යුද්ධයෙන් මිය ගිය ජනතාව සිහි කර උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් අධ්‍යාපන අමාත්‍ය තම්බිරාජා කුරුකුල රාජා යන මහත්වරැන් ඇතුළු පිරිසක් උතුරු පළාත් අධ්‍යාපන කාර්යාලයයේදී අද (27) රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කළ බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ලේකම් ඒ සුන්දරලිංගම් මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අදහස් දාන කට්ටිය බඩපිරෙන්න කෑවද..මන් දැන් නැති හින්දයි අහන්නේ..කොහොමද බජට් එක..කොටින්ට වඩා භයානකයි.(නදී)
රුක් රෝපණය ඉතාම හොදයි. ඈට්ටේරියා,පලු කොහොඹ,වීර,නුග,තල් කැමති නම් කවුඩාන වගේ තැන්වල කිරල කැරැන් කොකුත් පුලුවන්.හැබැයි ගස්වල නම් විකෘති කරලා ඒ ගස්වලට දැම්මොත් මුලුමහත් ශ්‍රී ලංකා ජාතියම කුපිත වී ඒ ගස් උගුල්ලා ඒ මුල්වලින්ම ඔබලාට පහර දේවි.ඡන්දයෙන් දිනු ලංකාවේ ඇති ප්‍රජාතාන්ත්‍රික අයිතිය සෑම පුරවෑසියෙකුටම පොදු නිසා,දිය බොරකර මාලු බාන්න ආවොත් ජනතාව විසින්ම ඔබ ලැබූ සෑම වරප්‍රසාදයක්ම අහිමි කර දමාවි. (නි)
මෙය සරල ක්‍රියාවක් ලෙස අර්ථ දැක්වීම අදට ගැළපුනාට එය ලබන වර්ෂයට ගැළපෙන විදිය ගැන තමයි මම කල්පනා කරන්නේ. මෙවර රෝපණය කළේ ගසක්. ඊළඟට ....... ප්‍රතිමාවක්ද?? මෙය වැළැක්වීමට නීති නැත්නම් නීති පැනවිය යුතු බවත් එයට වගකිවයුතු අය විසින් එය පැහැර නොහැරිය යුතු වගකීමක් ලෙසත් සළකා ක්‍රියාකළ යුතු බව කරුණාවෙන් මතක් කර දෙමි (නි)
යුද්ධය නිසා මියගියේ උතුරේ මිනිසුන් පමණද? (නි)
මිය ගිය අය ගැන කතා කරනවා, පණ පිටින් දුක්විදින අය ගැන කතා කරන්න කවුරුත් නැහැ (නි)
සමරන්න ඕනෑ මැයි මාසේනේ... (නි)
ඇත්තටම දැන් සම්පත්දන්ට සෑහෙන්ට වයසයි , විග්නේශ්වරනුත් ඉන්නේ වල පයයි ගොඩ පයයි. මේ දෙන්න මැරුණු දවසට ඒ ගොල්ලෝ මේ අය සමරාවි. ඒකයි දැනට මැරුණු උදවිය සිහි කරලා පින් අනුමෝදන් කරන්නේ ,කවදාවත් ප්‍රභාකරන් වගේ කාල කන්නියෙක්ගේ සහචරයෙක් නොවේවා කියලා.(නදී)
ජෝන් වැඩේ ජෝන් බාස් කරන්න එපා. මගලි එයත් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා. අපි හිටියේ බංකරයෙන් එළියේ.(නදී)
ඔන්න,ඔන්න, විග්නේශ්වරන් අයියත් ඉල්ලන් කන්න හදනවා. ත්‍රස්තවාදය සමරනවා කියන්නේ අයියා, ප්‍රජාතන්ත්‍රවාදය වලලනවා කියන එක නේද?අයියා, නරක මුනියා වෙන්න එපා අප්පා.හොඳ මුනියා වෙන්න පලාන්න.(නදී)
යුද්දයෙන් මිය ගිය දෙමල මිනිසුන්ගේ නාමයෙන් සමරලා තියෙන්නේ මිනිස් ඝාතක දෙමල නායකයාව. මේ කව්රු ලඟත් කොටි හැඟීම් තියෙන බව එලිලන්ගේ බිරිඳට මනාප අසු හය දහසක් ලැබීමෙන් පෙනෙනවා. සිංහල අපි දේශපාලන වශයෙන් බෙදී තව තවත් මරා ගනිමු. එතකොට මේ රටේ ඉතිරි ටිකත් දෙමල කතා කරන දෙගොල්ලන්ටම දෙන්න පුළුවන්. (නදී)
ජෝන්,ඔයාලා වගේ ලෝකේ හැමතැනම දුක ,ප්‍රශ්න කිය කියා ජීවත් වෙන්නේ නැහැ අපි. අපේ අය රට ගිහිල්ලා තියෙන්නේ පුද්ගලික ප්‍රශ්න වලට.ඒ නිසා ඉස්සර හිටි විදිහට එකමුතුව රටේ එක පවුලක් වගේ එක කොඩියක් යට සතුටෙන් සහ සහජීවනයෙන් ඉඳිමු. (නි)
උපාලි ඔබ හරියටම හරි, ඒක තමයි නියම ඇත්ත, නමුත් ඒ අයගේ හිතේ තියෙන්නේ ප්‍රභාගේ උපන්දිනේ තමා බය වෙන්න එපා අපේ ජනාධිපතිතුමා ඉන්නකම්.(නදී)
නිමල් ලලිත් ඔබ හරියට හරි,,හැමෝම අපි අදහස් දැම්මොත් බනින්නේ අපේ සිංහල ජාතිවාදියෝ කියලා,,එහෙම කියන කොන්දක් නැති යක්කුන්ට තේරෙන් නෑ ඒ ජාතිවාදය නෙවෙයි ජාතිකත්වය කියලා ,,,, (ස)
මට මතකෙට ආවේ අපේ ප්‍රින්සිපලුත් ඔරුව පෙරලුන පැත්ත හොදයි කියනවා.(නදී)
ප්‍රශ්නයක් නැහැ. යුද්දෙන් මියගිය අයව සමරලා. (ස)
විග්නේෂ්වාරන් කියන්නේ සමස්ත දෙමල ජාතියම නෙවෙයි. සාමාන්‍ය දෙමල ජනතාව දන්නවා එයාල මේ යුද්දෙන් කොයි තරම් දුක් වින්දද කියලා. මෙන්න මේ කියන දෙමල ජනතාවට දවසක වග කියන්න වෙනවා මේ නායකයින්ට. එහෙම බැරි උනොත් එදාට මෙයාලට වෙන්නෙත් අමිර්තලිංගම්ලාට උන දේමයි. දෙමල මහත්වරුනේ පරෙස්සමෙන් ජාතිවාදය අවුසන්නේ.(නදී)
ප්‍රභාකරන් මරලා විග්නේෂ්වරන්ට දුන්නා ඊළම.(නදී)
අනේ අනේ මුන් කරන කෝලමක්..කරන්න තියෙන අපරාධ ඔක්කොම කරලා දැන් ඕවා කලාට වැඩක් තියෙනවද? (ස)
යුද්දයක් ශ්‍රී ලංකාවේ තිබ්බද? මට මතක නැහැ. (නදී)
ඔන්න ඔය පාරෙන් එන්න... මල් පිපිලද බලන්න ... (නි)
කියන්න දෙයක් නැහැනේ. යුද්ධයෙන් මියගිය අය කිවුවහම සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාවම ඇතුළත්නේ. (නි)
මේක ගැන එච්චර හිතන්න අවශ්‍ය නැහැ. අනවශ්‍ය ප්‍රශ්න ඇති වුණොත් එතකොට බලාගනිමු (නි)
ජෝන්, කියන්න කිසිම දෙයක් නැහැ. උතුරේ යුද්ධයෙන් මියගිය ජනතාව සමරන්න පුළුවන්. හැබැයි කොටි සමරනවට අපි කැමති නැහැ (නි)
ජෝන් එන්න , කොටි පුල්ලි තිබේද බලන්න.(දිල්)
හරි හරි. කොහොම කොහොම වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළිපිටනේ (නි)
මොකක්ද අද දවසේ විශේෂය ? ඇයි මේ හදිස්සිය? (නි)
හොද වැඩක්. අගය කළ යුතුය (නි)
සිංහල දෙමළ අපි සැවොම එකම මිනිස්සු (නි)
දැන් කට්ටිය මේ ගැන මොකද කියන්නේ? (නි)
මොකුත් ඕනෑ නැහැ. අනුරාධපුරෙන් පහල පළාත් සභාවත් මේ වගේ දෙයක් කෙරුවා නම් මේ වෙලාවට මොකද වෙන්නේ කියල හිතන්නකෝ. අපි යුද්දේ දිනුවා කියලා හිතුවට එහෙම දෙයක් වෙලා නැහැනේ. අපි නිකන් මෙහෙම කල්පනා කරලා බලමු. අපේ පන්තියේ දුප්පතෙක් මේ වගේ දෙයක් කෙරුවා නම් අද මොකක් වෙයිද..? අපේ රණවිරුවන් ජීවිත පුජාවෙන් දිනාගත්තු රට ඇතුලේ මෙහෙම එව්වා සිද්ද වෙනකොට බඩ පපුව දානවා අප්පා. කොහොම උනත් මේ වගේ දේවල් අද හෙටම නතර කෙරෙව්වේ නැත්නම් ඉස්සරහට තව තව දේවල් කොරන්ට ඉඩ තියෙනවා. අපිට වඩා කරුණු කාරනා තේරෙන ඇත්තෝ මෙව්වා බලාගනීවි කියලත් හිතෙනවා. (නදී)
කවුරු මොනවා කිව්වත් ඔය නම් සමරන්නේ සාමාන්‍ය දමිල ජනතාව නම් නෙමේ. රජෝ.ඔතන තියන්නේ කොටි පුල්ලිමයි. නැද්ද මම අහන්නේ. (නදී)
අමිල කටුනායක චණ්ඩියා වෙලා වගේ. හරි අනවශ්‍ය ප්‍රශ්න ඇති වුණොත් ඔයා මොකද කරන්නේ යුද්දෙට යනවද ? (නදී)
කලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ (නදී)
ජෝන්, අපි නීච ජාතියක් නෙවෙයි, අපේ ඉතිහාසයේ හිටපු ද්‍රෝහීන් නිසාත් අද ඉන්න ද්‍රෝහීන් නිසාත් නීචයින් තප්පුලනවා. එහෙත් අපි සාමයට අත දෙනවා. එවැනි දයාබර අපිව අපිට අහිමි උන දේවල් උදුරා ගන්න තත්වයට පත් කරගන්න එපා. ආඩම්බරකාර ජාතියක කිරි කිත්තලගේ දරුවෝ අපි.. අනික් අයත් ආඩම්බරකාර විදිහට අත්තලා මුත්තලා හොයන් ගියානම් තමා හොද - අනුන්ගෙන් සහයෙන් බුරන අයට දැන් කියන්න තියෙන්නේ ඒ ටික ජෝන්.(නදී)
මගලී පනෑන්ඩු ඒ යුද්දේ දවස් වල අමිලලා කටුණායක බංකර් අස්සේ තමයි හැංගිලා හිටියේ. දැන් ඒලියට බැහැලා කෑ ගහනවා පුහ්.......(නදී)
තලයිවර් පුල්ලි ඉපදිච්ච දවස කට්ටියට අමතක වෙලා. පණපිටින් හිටියොත් කොළොඹ කොහෙ හරි පුපුරන කොට තමයි මළවුන් සැමරීම මතක් වෙන්නේ. (නදී)
ත්‍රස්තවාදය නැවත පණ ගන්නන්න හදන උදවිය සදහා අවශ්‍ය බේත නිසි ආකාරයෙන් දෙන එක තමයි හමුදා බුද්ධි අංශ වල වගකීම වෙන්නේ. (නි)