IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


උදුවප් පෝ දා දහම් හමුව

පින්වතුනි,මේ උදාවුණේ 2016 වසරේ අවසාන පොහොය දිනයයි. පසුගිය සැප්තැම්බර්  පොහොය දින සිට ලිපි තුනකින් ඔබලාව මාගේ දැනුමේ තරමින් පහදා දීමට උත්සාහ ගත්තේ සංසාර ගමනේ දුකට මුල් වන්නේ තණ්හාව නිසා බවයි. මගේ උත්සාහය වූයේ තණ්හාව කියන්නේ කුමක්ද ? එය හට ගන්නේ කොහේද ? එය නැති කරගෙන මේ දුක නැති කරගන්නා මාර්ගය වන ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ ශීල, සමාධි, ප‍්‍රඥා යන ත‍්‍රිශික්ෂාවන් වැඞීමෙන් අවිද්ධ්‍යාව දුරුකරගෙන අවබෝධ ඥාණය ලබාගැනීමයි. කෙනෙකුට ලෝකෝත්තර තත්වයට පත්වීමට කරුණු කියාදීමට අංග සම්පූර්ණ ඥාණයක් නොතිබුණත් මාගේ උත්සාහය වූයේ තේරුම් ගැනීමට හැකි බුද්ධිමත් එක් කෙනෙක් හෝ ඒ මග සෙවීමට, දැන ගැනීමට වුවමනාවක් ඇති කිරීමයි. ඒ අවස්ථාවේ මා හට ආශිර්වාද හා අඩුපාඩු විවේචනාත්මකව හෝ පෙන්වා දුන් අයට ස්තූතිවන්ත වෙනවා. සමහරක් විවේචන මේ ලිපි බලන කෙනාව නොමග යවන ගතියක් තිබුනා, නමුත් නාවික හමුදාවේදී දැනගත් කොපමණ බාධක පැමිණියත් තම අධිෂ්ඨානය කරා යාමේ පුරුද්ද නිසා අවසානය දක්වා පැමිණියා. මාගේ ප‍්‍රාර්ථනාව 2017 වර්ෂයේදී මේ බුදු දහමේ සත්‍ය අසා විමසා දැනගෙන එය කෘත්‍යයක් (ක‍්‍රියාවක්) වශයෙන් නොකඩවා සිදුකර සසර දුකින් අතමිදීමට හෝ නිවැරදි ශ‍්‍රද්ධාවන්ත බෞද්ධයෙක් වීමට වාසනාව උදාවේවායන්නය.

 

පින්වතුනි,

පෙර ලිපිවල මා කියාදුන්නේ දුකට හේතුව ඉපදීමත් ඉපදීමට හේතුව තණ්හාව නිසා ඇතිවන අරමුණු බවයි. අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පෙර නොඇසූ දේශනාව වූයේ චතුරාය්‍ය සත්‍ය අවබෝධ කරවීමයි. දුක දුක ඇතිවීමට හේතුව දුක නැතිවීමට හේතුව දුක නැතිකර ගැනීමේ මාර්ගය යන මේ සත්‍ය කරුණු හතර තුළින් නිවන අවබෝධ කර ගැනීමට හැකි වනුයේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළින් ලබන ශීල සමාධි ප‍්‍රඥා යන ත‍්‍රිශික්ෂාවෙනුයි. පින්වතුනි, සියළු බුදුවරුන්ගේ නිවන් මග විවර කර ගැනීමේ  දේශනාව සබ්බපාපස්ස අකරණං ( සමථ භාවනාව වැඩීමේදී පංචනීවරණ යටපත් කිරීමෙන් ශීල ශික්ෂාවද  කුසලස්ස උපසම්පදා මේ භාවනාව බහුලීකත (නොකඩවා) කිරීමෙන් පංචනීවරණ යටපත් වූ සිත සමාධි ශික්ෂාවටද (සචිත්ත පරියෝදපනං) පංච නීවරණ යටපත්වී දමනය වූසිත සතිපට්ඨානය වැඞීමෙන් ප‍්‍රඥා ශික්ෂාවටද    ‘‘ඒතං බුද්ධානු සාසනං’’ එය බුදුවරුන්ගේ දේශනාව බවය. ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුලින් කියවෙන්නේද, සිදුවන්නේද වාචා කම්මන්ත ආජීව සම්මා වීමෙන් ශීල ශික්ෂාවද වායාම සති සමාධි සම්මා වීමෙන් සමාධි ශික්ෂාවද දිට්ඨි සංකප්ප සම්මා වීමෙන් ප‍්‍රඥා ශික්ෂාවද සම්පූර්ණ වන බවයි. එසේනම් සම්මා දිට්ඨිය ලැබීමෙන් නිවන් අවබෝධ කරගැනීමේ ලෝකෝත්තර ප‍්‍රඥාව ලැබෙන්නේ ශීල සමාධි ප‍්‍රඥා යන ත‍්‍රිශික්ෂාවෙන් නේද ?

 

පින්වතුනි, පෙරලිපි වලදී පැහැදිලි කලේ වාචාකම්මන්ත ආජීව රැකීමෙන් ශීලය සම්මාවන ආකාරයද වායාම සති සමාධි වැඞීමෙන් සමාධිය සම්මාවන ආකාරයද කෙටියෙන් පැහැදිලි කිරීමයි. මෙවර පැහැදිලි කිරීමට ඇත්තේ දිට්ඨි සංකප්ප සම්මා වී ප‍්‍රඥාව ලබා ගන්නා ආකාරයයි. බුදු දහමේ ලෝකෝත්තර ප‍්‍රඥාව නිවන් දොරටුවයි. මෙය අංග සම්පූර්ණව දේශනා කිරීමට හැකිවූයේ සර්වඥ්ඥතා ඥාණය ලැබූ අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේටයි. වර්තමානයේ මේ දේශනාව තේරුම් ගැනීමට හැකි සරල ආකාරයට අසා දැන ගැනීමට හැකි වූයේ  ‘‘එල්ලාවල විජිත නන්ද’’ හිමියන්ගෙනි. නමුත් මා මේ ලිපි පෙල ලියන්නේ මා හට ඇති නිවන් ධරණ ශක්ති ඥාණයෙන් බව කාරුණිකව පවසමි. අප බොහෝ බෞද්ධයින් මේ නිවන් ගමනේ මග දුරක් ගොස් ඉතිරිය සොයා ගැනීමට නොහැකිව අතරමං වී සිටින අයයි. ඒ ගොඬේ මාද සිටි බව කිව යුතුය. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ කරුණු 06 ක් පමණක් සම්පූර්ණ හෝ බාගෙට සිදුකර ගෙන නිවන සොයන අය බොහෝය. සිල් රකිනව භාවනා වඩනවා නමුත් අවබෝධ ය ලැබී නෑ එයට හේතුව නම් සතර සතිපට්ඨානය (කරුණු 04) සතර සම්‍යක් ප‍්‍රධාන වීර්ය (04) සතර සෘද්ධිපාද (04) පංච ඉන්ද්‍රිය (05) පංචබල (05) සප්ත බොජ්ක්‍ඩංග (07) ආර්ය අෂ්ඨාංගික මාර්ගය (08) වන සත්තිස් බෝධි පාක්ෂිත (සත්‍යට පක්ෂපාත) ධර්මයන් හදුනාගෙන නොමැතිකමයි. මේ කරුණු 37 දී මුල් කරුණු 12 වැඩීම සම්පූර්ණ වන විට ඉතිරි කරුණු 25 ස්වභාවයෙන් වැඩෙන බව කිව යුතුය. තවද, කොපමණ සතර සතිපට්ඨානය වැඩුවත් සතර සම්‍යක්ප‍්‍රධාන වීර්ය වැඩුවත් සතර සෘද්ධිපාදවන චන්ද (කැමැත්ත)චිත්ත (සිත) වීර්ය (උත්සාහය) විමංසා (ශිල්පිය ඥාණය) වැඩීම සම්පූර්ණ විය යුතුය. එය සම්පූර්ණ වන්නේ දැඩි කැමැත්ත, දැඩිසිත,දැඩි වීර්ය, දැඩි පල පුරුදු ඥාණය නොදැක්විය යුතුය. සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වැඩුන තැන ලෝකෝත්තර ප‍්‍රඥාවයි. (පංච ඉන්ද්‍රිය යනු ශ‍්‍රද්ධා වීර්ය සති සමාධි ප‍්‍රඥාවන අතර මෙය පංචබලවන්නේ විපස්සනා වේ කෘත්‍යනිසා. මේ ඉන්ද්‍රිය බලවත් වීමයි. (සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබ`දව විස්තරාත්මකව දැන ගන්න)

 

පින්වතුනි, අපි දැන් ප‍්‍රඥාව කියන්නේ කුමක්ද කියා දැන ගනිමු. සාමාන්‍ය ව්‍යවහාරයේදී ප‍්‍රඥාව කියන්නේ අවබෝධයයි. දැනුම ප‍්‍රඥාවක් නොවේ. අවබෝධයද බුදුන් දේශණා කරන ප‍්‍රඥාව නොවේ. ප‍්‍රඥාව පිළිබද අනුමාන ඥාණයක් නොතිබී ලෝකෝත්තර ප‍්‍රඥාව ලබාගත නොහැකිය මෙය සම්පූර්ණ කර ගැනීමට කරුණු තුනක් සම්පූර්ණ විය යුතුය. ඒවා නම් සත්‍ය ඥාණය (අසා දැනගත් ධර්මයේ විශ්වාසය) කෘත්‍ය ඥාණය (ඒ දැනගත් ධර්ම පිළිවෙත පුරුදු පුහුණු කිරීම) කෘතක් ඥාණය (පෙරකරුණු දෙක නිසා ලබන අවබෝධය) වශයෙන් වේ. දිට්ඨිය ලොකෝත්තර, ලෞකික, වශයෙන් කොටස් දෙකක් වාගේම ප‍්‍රඥාවද ක‍්‍රම දෙකකි. ලෝකෝත්තර ප‍්‍රඥාව සහ ලෞකික ප‍්‍රඥාවයි. ප‍්‍රථමයෙන් ලෞකික ප‍්‍රඥාව දැනගෙන පැත්තකින් තියමු. අපට අවශ්‍ය වන්නේ නිවන් මාර්ගය මිස ලෞකික පැත්ත නොවන නිසා, ලෞකික ප‍්‍රඥාව ඇතිවන්නේ ලෞකික සම්මාදිට්ඨිය හෙවත් කම්මස්සකථා සම්මා දිට්ඨිය (පෙර කල කුසල් බලයෙන් උදාවෙන දිට්ඨිය) නිසාය. මෙම අවස්ථාව නිසා උදාවෙන ලෞකික ප‍්‍රඥාව යහපත් දිවි පැවැත්මටයි. මෙය පවතින්නේ දැනුමත් සමගය. දැනුම ඇති තැන පුද්ගලයෙක් ඇත. පුද්ගලයෙක් ඇති තැන නිවනක් නැත. කම්මස්සකථා සම්මා දිට්ඨියෙන් උදාවෙන ලෞකික ප‍්‍රඥාව නිසා පින, පව, කුසලය, අකුසලය හඳුනාගැනීමේ වාසිය ඇතිවන නිසා ලෝකෝත්තරයට යාමට එය උපකාරී වෙනවා. මේ ලිපි පෙලේදී මා සමග තර්කකලෙ ආර්යඅෂ්ඨාංගික මාර්ගය මා නොදන්නා බවය. මා පැවසුවේ ලෝකෝත්තර ප‍්‍රඥාව ලබන විට ශීල සමාධි ප‍්‍රඥා ලෙසත් ලෞකික ප‍්‍රඥාව,ප‍්‍රඥා ශීල සමාධි වන බවය. ලෞකික සම්මා දිට්ඨිය හෙවත් සම්මස්ස කථා සම්මා දිට්ඨිය අඩුවුනොත් සීලයේ වටිනා කමක් දැනගන්න බෑ සමාධියේ වටිනාකමක් දැනගන්න බෑ. මේ කරුණු දෙක සම්පූර්ණ කරගත්විට ලෞකික ප‍්‍රඥාවෙන් ලෝකෝත්තර ප‍්‍රඥාව සොයා යායුතුය. බුදුන් දේශනා කල නිවන් මග ශීල සමාධි ප‍්‍රඥාබව දැනගන්න.

 

පින්වතුනි, ලෝකෝත්තර ප‍්‍රඥාව ලැබීමට දිට්ඨි සංකප්ප සම්මා විය යුතුය. දිට්ඨිය යනු දැක්මයි. දැක්මේ ප‍්‍රතිඵලය සංකප්ප හට ගැනීමයි, දිට්ඨිය තිබුනොත් සංකල්පනා ඇති වෙනවා සංකල්පනා ඇති වුනොත් වචා කම්මන්ත ආජීව වායාම සති සමාධි ඇතිවීම සත්වයාගේ ස්වභාවයක්, දිට්ඨියක් නැතිතැන මේ කිසිවක් නෑ, දිට්ඨිය ඇතිවන්නේ හේතුඵල දහමක් අනුව, ඇස් කන් නාසාදී ඉන්ද්‍රිය පද්ධතියෙන් තමයි දිට්ඨිය හටගන්නේ ඇසට අරමුණක් ආපුවාම දිට්ඨියක් ඇතිවෙනවා ඒ නිසාවෙන් සංකප්ප ආදි අංග අට ඇතිවෙනවා. ඒ දිට්ඨියේ තිබෙන ස්වරූපය තමයි දැනුම කියන්නෙ, දැනුම තියෙන්නෙ දිට්ඨිය තුලයි. දැනුම තිබෙන්නේ කාටද ? මටයි, දැක්ම තුල මම ඉන්නවානම් එය දැනුමක්,දැනුමයි ප‍්‍රඥාවයි වෙන්වන්නේ මෙලෙසයි. දැනුම තුල මම ඉන්නවා, ප‍්‍රඥාව තුල මම නෑ. සත්‍ය ඥානය ලබා ගැනීමට දැනුම අවශ්‍යයි නමුත් කෘත්‍ය වීමේදි දැනුම තිබුනොත් කෘත්‍යක් වෙන්නේ නෑ. බුදුන් වහන්සේ පෙන්වන ප‍්‍රඥාව තුල මම ඉවත් වෙන්න  ඕන. ලෝකෝතර ප‍්‍රඥාව තුල දැක්මක් තියනවා මම නෑ, ලෝකෝත්තර ප‍්‍රඥාව තුල දැක්මේ ඇත්තේ චතුරාර්ය සත්‍යයි. ලෝකෝත්තර ප‍්‍රඥාවේදී මම කියන සංකල්පය ඉවත් වෙනවා. දැනුම හැදුවේ මමයි, මම හැදුවේ තන්හාවයි. තන්හාව නැතිතැන මම නැතිවෙනවා. මම නැතිතැන තිබෙන දැක්ම චතුරාර්ය සත්‍යයි. මෙයයි ලෝකෝත්තර ප‍්‍රඥාව, අපි මෙය ලබාගන්නා හැටි දැන ගනිමු.

 

පින්වතුනි, ප‍්‍රඥාව සිල් රැකීමෙන්වත් සමාධිය වැඞීමෙන්වත් ලැබෙන්නේ නෑ. විපස්සනා ඥාණයෙන් සිදුවන්නේ තමන්ටම අවබෝධවන එකයි. මෙය කාටවත් දිය නොහැකි දෙයක් තමන් දැනගත් ධර්මය නිවැරදිව කෘත්‍ය කිරීමෙන් ප‍්‍රඥාව ලබාගත හැක. පෙර ලිපිවල සදහන් කල පරිදි ආනාපාන සති භාවනාවේදී ආශ්වාස ප‍්‍රාශ්වාස ගැන අවබෝධයෙන් දිගට සිටින විට නීවරණ ධර්ම යටපත්වෙලා යම්කිසි සන්ධියකට එනවා. තමන්ගේ ආශ්වාස ප‍්‍රාශ්වාස වෙන්කර ගැනීමට බැරි සංසිදීමකට පත්වෙනවා ‘‘පස්සම්භයං කාය සංඛාර’’ කීවේ එම අවස්ථාවටයි. මේ සමාධි ශික්ෂාව සම්පූර්ණ වීමයි. මෙසේ සිදුවූවාද යන්න තමන් විසින්ම ප‍්‍රත්‍යක්ෂ කරගත යුතුයි. නීවරණ යටපත් නොවී විපස්සනාව වැඩුවාට පලක් නැත. පෙර කියූ අවස්ථාවට පත්වූ විට හුස්ම පිලිබ`දව සිතීම අතහැර මුළු ශරීරයටම අවධානය යොමු කරනවා, පෙර කියූ ‘‘පස්සම්භයංකාය’’ කියන අවස්ථාව උදාවූ නිසා කයට සිත යෙදවීම පහසුයි. (තමන්ටම, බොරු කරලා මෙය කරගත නොහැක) මෙහෙම වු`ඵ ශරීරයේම තැන තැන හිතෙන් යන්න, මේ විදිහට කය ගැන සෙවිල්ලෙන් ඉන්නකොට ශරීරයේ  ඕනෑම තැනක දැනෙන උෂ්ණ, සීතල, තදගති, ලිහිල් ගති, කම්පන ගති චංචල ගතිවලට අවධානයෙන් ඉන්න, හැබැයි මේ විදිහට දිගටම ඉන්න බැරිවෙලා සාමාන්‍ය තත්වයට යනවා කියලා දැනුනගමන් ආයේ හුස්ම ගැන අවධානයට යන්න, ටික වේලාවක් හුස්ම ගැන අවධානයෙන් සිට නැවත කය ගැන සිතන්න, මාරුවෙන් මාරුවට මෙසේ සිහියෙන් කරන්න වැඩි වේලාවක් කයෙහි සිත රඳවා තබන්න, මෙය කායානුපස්සනාවයි. විපස්සනාව ආරම්භකරන්නේ මේ විදිහටයි. මේ සුදුසුකම ලැබුවට පස්සෙ පෙර කියූ කයේ සිදුවන දේ හොදට දැනෙනවා. දැනෙන්නේ නැතිවීමට හේතුව නීවරණ කියූ ආකාරයට යටපත් නොවීමය. එසේ වූවොත් සංසිදීම නිසියාකාරව සිදුවන තුරු ආනාපානසතිය වඩන්න. මෙසේ කයේ ගතිගැන අවධානයෙන් සිටින විට අප බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මෙලෙස සඳහන් වෙනවා.

 

‘ඉති අජ්ඣත්තංවා කායේ කායානුපස්සී විහරතී

බහිද්ධාවා කායේ කායානුපස්සී විහරති

අජ්ඣත්ත බහිද්ධා වා කායේකායානු පස්සී විරහතී’’

 

විහරතී යනුවෙන් කියවෙන්නේ  ‘‘වාසය කරන්න’’ යන තේරුමයි. අජ්ඣත්ත කියන්නේ මට දැනෙන දෙය බහිද්ධ කියන්නේ නොදැනෙන දෙය මම ඉවත්වන තැන, ප‍්‍රඥා ශික්ෂාවෙන් සිදුවන්නේ මම ඉවත්වීමයි. කයට දැනෙන දෙය අජ්ඣත්තයි. උදාහරණයක් විදිහට කයෙහි රස්නයක් දැනෙන තැන අජ්ඣන්තයි අනෙක් තැන් නොදැනෙනවා කියන්නේ ඒ ගති බහිද්ධ වෙලා,මේ කාය විඤ්ඤාණයට තේරෙන විදිහයි. මේ වනවිට භාවනාව නිසා අපේ ඉන්ද්‍රියන් පහක් යටපත් කරගනෙ ඉන්නෙ. ඉතුරුකරගෙන ඉන්නේ කාය විඤ්ඤාණය විතරයි. ඒ කිව්වේ ඇස වහලා තියෙන්නේ රූප බහිද්ධවෙලා පෙනෙන්න නෑ.

 

කනට ශබ්ද අඩු තැනක ඉන්නෙ, ඇහුණත් ගණන් ගන්නේ නෑ, එය බහිද්ධවෙලා, අජ්ඣත්ත වෙන්න දෙන්නේ නෑ, මනසට අරමුණ එනවා අජ්ඣන්ත වෙන්න දෙන්නේ නෑ, ගණන් ගන්නේ නෑ,දැන් කයට සම්පූර්ණ සතිය යොදවලා තියෙන්නෙ කයේ දැනෙන දේට සම්පූර්ණ සිහිය යොදවලා තියෙන්නෙ ඒ මොහොතේ දැනෙන දෙයක් ඇත්ද එය අජ්ඣන්තයි නොදැනෙන දේ ඉබේම බහිද්ධයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන විපස්සනාව මෙතනයි. මේ විදිහට දැනෙන දේ ගැන සිහියෙන් දැනගෙන වාසය කරන්න නොදැනෙන දේ හොයන්න එපා, කරන්න තියෙන්නෙ එක දෙයයි ලස්සන මලක් දිහා බලාගෙන ඉන්න කොට ගහේ කඳ මුල අතුකොළ අමතක වෙනවා වගේ කයට දැනෙන දේ ගැන පමණක් අවධානයෙන් ඉන්න. මෙසේ ඉන්න කොට අපේ සතිය තවතවත් දියුණු වෙනවා, තවත් ගැඹුරට සතිය යනවා ‘‘අජ්ඣත්ත බහිද්ධා වා’’ ඒ කියන්නේ දැනෙන එක ඒ මොහොතේම බහිද්ධ වෙනවා නැතිවෙනාව. අඩු කාලසීමාවකදී දැනුන දේ නොදැනී යනවා, මම වෙලත් තියෙනවා, මම නොවන ඒවත් තියනවා, මට හැගෙන ඒවත් තියෙනවා, හැගෙන්නේ නැති ඒවත් තියෙනවා, ඔබට දැන් තේරෙනවා ඇති මට දැනුන හැගුන දේ ඉක්මණින් නැති වෙනවා මම දියවෙනවා, විපස්සනා භාවනාවේ විය යුත්තේ මෙයයි. භාවනාව කරනකොට පාවෙනව නම් ආලෝක පිළිම පේනවනම් එය විපස්සනා උපක්ලේෂයයි. විපස්සනාවකින් සිදුවන්නේ මම ඉවත් කිරීමයි. මේ සම්මා දිට්ඨියයි. දිට්ඨිය සම්මා වූ විට සංකප්ප සම්මා වන්නේ දැක්ම අනුවයි මම නැති සම්මා දිට්ඨියට ඉන්පසුව ඇතුළු වන්නේ චතුරාර්ය සත්‍යයි. ප‍්‍රඥා ශික්ෂාව එයයි. මේ ලිපිපෙලේ අරමුණු වූයේ තණ්හාව හැදින්වීම සහ එහි විපාකය දුකබව තේරුම් කරදීමටයි. තන්හාව දැනෙන්නේ මටයි, මම ඉන්නතාක් තන්හාව දුරුවන්නේ නෑ මම ඉවත්වූ තැන සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨියේ හේතුවෙන් සංකප්ප සම්මා වීම ලෝකෝත්තර ප‍්‍රඥාව උදාවීමයි. ඔහු හෝ ඇය සෝවාන් මාර්ගඵල ලාභියකුයි.

 

පින්වතුනි, අවසාන වශයෙන් ලිවීමට අදහස් කරන්නේ අවුරුදු 22 ක කාලයක් නාවික හමුදාවේ රට වෙනුවෙන් කාලය ගතකර අවසන් ගමන කරා යන මොහොතේ ගතකල මුළු ජීවිතය තුලින් ලැබූ අද්දැකීම්, කියවා අසා දැනගත් අප බුදුන් දේශනාකල ශ‍්‍රී සද්ධර්මය හා සසැදීමේදී මම කියූ පුද්ගලයා කලකී දෙය මුලාවක් මායාවක් මිරිගුවක් බව දැනුනි. අප බුදුන් දේශනා කළ අනිත්‍ය, දුක්ක, අනාත්ම යන ත‍්‍රිලක්ෂණය තිබුනේ ජීවිතය ගෙවීම තුළයි. එයින් මිදීමට මාගත් උත්සාහය සාර්ථක මාවතක් කරා යන නිසා මාවාගේම නිවැරදි දේ නොදැන අතරමං වූ අය වෙනුවෙන් දුකෙන් මිදීමට මාර්ගයක් ඇත යන්න කියාදීමට ගත් උත්සාහයකි. විශේෂයෙන් මතක තබාගත යුත්තේ මනුෂ්‍ය ගති ඇති පුද්ගලයින්ට මිස අමුනුෂ්‍ය ගති ඇති ඇති පුද්ගලයන්ට මේ ගමන යා නොහැකි බවයි. ශරීර අංගෝපාංග සම්පූර්ණ වූ පමණින් ඔහු හෝ ඇය මනුෂ්‍ය ගති නොමැතිව මනුෂ්‍යයකු වන්නේ නැත. මනුෂ්‍යයකු ලඟ ප‍්‍රධාන වශයෙන් තිබිය යුත්තේ දේව ධර්මයයි. එය නම් පවට ලැජ්ජාව සහ භයයි (හිරිඔත්තප්ප) පවට ලැජ්ජාවක් භයක් නැති අයෙක් ළඟ අප බුදුන් දේශනා කළ ධර්මය නැත ඔහු හෝ ඇය ළඟ ඇත්තේ අධර්මය සහ මිථ්‍යා දෘෂ්ඨියයි. මනුෂ්‍ය ආත්මයක් ලැබූ පමණින් අප පින්කළ ඇත්තෝ නොවෙති. පින නිසා මනුෂ්‍යයකු උවත් ගති නිසා අමුනුෂ්‍යයකු වීමට පුළුවන. ලැබූ මනුෂ්‍ය ආත්මය අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශණාකළ ශ‍්‍රී සද්ධර්මය පිළිපැද මෙතෙක් වූ සිය`ඵ වැරදි නිවැරදි කරගෙන 2017 වර්ෂයේදී ත‍්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඇත්ත සත්‍යයක් බව වටහා ගැනීමට මේ ලිපි බැලූ නොබැලූ සියළු දෙනාටම සැදැහැසිතින් වාසනාව උදාවේවා පතමි.

                                                               

 

තෙරුවන් සරණයි

                                               

 

මෙයට ශාසනලැදි,

සෝමතිලක හෙට්ටිආරච්චි

විශ‍්‍රාමික නාවික හමුදා

                                                               

 



අදහස් (0)

උදුවප් පෝ දා දහම් හමුව

ටී.ආර්.රණවීර් Tuesday, 13 December 2016 01:32 PM

ඉතා හොද පහැදිලි කිරීමකි. (හේ)

:       0       0

යෝනක Tuesday, 13 December 2016 12:15 AM

ලංකාදීපයට ගොඩක් ස්තූතියි! (නි)

:       0       0

කේ. ක්‍රිස් Tuesday, 13 December 2016 12:15 AM

සෝමතිලක හෙට්ටිආරච්චි මහතාණෙනි, ඔබට ස්තුතිවන්ත වේවා! පින්සිදු වේවා! මෙම අගනා ලිපිය කියවීමෙන් මා බොහෝ දේවල් දැනගත්තා. මෙවන් වටිනා ලිපි පළකරන ලංකාදීපයටත් බොහෝ පින්! (නි)

:       0       0

යෝනක Sunday, 11 December 2016 08:22 PM

ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 58 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 136 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 108 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 88 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 319 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 73 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1334 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site