උතුරු පළාත් මහ ඇමැති ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් මහතා මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේදී අරලියගහ මන්දිරයේදී මින් මද වේලාවකට පෙර දිවුරුම් දී වැඩ භාර ගත්තේය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
(ඊ.පී.ඩී.පී නායක ඩග්ලස් දේවානන්ද මහතා සමග)
උතුරු පළාත් මහ ඇමැති ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් මහතා මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේදී අරලියගහ මන්දිරයේදී මින් මද වේලාවකට පෙර දිවුරුම් දී වැඩ භාර ගත්තේය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
(ඊ.පී.ඩී.පී නායක ඩග්ලස් දේවානන්ද මහතා සමග)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීල්, අදාල කමෙන්ට් විතරක් දාන්න. මගෙන් හොදවයින් දෙකක් අහගන්න එපා.(නදී) .
මෙතන නොකී කතාව නම් වාසුදේව විග්නේශ්වරන්ගේ හොඳම යහළුවා සහ පසුව මස්සිනා බවත් විග්නේශ්වරන්ගේ පුත් කසාද බැඳ ඇත්තේ වාසුගේ දියණිය බවත්ය.(නදී)
මහා ඇමති තුමා පිටුවක් පෙරලුවට කාරී නෑ...පොත් පෙරලන්න කලබල වෙන්ට එපා... (නදී)
අංක 15 පින්තුරය තුලින් උතුර සහ දකුණ බැදී ඇති අන්දම පැහැදිලි වෙනවා, මෙය රටටම ආදර්ශයක්.(නදී)
විග්නේස්වාරෙන් මැති තුමනි ඔබ වැනි අයෙක් උතුරු පළාත් සබාවට පත් වීම ගැන මම සන්තෝස වෙමි. මෙය ජාතිවාදීනට අතුල් පහරක්. මෙවර පළාත් සබාවේදී මහනුවරදී සහ කුරුණෑගලදී ජාතිවාදීන්ගේ කොඳු කඩා ඇත. අපේ මව්බිම දිනේවා..(නදී)
පික්වර් එකක ලස්සනට හිටියට හැමදාම ඔහොම ඉන්නේ නැහැ. හැමදාම සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා(නදී)
සිංහලයන් මෝඩයන් කියන එක ඔප්පූ වුන තව අවස්තාවක්..(නදී)
ඉම්රාන් ඔබ ඒ පැවසුවේ රත්න හා චින්තක වගේ අය ගැන නේද ? සිංහලයන්ව කන්නම උපන්න යක්ෂ පෙටියෝ උන් .(නදී)
පොන්නම්බලම් රාමනාදන් ලක්ෂමන් කදිරගාමනාදර් වැනි නම් අතරට එක් වෙන්න ඔබට සියලු ශක්තිය. කකුල් හතරේ පුල්ලි අය ගේ ලිස්ට් එකට නම දාගන්න නම් එපෝ.....(නදී)
අද ඇත්තටම සතුටුයි. අද මේ දකින්න ලැබුන දේ අවුරුදු 40 කින් වත් දකින්න ලැබුනේ නැති දෙයක්. මේ ලැබුන් නිදහස දිගටම තියාගන්න. ශ්‍රී ලාංකිකයෙක් කියා හිතට අරගන්න. ඔබට ජය!(නදී)
සත්‍යගරුක පාලනයක් ශ්‍රී ලාංකික විදියට ගෙනයන්න දකුණේ සිංහල දේශපාලකයින්ගේ වැඩ ඉගෙන නොගන්න, ලෝකයේ ඕනෑම රටක මහජාතියකුත් සිටින බව මතක තබාගන්න, ඔබ හොදනම් ශ්‍රී ලාංකික විදියට හිත්න්නේ නම් හා යටි අරමුනු නොමැතිනම් දවසක ජනාධිපතිකමට ඉල්ලුවොත් සිංහල මිනිසුත් ඔබට ඡන්දය දේවි. (අ)
සුබ පතමි. හැබැයි කෙලින් හිටියොත් කාලයක් ඉන්න පුලුවන්. නැත්නම් තවත් මැකිවරණයකට යන්න පුලුවන්. මොළය පාවිච්චි කරලා පාලනය කරන්න.(නදී)
වටිනා අදහස් සහ වටිනා හදවත් ඇති ශ්‍රී ලාංකිකයන් හට මාගේ ගෞරවය. .(නදී)
සුභ පැතුම් අපි බලන් ඉන්නේ.(නදී)
මේකේ තියෙන ප්‍රතිචාර දැක්කම සතුටුයි . අපේ අය කොයි තරම් පුළුල් විදියට හිතන අයද කියල කුමාර්ගේ සුමනගේ ඇතුළු හැමෝගෙම අදහස් බැලුවම පේනවා. අපි ප්‍රර්තනා කරන්නේ කොයි විදියේ රටක් ද කියල මෙතුමාට සුභ පතන ගමන්ම මෙවැනි වටිනා අදහස් ඇති ශ්‍රී ලාංකිකයන්ට මගේ ගෞරවය පුදකරමි.(නදී)
ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රිලංකාවේ නිදහස් ඡන්දයකදී විග්නේශ්වරන් මහතා උතුරේ මහා ඇමති ලෙස පත් වුනේ යුද්ධය නොමැති නිසාය.මෙහි සියලුම ගෞරවය ජනාධිපතිතුමාට,ආරක්ෂක ලේකම්තුමාට සහ එවකට හිටපු යුද හමුදපති සරත් ෆොන්සේකා මහතාට හිමිවිය යුතුය. (අ)
සිංහලයනේ, මහින්ද රාජපක්ෂ මහත්තය අපේ රටට ජාතියට පිනට පහල වූ මහගු වස්තුවක්. එතුමාට හිස නොනමන හතුරෙක්වත් මේ ලංකාවේ නැතිබව මෙයින් ඔප්පු වෙනවා. එතුමාව දිවි ඇතිතෙක් රැක ගැනීම හැම සිංහලයෙකුගේම යුතුකමක්. විරුද්ධවාදී කම් නොකර එතුමාට රට ගොඩ නගන්න සහය වන්න. එතුමාගේ පාලන කාලය දැකගැනීමට ජීවත් වීම පවා වාසනාවක්. අනාගත පරපුර එතුමාට මල් තියල වඳින බව සහතිකයි (අ)
මේක ඉතාම යහපත් සුභවාදී ආරම්බයක් ! ගරු ජනාදිපතිතුමනි, දකුණේ අවස්ථාවාදී, අන්තවාදීන්ගේ උගුල්වලට හසුනොවී සියලු ජාතීන් එකමුතු කරගෙන මේ රටට සුබ අනාගතයක් උදාකර දෙනු මැනවි ! (අ)
අපේ ජනාධිපති තුමා ත්‍රස්තවාදයෙන් රට මුදා ගත්තා වගේ ඔබ තුමා උතුර මෙන්ම දකුණේත් රිදුන සිත් සුවපත් කරමින්,විශ්වාසය ගොඩ නගමින් වැඩ කරන්න වග බලා ගන්න..(නදී)
අපේ අයට අපේ කමක් නෑ. ඒකනේ අදටත් අපි පිටරට යන්නේ ඉඳුල් සොදන්නේ, අපි දොස් කියලා වැඩක් නෑ, ඒ මනුස්සයා ඒ මනුස්සයාගේ අයට අදිනවා, මේවා බලලා අපේ මිනිහට උදව් කරන්න, ඡන්දේ දීලා තියෙන එකෙන්ම පේනවනේ කොහොමද එකමුතුකම කියලා. (ස)
දෙමළ ඩයස්පෝරාවයි එයාලට කත් අදින බටහිර ලෝකයයි ඇස් ඇරලා බලන්න හොඳ දෙයක් මේක, ලංකාවේ ඔය කියන ජාතිවාදෙයි දෙමළ ජනයා කොන් කිරීමයි තිබුනා නම් කොහොමද මේ වගේ උගත් ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු කෙනෙක් දෙමළ ජනයා අතරින් එන්නේ? (ස) කුමාර්.
එකතු වෙලා ඉදිරි ගමන ගියෙ නැති නම්, රට සිංහලයන්ටයි, දෙමළ ජනයාටයි, මුස්ලිම්ලාටයි ඔක්කොටම නැතිවෙලා, ඉන්දියානු ව්‍යාප්ත වාදීන් ගේ ප්‍රාන්තයක් බවට පත්වෙයි. ඉන්දියාව දෙමළ ජනයා මුලා කරලා ඉන්දියාවේ වැඩේ කරගන්නයි හදන්නේ. (ස) කුමාර්.
සමන් , රත්න, චින්තකලා මේ රටට ආදරය කරන මිනිසුන් අතරින් දෙදෙනෙක් පමණි. (නි)
තේසවලාමේ නීතිය අනුව ද්‍රවිඩ සම්භවයක් නැති අයකුට පාරම්පරික දේපල මිලදී ගත නොහැකියි නේද? (නි)
මේක අපේ රටනේ. අපිත් කැමති පවුල පිටින් යාපනේ පදිංචි වෙන්න. ඉඩමක් අරගෙන. ඒවාට එහෙම ජල්බරි දානවා නෙවයි හරිද. (නදී)
රත්න මම නම් හිතන්නේ නැහැ රටට ආදරේ කරන කට්ටිය රටේ කල කෝලාහල ඇති වෙන විදිහේ වචන දෙසාබයි කියලා(නදී)
දැනට ක්‍රියාත්මක ඉදිරි දැක්‌මෙහි සෑමතැනම තිබෙන්නේ "විනයගරුක, නීතිගරුක, සදාචාර සමාජයක්, එක රටක්, එක නීතියක්, රාජ්‍ය සේවය ජනතාව පිණිසයි" වැනි දේවල්ය. ක්‍රියා පිළිවෙත දකිනවිට පෙර ලියූ වැකි පිළිබද ගැටළුවක් මතුවේ. (නි)
සිංහල දෙමල ජාතීන් අතර බොහෝ දේවල් සමානයි. එම නිසා අපි එක පවුලක් ලෙස ජීවත්වෙමු. දේශපාලඥයින්ගේ කතාවට කන් නොදෙමු. (නි)
කිසිවෙකුට හෝ තවදුරටත් අසරණ දෙමළ ජාතිකත්වයට විරුද්ධව කතා කිරීමේ මිනිස් අයිතිවාසිකමක් නැත (නි)
උතුරට වැඩිය සහෝදර දෙමළ වැසියන් ජීවත් වන්නේ දකුණේ බව සිහි තබාගෙන විග්නේෂ්වරන් මහතා ඉදිරියට වැඩ කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. (ස)
උතුරු කොරියාව සහ දකුණු කොරියාව වගේ වෙයිද මේ රට ? (ස)
තේසන්, හේමන්තගේ කතාව අයෙත් කියවන්න . මේ වගේ ගොම කුරුමිනියෙකුට හමුදාවක් . විශේෂයෙන් ත්‍රිවිද හමුදාවක් සුදානම් කරන එක හමුදාවට අගෞරවයක්. (දිල්)
ඇත්තම කියන්නද? මට නම් ලස්සනම අර දරුවෝ දෙන්නා ඉන්න පින්තුරේ? මන්ද, ඔවුන්ගේ සිත් ඉතාමත් අවංක නිසා. ඒ වගේම මටත් ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත. අපේ රටේ වාසය කරන බහුතර ජනතාවට රටේ ඕනෑම ස්ථානයකින් ඉඩමක් මිලදී ගත හැකිද? නොහැකිනම් ඒ ඇයි? ඒ වගේම සුළුතරයකට රටේ ඕනෑම ස්ථානයකින් ඉඩමක් මිලදී ගත හැකිද? හැකිනම් ඒ ඇයි? (නි)
සිංහලයාට තරම් අසාධාරණ වුනු සහ වෙමින් පවතින වෙනත් ජාතියක් නැති තරම්. අපට මේ රටේ උතුර නැගෙනහිර ජීවත් වීමට අද වෙන කොට බාධා ඇත. අපේ උරුමයන් පවා විනාශ කරමින් පවතී. දමිළ බෙදුම් වාදය , මදිවට මුස්ලිම් බෙදුම් වාදයකටත් සුදානමින් සිටින බව නොරහසකි. යම් දිනක අපට ඉඩ නැති නම්, උතුර, නැගෙනහිර, නුඹලටද අන් පළාත් වලද ඉඩක් නැති බව මතකයේ තබාගෙන ඉන්න එක හොඳයි. ඉන්දියාවට සහ බටහිරයන්ට අප ගැන, රට ගැන කැක්කුමක් ඇති වෙන්න හදවතක් නෑ. ඔවුන්ගේ පිටු පස යන එවුන් ගැන අපි විස්වාසද නොකරමු. (ස)
දිව්රුම් දීම හොදයි. නමුත් එතුමා හදවතින් තමන් සැබවින්ම උගත් ගුණධර්මයන් උපයෝගී කරගනිමින් අන්‍ය ජාතිකයන් සමග සමගියෙන් සාමදානයෙන් වැඩ කලොත් එය තමා ඔහුගේ මහත්මා ගතිය පිලිබිඹු කරන සත්‍යවාදී ලක්ෂණය නැතිව අන්තවාදීව සිතමින් ක්‍රියාකරමින් අපි අනිත් ජාතීනට උසස්ය සිතා ක්‍රියා කරන්නට ගියොත් එය අදටත් අනාගතයටත් බෙහෙවින් බලපාවි. ජාතින් අතර අසමගියටත් බලපාවි. කාලයට ඉඩ දීල බලන් ඉදිමු. (නදී)
උගත්කම කෙසේවෙතත් බුද්ධිය මෙහෙයවල කටයුතුකලේ නැත්නම් අර අමන ත්‍රස්තවාදියා කළා වගේ තමන්ගේ වර්ගය අයෙමත් අපාදුක් විඳින තැනට කටයුතු සලස්වගන්න පුළුවන්. අපේ වීරෝධාර රණවිරුවන්ට රටේ බුද්ධිමතුන්ට පින්සිඳුවෙන්න ඒ අය දැන් නිදහසේ ජීවත්වෙනවා. අනෙක ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් එක එක බහිරවයන්ගේ ඔනෑ එපාකම් ඉටුකර දේශද්‍රෝහීයෙක් නොවී කටයුතු කලොත් ඔය සැමදෙනාගේ අනාගතය ඉතා යහපත්වේවි. එසේ වේවායි මා ප්‍රාර්ථනා කරනවා. (නදී)
ශ්‍රී ලාංකිකයෙක් කියා හිතට අරගන්න ,ඉන්දියාව දෙමළ ජනයා මුලා කරලා ඉන්දියාවේ වැඩේ කරගන්නයි හදන්නේ. ඔබතුමා කල්පනාවන්(නදී)
සිංහලයාගේ අනාගතය, සිංහල අයිතිය ගැන සිතන කියන හැමට ස්තුතියි. බල ලොබි බව නිසා මේ සිංහල රටයි නොකියන කිසිම දේසපාලන නායකයෙකුට හෝ එවැනි පක්ෂයකට මම නම් ඡන්දය දෙන්නේ නැහැ. නමුත් ප්‍රබල විපක්ෂයක් නැති කල මේ රටේ ජනාදිපති තුමා ඉදරියේ දිවුරුම් දීම ගැන සතුතියි. උතුරේ මහා ඇමති තුමාගේ ඔය සිනහව දිගටම තිබේවායි මම පතනවා.(නදී)
සුදු ඇඳලා ඉන්න ලංකාවෙ තුන් දෙනා දැකල තියෙනවා පත්තරේ. අර කළු සුට්කාරයෝ කව්ද කියල දැන ගන්න ආසයි.(නදී)
සිංහල,දෙමල,මුස්ලිම් කියල හැමෝම ගැන එක වගේ බලල ශ්‍රීලාංකිකයින් වසයෙන් රටට වැඩ කරන්න, ජාති වාද උඩු හුළගට ගියාවේ....සෞභාග්‍ය මත් අනාගතයක් ශ්‍රී ලාංකිකයින්ට අත්වේවා!(නදී)
සිංහලයන් අහර කියමනක් තියෙනවා දෙමල අයගෙන් විස්වාස කරන්න පුළුවන් වලේ ඉන්න එකයි, බඩේ ඉන්න එකයි විතරක් කියලා. මේ දකින ලස්සන සිහිනය ඇතුලේ ලොකු ගුප්ත බවක් තියෙනවා.(නදී)
මංගල මහත්තයෝ සිංහලයන්ගේ ඉවසීමේ ගුණය සුද්දෝ අවතක්සේරුවට ලක් කලේ සිංහලයා මෝඩයා කියලා . ඒ වගේම සිංහලුන් සතුරු සේනාව පරාජය කිරිමටත්, ඉක්මන් කුසගින්න පාලනයටත්, යුද්දේ තුවාල වන සෙබළුන්ට ප්‍රතිකාරයක් විදියටත් ක්‍රම භාවිතා කරපු වගක් නොදැන ඔවුන් කිව්වා. ' සිංහලයා මෝඩයා කැවුම් කන්ඩ යෝධයා '' කියලා සිංහලය මෝඩයෙක් නම් සිගිරිය වගේ මාලිගා තැනුවේ කොහොමද? අපි වාරි ශිෂ්ටාචාරය දියුණු ලෝකයටත් අභියෝගයක් කළා. කරුණු දැනගෙන අවලාද නගන්න.(නදී)
ලස්සන පින්තුර ටික.උතුරයි දකුණයි නව පිටුවක් පෙරළයි . නියමයි. කව්රුත් පොත් අරන් ගිහින් නෑ නේද පැන්චියෝ.(නදී)
ඡන්ද අයිතිය තුලින් බිහිවන නායකත්වය පිළිගැනීමට කවුරුත් පසුබට විය යුතු නැත. මෙයද එක් ආදර්ශයක් පමණි.(නදී)
ජයවේවා ! ලංකා මාතාවට. .(නදී)
දෙමළ ජනතාවගේ සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමට ඔබ කරන සටන සිංහල හා මුස්ලිම් ජනතාවගේ අයිතවාසිකම් යටපත් නොවෙන , ලංකාව නැවත ලේ විලක් නොවෙන එකක් වේවා යැයි පතමි. (ස)
සුබපැතුම්, දිව්රුම් දීමේ දී කියපු වචන මතක තබා ගෙන කටයුතු කරන්න. අධ්‍යාපන, රැකියා අවස්ථා ඇති කරන්න ජාතිවාදීන්ගේ පබයෙක් නොවන්න ජනතාවට සැනසිලි දායක ජීවිතයි අවශ්‍ය, එය ලබා දුන්නොත් ලබන වරත් මහා ඇමති ඔබයි. (ස)
හොදින් රට වෙනුවෙන් වැඩක් කර පෙන්නන්න.වැරදි නොකර හොද නායකයෙක් වෙන්න තෙරුවන් සරණයි (අ)
උතුරු පළාත් සභාවට පත්වූ ප්‍රථම මහ ඇමති විග්නේෂ්වරන් මහතාට සුභාපතමි. මතු අනාගතයේ රට නොබෙදා එකම ලාංකීය ජාතියක් ලෙස සියලුම ජාතින් ජිවත්වන රටක් හදන්නට එකතු වන ලෙසට ඉල්ලා සිටිමි. ඔබ බුද්ධිමත්ව කටයුතු කළහොත් යුද්ධය නිමකළ ජනපති තුමා මෙන්ම ඉතිහාසයට එකතුවන නායකයෙක් වනු ඇත. ජාතිවාදීව දෙමළ ජනතාව ගැන පමණක්ම සිතා කටයුතු කළහොත් දෙමළ ජනතාව අතර හුදු ජනප්‍රිය තාවය පමණක් රැක ගත හැක. ඔබ ජාතික නායකයෙක් යා යුතු මග තෝරාගනු ඇතැයි විශ්වාස කරමි. ඔබට තෙරුවන් සරණයි ! (අ)
මස් රාත්තලම ඉල්ලන්නේ නැතුව මේ වගේ නම්‍යශීලී වෙනවා නම් ප්‍රස්න බොහෝ දුරට මග හැරේ. බලමු ඉදිරියේදී වෙන්නේ මොකක්ද කියල..(නදී)
එයාලගේ දියුණුවේ රහස, සුදුස්සාට සුදුසු තැන. .(නදී)
සුබපැතුම්..නමුත් ඒ කෙනා වගේ ප්‍රතිපතිනම් තවත් එපා .(නදී)
මගේ රටට දළදා සමිඳුන් පිහිටයි (අ)
අගෙයි. හිට්යොත් එකටබැදි ලෝකෙම රටට වදී (අ)
ප්‍රබල විපක්ෂයක් වර්තමාන දේශපාලනයට නැති කළ ජනාධිපතිවරයා මේ රටේ නායකයා වශයෙන් දිවුරුම් දීම ගැන සතුටු වෙමි.(නදී)
ඔබ තුමාට ලැබෙන්නේ අනිත් මහ ඇමතිලට ලැබෙන වරප්‍රසාද පමණි. (ස)
මේ ගොල්ල උගුලෙන් බැරිනම් හබකෙන් වැඩේ කරගන්ඩ හදන්නේ, හැබැයි දොරේ අපේ ලොක්කා එක්ක ඒවා ලේසි නැහැ.(නදී)
අපේ කොල්ලෝ ටික මැරිලා මුන්නේහෙට පැන්ෂන් ගිහින් කොරන්න රස්සාවක් හෝයලා දුන්න...(නදී)
සුභ පැතුම්!.(නදී)
උතුරේ ජනතාවට අලුතින් හිතන්න හුරුකරවන්න උගත් මහ ඇමතිතුමනි . (නදී)
සියලුම බලය එක පක්ෂයකට ගොනු උනොත් එය රජයක් වැරදි මගට යාමකි (නදී)
ඔන්න කොටි නැටුම් නටන්න හදනවා එහෙම නොවෙයි හරිද?(නදී)
මෙයා කිව්වෙ නම් දිව්රුම් දෙන්නේ නැහැ කියලා. මහා ලොකු කතා කිව්වට ඇයි ආවේ. දැන්වත් මෙයාට ඡන්දෙ දුන්න අයට ඇස් අරුනොත් හොදයි දිව දෙකේ මනුස්සයෙක් ගෙන් මොනාද බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. මම හිතන්නේ ආපහු අපේ ත්‍රිවිද හමුදා සුදානම් කලොත් හොදයි.(නදී)
දැන් උන සනීප ඇති ඉතිරි හරිය පසුවට.(නදී)
ඔන්න එකෝමත් එක කාලෙක හිස උදුම්මාගත් ගොම කුරුමිනියෙක් වහසි බස් දෙඩුවලු සද්දන්ත හස්ති රාජයකුට එරෙහිව. අඩු බඩු උස්සමින් හස්තියාට ඝෝරනාඩු කලාලු සටනට එන්න කියා. හස්තිය නිසොල්මන්ව හිටියත් උගේ ගෙරවුම වැඩි වෙන්න ගත්තලු. හස්තියා පිටි පස්ස හැරී එක වසුරු පිඩක් කුරුමිණියා මත හෙලා සන්සුන්ව යන්න ගියාලු. (නදී)
දිව්රුම් දීම හොදයි. නමුත් එතුමා හදවතින් තමන් සැබවින්ම උගත් ගුණධර්මයන් උපයෝගී කරගනිමින් අන්‍ය ජාතිකයන් සමග සමගියෙන් සාමදානයෙන් වැඩ කලොත් එය තමා ඔහුගේ මහත්මා ගතිය පිලිබිඹු කරන සත්‍යවාදී ලක්ෂණය නැතිව අන්තවාදීව සිතමින් ක්‍රියාකරමින් අපි අනිත් ජාතීනට උසස්ය සිතා ක්‍රියා කරන්නට ගියොත් එය අදටත් අනාගතයටත් බෙහෙවින් බලපාවි. ජාතින් අතර අසමගියටත් බලපාවි. කාලයට ඉඩ දීල බලන් ඉදිමු.(නදී)
ආයෙත් උතුරේ ත්‍රස්තවාදයකට නම් පාර සකස් කරන්න එපා. ඔබතුමාට නම් කොළඹ 7 ගෙයක් තිබෙනවා. නමුත් උතුරේ දුප්පත් දෙමළ ජනතාව අවරුදු 30 දුක් වින්ඳා. දැන්වත් ඔවුන්ගේ අධ්‍යාපන , සෞඛය , ප්‍රවාහන , කෘෂිකාර්මික පහසුකම් දියුණුකර උතුරේ රැකියා අවස්ථා ඇතිකර ඔවුන්ගේ ජිවන තත්වය දියුණු කරන්න බලන්න. ආරක්ෂාව පිළිබඳව දිවයිනේ අනිත් පළාත්වල සිදුවන විදියට මහා ආණ්ඩුව බලා ගනීවි. (ස)
ඔය එක එක ඩයස්පෝරා වල සහ ජයලලිතලගේ න්‍යාය වලට ගැති නොවී ඔබතුමාගේ අධිකරණ ක්ෂේත්‍රයේ ඇති පලපුරුද උපයෝගී කරගෙන උතුරු පළාතේ උසාවි වල ඇති නඩු ජනතාව රස්තියාදු නොකර ඉක්මනටත් සාධාරණවත් විසඳීමට ඔබ තුමාගේ බලය පාවිච්චි කලොත් උතුරේ දියුණුව එතනින් ඇරඹිය හැක , දියුණු සමාජයක් මුල හොරකම , මැරකම , වංචාව දුෂණය පිටුදැක නිතිය සැම දෙනාටම සාධාරණ ලෙස හොඳින් ක්‍රියාත්මක විමි , බටහිර දියුණු රටවල ආර්ථික දියුණුවේ රහස මෙයයි. (ස)
මෙතුමාගේ නඩු තීන්දු කිව්වහම පුදුම හිතෙනවා. මොන තරම් තීක්ෂණ බුද්ධියක් තියෙන පුද්ගලයෙක්ද කියලා මෙතුමා.මෙතුමාගේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු රාශියක්ම තියෙනවා ඉතාම වැදගත් කරන ගෙන. එතුමාට අපි එංගලන්තයේ සිට සුබ පතමු. (ස)
මේ රටේ 1505 දී සිංහල 95% වැඩිය හිටියා මුළු ලංකාවේම අයිතිය තිබුනේ සිංහලයන්ට. 1881දි සිංහලයා 66% බවට ඉංග්‍රීසින් පත් කරලා දෙමළ මුස්ලිම් ජාතිකයින් ලංකාවේ සිංහලයාට නැති වරප්‍රසාද දීල සිංහලයව පාලනය කරන්න යොදවා ගත්තා. 2011 දී සිංහලයා 74% වෙලා තියෙන අතරේ ලංකාවේ ඉඩම් වලින් 30% දෙමළ සන්ධානය ඉල්ලනවා. සිංහල මිනිසුනේ.... හිතන්න කාලය ඇවිල්ලා. කූඩාරමට රිංගපු ඔටුවා මිනිහට කරපු දේ සිංහලයාට කරන්න දෙන්න එපා. මේ රට ඔබේ දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට රැකදෙන්න. (ස)
ඔබෙන් සේවය බලාපොරොත්තුවන උතුරේ ජනතාවට හොඳ සේවයක් ලබාදීමට ඔබට සියලු ශක්තිය සහ ධෛර්ය ලැබේවා පතමි. (ස)
සිංහයා සහ කොටියා පොරකන කොට නරිය බලන් ඉන්නවා. පොර කාලා අඩ පණ වුන සිංහයා සහ කොටියා නරියාගේ ගොදුර වෙනවා. ඕක දැනගෙන සමගියෙන් ජීවත් වෙන්න.නැගෙනහිර හොඳම උදාහරණයි.. (ස)
මහ ඇමතිතුමාට ගෞරව පුර්වකව සුබ පතමි. ඔබතුමාට ඉදිරියට යාමට ඇත්තේ රෝසමල් ඇතිරූ මාවතක් නොව කටු කොහොලින් පිරි මාවතක් උවද උගත් බුද්ධිමත් එමෙන්ම නීති ක්ෂේත්‍රයේද විශාරදයෙක් වන ඔබතුමාට උපායශීලීව යහ පාලනයකට දොර කවුළු විවෘත කිරීමට ඉඩහසර ලැබේවා!!! (ස)
ඔබතුමාට යමක් මෙම සුභ මොහාතේ මතක් කර දීමට කැමති. බහුතර සිංහල ජනතාව සාමයෙන්, සමගියෙන්, සහජීවනයෙන් ජීවත් වීමට කැමති ලෝකේ ඉන්න විශිෂ්ටතම ජාතියක් බව ඔබතුමා ඇතුළු මුස්ලිම් දේශපාලකයනුත් දැන ගත යුතයි. පොඩි කොටසක් තමයි සිංහලයාගේ අන්තවාදීව කටයුතු කරන්නේ, මිසක් බහුතරය නොවේ. අපි සියලු ජාතීන්ට ප්‍රශ්න තිබෙනවා. නමුත් ඒවා අපි සියලුදෙනාම සමගියෙන් කටයුතු කිරීමෙන් පමණයි ජයගත හැක්කේ. සිංහල බහුතරය සිංහල දේශපාලකයන් දේශප්‍රේමිව හැගීම්බර කතා කියමින් ඡන්ද ටික ලබා ගන්නවා, දෙමල හා මුස්ලිම් අයත් එසේමයි. වෙනසක් පේන තෙක් මානයකවත් නැහැ. නමුත් ඡන්දෙ ඉවර වුනාට පස්සේ ඔක්කොම එකට කිරිබත් කමින් එකම කැබිනෙට් එකේ ඇමතිවරු වෙනවා. මේවා අද ඊයේ වෙන දේවල් ද? නැහැ නේද? පොඩ්ඩක් අපි කල්පනා කලොත් හොඳයි. (ස)
ඒක හරි.අපිට එක එක පළාතට ආණ්ඩුකාරවරුන් ඕනේ නැහැ. එක පාලකයෙක් හොඳටම ඇති. (ස)
ඔබතුමාට සුබ පතන ගමන් යමක් මතක් කරන්න කැමති, අපේ ශ්‍රී ලංකාව පුංචි රටක් මිසක්, ඉන්දියාව වගේ මහා විශාල භූමි ප්‍රදේශයක් ජනගහනයක් තිබෙන රටක් නොවෙයි. එම නිසා දෙමළ මුස්ලිම් ජනතාවට වගේම බහුතර සිංහල ජාතියටත්, ඔයාල අපිට වගේම ප්‍රශ්න තිබෙනවා. එම නිසා අපි අන්තවාදින් වී අපේ ජාතිය අනතුරට ලක් නොකර හැමදේම සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට උත්සාහ කරන එකයි නුවණට හුරු. අපේ ජීවතේ දැකපු දෙයක් තමයි දේශපාලකයන්ට විතරයි ජාති හා ආගම් භේද නැත්තේ. ඔවුන් රැස්වීම්වල කියන කතා හා ඊට පස්සේ කියන කතා අපි දැන් හොඳටම දන්නවා. එකිනෙකා බැන කියා ගත්තට ඔක්කොම එක ගසේ පොල් මිසක් වෙන කිසි දෙයක් නෙමෙයි. සිහි බුද්ධියෙන් වැඩ කරන්න නව මහා ඇමතිතුමනි. (ස)
මගේ පැතුම හොඳ යහපත් දිසාවකට මෙයා ගමන් කරයි යන්න. සුබ පැතුම් මහ ඇමති තුමනි..... (ස)
ආරම්භය ඉතාම හොදයි.(නදී)
සුමනගේ කතාව මමත් අගය කරමි. (ස)
සුබ පැතුම් මහ ඇමතිතුමනි. (ස)
මෙතුමා උගත් බුද්ධිමතෙක්. උදාන වාක්‍ය කියනවට වඩා අපි සුබ පතල පැත්තකට වෙමු. (ස)
සුමනා ඇන්ටිගේ අදහසට මමද එකඟ වෙමි. එහෙම වුනොත් අපි හැමට සතුටින් සිටිය හැක. (ස)
සුමනා මනන්දුවගේ අදහස ඉතාමත්ම වටිනවා.ඔබට පින් .එසේම වේවා.......... (ස)
අපගේ සුභ පැතුම්... (ස)
ඔබ තුමාට සිහලුන්ගේ ආශිර්වාදය, අපේ රටට ඇවැසි ජාතිවාදී නොවන ඔබ වැනි නායකයින්ය.අපි දෙමල මෙන්ම ,සිංහල සහ අනෙකුත් ජාතිවාදීන්ව පිළිකුල් කරමු. අවුරුදු 30ක්ම මේ රටේ ලේ හෙලීමට සිදුවූයේ ඔය මුරග ජාතිවාදයයි. අද කොයි ජාතිවාදයත් පරද වී ඇත.ඔබ තුමාට බුදු සරණයි.. (ස)
දෙමළ මිනිසුන්ට හොඳ සේවයක් කරමු.. (ස)
සුමනා මනන්දුවගේ අදහසට එකතු වෙමි. (ස)