IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


උතුරයි දකුණයි නව පිටුවක් පෙරළයි

උතුරු පළාත් මහ ඇමැති  ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් මහතා මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේදී අරලියගහ මන්දිරයේදී මින් මද වේලාවකට පෙර දිවුරුම් දී වැඩ භාර ගත්තේය.

(ඊ.පී.ඩී.පී නායක ඩග්ලස් දේවානන්ද මහතා සමග)



අදහස් (0)

උතුරයි දකුණයි නව පිටුවක් පෙරළයි

ඉම්රාන් Monday, 07 October 2013 02:44 PM

ඔබතුමාට යමක් මෙම සුභ මොහාතේ මතක් කර දීමට කැමති. බහුතර සිංහල ජනතාව සාමයෙන්, සමගියෙන්, සහජීවනයෙන් ජීවත් වීමට කැමති ලෝකේ ඉන්න විශිෂ්ටතම ජාතියක් බව ඔබතුමා ඇතුළු මුස්ලිම් දේශපාලකයනුත් දැන ගත යුතයි. පොඩි කොටසක් තමයි සිංහලයාගේ අන්තවාදීව කටයුතු කරන්නේ, මිසක් බහුතරය නොවේ. අපි සියලු ජාතීන්ට ප්‍රශ්න තිබෙනවා. නමුත් ඒවා අපි සියලුදෙනාම සමගියෙන් කටයුතු කිරීමෙන් පමණයි ජයගත හැක්කේ. සිංහල බහුතරය සිංහල දේශපාලකයන් දේශප්‍රේමිව හැගීම්බර කතා කියමින් ඡන්ද ටික ලබා ගන්නවා, දෙමල හා මුස්ලිම් අයත් එසේමයි. වෙනසක් පේන තෙක් මානයකවත් නැහැ. නමුත් ඡන්දෙ ඉවර වුනාට පස්සේ ඔක්කොම එකට කිරිබත් කමින් එකම කැබිනෙට් එකේ ඇමතිවරු වෙනවා. මේවා අද ඊයේ වෙන දේවල් ද? නැහැ නේද? පොඩ්ඩක් අපි කල්පනා කලොත් හොඳයි. (ස)

:       0       0

චමින්ද Monday, 07 October 2013 10:35 PM

ශ්‍රී ලාංකිකයෙක් කියා හිතට අරගන්න ,ඉන්දියාව දෙමළ ජනයා මුලා කරලා ඉන්දියාවේ වැඩේ කරගන්නයි හදන්නේ. ඔබතුමා කල්පනාවන්(නදී)

:       0       0

දුරන්ග් Monday, 07 October 2013 02:54 PM

මහ ඇමතිතුමාට ගෞරව පුර්වකව සුබ පතමි. ඔබතුමාට ඉදිරියට යාමට ඇත්තේ රෝසමල් ඇතිරූ මාවතක් නොව කටු කොහොලින් පිරි මාවතක් උවද උගත් බුද්ධිමත් එමෙන්ම නීති ක්ෂේත්‍රයේද විශාරදයෙක් වන ඔබතුමාට උපායශීලීව යහ පාලනයකට දොර කවුළු විවෘත කිරීමට ඉඩහසර ලැබේවා!!! (ස)

:       0       0

අනුරාධ. Monday, 07 October 2013 10:50 PM

උගත්කම කෙසේවෙතත් බුද්ධිය මෙහෙයවල කටයුතුකලේ නැත්නම් අර අමන ත්‍රස්තවාදියා කළා වගේ තමන්ගේ වර්ගය අයෙමත් අපාදුක් විඳින තැනට කටයුතු සලස්වගන්න පුළුවන්. අපේ වීරෝධාර රණවිරුවන්ට රටේ බුද්ධිමතුන්ට පින්සිඳුවෙන්න ඒ අය දැන් නිදහසේ ජීවත්වෙනවා. අනෙක ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් එක එක බහිරවයන්ගේ ඔනෑ එපාකම් ඉටුකර දේශද්‍රෝහීයෙක් නොවී කටයුතු කලොත් ඔය සැමදෙනාගේ අනාගතය ඉතා යහපත්වේවි. එසේ වේවායි මා ප්‍රාර්ථනා කරනවා. (නදී)

:       0       0

සුමිත් ද සිල්වා Monday, 07 October 2013 10:52 PM

දිව්රුම් දීම හොදයි. නමුත් එතුමා හදවතින් තමන් සැබවින්ම උගත් ගුණධර්මයන් උපයෝගී කරගනිමින් අන්‍ය ජාතිකයන් සමග සමගියෙන් සාමදානයෙන් වැඩ කලොත් එය තමා ඔහුගේ මහත්මා ගතිය පිලිබිඹු කරන සත්‍යවාදී ලක්ෂණය නැතිව අන්තවාදීව සිතමින් ක්‍රියාකරමින් අපි අනිත් ජාතීනට උසස්ය සිතා ක්‍රියා කරන්නට ගියොත් එය අදටත් අනාගතයටත් බෙහෙවින් බලපාවි. ජාතින් අතර අසමගියටත් බලපාවි. කාලයට ඉඩ දීල බලන් ඉදිමු. (නදී)

:       0       0

රසික - ඕමාන් Monday, 07 October 2013 03:26 PM

සිංහයා සහ කොටියා පොරකන කොට නරිය බලන් ඉන්නවා. පොර කාලා අඩ පණ වුන සිංහයා සහ කොටියා නරියාගේ ගොදුර වෙනවා. ඕක දැනගෙන සමගියෙන් ජීවත් වෙන්න.නැගෙනහිර හොඳම උදාහරණයි.. (ස)

:       0       0

නිශාර්ඩ් Monday, 07 October 2013 03:29 PM

ඔබෙන් සේවය බලාපොරොත්තුවන උතුරේ ජනතාවට හොඳ සේවයක් ලබාදීමට ඔබට සියලු ශක්තිය සහ ධෛර්ය ලැබේවා පතමි. (ස)

:       0       0

චින්තක පෙරේරා Monday, 07 October 2013 03:50 PM

මේ රටේ 1505 දී සිංහල 95% වැඩිය හිටියා මුළු ලංකාවේම අයිතිය තිබුනේ සිංහලයන්ට. 1881දි සිංහලයා 66% බවට ඉංග්‍රීසින් පත් කරලා දෙමළ මුස්ලිම් ජාතිකයින් ලංකාවේ සිංහලයාට නැති වරප්‍රසාද දීල සිංහලයව පාලනය කරන්න යොදවා ගත්තා. 2011 දී සිංහලයා 74% වෙලා තියෙන අතරේ ලංකාවේ ඉඩම් වලින් 30% දෙමළ සන්ධානය ඉල්ලනවා. සිංහල මිනිසුනේ.... හිතන්න කාලය ඇවිල්ලා. කූඩාරමට රිංගපු ඔටුවා මිනිහට කරපු දේ සිංහලයාට කරන්න දෙන්න එපා. මේ රට ඔබේ දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට රැකදෙන්න. (ස)

:       0       0

ලන්ඩන් - ධර්මසේන නවරත්න Monday, 07 October 2013 03:56 PM

මෙතුමාගේ නඩු තීන්දු කිව්වහම පුදුම හිතෙනවා. මොන තරම් තීක්ෂණ බුද්ධියක් තියෙන පුද්ගලයෙක්ද කියලා මෙතුමා.මෙතුමාගේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු රාශියක්ම තියෙනවා ඉතාම වැදගත් කරන ගෙන. එතුමාට අපි එංගලන්තයේ සිට සුබ පතමු. (ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 07 October 2013 03:59 PM

ඔය එක එක ඩයස්පෝරා වල සහ ජයලලිතලගේ න්‍යාය වලට ගැති නොවී ඔබතුමාගේ අධිකරණ ක්ෂේත්‍රයේ ඇති පලපුරුද උපයෝගී කරගෙන උතුරු පළාතේ උසාවි වල ඇති නඩු ජනතාව රස්තියාදු නොකර ඉක්මනටත් සාධාරණවත් විසඳීමට ඔබ තුමාගේ බලය පාවිච්චි කලොත් උතුරේ දියුණුව එතනින් ඇරඹිය හැක , දියුණු සමාජයක් මුල හොරකම , මැරකම , වංචාව දුෂණය පිටුදැක නිතිය සැම දෙනාටම සාධාරණ ලෙස හොඳින් ක්‍රියාත්මක විමි , බටහිර දියුණු රටවල ආර්ථික දියුණුවේ රහස මෙයයි. (ස)

:       0       0

රත්න Monday, 07 October 2013 04:05 PM

සිංහලයාට තරම් අසාධාරණ වුනු සහ වෙමින් පවතින වෙනත් ජාතියක් නැති තරම්. අපට මේ රටේ උතුර නැගෙනහිර ජීවත් වීමට අද වෙන කොට බාධා ඇත. අපේ උරුමයන් පවා විනාශ කරමින් පවතී. දමිළ බෙදුම් වාදය , මදිවට මුස්ලිම් බෙදුම් වාදයකටත් සුදානමින් සිටින බව නොරහසකි. යම් දිනක අපට ඉඩ නැති නම්, උතුර, නැගෙනහිර, නුඹලටද අන් පළාත් වලද ඉඩක් නැති බව මතකයේ තබාගෙන ඉන්න එක හොඳයි. ඉන්දියාවට සහ බටහිරයන්ට අප ගැන, රට ගැන කැක්කුමක් ඇති වෙන්න හදවතක් නෑ. ඔවුන්ගේ පිටු පස යන එවුන් ගැන අපි විස්වාසද නොකරමු. (ස)

:       0       0

කුමාර් Monday, 07 October 2013 04:16 PM

එකතු වෙලා ඉදිරි ගමන ගියෙ නැති නම්, රට සිංහලයන්ටයි, දෙමළ ජනයාටයි, මුස්ලිම්ලාටයි ඔක්කොටම නැතිවෙලා, ඉන්දියානු ව්‍යාප්ත වාදීන් ගේ ප්‍රාන්තයක් බවට පත්වෙයි. ඉන්දියාව දෙමළ ජනයා මුලා කරලා ඉන්දියාවේ වැඩේ කරගන්නයි හදන්නේ. (ස) කුමාර්.

:       0       0

කුමාර් Monday, 07 October 2013 04:22 PM

දෙමළ ඩයස්පෝරාවයි එයාලට කත් අදින බටහිර ලෝකයයි ඇස් ඇරලා බලන්න හොඳ දෙයක් මේක, ලංකාවේ ඔය කියන ජාතිවාදෙයි දෙමළ ජනයා කොන් කිරීමයි තිබුනා නම් කොහොමද මේ වගේ උගත් ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු කෙනෙක් දෙමළ ජනයා අතරින් එන්නේ? (ස) කුමාර්.

:       0       0

ප්‍රිය Monday, 07 October 2013 04:24 PM

අපේ අයට අපේ කමක් නෑ. ඒකනේ අදටත් අපි පිටරට යන්නේ ඉඳුල් සොදන්නේ, අපි දොස් කියලා වැඩක් නෑ, ඒ මනුස්සයා ඒ මනුස්සයාගේ අයට අදිනවා, මේවා බලලා අපේ මිනිහට උදව් කරන්න, ඡන්දේ දීලා තියෙන එකෙන්ම පේනවනේ කොහොමද එකමුතුකම කියලා. (ස)

:       0       0

රකිත් Monday, 14 October 2013 07:34 AM

තේසවලාමේ නීතිය අනුව ද්‍රවිඩ සම්භවයක් නැති අයකුට පාරම්පරික දේපල මිලදී ගත නොහැකියි නේද? (නි)

:       0       0

කුමාරණ Monday, 07 October 2013 05:02 PM

අපේ ජනාධිපති තුමා ත්‍රස්තවාදයෙන් රට මුදා ගත්තා වගේ ඔබ තුමා උතුර මෙන්ම දකුණේත් රිදුන සිත් සුවපත් කරමින්,විශ්වාසය ගොඩ නගමින් වැඩ කරන්න වග බලා ගන්න..(නදී)

:       0       0

සුනිල් Monday, 07 October 2013 05:18 PM

මේක ඉතාම යහපත් සුභවාදී ආරම්බයක් ! ගරු ජනාදිපතිතුමනි, දකුණේ අවස්ථාවාදී, අන්තවාදීන්ගේ උගුල්වලට හසුනොවී සියලු ජාතීන් එකමුතු කරගෙන මේ රටට සුබ අනාගතයක් උදාකර දෙනු මැනවි ! (අ)

:       0       0

සරත් Monday, 07 October 2013 09:58 AM

ආරම්භය ඉතාම හොදයි.(නදී)

:       0       0

රෝහණ Monday, 07 October 2013 09:59 AM

දිව්රුම් දීම හොදයි. නමුත් එතුමා හදවතින් තමන් සැබවින්ම උගත් ගුණධර්මයන් උපයෝගී කරගනිමින් අන්‍ය ජාතිකයන් සමග සමගියෙන් සාමදානයෙන් වැඩ කලොත් එය තමා ඔහුගේ මහත්මා ගතිය පිලිබිඹු කරන සත්‍යවාදී ලක්ෂණය නැතිව අන්තවාදීව සිතමින් ක්‍රියාකරමින් අපි අනිත් ජාතීනට උසස්ය සිතා ක්‍රියා කරන්නට ගියොත් එය අදටත් අනාගතයටත් බෙහෙවින් බලපාවි. ජාතින් අතර අසමගියටත් බලපාවි. කාලයට ඉඩ දීල බලන් ඉදිමු.(නදී)

:       0       0

චින්තක පෙරේරා Monday, 07 October 2013 05:23 PM

සිංහලයනේ, මහින්ද රාජපක්ෂ මහත්තය අපේ රටට ජාතියට පිනට පහල වූ මහගු වස්තුවක්. එතුමාට හිස නොනමන හතුරෙක්වත් මේ ලංකාවේ නැතිබව මෙයින් ඔප්පු වෙනවා. එතුමාව දිවි ඇතිතෙක් රැක ගැනීම හැම සිංහලයෙකුගේම යුතුකමක්. විරුද්ධවාදී කම් නොකර එතුමාට රට ගොඩ නගන්න සහය වන්න. එතුමාගේ පාලන කාලය දැකගැනීමට ජීවත් වීම පවා වාසනාවක්. අනාගත පරපුර එතුමාට මල් තියල වඳින බව සහතිකයි (අ)

:       0       0

හේමන්ත Monday, 07 October 2013 10:08 AM

ඔන්න එකෝමත් එක කාලෙක හිස උදුම්මාගත් ගොම කුරුමිනියෙක් වහසි බස් දෙඩුවලු සද්දන්ත හස්ති රාජයකුට එරෙහිව. අඩු බඩු උස්සමින් හස්තියාට ඝෝරනාඩු කලාලු සටනට එන්න කියා. හස්තිය නිසොල්මන්ව හිටියත් උගේ ගෙරවුම වැඩි වෙන්න ගත්තලු. හස්තියා පිටි පස්ස හැරී එක වසුරු පිඩක් කුරුමිණියා මත හෙලා සන්සුන්ව යන්න ගියාලු. (නදී)

:       0       0

රත්න Tuesday, 08 October 2013 01:43 AM

සමන්‍ , රත්න, චින්තකලා මේ රටට ආදරය කරන මිනිසුන් අතරින් දෙදෙනෙක් පමණි. (නි)

:       0       0

ට්‍රි යෝනි සෙනවිරත්න Monday, 07 October 2013 10:13 AM

දැන් උන සනීප ඇති ඉතිරි හරිය පසුවට.(නදී)

:       0       0

තේසාන් Monday, 07 October 2013 10:13 AM

මෙයා කිව්වෙ නම් දිව්රුම් දෙන්නේ නැහැ කියලා. මහා ලොකු කතා කිව්වට ඇයි ආවේ. දැන්වත් මෙයාට ඡන්දෙ දුන්න අයට ඇස් අරුනොත් හොදයි දිව දෙකේ මනුස්සයෙක් ගෙන් මොනාද බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. මම හිතන්නේ ආපහු අපේ ත්‍රිවිද හමුදා සුදානම් කලොත් හොදයි.(නදී)

:       0       0

ශාන්ත ලාල් Monday, 07 October 2013 10:15 AM

ඔන්න කොටි නැටුම් නටන්න හදනවා එහෙම නොවෙයි හරිද?(නදී)

:       0       0

තබුක් සිල්වා Monday, 07 October 2013 10:16 AM

සියලුම බලය එක පක්ෂයකට ගොනු උනොත් එය රජයක් වැරදි මගට යාමකි (නදී)

:       0       0

ධම්ම Monday, 07 October 2013 10:21 AM

උතුරේ ජනතාවට අලුතින් හිතන්න හුරුකරවන්න උගත් මහ ඇමතිතුමනි . (නදී)

:       0       0

ලුම්බිණි Monday, 07 October 2013 10:23 AM

සුභ පැතුම්!.(නදී)

:       0       0

සුනෙත් Monday, 07 October 2013 10:25 AM

අපේ කොල්ලෝ ටික මැරිලා මුන්නේහෙට පැන්ෂන් ගිහින් කොරන්න රස්සාවක් හෝයලා දුන්න...(නදී)

:       0       0

නාරද Monday, 07 October 2013 10:25 AM

මේ ගොල්ල උගුලෙන් බැරිනම් හබකෙන් වැඩේ කරගන්ඩ හදන්නේ, හැබැයි දොරේ අපේ ලොක්කා එක්ක ඒවා ලේසි නැහැ.(නදී)

:       0       0

සී. රත්නවදිවෙල් Wednesday, 09 October 2013 06:13 PM

සිංහල දෙමල ජාතීන් අතර බොහෝ දේවල් සමානයි. එම නිසා අපි එක පවුලක් ලෙස ජීවත්වෙමු. දේශපාලඥයින්ගේ කතාවට කන් නොදෙමු. (නි)

:       0       0

ගුණේ Monday, 07 October 2013 10:44 AM

ජයවේවා ! ලංකා මාතාවට. .(නදී)

:       0       0

ප්‍රින්ස් Monday, 07 October 2013 06:46 PM

ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රිලංකාවේ නිදහස් ඡන්දයකදී විග්නේශ්වරන් මහතා උතුරේ මහා ඇමති ලෙස පත් වුනේ යුද්ධය නොමැති නිසාය.මෙහි සියලුම ගෞරවය ජනාධිපතිතුමාට,ආරක්ෂක ලේකම්තුමාට සහ එවකට හිටපු යුද හමුදපති සරත් ෆොන්සේකා මහතාට හිමිවිය යුතුය. (අ)

:       0       0

මොහාන් කුමාර Tuesday, 08 October 2013 01:07 PM

උතුරට වැඩිය සහෝදර දෙමළ වැසියන් ජීවත් වන්නේ දකුණේ බව සිහි තබාගෙන විග්නේෂ්වරන් මහතා ඉදිරියට වැඩ කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. (ස)

:       0       0

සුභාෂිනී Monday, 07 October 2013 06:54 PM

මේකේ තියෙන ප්‍රතිචාර දැක්කම සතුටුයි . අපේ අය කොයි තරම් පුළුල් විදියට හිතන අයද කියල කුමාර්ගේ සුමනගේ ඇතුළු හැමෝගෙම අදහස් බැලුවම පේනවා. අපි ප්‍රර්තනා කරන්නේ කොයි විදියේ රටක් ද කියල මෙතුමාට සුභ පතන ගමන්ම මෙවැනි වටිනා අදහස් ඇති ශ්‍රී ලාංකිකයන්ට මගේ ගෞරවය පුදකරමි.(නදී)

:       0       0

පෙත්තා Monday, 07 October 2013 06:58 PM

සුභ පැතුම් අපි බලන් ඉන්නේ.(නදී)

:       0       0

නිමල් ලලිතා Monday, 07 October 2013 10:54 AM

ප්‍රබල විපක්ෂයක් වර්තමාන දේශපාලනයට නැති කළ ජනාධිපතිවරයා මේ රටේ නායකයා වශයෙන් දිවුරුම් දීම ගැන සතුටු වෙමි.(නදී)

:       0       0

නිහාල් ඩී රොද්‍රිගු Monday, 07 October 2013 10:56 AM

අගෙයි. හිට්යොත් එකටබැදි ලෝකෙම රටට වදී (අ)

:       0       0

සමන් Sunday, 13 October 2013 01:05 PM

රත්න මම නම් හිතන්නේ නැහැ රටට ආදරේ කරන කට්ටිය රටේ කල කෝලාහල ඇති වෙන විදිහේ වචන දෙසාබයි කියලා(නදී)

:       0       0

කෝසල Monday, 07 October 2013 07:14 PM

වටිනා අදහස් සහ වටිනා හදවත් ඇති ශ්‍රී ලාංකිකයන් හට මාගේ ගෞරවය. .(නදී)

:       0       0

සරත් Monday, 07 October 2013 10:59 AM

මගේ රටට දළදා සමිඳුන් පිහිටයි (අ)

:       0       0

සෙන්තිල් නාතන් Monday, 07 October 2013 07:17 PM

නීල්, අදාල කමෙන්ට් විතරක් දාන්න. මගෙන් හොදවයින් දෙකක් අහගන්න එපා.(නදී) .

:       0       0

අචිනි Monday, 07 October 2013 11:02 AM

සුබපැතුම්..නමුත් ඒ කෙනා වගේ ප්‍රතිපතිනම් තවත් එපා .(නදී)

:       0       0

විජේසිංහ Monday, 07 October 2013 11:09 AM

එයාලගේ දියුණුවේ රහස, සුදුස්සාට සුදුසු තැන. .(නදී)

:       0       0

කමල් Monday, 07 October 2013 07:36 PM

සත්‍යගරුක පාලනයක් ශ්‍රී ලාංකික විදියට ගෙනයන්න දකුණේ සිංහල දේශපාලකයින්ගේ වැඩ ඉගෙන නොගන්න, ලෝකයේ ඕනෑම රටක මහජාතියකුත් සිටින බව මතක තබාගන්න, ඔබ හොදනම් ශ්‍රී ලාංකික විදියට හිත්න්නේ නම් හා යටි අරමුනු නොමැතිනම් දවසක ජනාධිපතිකමට ඉල්ලුවොත් සිංහල මිනිසුත් ඔබට ඡන්දය දේවි. (අ)

:       0       0

සෙනේ Monday, 07 October 2013 07:46 PM

අද ඇත්තටම සතුටුයි. අද මේ දකින්න ලැබුන දේ අවුරුදු 40 කින් වත් දකින්න ලැබුනේ නැති දෙයක්. මේ ලැබුන් නිදහස දිගටම තියාගන්න. ශ්‍රී ලාංකිකයෙක් කියා හිතට අරගන්න. ඔබට ජය!(නදී)

:       0       0

හේරත් Monday, 07 October 2013 07:50 PM

පොන්නම්බලම් රාමනාදන් ලක්ෂමන් කදිරගාමනාදර් වැනි නම් අතරට එක් වෙන්න ඔබට සියලු ශක්තිය. කකුල් හතරේ පුල්ලි අය ගේ ලිස්ට් එකට නම දාගන්න නම් එපෝ.....(නදී)

:       0       0

සමන් Monday, 07 October 2013 07:53 PM

ඉම්රාන් ඔබ ඒ පැවසුවේ රත්න හා චින්තක වගේ අය ගැන නේද ? සිංහලයන්ව කන්නම උපන්න යක්ෂ පෙටියෝ උන් .(නදී)

:       0       0

කරුනාරත්න පෙරේරා Monday, 07 October 2013 11:26 AM

මස් රාත්තලම ඉල්ලන්නේ නැතුව මේ වගේ නම්‍යශීලී වෙනවා නම් ප්‍රස්න බොහෝ දුරට මග හැරේ. බලමු ඉදිරියේදී වෙන්නේ මොකක්ද කියල..(නදී)

:       0       0

මංගල Monday, 07 October 2013 08:02 PM

සිංහලයන් මෝඩයන් කියන එක ඔප්පූ වුන තව අවස්තාවක්..(නදී)

:       0       0

හේමන්ත Monday, 07 October 2013 11:33 AM

උතුරු පළාත් සභාවට පත්වූ ප්‍රථම මහ ඇමති විග්නේෂ්වරන් මහතාට සුභාපතමි. මතු අනාගතයේ රට නොබෙදා එකම ලාංකීය ජාතියක් ලෙස සියලුම ජාතින් ජිවත්වන රටක් හදන්නට එකතු වන ලෙසට ඉල්ලා සිටිමි. ඔබ බුද්ධිමත්ව කටයුතු කළහොත් යුද්ධය නිමකළ ජනපති තුමා මෙන්ම ඉතිහාසයට එකතුවන නායකයෙක් වනු ඇත. ජාතිවාදීව දෙමළ ජනතාව ගැන පමණක්ම සිතා කටයුතු කළහොත් දෙමළ ජනතාව අතර හුදු ජනප්‍රිය තාවය පමණක් රැක ගත හැක. ඔබ ජාතික නායකයෙක් යා යුතු මග තෝරාගනු ඇතැයි විශ්වාස කරමි. ඔබට තෙරුවන් සරණයි ! (අ)

:       0       0

චන්දිම හිමි Monday, 07 October 2013 11:36 AM

හොදින් රට වෙනුවෙන් වැඩක් කර පෙන්නන්න.වැරදි නොකර හොද නායකයෙක් වෙන්න තෙරුවන් සරණයි (අ)

:       0       0

රකිත් Tuesday, 08 October 2013 08:19 AM

ඇත්තම කියන්නද? මට නම් ලස්සනම අර දරුවෝ දෙන්නා ඉන්න පින්තුරේ? මන්ද, ඔවුන්ගේ සිත් ඉතාමත් අවංක නිසා. ඒ වගේම මටත් ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත. අපේ රටේ වාසය කරන බහුතර ජනතාවට රටේ ඕනෑම ස්ථානයකින් ඉඩමක් මිලදී ගත හැකිද? නොහැකිනම් ඒ ඇයි? ඒ වගේම සුළුතරයකට රටේ ඕනෑම ස්ථානයකින් ඉඩමක් මිලදී ගත හැකිද? හැකිනම් ඒ ඇයි? (නි)

:       0       0

දර්ශන් Monday, 07 October 2013 11:41 AM

සුබපැතුම්, දිව්රුම් දීමේ දී කියපු වචන මතක තබා ගෙන කටයුතු කරන්න. අධ්‍යාපන, රැකියා අවස්ථා ඇති කරන්න ජාතිවාදීන්ගේ පබයෙක් නොවන්න ජනතාවට සැනසිලි දායක ජීවිතයි අවශ්‍ය, එය ලබා දුන්නොත් ලබන වරත් මහා ඇමති ඔබයි. (ස)

:       0       0

සුමනා මනන්දුව Monday, 07 October 2013 11:44 AM

දෙමළ ජනතාවගේ සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමට ඔබ කරන සටන සිංහල හා මුස්ලිම් ජනතාවගේ අයිතවාසිකම් යටපත් නොවෙන , ලංකාව නැවත ලේ විලක් නොවෙන එකක් වේවා යැයි පතමි. (ස)

:       0       0

නීල් Monday, 07 October 2013 11:52 AM

ඔබ තුමාට ලැබෙන්නේ අනිත් මහ ඇමතිලට ලැබෙන වරප්‍රසාද පමණි. (ස)

:       0       0

කැනඩා දිසා Wednesday, 09 October 2013 04:25 AM

කිසිවෙකුට හෝ තවදුරටත් අසරණ දෙමළ ජාතිකත්වයට විරුද්ධව කතා කිරීමේ මිනිස් අයිතිවාසිකමක් නැත (නි)

:       0       0

කටා මාමා Monday, 07 October 2013 11:56 AM

සුමනා මනන්දුවගේ අදහසට එකතු වෙමි. (ස)

:       0       0

පුෂ්පකුමාර Monday, 07 October 2013 08:39 PM

පික්වර් එකක ලස්සනට හිටියට හැමදාම ඔහොම ඉන්නේ නැහැ. හැමදාම සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා(නදී)

:       0       0

රාහුල Monday, 07 October 2013 08:40 PM

විග්නේස්වාරෙන් මැති තුමනි ඔබ වැනි අයෙක් උතුරු පළාත් සබාවට පත් වීම ගැන මම සන්තෝස වෙමි. මෙය ජාතිවාදීනට අතුල් පහරක්. මෙවර පළාත් සබාවේදී මහනුවරදී සහ කුරුණෑගලදී ජාතිවාදීන්ගේ කොඳු කඩා ඇත. අපේ මව්බිම දිනේවා..(නදී)

:       0       0

සම්සුදීන් Tuesday, 08 October 2013 08:50 AM

තේසන්, හේමන්තගේ කතාව අයෙත් කියවන්න . මේ වගේ ගොම කුරුමිනියෙකුට හමුදාවක් . විශේෂයෙන් ත්‍රිවිද හමුදාවක් සුදානම් කරන එක හමුදාවට අගෞරවයක්. (දිල්)

:       0       0

චන්ද්‍රා ඇමරිකාව Monday, 07 October 2013 08:43 PM

අංක 15 පින්තුරය තුලින් උතුර සහ දකුණ බැදී ඇති අන්දම පැහැදිලි වෙනවා, මෙය රටටම ආදර්ශයක්.(නදී)

:       0       0

ජෝන් Monday, 07 October 2013 12:19 PM

දෙමළ මිනිසුන්ට හොඳ සේවයක් කරමු.. (ස)

:       0       0

වසන්ත Monday, 07 October 2013 12:27 PM

ඔබ තුමාට සිහලුන්ගේ ආශිර්වාදය, අපේ රටට ඇවැසි ජාතිවාදී නොවන ඔබ වැනි නායකයින්ය.අපි දෙමල මෙන්ම ,සිංහල සහ අනෙකුත් ජාතිවාදීන්ව පිළිකුල් කරමු. අවුරුදු 30ක්ම මේ රටේ ලේ හෙලීමට සිදුවූයේ ඔය මුරග ජාතිවාදයයි. අද කොයි ජාතිවාදයත් පරද වී ඇත.ඔබ තුමාට බුදු සරණයි.. (ස)

:       0       0

රංජිත් සිල්වා Monday, 07 October 2013 12:39 PM

අපගේ සුභ පැතුම්... (ස)

:       0       0

වගේගොඩ සීලානන්ද නා හිමි ඉතාලි සිසිලි Monday, 07 October 2013 12:39 PM

සුමනා මනන්දුවගේ අදහස ඉතාමත්ම වටිනවා.ඔබට පින් .එසේම වේවා.......... (ස)

:       0       0

පැංචි Monday, 07 October 2013 08:55 PM

මහා ඇමති තුමා පිටුවක් පෙරලුවට කාරී නෑ...පොත් පෙරලන්න කලබල වෙන්ට එපා... (නදී)

:       0       0

සමන් Monday, 07 October 2013 09:03 PM

මෙතන නොකී කතාව නම් වාසුදේව විග්නේශ්වරන්ගේ හොඳම යහළුවා සහ පසුව මස්සිනා බවත් විග්නේශ්වරන්ගේ පුත් කසාද බැඳ ඇත්තේ වාසුගේ දියණිය බවත්ය.(නදී)

:       0       0

මොහොමඩ් ඉමිතියාස් Monday, 07 October 2013 09:04 PM

සුබ පතමි. හැබැයි කෙලින් හිටියොත් කාලයක් ඉන්න පුලුවන්. නැත්නම් තවත් මැකිවරණයකට යන්න පුලුවන්. මොළය පාවිච්චි කරලා පාලනය කරන්න.(නදී)

:       0       0

සිරානි Monday, 07 October 2013 12:55 PM

සුමනා ඇන්ටිගේ අදහසට මමද එකඟ වෙමි. එහෙම වුනොත් අපි හැමට සතුටින් සිටිය හැක. (ස)

:       0       0

රුවන් Wednesday, 09 October 2013 07:38 PM

දැනට ක්‍රියාත්මක ඉදිරි දැක්‌මෙහි සෑමතැනම තිබෙන්නේ "විනයගරුක, නීතිගරුක, සදාචාර සමාජයක්‌, එක රටක්‌, එක නීතියක්‌, රාජ්‍ය සේවය ජනතාව පිණිසයි" වැනි දේවල්ය. ක්‍රියා පිළිවෙත දකිනවිට පෙර ලියූ වැකි පිළිබද ගැටළුවක් මතුවේ. (නි)

:       0       0

පද්මිණි Monday, 07 October 2013 12:56 PM

මෙතුමා උගත් බුද්ධිමතෙක්. උදාන වාක්‍ය කියනවට වඩා අපි සුබ පතල පැත්තකට වෙමු. (ස)

:       0       0

ලලිත් අෙපාන්සු Monday, 07 October 2013 09:13 PM

ඡන්ද අයිතිය තුලින් බිහිවන නායකත්වය පිළිගැනීමට කවුරුත් පසුබට විය යුතු නැත. මෙයද එක් ආදර්ශයක් පමණි.(නදී)

:       0       0

පෙත්තා Monday, 07 October 2013 09:13 PM

ලස්සන පින්තුර ටික.උතුරයි දකුණයි නව පිටුවක් පෙරළයි . නියමයි. කව්රුත් පොත් අරන් ගිහින් නෑ නේද පැන්චියෝ.(නදී)

:       0       0

චන්දන Monday, 07 October 2013 01:08 PM

සුබ පැතුම් මහ ඇමතිතුමනි. (ස)

:       0       0

නවීන් ගමගේ Monday, 14 October 2013 01:43 AM

මේක අපේ රටනේ. අපිත් කැමති පවුල පිටින් යාපනේ පදිංචි වෙන්න. ඉඩමක් අරගෙන. ඒවාට එහෙම ජල්බරි දානවා නෙවයි හරිද. (නදී)

:       0       0

ශාන්ති Monday, 07 October 2013 01:30 PM

සුමනගේ කතාව මමත් අගය කරමි. (ස)

:       0       0

කුමාරණ Monday, 07 October 2013 09:36 PM

මංගල මහත්තයෝ සිංහලයන්ගේ ඉවසීමේ ගුණය සුද්දෝ අවතක්සේරුවට ලක් කලේ සිංහලයා මෝඩයා කියලා . ඒ වගේම සිංහලුන් සතුරු සේනාව පරාජය කිරිමටත්, ඉක්මන් කුසගින්න පාලනයටත්, යුද්දේ තුවාල වන සෙබළුන්ට ප්‍රතිකාරයක් විදියටත් ක්‍රම භාවිතා කරපු වගක් නොදැන ඔවුන් කිව්වා. ' සිංහලයා මෝඩයා කැවුම් කන්ඩ යෝධයා '' කියලා සිංහලය මෝඩයෙක් නම් සිගිරිය වගේ මාලිගා තැනුවේ කොහොමද? අපි වාරි ශිෂ්ටාචාරය දියුණු ලෝකයටත් අභියෝගයක් කළා. කරුණු දැනගෙන අවලාද නගන්න.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 07 October 2013 09:43 PM

සිංහලයන් අහර කියමනක් තියෙනවා දෙමල අයගෙන් විස්වාස කරන්න පුළුවන් වලේ ඉන්න එකයි, බඩේ ඉන්න එකයි විතරක් කියලා. මේ දකින ලස්සන සිහිනය ඇතුලේ ලොකු ගුප්ත බවක් තියෙනවා.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 07 October 2013 02:06 PM

ආයෙත් උතුරේ ත්‍රස්තවාදයකට නම් පාර සකස් කරන්න එපා. ඔබතුමාට නම් කොළඹ 7 ගෙයක් තිබෙනවා. නමුත් උතුරේ දුප්පත් දෙමළ ජනතාව අවරුදු 30 දුක් වින්ඳා. දැන්වත් ඔවුන්ගේ අධ්‍යාපන , සෞඛය , ප්‍රවාහන , කෘෂිකාර්මික පහසුකම් දියුණුකර උතුරේ රැකියා අවස්ථා ඇතිකර ඔවුන්ගේ ජිවන තත්වය දියුණු කරන්න බලන්න. ආරක්ෂාව පිළිබඳව දිවයිනේ අනිත් පළාත්වල සිදුවන විදියට මහා ආණ්ඩුව බලා ගනීවි. (ස)

:       0       0

කුමාරි Monday, 07 October 2013 09:57 PM

සිංහල,දෙමල,මුස්ලිම් කියල හැමෝම ගැන එක වගේ බලල ශ්‍රීලාංකිකයින් වසයෙන් රටට වැඩ කරන්න, ජාති වාද උඩු හුළගට ගියාවේ....සෞභාග්‍ය මත් අනාගතයක් ශ්‍රී ලාංකිකයින්ට අත්වේවා!(නදී)

:       0       0

පෙරේරා Monday, 07 October 2013 10:02 PM

සුදු ඇඳලා ඉන්න ලංකාවෙ තුන් දෙනා දැකල තියෙනවා පත්තරේ. අර කළු සුට්කාරයෝ කව්ද කියල දැන ගන්න ආසයි.(නදී)

:       0       0

නිරෝෂන් නිරෝෂත් Monday, 07 October 2013 02:19 PM

මගේ පැතුම හොඳ යහපත් දිසාවකට මෙයා ගමන් කරයි යන්න. සුබ පැතුම් මහ ඇමති තුමනි..... (ස)

:       0       0

නිමල් ලලිතා Monday, 07 October 2013 10:19 PM

සිංහලයාගේ අනාගතය, සිංහල අයිතිය ගැන සිතන කියන හැමට ස්තුතියි. බල ලොබි බව නිසා මේ සිංහල රටයි නොකියන කිසිම දේසපාලන නායකයෙකුට හෝ එවැනි පක්ෂයකට මම නම් ඡන්දය දෙන්නේ නැහැ. නමුත් ප්‍රබල විපක්ෂයක් නැති කල මේ රටේ ජනාදිපති තුමා ඉදරියේ දිවුරුම් දීම ගැන සතුතියි. උතුරේ මහා ඇමති තුමාගේ ඔය සිනහව දිගටම තිබේවායි මම පතනවා.(නදී)

:       0       0

ඉම්රාන් Monday, 07 October 2013 02:28 PM

ඔබතුමාට සුබ පතන ගමන් යමක් මතක් කරන්න කැමති, අපේ ශ්‍රී ලංකාව පුංචි රටක් මිසක්, ඉන්දියාව වගේ මහා විශාල භූමි ප්‍රදේශයක් ජනගහනයක් තිබෙන රටක් නොවෙයි. එම නිසා දෙමළ මුස්ලිම් ජනතාවට වගේම බහුතර සිංහල ජාතියටත්, ඔයාල අපිට වගේම ප්‍රශ්න තිබෙනවා. එම නිසා අපි අන්තවාදින් වී අපේ ජාතිය අනතුරට ලක් නොකර හැමදේම සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට උත්සාහ කරන එකයි නුවණට හුරු. අපේ ජීවතේ දැකපු දෙයක් තමයි දේශපාලකයන්ට විතරයි ජාති හා ආගම් භේද නැත්තේ. ඔවුන් රැස්වීම්වල කියන කතා හා ඊට පස්සේ කියන කතා අපි දැන් හොඳටම දන්නවා. එකිනෙකා බැන කියා ගත්තට ඔක්කොම එක ගසේ පොල් මිසක් වෙන කිසි දෙයක් නෙමෙයි. සිහි බුද්ධියෙන් වැඩ කරන්න නව මහා ඇමතිතුමනි. (ස)

:       0       0

සීල Monday, 07 October 2013 02:28 PM

ඒක හරි.අපිට එක එක පළාතට ආණ්ඩුකාරවරුන් ඕනේ නැහැ. එක පාලකයෙක් හොඳටම ඇති. (ස)

:       0       0

රත්න Tuesday, 08 October 2013 10:34 AM

උතුරු කොරියාව සහ දකුණු කොරියාව වගේ වෙයිද මේ රට ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 450 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 481 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10580 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3081 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3867 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6144 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19500 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site