කැනඩා වීසා ගැනීම සඳහා යාපනයේ නෙල්ලි අඩියෙන් පැමිණි ශිෂ්‍යයකුට ගල්කිස්සේ දී බීර සමග මත්ද්‍රව්‍යයක් පොවා සිහි නැති කර කහතුඩුව වෙනිවැල්කොලේ නිවෙසකට ගෙන ගොස් ඔහුගේ ගෙදරට දුරකතන ඇමතුමක් දී රුපියල් විසි ලක්ෂයක කප්පමක් ඉල්ලා පනද් දහසක් ලබාගත්තැයි කියන දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන එම තරුණයා ද සොයා ගත් බව මිරිහාන පොලිසිය කියයි.
අත් පා බැද දමා සිටි තරුණයා රෝහල් ගත කර ඇත.
සැකකරුවන් පාතාලයන් බව කියන පොලිසිය තවත් සැකකරුවන් සොයා පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධර්මිෂ්ටයන් අපේ ධර්මද්වීපය වනසනවා. (නි)
දුමින්ද, ඇත්ත කිව්වහම සමහරුන්ට රිදෙනවා. ඒත් නොකියා බැහැ. කොහොම වුණත් මැලේසියාව වගේ රට වල ඉන්න ද්‍රවිඩ ජාතිකයන්ගේ කුහකකම,ඊර්ෂ්‍යාව,තක්කඩිකම ගොඩක් අඩුයි ලංකාවේයි ඉන්දියාවේයි ඉන්න අයට වඩා (නි)
මේ ජරා වැඩ කරපු අයට මොනවා නැති උනත් දේව දඩුවම් ඉක්මනින්ම ලැබේවි.(නදී)
මිරිහාන පොලිසිය නෙමෙයි කහතුඩුව පොලිසිය තමා සොයාගත්තේ.(නදී)
මේ සිද්දිය හරි තමයි. නමුත් කහතුඩුව පොලිසිය තමා මේක සොයාගත්තේ. මිරිහාන සම්බන්දයක් නැත.(නදී)
එල්ලුම් ගහට යවමු. (නි)
මේ සිසුවාගෙන් කප්පන් කන්න හදපු අය ස්තිර වශයෙන්ම දෙමළ අයම විය යුතුයි. අපරාද කාරයින්ට ජාතිබේද කුල බේද ආගම් බේද නැහැ. මට ප්‍රස්නේ තියෙන්නේ මේ චන්ද්‍රා කියන කුඩු ටොන් ගණන් ගේන දෙසපාලකයො කව්ද කියලා. කුඩු ටොන් ගණන් දන්නවා නම් ඉගියක් හරි දෙන්නකෝ අපිටත් දැන ගන්න. මේ ලගකදී අපේ තොප්පි මල්ලිලා ටිකක් කිලෝ 100ක් නං ගෙනත් තිබුනා. ඒවත් මෙහෙ පාවිච්චියට නෙමෙය්. 70 දශකයේ ඉදන් මේ ධර්මද්වීපය ආපු ගමනත් එක්ක යුගෙන් යුගේ පහු කරන් අත්දැකීම් ලබල අපි අද මේ දශකයේ ඉන්නේ උඩින් පාත් වෙලා නෙමෙයි චන්ද්‍රලා වගේ. රුවක් උනත් කියනකොට ටිකක් පිළිවෙලකට අහන කෙනාට දෙපාරක් හිතන්න වෙන විදියට කියන්න නිකන් මොන්ටිසෝරි ප්‍රකාශන දෙන්නේ නැතුව.(නදී)
ජනිත් අන්තවාදියෙක් බව පේනවා. එය කවදාවත් වැදගත් දමිල මිනිස්සුන්ව ආශ්‍රය කරලා නැතිව ඇති. මංකොල්ල කරුවන්, කප්පම්කරුවන් මැඩලන්න අපි සැමෝම සහයෝගය දක්වමු.(නදී)
කන්න ඕනෑවුනම කබරගොයත් තලගොයා කරන මුන්ට කොළ නැති ගස පෙන්වන්න (අ)
සත්‍යා, රොකී ද්‍රවිඩ මිනිස්සු ගැන අත් දැකීම් අඩු බව පේනවා.(නදී)
වැරදි කරුවන් ද්‍රවිඩ ජාතිකයින් නම් ජ්‍යත්‍යන්තර ජනමාධ්‍ය වලට මේ පුවත වැදගත් නැහැ. වැරදිකරුවන් සිංහල උනානම් මේකත් පාවිච්චි කරයි චැනල් හතරේ රංගනයට හා මානව හිමිකම් සදහා ජිනීවා යාමට හරි.(නදී)
මිරිහාන පොලිසියට අපේ උපහාරය මේ දරුවාව ඉක්මනට රෝහලකට ගෙනියලා ප්‍රතිකාර වලට යොමු කලාට. මේ සිංහල නම් වලින් පෙනී ඉන්න අය ඇත්තටම සිංහලද කියලා හොයලා බලන්න වටිනවා. මොකද නියම සිංහලයෝ කෙනෙකුගේ කරදරෙකදි අගතිගාමී වෙන්නේ නැහැ.(නදී)
මෝඩ ජාතිවාදී තර්ක දණ්ඩ එපා. වෙලා තියෙන්නේ එක දෙයක් කතා කරන්නේ තව දෙයක්. ඔය වැඩේ කරපු බල්ලන්ව අයව අල්ලලා දඩුවම් කරන්න ඕනේ.(නදී)
උතුරේ මිනිසුන්ටත් සාධාරණය ඉටු වෙනවා අහන්නට ලැබීමත් සතුටක්. (නි)
වැරදිකරුවන්ට දැඩි දඩුවම් දියයුතුයි (නි)
තිත්ත වුනත් ජනිත් කිවුවේ ඇත්ත.කුල බේද සිංහල සමාජයේත් තියෙනවා.ඒත් දෙමල සමාජයේ තරම් නැහැ (නි)
අද රටපුරාම කප්පම් උවදුර (නි)
ජනිතගේ ප්‍රකාශය හරිම කුහක එකක් (නි)
අද හැමදාම පුවත් වලින් අහන්න ලැබෙන්නේ අපචාර දුරාචාර මිනීමැරුම්. අප රට පාලනය පෙර රජදරුවන් රටට ගෙන ආ කිර්ති නාමය අද හැමෝම එකතුවෙලා නැති කරනවා. අපේ බාල පරම්පරාවට දෙවියන්ගේම පිහිටයි. ඉස්සර හිටිය නායකයින්ට අපි ගෞරව කරන්න ඕනෑ (නි)
නරක ඉරණමක් අත් නොවීම ලොකු දෙයක් (නි)
මේක අපේ සමාජ පරිහානිය පෙන්වන දෙයක් මිසක් අලුත් දෙයක් නොවෙයි. නීතිය, සාධාරණය, යුක්තිය ගැන හොයන්න බලන්න කෙනෙක් නැතිවෙනකොට මේවා තව තවත් වැඩි වෙනවා. (නි)
ජනිත්, ඔබගේ සානුකම්පිත බව මෙම අදහසින්ම තේරෙනවා (නි)
සිංහල,දෙමල මුස්ලිම් හැම පාතාලයක්ම විනාශ කරමු,අපරාධ මර්දන අංශයට ප්‍රණාමය! අපරාදකරුවන්ට ඇප නොදිය යුතුයි (නි)
මේ ධර්මද්වීපයේ හැටිද? මොකද මේ රට වුණේ? කුඩු ටොන්ගණන් ගේන දේශපාලුවෝ ඉන්න රටක කොහොමද ජිවත්වෙන්නේ? මේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට දෙවියන්ගේවත් පිහිටක් නැද්ද? (නි)
සිහලයෝ විදිහට අපි සානුකම්පිත විදිහට ද්‍රවිඩයන් දිහා බැලුවට, බොහොමයක් ලංකා ද්‍රවිඩයෝ දුශ්චරිතවත් අය. කුලබේදයෙන් එක්නෙකා පෙලන පිරිසක්. ප්‍රභාකරන්ලා වගේ අය ඔවුන් අතර වැඩි වීම පුදුමයක් නොවේ. (නි)