IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘උතුරේ විරෝධතා ඇතිවීම සාධාරණයි‘

‘සංහිඳියාව ශක්තිමත් කරන්නත්, දුගී බව නැති කරන්නත් ලෝකයේ රටවල් අපිට උදව් කරනවා. ඒ නිසා අපි 2017 වසර දුගී බවෙන් නිදහස්වීමේ වසර වශයෙන් නම් කරලා තිබෙනවා. සංහිදියාව ජයග‍්‍රාහණය කිරීමේ කාර්ය ආරම්භ කළා පසුගිය වසරේ.ඒ නිසා අපි සියලු දෙනාම එකට එකතුවෙලා වගකීම් සහිතව එය ඉටු කරනවා කියලා අපි විශ්වාස කරනවා.මෙවැනි කටයුතු අපි සාර්ථකව රජයක් විදියට කරගෙන යන අතරවාරයේ සමහරවෙලාවට යම් යම් බාධාවන් ඇති වෙනවා. පසුගිය දිනවල යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුගේ මරණය සිදුවුණා.ඒ සිද්ධිය සැළ වු වහාම මම නියෝගයක් කළා පොලිස්පතිවරයා ඇතුළු විමර්ශන අංශවලට මේ පිළිබඳ අපක්ෂපාති ස්වාධීන පරීක්ෂණ වහාම ආරම්භ කරන්න කියලා. ඒ සඳහා විශේෂ විමර්ශන කණ්ඩායම් මම වහාම කොළඹින් එව්වා.මේ වන විට ඔබ දන්නවා පොලිසියේ නිලධාරීන් කිහිපදෙනෙක් ඒ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටිනවා. එම කටයුතු ඉදිරියේදි අපක්ෂපාතීව හා ස්වාධීනව ඉටුකරන බව මම විශ්වාස කරනවා.මෙම සිද්ධිය ඇතිවුණාව විශේෂයෙන්ම පහුගිය දිනවල යාපනයේ ප‍්‍රදේශයේ යම් නොසන්සුන් තත්වයක් තිබුණා‘ යැයි ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (31) යාපනයේදී පැවසීය.

යාපනය කීරමලෙයි ප‍්‍රදේශයේදි යුධ හමුදා ශ‍්‍රම දායකත්වය යටතේ ඉ`දිකළ නිවාස 100 ක් ජනතා අයිතියට පැවරීම හා ආරක්ෂක අංශ සතු ඉඩම් කොටසක් ජනතාව වෙත නැවත පැවරීමේ වැඩසටහන් අවස්ථාවකට එක්වෙමින් ජනාධිපතිවරයා එසේ කීය.

‘යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් තම සහෝදර සිසුන්ගේ මරණය සම්බන්ධයෙන් කම්පාවට පත්වුණා. හුගාක් නොසන්සුන් තත්වයක් ඇතිවුණා. ඔවුන්ට ඇති වු වේදනාව හා කණගාටුව අපි සියලු දෙනාටම ඇති වුණා. ඒ උද්ඝෝෂණ සහ නොසන්සුන්තා, විරෝධතා ඇතිවීම සාධාරණයි කියලා මම විශ්වාස කරනවා. එවැනි සිද්ධියක් වුණානම් උතුරේ පමණක් නොවෙයි, එවැනි සිද්ධියක් දකුණේ වුණානම් රුහුණු විශ්ව විද්‍යාලයේ මීටත් වඩා දකුණ නොසන්සුන් වෙයි කියලා මම හිතනවා‘ යැයි ද ජනපති කීය.

වැඩසටහන් අවස්ථාවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන   දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවේයි සේනාධිරාජා  ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

PKP_0800 PKP_0886 PKP_0898 PKP_0926 PKP_1010

ඡායාරූප - ප්‍රදීප් පතිරණ



අදහස් (0)

‘උතුරේ විරෝධතා ඇතිවීම සාධාරණයි‘

ඉසුරන්දි Tuesday, 01 November 2016 07:53 AM

මෙයනම් ලකුණු ලබාගැනීමේ අටියෙන් ප්‍රකාශකළ දේශපාලන මතයක් හැටියටයි මමනම් දකින්නේ. (බ)

:       0       0

රජින්ද Monday, 31 October 2016 05:21 PM

අක්කර ගණන් හිස් ඉඩම්, මුඩු ඉඩම් තියෙනකොට මහා වනාන්තර කපලා ඒවායේ මිනිස්සු පදිංචි කරන්නේ ඇයිද යන්න අපිට ප්‍රශ්නයක්. (නි)

:       0       0

ජනහිත Monday, 31 October 2016 06:06 PM

උතුරේ විරෝධතා ඇතිවීම සාධාරණයි. මොකද එහෙ විතරයි ප්‍රශ්න තියෙන්නේ. අනික් ප්‍රදේශ වල එහෙ තියන ප්‍රශ්න නැහැ. කටට මසුරන් දැමිය යුතුයි. (නි)

:       0       0

සුසන්ත Monday, 31 October 2016 06:59 PM

මම එ්ත් පුදුමවුණා මොකද අර අහවල් නෝනා නැත්තේ කියලා මුලින් පින්තූර වල. ඒත් පස්සේ පුදුමය නැතිවුණා අවසන් ඡායාරූප ටික බලද්දී (නි)

:       0       0

අනිල් Monday, 31 October 2016 07:01 PM

සිය දහස් ගණන් දකුණේ මිනිස්සු, මායිම් ගම්මාන වල අසරණ මිනිස්සු කොටි කපලා, බෝම්බ ගහලා මරාදාද්දි දකුණේ මිනිසුන්ටත් කොච්චර වේදනාවක් ඇති වෙන්න ඇද්ද කියන එකත් මතකයේ තියා ඉන්න මහත්වරුනි. දැන් ඒවා ඔක්කොම අමතක වෙලා දකුණ ජාතිවාදියෝ වෙලා, උතුර සංහිඳිවාදියෝ වෙලානේ. (නි)

:       0       0

සුසන්ත Monday, 31 October 2016 07:05 PM

ගෙවල් අහිමිවුණ අයට ගෙවල් දෙන්න. ඒක බොහොම හොඳයි. එ්ත් හමුදා කඳවුරු ඉවත් කර කර ඒ තැන්වලම දෙන්න ඕනෑද? තියන කඳවුරු කිහිපය වටේට ගෙවල් දෙන්න ඕනෑද? ඇයි වෙන තැන්වලින් ගෙවල් නොදෙන්නේ? (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Monday, 31 October 2016 07:09 PM

දකුණේ විරෝධතා ඇතිවීම නම් අසාධාරණයි! (නි)

:       0       0

තුසිත Tuesday, 01 November 2016 08:28 AM

එතකොට පන්සල්, බුදුපිළිම කඩනකොට විරෝධතා ඇතිවීම අසාධාරණද (නි)

:       0       0

ජීවක Monday, 31 October 2016 09:29 PM

අපි හැමෝම දන්නවා යහපාලනයට උතුරේ ජනතාව ඡන්දය දුන්නේ මොකද කියලා. ඔවුන්ගේ ප්‍රශ්න වලට අපක්ෂපාතීව සිටීම තමා වැදගත් වෙන්නේ. (නි)

:       0       0

රාහුල් Tuesday, 01 November 2016 08:30 AM

මට නම් පෙනෙන්නේ අපේ ලොක්කත් නොබෙල් සාම තෑග්ගකට අර අඳිනවා වගේ. අපිට නම් අන්දන්න හදන්න එපා. (බ)

:       0       0

රේණුක Tuesday, 01 November 2016 08:38 AM

වැඩි දෙනෙක් මේකට අදහස් පළකරලා තියෙන්නේ අපේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය සම්පුර්ණයෙන් කියවලා නැතුව වගේ. (නි)

:       0       0

ධනුක Monday, 31 October 2016 10:52 PM

එතකොට දකුණේ විරෝධතා ඇතිවීම අසාධාරණයිද? (නි)

:       0       0

අප්පුහාමි Monday, 31 October 2016 11:03 PM

සංහිඳියාව නැඟලම යන බව පෙනෙනවා දැන් වෙන ඒවා දැක්කම. (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 01 November 2016 12:13 AM

තව ටික දවසකින් ත්‍රස්තවාදය ඇතිවීමත් සාධාරණයි කියලා සමහරු කියන්න බැරි නැහැ. (නි)

:       0       0

සත්‍යයා Tuesday, 01 November 2016 12:19 AM

උතුරේ ඉන්නෙත් මිනිස්සු කියලා ඔබ ජනාධිපති වෙන්නත් කලින් රටේ ජනතාව දැන හිටිය නිසා තමයි රටේ බහුතරය වූ සිංහල මිනිසුන්ව අමු අමුවේ කපා කොටා දානකොට, බිලිඳු දරුවන්ව ගස් වල ගහලා මරා දානකොට දකුණේ ඉන්න දෙමළ මිනිසුන්ව සමුල ඝාතනය නොකර හිටියේ. පිටවන වචන වල වන්දිය නැවත සැරයක් ගෙවන්න වෙන්නේ වසර 30ක් තිස්සේ බැට කෑ බහුතරය වූ සිංහල ජනතාවට බවත් අමතක කරන්න එපා. ජාතිය වර්ගය කුමක් වුවත්, හිංසාව මුල්කරගත් ප්‍රකෝපකාරී ආවේගයන් මොනම අන්දමකින්වත් සාධාරණීකරණය නොකළ යුතුයි (නි)

:       0       0

ධම්ම Tuesday, 01 November 2016 01:40 AM

නියම දේශපාලන කතාවක්. හැබැයි හැටේ දශකයේදී කිව්වා නම් මිනිස්සු මෙය පිළිගනීවි. ටිකක් යාවත්කාලීන වෙන්න බැලුවොත් නේද හොඳ (නි)

:       0       0

ජනහිත Tuesday, 01 November 2016 02:08 AM

මේ කතා කියලා අහිංසක දෙමළ ජනතාව බිල්ලට දෙන්න එපා. මනුස්සත්වය කියන්නේ ඉතා වටිනා දෙයක්. නොමිනිසුන්ට සළකන හැටි කවුරුත් දන්නවා. එය ලෝකේ කොහෙත් තියන දෙයක්. (නි)

:       0       0

සජීව Tuesday, 01 November 2016 02:13 AM

තව ටික දවසක් යද්දී ප්‍රභාකරන් මරපු එකත් වැරදියි කියන්න අය ඉඳියි (නි)

:       0       0

සරත් Tuesday, 01 November 2016 02:13 AM

එතකොට උතුරේ තියෙන ආයතන වලින් සිංහලයින්ට අයින් වෙන්න කියන එකත් සංහිඳියාවද? එ්කට දකුණේ ලොකු විරෝධයක් දක්වන්න තරහ අවසර දෙනවද? (නි)

:       0       0

යසපාල Tuesday, 01 November 2016 03:00 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

මෙන්ඩිස් Tuesday, 01 November 2016 03:02 AM

ලංකාව සිංහල රටක් නොවී ඉස්සරහටත් ඔය වගේ දේවල් වෙයි. කියන දේ හරියට තේරුම් ගන්න එක මවු භාෂාවක් ඕනෑ. (නි)

:       0       0

රණවක Tuesday, 01 November 2016 03:02 AM

ඔය වචන ටික නම් මදි වෙයි ඊළඟ ඡන්දයේදී ද්‍රවිඩ ඡන්ද ගන්න. තව ගොඩක් ඕනෑ. 13 ෆෙඩරල් විසඳුම, උතුරු පළාත් මුදල් ඉඩම් පාලනය, හමුදා ඉවත් කිරීම වගේ ඒවා. (නි)

:       0       0

චින්තක Tuesday, 01 November 2016 03:10 AM

තේරෙනවා නේද දැන් රටට සිද්ධවෙන්න යන දේ. (නි)

:       0       0

සෙනරත් Tuesday, 01 November 2016 03:16 AM

ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන්, මෙවැනි සිද්ධි වලදී මිනිස්සු නැගීසිටීම සාධාරණයි කියලා. වගකීම තමයි එහෙම නොවෙන විදියට වැඩකිරීම. දැන් නියපොත්තෙන් කඩන්න තිබුණු දේ පොරවෙන් කපන තත්වයට පත්වෙලා. දැන්ම පොරවෙන් හරි කැපුවේ නැත්නම් 2009 ට කලින් තිබුණු තත්වයට රට පත්වේවි (නි)

:       0       0

සුනිල් Tuesday, 01 November 2016 03:27 AM

මේ ඔක්කොම බටහිරයන්ගේ ආධාර ලබාගන්නයි, ඔවුන්ගේ රටවල සමාගම් වලට මෙහෙ ආයෝජනය කරන්න සුදුසුයි කියලා පෙන්වන්යි, ණය ලබාගෙන ආර්ථිකයට පැලැස්තර අළවාගන්නයි මිස වෙන මොනවාටද? පිටරට වල ආධාර නැතුව කිසිවක් කරන්න බැරි අපට වෙන කාගේ පිහිටද? (නි)

:       0       0

සජීව Tuesday, 01 November 2016 03:43 AM

යුද්ධය කළේ අපරාදේ, ඊළම දුන්නා නම් හරි කියලා කවුරුහරි කිවුවත් මම නම් පුදුමවෙන්නේ නැහැ (නි)

:       0       0

සත්‍යා Tuesday, 01 November 2016 03:47 AM

වර්තමාන පාලනයේ මොන දුර්වලකම තිබුනත් පළිගැනීම පිළිකෙව් කරන පුද්ගලයෙක් මුල් පුටුවේ සිටීම සතුටක් (නි)

:       0       0

චන්න Tuesday, 01 November 2016 04:14 AM

මොනවා කියන්නද කියලා තේරෙන්නෙ නැහැ මට (නි)

:       0       0

අංගොඩ ලාල් Tuesday, 01 November 2016 04:42 AM

උතුරේ හෝ දකුණේ හෝ කොහේහරි සාධාරණ හේතුවක්, ප්‍රශ්නයක් හමුවේ විරෝධය පෑම සාධාරණයි කියලා කිව්වා නම් තමයි හරි, මට හිතෙන විදිහට. (නි)

:       0       0

දිල්රුක්ෂි Tuesday, 01 November 2016 04:53 AM

ඇත්තටම අපි නම් දැන් පුදුමාකාර කළකිරීමකින් ජීවත්වෙන්නේ (නි)

:       0       0

කපිල Tuesday, 01 November 2016 05:19 AM

අනේ මන්දා...! දකුණේ කිසිම ප්‍රශ්නයක් නැති එක ගැන සතුටුයි (නි)

:       0       0

පෙරේරා Tuesday, 01 November 2016 05:31 AM

පොලිසියට සාදාරන පරීක්ෂණ කරන්නේ ජනපති නියෝග දුන්නොත් විතරද. නැත්නම් පොලිසිය සාදාරන පරීක්ෂණ කරන්නේ නැහැ කියන එක නේද කියන්නේ.(හේ)

:       0       0

ගයාන් Tuesday, 01 November 2016 06:44 AM

සංහිඳියාව කියලා කියන්න හදන්නේ උතුරට ස්වයං පාලනය දීමද? ඊටපස්සේ ඇතිවන අර්බුද ගැන සිතුවාද? මෙහෙම ගිහින් සිංහලයාට රට අහිමිවේද? (නි)

:       0       0

පීරිස් Tuesday, 01 November 2016 06:44 AM

තමන්ගේ ජාතිය කරන සියළු උද්ඝෝෂණ, විප්ලව අසාධාරන හැටියට දකින්නත්, උතුරේ කරන සෑම උද්ඝෝෂණයක්ම සාධාරනීකරණය කරන්නත් අපිම පත්කළ නායකයෝ කටයුතුකිරීම අපේ ජාතියේ හා සිංහලයාගේ අභාග්‍යයම තමයි (නි)

:       0       0

පීරිස් Tuesday, 01 November 2016 06:58 AM

උතුරේ උද්ඝෝෂණ සේරම සාධාරන නම්,ඒවාගැන දුක හිතෙනවනම්, ඇයි දකුණේ කොල්ලෝ, මිනිස්සු කරන උද්ගෝෂණ සාදාරණයි කියල හිතෙන්නේ නැත්තේ? ඇයි ඒවාට කඳුළු ගෑස් , ජලප්‍රහාර බැටන් පොලු ප්‍රහාර දෙන්නේ?(බ)

:       0       0

විජේතුංග Tuesday, 01 November 2016 07:17 AM

වෙලාවකට මෙතුමා ගැන අපිට තේරුම්ගන්න අමාරුයි (නි)

:       0       0

ධනුක Tuesday, 01 November 2016 07:32 AM

අපේ වගකිවයුත්තන් පත්තරය බැලුවොත් දකීවි අපේ ආබාධිත රණවිරුවෝ විශ්‍රාම වැටුප් ඉල්ලලා කොටුවේ පාරේ වාඩිවෙලා ඉන්න හැටි. ඒකත් සාධාරණ විරෝධතාවක්ද? (නි)

:       0       0

අසංග Monday, 31 October 2016 04:47 PM

මොනවා...? එතකොට අපිද වැරදි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 564 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1122 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 719 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 249 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1187 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 812 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39780 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25847 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 80 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 387 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site