නිරූපණ පිලිබඳව හදාරමින් සිටින ඇය නිෂී විජේසිංහ වෙයි. කුඩාකාලයේ සිට ඉතාලියේ පදිංචිව සිටින ඇය බොහෝ සේ නිරූපණයට ප්‍රිය කරයි. ඇයගේ නිරූපණ දිවිය පිළිබඳව කතාබහ කිරීමට අපත් සමග මෙලෙස එක්විය.
ඔබ ගැන කෙටි හැඳින්වීමක් කළොත්?
මම නිෂී විජේසිංහ. වයස අවුරුදු 19යි. මම දැනට ජීවත් වෙන්නේ ඉතාලියේ.
ඔබ තාම ඉගෙන ගන්නවාද?
ඔව්, තාම අධ්‍යාපනය ලබනවා.
අධ්‍යාපනය ගැන කිව්වොත්?
මම මේ රටේ විදිහට මගේ අධ්‍යාපනය ඉවර කරලා තියෙනවා. නමුත් නිරූපණයට කැමති නිසා ඒ ක්ෂේත්‍රය ගැන හදාරමින් සිටිනවා.
ඒ කියන්නේ ඉදිරියේදී වෘත්තීමය නිරූපිකාවක් වෙන්නද හිතන් ඉන්නේ?
එහෙමත් කියන්න බෑ. මම ඒ ක්ෂේත්‍රය ගැන හදාරමින් සිටින නිසා, එය මට ගැළපෙනවා කියා සිතුණොත් වෘත්තීමය නිරූපිකාවක් වෙන අදහසක් තියෙනවා.
පොඩි කාලේ ඉඳන් ආස කළේ නිරූපිකාවක් වෙන්නද?
ඔව්. පොඩිකාලේ ඉඳන්ම ආස වුණේ නිරූපණයට.
හීනේ හැබෑ කරගන්න පුළුවන් කියලා හිතනවාද?
උනන්දුවයි, කැපවීමයි, ආසාවයි තියෙනවානම් කරන්න බැරි දෙයක් නැහැ කියලා හිතනවා.
වෘත්තීමය නිරූපිකාවක් වුණොත් නැවත ලංකාවට එනවද?
අනිවාර්යයෙන්ම ලංකාවට එනවා.
ලංකාවෙන් යන්නේ ඇයි?
මගේ දෙමව්පියන් ජීවත්වෙන්නේ ඉතාලිවල. පුංචි කාලෙ ඉඳන්ම හැදුණෙ වැඩුණේ ඉතාලියේ. ඇත්තටම ගොඩක් හොඳයි.
ලංකාවෙ නම් නිරූපිකාවක් කිව්වාහම බලන ක්‍රමය තුළ වැරැද්දක් තියෙනවා. ඉතාලියේදී එවැනි ප්‍රශ්න නැද්ද?
නැහැ එහෙම කිසිම ප්‍රශ්නයක්. මං හිතන්නෙ ඒක රටින් රටට වෙනස් වෙනවා සංස්කෘතියත් එක්ක.
නිරූපණයට එන්න කවුරු හරි උදව් කරපු පිරිසක් ඉන්නවද?
මාව ගොඩක් අය හඳුනගත්තෙ ලංකාවේ ප්‍රවීණ ගායකයෙක් වන විජය බණ්ඩාර වැලිතුඩුව මහත්මයාගේ "හැම මොහොතක් පාසා" කියන මියුසික් වීඩියෝවෙන්. මතක් කරන්න ඕනේ ඒ වීඩියෝ එක කරපු හිමේෂ් ප්‍රමුඛ youth-cinematic team එක. ඒවගේම chithu creation එකේ ඉරේෂ් අයියවත් ඒ ටීම් එකත්. ඒවගේම මගේ අම්මි, තාත්තී, ලොකු සහයෝගයක් දෙනවා.
ඒ කියන්නේ රංගනයටත් කැමැත්තක් තියෙනවාද?
මම තාම හැමදෙයක් ගැනම හදාරමින් සිටින්නේ. නමුත් රංගනයටත් මගේ කැමැත්තක් තියෙනවා.
දැනට දායක වෙලා තියෙන වැඩ මොනවාද?
දැනට මියුසික් වීඩියෝ දෙකක් කරලා තියෙනවා. ඒක එළිදැක්වුණා. අනිත් එකත් ළඟදීම එළිදක්වයි කියලා හිතෙනවා. තව මියුසික් වීඩියෝ එකක් සඳහා ආරධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව chithu creation එක්ක වැඩකරගෙන යනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව
වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි
නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ
13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි
ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උනන්දුව තියෙනවානම් කරන්න බැරි දෙයක් නැහැ