වසර 25කට පසුව උතුරු පළාත් සභාවේ මංගල සැසි වාරය සඳහා සියල්ල සූදානම්ව ඇති අතර ඊට පෙරහුරුවක් වශයෙන් උතුරු පළාත් සභාවට තේරි පත් වු සියලූම මන්ත්‍රීන්ට පළාත් සභා ක්‍රමය සමිබන්ධයෙන් වැඩසටහනක් අද (24) යාපනය ටිල්කෝ හෝටලයේදි පැවැත්විණ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය, උතුරු පළාත් සභාව ඒකාබද්ධව පළාත් මන්ත්‍රීන් 38 දෙනා වෙනුවෙන් පළාත් සභා ක්‍රියාවලිය සමිබන්ධයෙන් වු නීති රීති,පළාත් සභාව තුළ වු ප්‍රතිපත්ති හා පළාත් සභා මුදල් කළමණාකරණය සමිබන්ධයෙන් දේශනා පැවැත්වීම එහිදි සිදු කළ බැවි එක්සත් ජනතා නිදහස් සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී වි.ජයතිලක මහතා කියයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු සී වී විග්නේෂ්වරන් මහ ඇමැතිය. ඔහු භාෂා තුනෙන්ම වැඩ කළ හැකි විද්වතෙකි. දෙමළ ජාතික සන්ධානය එහි පාලක පක්ෂයයි. එහි මන්ත්‍රීන් තිස් දෙනා අතර වෛද්‍යවරු, වෘත්තිකයෝ ද වැඩි පිරිසක් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාගේ භාෂා දැනුම හොඳ වුණාට සිංහල කොඩිය වැටිලා තිබුනා දිවුරුම් දෙනකොට? බැනර් ලියලා තිබුනේ දෙමළෙන් විතරයි..මෙහෙම කළා නම් දකුණේ ? එම්බසි වලිනුයි ඔබාමලයි ඉන්දියාවෙනුයි මෙලහට තර්ජන කරලා. ඇත්ත කතා කරන්න බයවෙන්න ඕනේ නැහැ සිංහල මිනිස්සුත්. එයාලට කියල දුන්නද එහෙම බැහැ කියලා? එතකොට සිංහල එලවපු අයත් ආපහු පදිංචි කරවන එක ගැන විජයතිලක මහත්තය වැඩ කරන්න ඕනේ. සමගිය ඇතිවෙන්න නම්.(දිල්)
නමුත් සිංහල කොඩිය වැටිලා තිබුනා දිවුරුම් දෙනකොට. බැනර් ලියලා තිබුනේ දෙමළ භාෂාවෙන් පමණයි.මෙහෙම කළා නම් දකුණේ? (නි)
බොහොම හොඳයි එතකොට තමන්ට අයිති මොනවද නැත්තේ මොනවද කියල දැනුවත් වෙනවනේ , මේ එක්කම ඒකීය රටක් තුල සාමුහිකව වැඩ කරන්නේ කොහොමද කියලත් ඉගෙන්නුව නම් තමා හොඳ !(නදී)
මට හිතෙනවා රටටම ආදර්ශමත් පළාත් සබාවක් වේවි කියලා.සබාවට තේරුන මන්ත්‍රීන් වැඩි ප්‍රමාණයක් විද්වතුන් නිසා. අනිත් පළාත් සබා වල ඉන්නේ වැඩි හරියක් නුගත් මුදල් හම්බ කිරීමට පෙලෙඹෙන අයනෙ. (ස)
මම අදහස් ප්‍රකාශ කරලා අනිත් ලිපිය කියව නකොටම දැක්කේ ඒක ඇත්ත වුන සිද්දියක්. ඒ කොබෛයිගනේ ප්‍රා. මන්ත්‍රී රැකියා දෙන බවට මුදල් ගැනීමක් ගැන. ඇත්තටම මේවා බලදාරීන්ට පේන්නෙම නැද්ද වැදගත් මිනිස්සු පත් කරගන්න. (නදී)
කොටි අවතාර, හොල්මන් වලින් තොර, අහිංසක දෙමළ ජනතාවට වසර 30 කට පසු සැනසුම් සුසුම් හෙළන්නට පුළුවන්, යුද්ධය අවසන් කිරීමට කැප වූ ජනපතිතුමා ඇතුළු සියලු අයට ගරු කරන පළාත් සභාවක් වේවා! සියලු දෙනාට බුදු සරණයි! (නි)
මේක හොඳයි, පෙරහුරුවක්ම පවත්වලා පටන් ගන්න එක. (නි)
පෙර හුරුවක් තිබ්බ නොතිබ්බ වුනත් පටන් ගත්තට පසු පෙරහැර බලාගන්න පුළුවන්. (ස)
පළාත් සභාව ඒගොල්ල දින්නාට පළාත් සභාව ක්‍රියාත්මක විය යුත්තේ මහා ආණ්ඩුව යටතේ.නේද? නැත්නම් ඒ ගොල්ල හිතයි දැන් අපට වෙනම රාජ්‍යයක් ලැබුනා කියලා. අනික් පළාත් වල වගේම භාෂා තුනම එහෙත් ක්‍රියා වෙන්න ඕන. දකුණේ ආණ්ඩුව මේ ගැන විමසිල්ලෙන් ඉන්නත් ඕන. උතුරේ ඉන්න සිංහලයිට අසාධාරණයක් නොවෙන්නත් ඕන. දකුණේ ඉන්න දෙමල මිනිස්සු ගැන දෙමල නායකයෝ කතා කරන විදිහට උතුරේ ඉන්න සිංහල මිනිස්සු ගැන සිංහල නායකයොත් කතා කරන්න ඕන.උතුරු පළාත් සභාව ඉන්දියාවේ කොටසක් වත් ජයලලිතාගේ බූදලයක් වත් නොවෙන වග කවුරු කවුරුත් දැනගන්න ඕන. (ස)