවාව අපිට එපා. ජනතා හිතවාදී ලංගම පණගන්වන්න. (නි)

:       0       0

හේමාල් Tuesday, 28 June 2016 04:03 AM

තවත් ලංගම බස් දාන්න. එක සතියෙන් ආපහු එනවා (නි)

:       0       0

ලංකා Monday, 27 June 2016 10:44 AM

මේ අයට බය වෙන්න එපා.මහජනයාට හොද ප්‍රවාහන සේවයක් ලබාදෙන්න තව තව බස් දාන්න .(හේ)

:       0       0

උද්දික Monday, 27 June 2016 11:02 AM

අපෝ අයින් කරගන්න කියන්න. ඕන තරම් බස් මහින්ද මහත්තයා ගෙනාවා ගිය ආණ්ඩුවෙන්. එ් දවස්වල මෙයාල 138, 154 ඔහොම තමා කරන්න ගියේ. නමුත් මුකුත් වුණේ නැහැ. (අ)

:       0       0

රංජින් Monday, 27 June 2016 11:22 AM

මේ අය වැඩිම වුනොත් සතියක් වර්ජනය කරයි.(හේ)

:       0       0

රාධා Monday, 27 June 2016 02:01 PM

බස් සේවකයන් ගැන හොයන්න කවුරුවත් නැහැ. ඔවුන්ට හෙට ගැන සිතන්න වෙලාවක් නැහැ. බස් සේවකයෝ අද ලැබෙන සල්ලි ගැන හොයනවා අර අනාගතයට ලැබිය යුතු ඊ.ටි එෆ් , අර්ථසාදක මුදල්, විශ්‍රාමික බෝනස් යනාදියට බස් හිමිකරුවන් දායක වෙන්නේ නැහැ. බස් සේවකයෝ වර්ජන කළ යුත්තේ මේවාටයි. හෙට උදේට බස් හිමියන් සේවකයන්ව ඉවත් කරන්නත් පුළුවනි. බස් හිමියන් රජයට බදු ගෙවනවාද? (බ)

:       0       0

රොෂාන් Monday, 27 June 2016 02:19 PM

තව තවත් ලංගම බස් දාන්න. වර්ජනය කරන බස් අයින් කරලා නව බස් රථ දාන්න අවසර දෙන්න (බ)

:       0       0

ජනහිත Monday, 27 June 2016 02:26 PM

පෞද්ගලික කියන්නේ පොදු ජනතාවට සේවය කරන්න හදන අය නොවන නිසා බය වෙන්න දෙයක් නැහැ. ලංගම බස් රථ වැඩියෙන් යොදවල සේවය ශක්තිමත් කරන්න, ජනතාව සහයෝගය දැක්විය යුතුයි. එක මාසයක් ලිසින් ගෙවා ගන්න බැරි වුනාම ආපහු එයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 120 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 177 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 180 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 207 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1183 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 782 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site