මානසික හා හදවත් රෝගීන් වෙනුවෙන් උද්‍යාන රෝහල් හයක් පිහිට වීමට බස්නාහිර පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යංශය සැරැසෙයි.
සෞඛ්‍ය ඇමැති ජගත් අංගගේ මහතා පැවසුයේ මුල්ම රෝහල බණ්ඩාරගම ගෝනදුවේ පිහිටුවන බවයි.
එවැනි රෝහල් දෙක බැගින් කොළඹ, ගම්පහ හා කළුතර යන නගරවල ඇති කරන බව ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැරදි තැනකනේ ඕක මුලින්ම දාන්න යන්නේ. දියවන්නාව අසලනේ මුල්ම එක දැමිය යුත්තේ.(දිල්)
ඇත්තටම හොද වැඩක්.(නදී)
පළාත් සභා වලට අත්‍යවශ්‍යම දෙයක්. (නි)
උණුසුම් සුබ පැතුම් ! (ස)
ප්‍රේමයෙන් පැරදිලා හරි, පළාත් සබා ඡන්දෙන් පැරදිලා හරි හදවත පෑරිලා පිස්සු හැදුනාම යන්න ලේසියි ඔය වර්ග දෙකේ රෝහල් ළඟ ළඟ පිහිටෙව්වොත්. (ස)
ජගත් අංගගේ කියන්නේ වැඩක් කරන මනුස්සයෙක්..ඔබ තුමාගෙන් ඉල්ලන්නේ මේ වැඩේ කරන ගමන් බණ්ඩාරගම හා ගෝනදුව රෝහල් වල තත්වය වැඩි දියුණු කරලා පහසුකම් ලබල දීල විසේෂයෙන් ළමා වාට්ටු ,ගැබිණි වාට්ටු ,දරු ප්‍රසුත පහසුකම් ඇති රෝහල් බවට මේවා පත් කරන්න කියලා. ප්‍රදේශයේ ජනතාවට හදිසියකට දුවන්න වෙලා තියෙන්නේ පානදුර හා නාගොඩ හෝ හොරණ රෝහල් වලට සෑම දේකටම. මේ රෝහල් වල තදබදය ඔබතුමා දන්නවා. නමට ඉස්පිරිතාල තිබිල වැඩක් නැහැ. ප්‍රදේශ වාසීන්ට මේ රෝහල් දෙක දියුණු කරලා දෙන්න.. ලබන පාර ඡන්දෙදි අපි ඔබතුමාව පාර්ලිමේන්තුවට යවනවා වැඩේ කලොත් අනිවාර්යයෙන්..(නදී)