IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


උතුරුමැද පළාත් සභාව උණුසුම් වෙයි: 22ක් අත්අඩංගුවට

( බී.ජි චතුරංග )

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඇතුළු පලාත් සභා නිලධාරීන් හා කාර්ය මණ්ඩලය  පළාත් සභා ගොඩනැගිලි පරිශ්‍රය තුළ සිර කර, එහි පිට වීමේ හා ඇතුල්වීමේ දොරටුව අවහිර කර උද්ඝෝෂණයේ  නිරත වූ රැකියා විරහිත උපාධිධාරීහු  22ක් අද(6)  අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර සමස්ත ලංකා  ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ හිටපු කැඳවුම්කරු  ධම්මික මුණසිංහ ඇතුළු පිරිමි පුද්ගලයන් 11ක් සහ කාන්තා සාමාජිකාවන් 11 සිටියහ.

පොළොන්නරුව වැලිකන්ද වැනි දුෂ්කර ප්‍රදේශවල සිට කුඩා ළමයින් සමග කුස ගින්නේ පිරිස් මෙම ස්ථානයට පැමිණ සිටින බවත්, උතුරු මැද පළාතේ ඇති පුරප්පාඩු වලටත් වඩා අඩු, රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පලාත තුල සිටින බැවින් ඔවුන්ට රැකියා ලබා දීමට ක්‍රියා නොකරන්නේ මන්දැයි මෙම පිරිස ප්‍රශ්න කර සිටියහ.  

අද  (6) උදෑසන දහයට පමණ පළාත් සභා ප්‍රධාන ගේට්ටුවෙන් පලාත් සභා භූමියට  ඇතුළු වූ එම රැකියා විරහිත උපාධිධාරීහු පිරිස, උතුරු මැද පළාත් සභාවේ පිට වන හා ඇතුළු වන දොරටු සියල්ල අවහිර කරමින් බිම වාඩි වී උද්ඝෝෂණයේ  නිරත වූහ .

.



අදහස් (9)

උතුරුමැද පළාත් සභාව උණුසුම් වෙයි: 22ක් අත්අඩංගුවට

Sachith Monday, 06 May 2024 01:51 PM

කෑගල්ලේ මිනිස්සු මෙයාට කියන්නේ මනිපාල කියලා, මෙයාගෙන් වැඩක් ගන්න ඕනෑ නම් ඉතින් සල්ලි තමයි ඕනෑ...

:       2       30

Chaminda PradeepTuesday, 07 May 2024 10:55 AM

කෑගල්ලෙ සමුපකාර සමිති කාර්‍යාලයක ලිපිකරු තනතුරක් දැරූ මිනිහා දැන් කොහොමද ඔය මිනිහා සබරගමුවේ මහ ඇමති කිව්වට රත්නපුර දිස්ත්‍රික්කයේ කරපු කිසිවක් නැහැ කෑගල්ලෙ අතුරු මාර්ගය හදද්දී මිනිහගේ ගෑස් යාඩ් එක කැඩෙනවා කියලා මාර්ගය හහදන්න දුන්නෙ නැහැ අන්තිමේ එතන තිබූ ඇල මාර්ගයේ කොටසක් ගොඩකර තමයි මාර්ගය සංවර්ධනය කලේ.සියඹලා උන්නැහේ නොහිටින්න ඒක කරන්න ලැබෙන්නේ නැහැ මහ ඇමැති හැටියට කරපු පළමුදේ තමයි වාහන ගෙනවිත් එක් එක් ආයතන වලට බෙදාදීම ඒ ගැන විස්තර ආරංචි කරල බලන්නකෝ

:       0       0

Nimal Monday, 06 May 2024 02:01 PM

දැඩි නින්දේ පසුවන පළාත් සභාවට හොඳම වැඩේ...!

:       3       25

ගුල්ලු Monday, 06 May 2024 02:20 PM

පිනට කන්න ඉල්ලන කාලකණ්නි. ඔකුන්ට පිනට උගන්නල, පින් ජොබ් දීල, ජීවිත කාලෙම අයිස් ගහන්න රජයෙන් ජොබ් දෙන්නත් ඕනෑ..

:       15       18

විචාරකMonday, 06 May 2024 03:45 PM

රාජ්‍ය සේවය ඔහේ කියන විදියෙ එකක්නම් ඔහේ කිසිම රාජ්‍ය ආයතනයකට යන්නෙ නැති ගන්දබ්ධයෙක් වෙන්න ඕන. කොටින්ම උපත්, මරන තියා රෝහලකටවත් යන්නෙ නැති එකෙක් වෙන්න ඕන. මේ වගේ කතා හොඳයි ඉතිං මේ කාලකන්නි ආන්ඩුවලටම

:       7       7

Kazi Shajahan Monday, 06 May 2024 02:23 PM

මේ පොලිසියේ අයත් නිකන් රොබෝලා වගේ වැඩ කරන්නේ, මොලයක් නැහැ කියන ඕනම දෙයක් කරනවා.

:       6       12

ජයනාත් Monday, 06 May 2024 02:26 PM

සමස්ථ රාජ්‍ය සේවය විශාල ලෙස බිඳ වැටෙමින් තියෙනවා. ආණ්ඩුවේ උවමනාව රාජ්‍ය සේවය දිය කර හැරීම . පුරප්පාඩු අති විශාල ප්‍රමාණයක් තියෙනවා . ඒත් බඳවා ගන්නෙ නැහැ . තදබල ක්‍රියා සඳහා යොමු විය යුතුය .

:       15       7

පුනකකේ හේරා Monday, 06 May 2024 05:37 PM

උද්ඝෝෂණ වලින් එයාව හොල්ලන්න බෑ මල්ලි. ෂල්ලි,..ෂල්ලි තමා ඕනා..මල්ලි ... උද්ඝෝෂණ වානා...

:       1       9

kotiya Tuesday, 07 May 2024 02:54 AM

අනේ මන්දා. අපිත් උපාධි ගත්තා. හැබැ‍යි රස්සා දියව් කිය කියා තැන තැන ලැග්ගේ නෑ. කොටින්ම උපාධි සහතිකේ අතට එනකොටත් අපි රස්සාවල... උපාධියකුත් තියාගෙන රස්සා දියව් කිය කියා ලගින එකෙන්ම පේනවා කොයිතරම් කාර්‍යක්ෂම දක්ෂ කට්ටියද කියලා මේ අය. රාජ්‍ය සේවයට බඳවා ගත්ත දවසේ ඉඳන් ඉතින් අකාර්‍යක්ශම රාජ්‍ය සේවයක් තමයි ඉතින්. ලංකාවේ රාජ්‍ය සේවය අකාර්‍යක්ශම වෙන්න ප්‍රධාන හේතුව මේ වගේ උද්ඝෝෂණ වලට බයවෙලා අදක්ෂයින්ට රස්සාවල් දෙන එක.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 679 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 924 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2023 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4315 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2258 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 841 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site