රාමදාන් මාසයේ අවසාන වෙමින් ඊද් අල් ෆීතර් උත්සව කාලය ළඟාවීමත් සමගම, උදරයේ ආබාධ සහ බඩවැල් ආශ්‍රිත රෝගවලට හේතු වන අධික ආහාර අනුභවය සහ සිසිල් බීම පානය වැනි දේවලින් වැළැකී සිටින ලෙසට හමාඞ් වෛද්‍ය සංස්ථාව ජනතාවට අනතුරු අඟවයි.
නිරෝගි දිවියකට හේතුවන සෞඛ්‍යාරක්‍ෂිත ආහාර රටාවක් වර්ධනය කරගැනීම සඳහා ඊද් නිවාඩුව අවස්ථාවක් කරගන්නා ලෙසට ද හමාඞ් වෛද්‍ය සංස්ථාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
“අවාසනාවකට වගේ ඊද් උත්සව සමයේදී තමන්ගේ බඩ පුරවා ගැනීමට සෞඛ්‍යාරක්‍ෂිත නොවන ආහාර සහ සිසිල් බීම වැඩි වශයෙන් යොදා ගැනීමේ ප්‍රවණතාවයක් දැන් දකින්නට ලැබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසින් ඔක්කාරය, වමනය, උදරයේ ආබාධ, අජීර්ණ වැනි ආමාශයික රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට වෛද්‍ය සංස්ථාවට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ ගිහින් තියෙනවා” යනුවෙන් පවසන්නේ හදිසි ප්‍රතිකාර අංශයේ විශේෂඥ වෛද්‍ය සාද් අල් නුඅයිමි ය.
“රාමදාන් මාසයේදී දීර්ඝ කාලයක් උපවාසය කරන කොට අපේ ශරීරය ඊට හුරු වෙනවා. එවිට “උපවාසයෙන්” “උත්සවයට” මාරු වන විට එය සමහරුන්ගේ සෞඛ්‍යයට හානිදායක විය හැකියි. උදාහරණයක් විදිහට පැණි රස කෑම සහ අධික ලෙසින් පරිභෝජනය කිරීමෙන් දියවැඩියාව සහ හෘද රෝගවලින් පෙළෙන අයගේ සෞඛ්‍යයට එල්ල විය හැකි අවදානම කිහිප ගුණයකින් ඉහළ යනවා” ඔහු වැඩිදුරටත් පවසයි.
මෙම කාලය තමන්ගේ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් සමගින් සැමරීමට වේලාව කරගන්නා අතරම රාමදාන් උපවාසයේ යෙදීමේ ඇති අවශ්‍යතාවය මතක තබාගැනීම ද වැදගත් බව වෛද්‍ය නුආයිමි පවසයි.
ඊද් උත්සව සමයේදී රෝගවලට ගොදුරු වීමෙන් වැළැකී සිටීමට නම් මද වශයෙන් ගුණදායී දේවල් ආහාරයට ගෙන සිසිල් බීම පානයෙන් වැළැකී සිටින අතරම උදෑසන ආහාරය මගනොහැරීමට වගබලා ගන්නා ලෙස ද ඔහු උපදෙස් දෙයි. උදෑසන ආහාර මගහැරීමේ ප්‍රතිඵලයක් ලෙසින් දිනයේ අනෙක් වේලාවන්හිදී පමණ ඉක්මවා ආහාර ගැනීම සිදුවීම ඊට හේතුවයි.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උත්සව සමයේදී පමණ ඉක්මවා ආහාර අනුභවයෙන් වළකින්න