IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


උතුරු මැද දහයක් වංචා කොමිසමට

උතුරු මැද පළාතේ වකුගඩු රෝගින් සදහා පිරිසිදු පානිය ජලය ලබාදිමට රුපියල් දහතුන් කෝටි හතලිස් එක් ලක්ෂයකට අධික මුදලක් ගෙවා මිලදි ගනු ලැබු බහුකාර්ය ජල පෙරණ දොලොස් දහස් පන්සියක් මිලදි ගැනිමේදි සිදුවී යැයි කියන අක‍්‍රමිකතාවය ගැන පරික්ෂණ ආරම්භ කොට ඇති බව බරපතල වංචා පිළිබඳ ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසිය.

ලැසිල් ද සිල්වා මහතා මේ බව කියා සිටියේ දුරකථයෙන් ඔහුගෙන් කළ විමසිමේදිය.

මෙම ජල පෙරණ මිලදි ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාතේ උසස් නිලධාරින් දහයකට අධික පිරිසකගෙන් සාක්කි ලබා ගැනිමට බලාපොරොත්තු වන බව ප‍්‍රකාශ කළ ලැසිල් ද සිල්වා මහතා පරික්ෂණ කටයුතු ජනවාරි මස හතර වැනි දින ආරම්භ කරන බවත් කීවේය.

උතුරු මැද පළාත් සභාව එක් ජල පෙරණයක් මිලදි ගෙන ඇත්තේ රුපියල් දසදහස් හත්සිය පනස් දෙක බැගිනි. පළමු වතාවට ජල පෙරණ හත්දහස් පන්සියක් මිලදි ගෙන තිබුණි. මෙසේ මිලදි ගනු ලැබු ජල පෙරණ වකුගඩු රෝගින් අතර බෙදා දී මාස හයක් ගතවන්නටත් පෙර අධික ලෙස මළ බැදිමේ හේතුවෙන් වකුගඩු රෝගිහු ඒවා භාවිතයෙන් ඉවත් කළහ.

පෙරාගත් ජලයේ ප්ලෝරයිඩ් සහ රසායනික මුලද්‍රව්‍යවල අවම ප‍්‍රතිශතය පවා අඩංගු නොවන බව විගණන නිලධාරින් විසින් සිදුකළ නියැදි පරික්ෂණයේදි අනාවරණය වි තිබිණි.

මෙම ජල පෙරණ මිලදි ගැනිමේදිද ප‍්‍රසම්පාදන ක‍්‍රියවලියට පටහැනිව සිදුකර තිබු බවත් විගණකාධිපතිවරයා පැමිණිල කොට තිබුණි. එසේම මෙම ජල පෙරණ පරික්ෂා කිරිමට ජල සම්පාදන මණ්ඩලයෙන් සිදුකර ගැනිමට හැකියාව තිබුණත් ඒ සඳහා රුපියල් ලක්ෂ 20කට අධික මුදලක් ගෙවා පෞද්ගලිකව පිරික්සාගෙන ඇතැයි කියති.

උතුරු මැද පළාත් සභාව මගින් නියමිත ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියෙන් බැහැරව ප‍්‍රමිතියෙන් තොර ජල පෙරණ මිලදි ගැනිම සම්බන්ධයෙන් මුල්වරට හෙළි කරන ලද්දේ 2012 ජනවාරි මස 02 වැනිදාය.

 

 

 



අදහස් (0)

උතුරු මැද දහයක් වංචා කොමිසමට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 258 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 372 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2499 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2106 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1557 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8486 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34534 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24006 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site