උතුරේ අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුමක් සහිත යෝජනාවලියක් සකස් කිරීමට දෙමළ ජනතා මණ්ලය 14 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.
උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි නව පක්ෂයේ දෙවැනි සැසියේ දී එම කමිටුව පත් කළ බව එම ආරංචි සඳහන් කරයි.
තුන් මාසයක් ඇතුළත සකස් කරන එම යෝජනාවලිය මෛත්‍රීපාල සිරිසේන ජනපති ප්‍රමුඛ රජයට බාර දීමට ද එහි දී එකඟතාවය පළ කර තිබේ.
දෙමළ ජනතා මණ්ඩලයට දෙමළ ජාතික සන්ධානය සමඟ සම්බන්ධ පක්ෂ කිහිපයක සහයෝගය ලැබී තිබේ.
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උතුරට විසඳුම් හොයන්න විග්නේෂ්වරන්ගේ පක්ෂයෙන් කමිටුවක්
ඉසුරන්දි Tuesday, 29 December 2015 04:34 AM
මේවා ඉතින් අපේ මිනිසුන්ගේම වැරදි තමයි. රට යම් රාමුවක් තුල පාලනය වෙද්දී ඊට එපිටින් යන අයව පාලනය කරන ක්‍රමයක් තවම ලොක්කෝ හොයාගෙන නැහැනේ.(ම)
නිහාල් Monday, 28 December 2015 02:41 PM
දකුණේ අයගේ විසඳුම් හොයන්න කමිටුවක් පත්කළොත් ඒක ජාතිවාදී කියන අය නම් ඕනෑතරම් ඉඳීවි (නි)
සිල්වා Monday, 28 December 2015 03:03 PM
උතුරේ ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳන්න රජය බැඳී ඉන්නවා, රජයක් හැටියට. නමුත් විග්නේෂ්වරන්ගේ, දෙමළ ඩයස්පෝරාවේ සහ කොටි හිතවාදීන්ගේ ඕනෑ එපාකම් වල අතරමැදියෙක් වුණොත් වෙන්නේ ලොකු විනාශයක්. ඒ හින්දා උතුරේ ජනතාව වෙනුවෙන් අවංකව වැඩකර ජනතාවගේ හිත දිනාගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මොකද අපි රටක් වශයෙන් ඉදිරියට යාහැක්කේ එකමුතුව වැඩකළොත් පමණයි (නි)
ප්‍රනාන්දු Monday, 28 December 2015 05:40 PM
සිල්වා, සිදුවෙන දේ බලා සිටින්න (නි)
ප්‍රබෝද Tuesday, 29 December 2015 12:32 AM
උතුරට වෙනම පාලනයක් ඕනෑ නම් දකුණේ අපිටත් වෙනම පාලනයක් ඕනෑ. දකුණේ ගංගා උතුරට ජලය සපයනවා නම් ඒවා හැරවිය යුතුයි. ඊට පස්සේ මොකද වෙන්නේ? භුමිය විතරක් ඇද්ද? (නි)
දුමින්ද Tuesday, 29 December 2015 02:04 AM
විසඳුම එකම රටක්! (නි)