IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


උතුරට යුද උපකරණ හා පුපුරණ ද්‍රව්‍ය තහනම්

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආරක්ෂක මණ්ඩලයේ දී උතුරට හා නැගෙනහිරට ප්‍රවාහනය කිරීම තහනම් කැර තිබූ භාණ්ඩ කිහිපයක තහනම ඉවත් කිරීමට කටයුතු කළ බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පවසයි. ඉදිරියේ දී නැගෙනහිරට යුද උපකරණ හා පුපුරණ ද්‍රව්‍ය ගෙනයාම තහනම්කැර ඇති අතර උතුරට එම ද්‍රව්‍යවලට අමතරව දුරදක්න හා යුද හමුදා ඇදුම්වලට සමාන ඇඳුම් හා රෙදි ගෙන යාම ද තහනම් කැර ඇතැයි මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මෙරටට පැමිණෙන විදේශිකයන්ට ඇතැම් ප්‍රදේශවලට යාමට පනවා තිබූ තහනම ද ඉවත්කැර ඔවුන්ට රටේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට අවස්ථාව සළසා දීමට ද ආරක්ෂක මණ්ඩලය එකඟවූයේය.



අදහස් (0)

උතුරට යුද උපකරණ හා පුපුරණ ද්‍රව්‍ය තහනම්

සන්වන්නි Saturday, 17 January 2015 09:39 AM

මගේ පුතා යුධ හමුදා නිලධාරියෙක්. ඔහු ක්‍රියාන්විත රාජකාරියේ නිරත වූවෙක්. ඒ කාලයේ අපට රෑට නින්ද ගියේ නෑ. 2009 ට පෙර උතුරු නැගෙනහිර පළාත්වල සේවය කළ සියළුම හමුදා සොල්දාදුවන්ගේ මව්පියන්ගේ, බිරින්දෑ වරුන්ගේ සහ දරුවන්ගේ ඇස්වලට නින්ද ආවේ නෑ. ඒත් අපි 2009 මැයි 18 වෙනිදායින් පසුව හොඳින් නිදා ගත්තා. ආයෙත් එහෙම කාලයක් එන්න එපා. ඒ වගේම දමිල ජනතාවට නිදහස තිබිය යුතුයි. උතුරට පනවා ඇති සමහර තහංචි ඉවත් කළ හැකි වූවත් ඒවා කළ යුත්තේ ඉතා පරිස්සමින්. ඡන්ද වෙනුවෙන් රට අනතුරේ හෙලන්න එපා. උතුරට ගෙන යා හැකි භාණ්ඩ පිළිබඳ නිවැරදි තීරණ ගත යුත්තේ දේශපාලකයින් නොව බුද්ධි තොරතුරු මත ඒ ඒ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ගේ සම්පූර්ණ එකඟ තාවයෙන්. (නදී)

:       0       0

සුප්‍රා Saturday, 17 January 2015 10:18 AM

"ආරැමුගම් ", ඔයාල කලින් සැරෙත් වරද්ද ගත්තා. මේ පාර නම් අපේ අලුත් ජනාදිපති තුමයි, රනිල් මහත්තයි, චන්ද්‍රිකා නෝනයි තුන් දෙනාම එකතුවෙලා තමා වැඩේ දෙන්නේ (නදී)

:       0       0

තුෂාර පුෂ්පදාස Saturday, 17 January 2015 02:01 AM

නව ජනාධිපතිතුමා ගෙන ඇති තීරණය සතුටට කරුණකි.එය රටේ ඉදිරි අනාගතයට, ඉදිරි දියුණුවට, රටේ ආරක්ෂාවට ඉතා සුබදායක වේ. (නි)

:       0       0

මධුවන්ත Saturday, 17 January 2015 03:09 AM

උතුරු ආරක්ෂාව අඩුකළොත් වෙන දේ දැන්නම් හිතාගන්න පුළුවන් (නි)

:       0       0

ජනක Saturday, 17 January 2015 04:14 AM

යහපාලනය ගැනද අපේ අදහස් දක්වන්නන් යමක් ප්‍රකාශ කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටිමි. (නි)

:       0       0

නිරෝෂණ Saturday, 17 January 2015 04:20 AM

මොන රජය ආවත් ජාතික ආරක්ෂාව රටේ යහපැවැත්ම රැකගැනීමට අවශ්‍යයි. (නි)

:       0       0

සුදාර Saturday, 17 January 2015 04:21 AM

මේවා සුබදායකයි කියලා රටට ආදරය කරන මිනිසෙකුට කියන්න පුලුවන්ද? (නි)

:       0       0

නිත්‍යානන්ද Saturday, 17 January 2015 04:29 AM

උතුරට තහනම් කියලා අනෙක් තැන් වලට පුළුවන් කියලා කියන්නේ නැහැ නේද? (නි)

:       0       0

නිර්මාල් Saturday, 17 January 2015 12:10 PM

"ආරුමුගම්" මහත්තයෝ, නැගිටින්න, එලිවෙලා (නදී)

:       0       0

සුජාන් Saturday, 17 January 2015 04:35 AM

මීටපස්සේ උතුරට සහ නැගෙනහිරට යනවා නම් හමුදාවෙන් වුණත් යන්න ඕනෑ සිවිල් ඇඳුමින්ද? මහත්තයෝ, පරිස්සමින්. (නි)

:       0       0

සංජය Saturday, 17 January 2015 04:37 AM

මෙච්චරද ඉල්ලුවේ? යහපාලනය හොඳයි. ඒ වුණත් රටේ ආරක්ෂාව වැදගත්. දහස් ගානක් පුනරුත්ථාපනය කළ කොටි උතුරේ සමාජගතවෙලා ඉන්නවා. මේ අය හොඳින් යුධ පුහුණුව ලැබූ අය. (නි)

:       0       0

දල්පදාදු Saturday, 17 January 2015 04:43 AM

දැන් ඉතින් ඉල්ලීම් දෙන්න වෙනවා. ඔහොම යමු. දැන් කොටිත් ඉතින් හරි හොඳයි. ඉස්සර වගේ නෙමෙයි. (නි)

:       0       0

රූපවතී Saturday, 17 January 2015 04:48 AM

උතුරේ බලය ලියලම දෙන්න මොකටද තව දින සීයක්. උතුරෙන් ඡන්දෙ ඉල්ලා ගත්තේ ඕක කරන්නනේ. අනේ අපේ මැරුණු කොල්ලෝ සහ අනාත උණු පවුල් (නදී)

:       0       0

ඩී.උපුල් Saturday, 17 January 2015 04:50 AM

ඡන්දෙ ගන්න මහින්ද මහත්තය මවල පෙන්නපු බිල්ලා කොහොමද? ආයෙමත් ප්‍රභා ගැන යුද්ධය, යුධ අපරාධ ගැන කතා ඕනේ නැහැ. රට සුද්ධ කරගෙන ඉදිරියට යමු. අල්ලස් කොමිසම වහාම ක්‍රියාත්මක කරන්න. (නදී)

:       0       0

කුසුම් Saturday, 17 January 2015 12:24 PM

මම කියන්නේ නම් මේක වැරදි තීරණයක් මේ වෙලාවම ගනිපු මොකද දෙමළ මිනිස්සු තවමත් මාන බලන් ඉන්නේ අපේ භුමිය දිහා ටිකක් තව හිතන්න ඕන මගේ තීරණය නම් (අ)

:       0       0

මේවා Saturday, 17 January 2015 04:56 AM

දැන් මුස්‌ලිම් කොංග්‍රසය කියනවා නැගෙනහිර පළාතේ පාලනය දෙමළ ජාතික සන්ධානයට භාර දෙනවා' කියලා. අපි කල් තියා පෙන්වා දුන්නා රාවුෆ් හකීම් මහතාගේ උවමනාව. ඔවුන්ට අවශ්‍ය වුණේ දකුණේ සිංහල - මුස්‌ලිම් ගැටුම් අවුලවලා නැගෙනහිර මුස්‌ලිම් ජනතාවගේ සහාය ඇතිව උතුරු - නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය සමග සහවාසයකට යාම. අපි මේ දේවල් බොහෝ කලින් කීවේ. ඒ කියපු දේශපාලන අනාවැකි අද සැබෑ වෙමින් තිබෙනවා. මේ ගැන දැන් මොකද කියන්නේ? කියන්න දෙයක් නැහැ අනාගතයේදී අත් විදිනවා ඇරෙන්න (නදී)

:       0       0

ශළුාමා Saturday, 17 January 2015 05:04 AM

මොනදේ කරත් වැරදි දකින සමාජයකට මොනවා කරන්නද ? එතුමා මොනා කළත් වැරදියට හිතන පුද්ගලයන්ට මම නම් කියන්නේ පොඩ්ඩක් ඉවසල ඉන්න ඉස්සරහට රට දියුණුවෙන් දියුණුවට පත් වෙන හැටි බලන් ඉන්න (නදී)

:       0       0

ඇසළ Saturday, 17 January 2015 12:36 PM

සුප්‍රා හිතන් ඉන්නේ එහෙම තමයි ඔය සේරම මහින්ද ජනාධිපතිතුමාට ඉස්සෙල්ල දුන්න. වැඩකට නැති දීමනාවක්. දැන් දීගෙන යනවා ඉතුරු ටිකත් අපිව ඉවර කරලම දන්නා මේ පාර. 1. ආණ්ඩුකරතුමට දුන්න. 2. පිට රට ඉන්න ඩයස්පෝරාවේ ඉන්න උන්ට එන්න දුන්න. 3. දැන් බඩු කියල ඕනෙම දෙයක් ගෙනියයි. යහපලානේ කියල අනාගතේ පස් තමයි කන්න වෙන්නේ.(අ)

:       0       0

විජිත Saturday, 17 January 2015 05:08 AM

මොනවද තහනම ඉවත් කරපු භාණ්ඩ ? (නදී)

:       0       0

රුවන් Saturday, 17 January 2015 01:15 PM

මේ සුප්රා තුන් දෙනා එකතුවෙලා ගහන හැටි බලාගන්න දවස් 100 ඉවරවෙලා. (අ)

:       0       0

දුමින්ද Saturday, 17 January 2015 05:36 AM

බිම් මට්මට ගිහින් තීරණ ගැනීම වැදගත්. සිත් දිනා ගැනීම ඡන්දයට වඩා අමාරුයි (නදී)

:       0       0

ජසිටින් Saturday, 17 January 2015 01:25 PM

අපිට දැනගන්න පුලුවන්ද තහනම ඉවත් කරපු අනිත් දේවල් මොනවද කියලා. (නදී)

:       0       0

විමුක්ති Saturday, 17 January 2015 05:40 AM

මධුවන්ත නිකන් ගොනෙක් වෙන්නේ නැතුව දැන් කරන සංවර්ධනය බලන්න (නදී)

:       0       0

ආරැමුගම් Saturday, 17 January 2015 05:57 AM

උතුරු නැගෙනහිර තවත් යුද්ධයක් ඇතිවෙන එකත් සාමයෙන් ජීවත් වෙන එකත් රදා පවතින්නේ සිංහල ජනතාව අතේ. තවත් යුද්ධයක් ඇති වුවහොත් එය පොඩි න්‍යස්ටික යුද්ධයක්ම වේවි. සිංහල ජනතාවගේ මහා විනාසයක් වේවි. (අ)

:       0       0

කුමාර් Saturday, 17 January 2015 06:06 AM

මේවා එකපාරටම කරන්න ඕනා වැඩද ?. අපි මෛත්‍රී කලාට සැබෑ ත්‍රස්තවාදීන්ගේ සුවබාවය ලෙහෙසියෙන් වෙනස් වෙන්නේ නෑ.(අ)

:       0       0

සමන් පැරිස් Saturday, 17 January 2015 07:29 AM

මොනවද තහනම ඉවත්කළ භාණ්ඩ? විදේශිකයින්ට පනවා තිබු තහනම ඉවත් කරන්නත් පෙර කොටි හිතවතුන් දෙන්නෙක් එහෙ ගිහිල්ල කියලයි ආරංචි. (අ)

:       0       0

සම Saturday, 17 January 2015 07:31 AM

මට මේක තේරෙන්නේ නැහැ..කරුණාකරලා කියන්න..උතුරට දැන් යුධ උපකරණ හා පුපුරන ද්‍රව්‍ය ගෙන යන්න පුලුවන්ද බැරිද? (අ)

:       0       0

සමන් Saturday, 17 January 2015 05:03 PM

කව්රු හරි පැහැදිලි කරන්න මෙහි සඳහන් භාන්ඩ අපේ හමුදාවේ අයටත් ගෙනියන්න බැරිද කියලා. (නදී)

:       0       0

ආනන්ද Sunday, 18 January 2015 02:23 PM

ඔහොම යමු ඔහොම යමු. අනිවාර්යයෙන්ම කොටි උතුරට ගහනවා. එතකොට මිනිස්සුන්ට මහින්ද මහත්තයව මතක් වෙයි. (නදී)

:       0       0

පින්සිරි Saturday, 17 January 2015 07:34 AM

නව රජය පත් කරලා තවම දවස් අටයි. දවස් තුනෙන් ආණ්ඩුකාරයා වෙනස් කෙරුවා. මේ තරම් තකහනියේ මොකද උතුර හා නැගෙනහිර ගැන මෙච්චර උනන්දුවක්.?දින සීයෙන් වැඩ ගොඩක් කරන්න තියෙන නිසාද?(දිල්)

:       0       0

කසුන් Saturday, 17 January 2015 07:47 AM

ඔහොම යමු ,ඔහොම යමු.සබැ වෙනස දැකගන්න පුළුවන් ඉක්මනටම.(අ)

:       0       0

සුජිත් Saturday, 17 January 2015 08:00 AM

විධායක බලතල නැතිකිරීම තමාගේ ප්‍රධාන තේමා පාටය කරගත් මොවුන් දැන් ප්‍රධාන කාර්ය බවට කරගෙන තිබෙන්නේ ටී.එන්.ඒ එකට උණු පොරොන්දු ඉටුකිරීමක් නොවේද? නැතිනම් මේ තරම් මේවා කරන්න තිබෙන හදිස්සිය මොකක්ද ? (නදී)

:       0       0

ඇසළ Saturday, 17 January 2015 08:05 AM

දැනටම ඩයස්පෝරාවේ හතර දෙනෙක් උතුරට ඇවිල්ලා කියා ආරංචියි. එහෙනම් යුද්ධ කරපු රණවිරුවන්ට දෙයියන්ගේම පිහිට තමයි. (නදී)

:       0       0

දයා Saturday, 17 January 2015 08:06 AM

හොඳ චිත්‍රපට හදයි දැන්. හොඳ උපදෙස් දෙන්ට පුළුවන් දැන් කොටින්ට ලෑස්ති වෙන්න (නදී)

:       0       0

නලින් Saturday, 17 January 2015 08:25 AM

ඒ කියන්නේ තව ටික දවසකින් හමුදාවත් ඉවර කරයි. ඔහොම යමුකෝ මෛත්‍රී වේවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 11 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 541 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 614 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 252 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 697 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 1947 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38635 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site