පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නව දෙනෙක් නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ අද දිවුරුම් දුන්හ.
මාතර දිස්ත්‍රික් මන්ත්‍රී සනත් ජයසූරිය - තැපැල් සේවා නියෝජ්‍ය ඇමැති
මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා - කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමැති
දිගාමඩුල්ල මන්ත්‍රී සරත් පියනන්ද වීරසේකර - කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය අමාත්‍ය
කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වයි ජී පද්මසිරි - කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති
පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී ඩී ඇන්ටනී වික්ටර් පෙරේරා - පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන නියෝජ්‍ය ඇමැති
ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී හේමාල් ගුණසේකර - සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු - අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම - සුළු අපනයන භෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ - පුණරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැති
දැනට නියෝජ්‍ය ඇමැතිවරු 29 දෙනෙක් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ යන්තන් ඇති ......9 යෙන් බේරුනා ....... අපිට අඩු එච්චරයි ..... (දී)
දැන් ඔතන ඉන්නේ ඇමැති නියෝජ්‍ය ඇමැතිවරුන් විතරම ද මන්ත්‍රීලා නැද්ද අයෙත් සැරයක් බඩු මිල ඉහලට (දී)
ආසියාවේ ආශ්චර්යය, ලංකාවේ අභාග්‍යය (දී)
ඔක්කොටම දෙන්න තිබුන අපරාදේ අනිත් අය එටකොට අපි ඔක්කොම ඇමතිවරු (දී)
මට නම් කිසිම දෙයක් හිතාගන්න බැහැ. (නි)
අපේම වාසනාව! (නි)
ලෝකෙය පාර්ලිමේන්තුවක මන්තිරුවරු නැති එකම රට කුමද්ද ? (ත)
ජයවේවා !!!! එකත් එහෙනම් හරි. දැන් අපිට මොන ප්‍රශ්නද? (ත)
ඔන්න දැන් රටේ ප්‍රශ්න ඉවරයි (දිල්)
නාමල් මන්ත්‍රීතුමා නැද්ද? (ත)
ජනතාවට සේවය කරන්න ද මේ? (ත)
මේ බරත් ජනතාවගේ කරපිටෙන් (දිල්)
අනේ අපි ගැන හිතල නේ මේ ඔක්කෝම කරනේ..(දිල්)
ඉතිරි කීප දෙනාටත් මොකක් හරි දෙන්න බලන්න ඒ අයත් කල කිරෙන්න පුළුවන් (දිල්)
මොනතරම් ආශ්චර්යක්ද රටකට මෙතරම් ඇමතිලා ඉන්න එක? ඒ අතින් අපි ලෝකයේ මොනතරම් ඉදිරියෙන්ද ඉන්නේ? එහෙනම් මේක තමයි ඔය කියන ආශ්චර්ය! (නි)
අනේ වාසනාවන්, තව තවත් බදු බර ජනතාවට. ඔහොම වෙලත් මදි එක අතකට බැලුවහම. ඡන්දෙ දුන්න එකේ පව ගෙවන්නත් එපැයි.(දිල්)
දැන් අපි සාකච්ඡා කරමු ඉදිරි කාලයේ භාණ්ඩ මිළ ඉහළයාම පිළිබඳව.(දිල්)
ඡන්දය දුන්නොද විදවති නොදුන්නොද විදවති. (දිල්)
ඇමතිහොරු අඩුවෙන්ම ඉන්නේ මොන රටේද?(දිල්)
සුබ නිමිත්තක්.අපගේ උත්තමාචාරය.(දිල්)
නිශාන්ත මුතුහෙට්ටිගමත් හරි නේද. දැන් එයාට නින්ද යයි. අපිට තමයි දැන් නින්ද යන්නේ නැත්තේ. ආසියාවේ ආශ්චර්ය කියන්නේ මේකට තමයි. කමු කමු මුළු රටම බෙදා හදාගෙන කමු. අනාගත පරපුරට රටේ හපේ විතරක් ඉතුරු කරමු. ජය වේවා (දිල්)
අපරාදේ ඉතුරු අයටත් දීල දැම්ම නම් ඉවරයි අලුතෙන් ඕනි තරම් අමාත්‍යංශ හදන්නත් පුලුවන්නේ (දිල්)
දැන් ලංකාවේ ඉන්නේ වැඩිපුර නාමික ඇමතිවරු විතරයි. (නදී)
ආයෙත් පෙට්‍රොල්,ඩීසල්,ඔය සැර ජාති මිල නග්ගයි. ගණන් ගන්න එපා.ආසියාවේ ආශ්චර්යනේ(නදී)
අම්මෝ ඇති යන්තම් රටේ තිබුන ලොකුම ප්‍රශ්නය විසදුනා. දැන් නම් ලංකාවේ කිසිම ප්‍රශ්නයක් නෑ. අහවලාට ජයවේවා !(නදී)
දැන් දිපල්ලකෝ උත්තර.(නදී)
හැමෝටම දෙන එකේ මටත් එකක් දෙන්නකෝ. (ත)
අප ශ්‍රී ලංකා, නමෝ නමෝ මාතා ! දැන් ලංකාවේ සියලු ප්‍රශ්න අවසානයි (නි)
ආ! අරයත් ඉන්නේ (නි)
අපි ඔක්කොම රජවරු ඔක්කොම මැතිවරු මුළු රටවැසියොම දැන් දිනුවෝ... (නි)
අපේ රටේ මිනිස්සු මේකට වග කියන්න ඕනෑ. දුප්පත් මිනිස්සු සුළු වාසියට ඡන්දෙ දීලා ආණ්ඩු පත් කරනවා. (නි)
මෙයාලා නඩත්තු කරන්න තව සල්ලි ඕන වෙනවා. ඒවත් ජනතාව පිටම පටවාවි. (ත)
පක්ෂේ ගැන පමණක් හිතනා...අප ගැන නොහිතනා...අරුමෙකි සෝබා සංසාරේ!
ආශ්චර්යයට ඔන්න මෙන්න වගේ දැන්නම් ,(දිල්)
කගේ සල්ලි වලින්ද මෙයාලට පඩි ගෙවන්නේ(දිල්)
අපි බොරුවට විරුද්ද වෙනද හොඳ නෑ. දැන් බලන්නකෝ කොළඹ ලස්සනවෙන හැටි. ඇමති ගණන වැඩි උනාට කමක් නෑ. අපිට සේවයක් වෙන්ව නේ. බලන්ඩකෝ ඊළඟ ඡන්දෙන් මිනිස්සු ඡන්දෙ දෙන විදියහ(දිල්)
සුබ අනාගතයක්.... !!!!! (ත)
මේතරම් ඇමතිවරු ගණනක් ඉන්න තරම් අපේ ලක්මාතාව කොච්චරනම් පින් කරලා තියෙන්න ඕනද. අනේ වාසනාවන් ලෝකේ තියෙන වාසනාවන්තම රට.(දිල්)
තව ලොකුවට ලෝකෙට ණය වෙන්න පුළුවන්.(ත)
අර පෞද්ගලික පාසලටත් සුභ කාලයක් ඉස්සරහට උදාවේවි වගේ (නි)
මෙම ක්‍රමය මම අනුමත නොකරමි. නමුත් උතුරේ ඡන්දය, 13 වන සංශෝධනය වැනි විවිධ දේශපාලනික විපර්යාස වලට රට භාජනය වන මේ අවස්ථාවේදී හොඳින් හෝ නරකින් පළමුව ආණ්ඩුව ශක්තිමත්ව තබා ගත යුතුය. එහි එක් පියවරක් හැටියටයි මා මෙය දකින්නේ. (නි)
එතකොට කෝ අර වැලි,සීනි,හාල්,රොටි... ඒ වගේ නියෝජ්‍ය ඇමතිවරු? කාගේ සල්ලිද මේවා? (නි)
නාමල් මන්ත්‍රී තුමා නියෝජ්‍ය අගමැති!. (නදී)
තව ටිකක් කලින් හම්බ උනා නම් ගොඩ යන්නත් තිබුනා..ලබන වසරේ පාර්ලිමේන්තුව විසිරුවන්නත් තියනවා නේ..කාලේ මදි (නදී)
සාදූ සාදූ සාදූ!(නදී)
මෙච්චර තනතුරු හිස්ව තියෙද්දිත් අපට කිසිම අඩුපාඩුවක් නොකර නොපිරිහෙලා රටට සේවය කල ඇමතිවරුන්ට අපගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිනවා. ඒ අමතිතුමන්ලාට වැටුප් වැඩිවීමක් කළාට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. (දිල්)
ප්‍රතිචාර ඔක්කොම විරුද්ධව. එතකොට ආණ්ඩුවට ඡන්දේ දුන්නේ කවුද? (ත)
තවත් ලෝක වාර්තාවක් ශ්‍රීලංකාව තැබූ වගයි (දිල්)
අනේ වාසනාවන්...... අපේ රටේ දියුණුව හිතා ගන්න බෑ අපිට නම් මේක හීනයක් වගේ...... ආශ්චර්යය අපේ ඔළුව උඩ.....(දිල්)
අනේ වාසනාවන්...... අපේ රටේ දියුණුව හිතා ගන්න බෑ අපිට නම් මේක හීනයක් වගේ...... ආශ්චර්යය අපේ ඔළුව උඩ.....(දිල්)
වෙන මොනාටද ජනතාවට සේවය කරන්න ජය වේවා මට නම් සුබ අනගතයක් (දිල්)
ඉන්දියාවේ කැබිනට් ඇමතිවරු 33, රාජ්‍ය ඇමතිවරු 33, ස්වාධීන රාජ්‍ය ඇමතිවරු 12 යි ජනගහනය කෝටි 124 යි. ඒ කියන්නේ, පුද්ගලයන් එක කෝටි පනස් නව ලක්ෂයකට එක ඇමතිවරයයි. ලංකාව ගැන නම් මට දැනුමක් නැහැ. (දිල්)
ඔය අඩුවනේ මෙච්චර කලකට රටට තිබුනේ. දැන් ඔක්කොම හරි, ඔන්න බලන්න රට දියුණුවෙන හැටි මෙයාල රටට කරන වැඩවලින්.(දිල්)
ඊලග ඡන්දෙදි තවත් වැඩියෙන් ඡන්ද දෙන්න. එතකොට ඡන්දෙන් පස්සේ තවත් ඇමතිවරු පත්කරනවා!(දිල්)
මේ හැමෝගෙම බර මහජනතාවගේ කර පිට තමයි (දිල්)
අනේ ඔක්කෝමටම දීල අපේ පබා නංගිට දීල නැහැ වැඩේ කැතයි මහත්තයෝ (දිල්)
මෙන්න ඔබ වෙනුවෙන් සේවයට ජනතා සේවකයෝ! (නදී)
මං අර කලින් කිව්ව ඉන්දියාවේ ජනග්‍රහණයයි ඇමතිවරු ගානයි පදනම් කරගත්තොත් නම් ලංකාවට ඇමතිවරු ඉන්න ඕන එක හමාරයි.(දිල්)
,වන සංරක්ෂණයට ,පුරා විද්‍යාවට නියෝජ්‍ය කව්රුත් නැද්දෝ? (ත)
අපෝ තව ඉඩ තියෙනවා බස් එකේ නගින්න . තව උප ඇමති වරු 10ක් වත් දාන්න . (ත)
හොදටම අඩු වෙලා තිබ්බේ ඒක. දැන් ඒකත් හරි. අපිත් ගොඩ. රටත් ගොඩ. (ත)
අර සීනි ඇමතිතුමා පත්කලාටම පස්සේ , ඊයේ පෙරේද දවසක විල මැද බංගලාව තුල නම කියනවා ඇසුනා, සතුටුයි...බලද්ධි කාගෙන්ද මන්දා බැනුම් අහනවා,..... (ත)
චන්ද්‍රජෝති හිමියනි, ප්‍රතිචාරත් විරුද්ධව, කතාවත් විරුද්ධව, ක්‍රියාවත් විරුද්ධව. තමයි එත් අර "ජිල්මාල් අයියල" ඉන්න නිසා දෝ මන්ද ඡන්ද වලින් නම් උඩින්ම දිනනවා.
අයියෝ මේ මොන විගඩමක්ද? මෙච්චර අමාරුවෙන් ජීවත් වෙන අපිට තවත් නියෝජ්‍ය ඇමතිවරු මොකටද?(දිල්)
බොහොම හොදයි. මෙයාලට වැටුප් දීමනා දෙන්නේ කොහොමද? (නදී)
පිස්සන් කොටුවටත් ඇමති කනක් පත් කරොත් නරකද (නදී)
සියලු මන්ත්‍රීලා ඇමතිලා කරලා වැටුප් දෙගුණයකින් වැඩිකරන්න එච්චරයි වෙන්න ඕන (දිල්)
ඌවට සහ උතුරට කවුරුවත් නැහැ. එහෙම හොඳද? (නි)
දුප්පත් මිනිසුන්ට තවත් බරක්(දිල්)
අනේ මේ බෙහෙතකට හොයන්නේ.... ජේෂ්ට ඇමතිකමක් , කැබිනට් ඇමතිකමක් , කැබිනට් නොවෙන ඇමති කමක් , නියෝජ්ජය ඇමති කමක් නැති ආණ්ඩුවේ මන්තිරියෙක්ගේ මොලෙන් කලඳක් පොඩ්ඩකට ගෙනල්ල දෙන්න බැරිද...? මම කෝදුරු තෙල් හත් පට්ටයක් නම් හොයාගත්තා.... මල ගෙයක් නොවෙච්ච ගෙකින් අබ ඇට ටිකකුත් හොයා ගත්තා... (නදී)
කොයි තරම් "චෞර රැජින" කිව්වත් එස්සර මිනිස්සු වේල් තුන කාල ඇදල දෙවියනේ කියල ජීවත් වුණා.(දිල්)
ඉන්දියාව අපේ රට වගේ 20 ගුණයක් විශාලයි. ඒත් ඇමතිලා ඉන්නේ 18යි. පකිස්තාන් රටේ 20යි,බන්ගලිදේශයේ 25යි, මියන්මාරයේත් 15යි......ඒකට ලංකාවේ එකසිය ගානක් ඇමතිලා, තවත් එකසිය ගානක නියෝජ්‍ය ඇමතිලා...... ඔය කරන්න යන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි අයනේ ලංකාවේ ජීවත් වෙන්නේ. (නි)
ජෙනරල් සරත් ෆොන්සේකා නම් කිව්වේ ඇමතිලා,නියෝජ්‍ය ඇමතිලා සියල්ලම 25-30කට අඩු කරනවා කියලනේ. අද රටට කුමක්ද සිදුවෙලා තියෙන්නේ? (නි)
මහා සංඝරත්නයේද පුර්ණ ආශිර්වාදය සහිතව රට මේ තැනට ගෙන ඒමට කටයුතු කළ අපේ සියළු දේශප්‍රේමීන්ට අපේ උපහාරය....! (නි)
සුනාමියක් එන්න කලින් මුහුදේ වතුර පසු පස්සට ගිහින් හරිම ලස්සන ච්‍ත්‍රයක් මව පානවා නේ (දිල්)
අර පිරිත් නුල් ගැටගහලා,ඔලුවේ ධාතු කරඩුව තියලා, සෙත් පිරිත් කියන අයට පුළුවන්නේ මේ රටේ මිනිසුන් මොනතරම් දුක් විදිනවද ජීවිතය ජීවත් කරවන්න කියලා දන්නා භාෂාවෙන් කියලා දෙන්න. කහට තේ කෝප්පය බීලා බඩට ආහාරයක් නැතුව පාසල් යන දරුවන් මොනතරම් ජීවත් වෙනවද? මේවාට තමා අහස පොළව නුහුලන අපරාධ කියලා අපි නම් කියන්නේ. (නි)
ලංකාවේ පාර්ලිමේන්තු ඇමතිවරු ප්‍රමාණය ලෝක ගිනස් වාර්තාවක්. එය පිහිටුවා තිබෙන්නේ 2005 දි. මේක එම වාර්තාව අළුත් කිරීමක් පමණයි (නි)
මිනීමරු ප්‍රභාකරන් හිටියා නම් හොදයි කියලා හිතෙනවා දැන් අපිට (නි)
පත්තර නොබලන ,අන්තර්ජාලය නොබලන, අඩුමගානේ තමන්ගේ ඉතිහාසය ගැනවත් නොබලන ජනතාවකට ඕකත් ප්‍රශ්නයක්ද?(දිල්)
මේ තරම් කුඩා රටකටම, මේ තරම් දුප්පත් මිනිසුන් ජීවත් වෙන රටකට ඇයි මේ තරම් නියෝජ්‍ය ඇමතිලා ගොඩක්? (නි)
අපි නම් මෙයට සම්පුර්ණ සහයෝගය දෙනවා. (දිල්)
දැන් නම් රටට හොද කලක් යාවි නේද?(දිල්)
තව ඡන්දය දෙන්න එතකොට තව ඇමතිලා වැඩි කරගන්න පුළුවන් .හීනයක්ද මේ ඇමතිකම් ජයවේවා (දිල්)
කෝ අර ලොකු නඩුකාර නෝන පන්නන්ඩ මාර කට්ටක් කාපු අය අමතක කරලා වගේ (දිල්)
ලංකාවේ ඉන්න සෑම ඡන්ද දායෙකුටම දිනපතා උදේ හවස රට තණ කොල කිලෝ දෙක බැගින් කනවානම් හොදයි මා යෝජනා කරනවා ලංකාවට දෙවියන්ගේම පිහිටයි (දිල්)
රටේ සියලුම ජනතාවට ඇමතිකම් දුන්නා නම් ප්‍රශ්න ඇති කරන්න කෙනෙක් නැහැනේ (නි)
අර හැම එකටම ආවඩන අපේ බන්දුල පෙරේරාට මොනවත් ලැබිලා නැද්ද? අනේ පවු!! (නි)
මේ බරත් දුප්පත් අපේ පිටද පැටවෙන්නේ? (නි)
නියමයි දැන්.ජය වේවා! තව ඡන්දෙ දෙන්නකෝ (නි)
අනේ සාධු! තව ඡන්දෙ දෙන්න.අපි සේරම බර කරගසමු.තවත් මේවා තේරෙන්නේ නැත්නම් හැමදාම දුක තමයි. (නි)
මට දැනගන්න ඕනෑ දැනට ඉතිරිවෙලා ඉන්න මන්ත්‍රීවරුන්ගේ ලිස්ට් එක.මොකද එයාලට තමන්ගේ මන්ත්‍රී ධූර කාලය මන්ත්‍රී වෙලා ඉදලා අවසන් කරනවට මහජන ගෞරව සම්මානය පුදන්න ගැටලුවකට තියෙන්නේ පාර්ලිමේන්තුවේ කාලය අවසන් වෙනකොට එහෙම කෙනෙක් ඉතුරුවෙයිද කියන එකයි (නි)
එතකොට දැන් මන්ත්‍රීවරු නැද්ද? (නි)
මේ ක්‍රමය අනුමත නොකළත්, ඔය කට්ටිය කියන අනෙක් පාර්ශව බලයට පැමිණියත් ඔය ක්‍රමයේ වෙනසක් වෙන්නේ නැහැ. කවුරු ආවත් මේ දේශපාලන රටාවේ බලය පවත්වාගෙන යන්න ඇමතිවරු වැඩිපුර ගන්න සිද්ධ වෙනවා. කවුරු ආවත් ඔය දේ ඔහොමම තමයි. (නි)
කිසිම දෙමළ හෝ මුස්ලිම් ඇමතිවරයෙක් නැහැ නේද? (නි)
ඉතාම ලැජ්ජාසහගතයි. මෙහෙම රටේ සල්ලි ඇමතිවරු නඩත්තු කරන්න නාස්ති කරන ලෝකයේ එකම රට. මෙහෙම විශාල ඇමති මණ්ඩලයක් නඩත්තුවට යන සල්ලි වලින් රටේ මොනතරම් ප්‍රයෝජනවත් වැඩක් කරන්න පුලුවන්ද? දේශප්‍රේමී කියලා කියා ගන්නා ආණ්ඩුවේ ඉන්න කවුරුවත් මේ දේවල් වලට විරුද්ධව කතා කරනවද? අපේ මිනිස්සුත් මෙහෙම අයටනේ ඡන්දෙ දෙන්නේ. (නි)
දැන් ආණ්ඩුවට ඡන්දෙ දුන්න අය කියන දේ තමයි වැඩේ නම් වැරදි එත් කවුරු ආවත් ඔහොම තමයි කියලා කියන එක. ආණ්ඩුව මොන වැරදි වැඩේ කලත් කියන්නේ ඔය උත්තරේ. මම හිතන්නේ මීළඟට එන ආණ්ඩුවට මේ දේශපාලන ක්‍රමය පවත්වාගෙන යන්න බැරි වෙනවා. රටේ ජනතාවට මේ ක්‍රමයෙන් හෙම්බත් වෙලා ඉන්නේ.(දිල්)
කහට කෝප්පේ පොඟවා ගිලින්නට.... පාන් කෑල්ලක් යදිනා දනන් හට...ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට....එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට....(දිල්)
අපේ ව්‍යවස්ථාවේ තිබෙන මොකක්හරි අපි නොදන්නා වගන්තියක් නිසාද මන්දා මෙහෙම වෙන්නේ (නි)
චාන්, ඔයා හරි. මටත් හිතෙන්නේ එහෙම තමයි (නි)
තව නියෝජ්‍ය නියෝජ්‍ය ඇමතිලා 10කගේ විතර අඩුපාඩුවක් තිබෙනවා. අනේ වාසනාවන්! තව ටික දවසකින් බදු, භාණ්ඩ මිල, විදුලි බිල එහෙමත් අඩු වෙන්නේ නැතැයි (නි)
මේ ක්‍රමය අනුමත නොකළාට කමක් නැහැ. අද රටේ පොල් සම්බෝලයකුත් එක්ක බත් කටක් කන්න අමාරුකම් තිබෙන උදවිය කීදෙනෙක් ඉන්නවද කියො ඔය උදවිය දන්නවද? පාසල්යන්න විදිහක් නැති දරුවන් රටේ කී දෙනෙක් නම් සිටිනවාද කියා එයාලා දන්නවද? මීට වඩා ඇමති මණ්ඩලය වැඩි කළත් කමක් නැහැ කියන හැගීමෙන් ඉන්න ජනතාවක් ඉන්න රටක් නෙමෙයි එදා මේ රට! ඔය ඇමති /නියෝජ්‍ය ඇමතිතුමන්ලාව නඩත්තු කරන්න ජනතාව පිට තව කොයිතරම් බදු හා ණය පටවන්න ඕනෑද? (නි)
ඔය අදහස් දන අයගේ නෑදෑයෝ එහෙම ඔහේ ඉන්නවද? (අ)
තුෂාරගේ කතාව හරි.මේ ජනතාවක් නෙවේ.පවතින විපරිත සමාජ ක්‍රියාවන් නිසාත්,නිතර දෙවේලේ කසිකබල් රසවින්දනයකට මිනිසුන්ව හුරුකරපු රටේ ඇතැම් මාධ්‍යය නිසා යථාර්තය නොදකින පුහු ඔලු ගෙඩි රටට හෙන ගහල ගියත් හෙටත් බද උදෙසා සිය කැමැත්ත මේ දෙසපලුවන්ට දෙනවා. (අ)
ලංකාවේ ජනගහනයි කෝටි තිස්තුනක් දෙවිවරු එන්න රටකට තවමද(දිල්)
මම ජනාදිපති තුමාට ඉමහත් ගෞරවයක් දක්වනවා,රටේ ත්‍රස්තවාදය තුරන් කිරීම ගැන.එත් මට අදහාගන්න බැරි දෙයක් තමයි,මේ වැනි වැඩ කිරීමෙන්,මහාජනයා තම රජය ගැන කුමක් සිතාවිද, යන එක ගැන කිසිම ගනනකට නොගන්න එක ගැන.පුදුමයි! (අ)
ෂාහ් , තවත් ඇමැතිකම් තියෙනාව (අ)
යන්තම් ඇති. අපි මේ දුකෙන් හිටියේ මොකද දෙන්නේ නැත්තේ කියලා (නි)
අපි පටි තදකර ගන්නම් මහත්තයෝ (නි)
තව ඕනෑ තරම් තිබෙනවා. මගේ අදහස කියවන ඔයාලටත් ඕනෑද එකක්? (නි)
දැන් හොයමුකෝ ඉතින් ඇමතිකම්?? සීනි ඇමැතිකමත් වෙනකම් දැනටම දීලානේ තියෙන්නේ. හරි ......... ආහාර ඇමතිකම කඩනවා 3 කට. උදේ ආහාර ඇමති , දවල් ආහාර ඇමති , රාත්‍රී ආහාර ඇමති කියලා. වාරය කටයුතු ඇමති 2යි. හම්බන්තොට වරාය ඇමති, කොළඹ වරාය ඇමති කියලා දාමු. ගුවන් සේවා ඇමති 2යි. මත්තල ඇමති, කටුනායක ඇමති.. මහාමාර්ගත් පුළුවන්, ප්‍රසිද්ධ මාර්ග, පටු පාර , අඩි පාර කියලා... (නි)
ඇමතිකම්,නියෝජ්‍ය ඇමතිකම් නැති කරලම දාන්න ඕනෑ.නැත්නම් තවත් ඇමතිකම්,නියෝජ්‍ය ඇමතිකම් දෙයි ඉදිරියට. (නි)
බන්දුල පෙරේරා.මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ ඇමතිකම්,නියෝජ්‍ය ඇමතිකම් මෙහෙම දෙන අය ඇයි එහෙම කරන්නේ? (නි)
මට දැන් තව තව ඇමතිකම් මතක් වෙනවා... (නි)
ඇමතිකම් නම් දෙන්න බැරියෑ ඇතිතරම්. අහන්න මගෙන්. මම කියන්නම් ඇතිතරම් ඇමති ධූර වලට නම් (නි)
මේ වගේ අයට ඡන්දෙ දීලා තව ටිකක් යවන්න . අන්තිමට අපි ඇදගෙන ඉන්න අදුමත් ගලවලා විකුණලා තමයි මේ අය නඩත්තු කරන්න වෙන්නේ.වපුරපු දේ අනුව තමයි අස්වැන්න. දැන් ඔය ලැබෙන්නේ ඒවා තමයි. (නි)
රටේ ගණිකා වෘත්තිය නීතිගත කළෘ නම් තවත් මොකක්හරි අළුත් දෙයක් කරන්න තිබුනා.එහෙනම් බඩු මිළ ටිකක් ඉහළ ගියත් කමක් නැහැ. අඩුම වශයෙන් බියක් සැකයක් නැතුව සහනදායී මිළට අපිට යම් සහනයක් ලබාගන්න තිබුණා (නි)
මොකක්ද මේ ලංකාවට වුණේ? (නි)
මේ ප්‍රශ්නය වෙනත් දේවල් කන අයට බලනොපෑවාට බත් කන හැම කෙනෙකුටම බලපානවා.ඉදිරියේදී අපිට ඒක බලාගන්න පුළුවන්. (නි)
මොකෝ? ඇමතිකමක් ඕනෑද? ලැජ්ජා වෙන්න එපා. කියන්න (නි)
බොහෝම හොදයි, බෙදා හදාගෙන කරන දෙයක් කරමු. පොදුජනතාව ඉන්නවානේ ගෙවන්න. (නි)
අන්තිමට පාර්ලිමේන්තුවේ ඇමතිවරු නොවී ඉතුරු වෙන්නේ අපේ අර අහවල් පාට මල්ලිලා ටිකයි, ,අර ඉංග්‍රීසි අකුරු තුනේ කට්ටියගේ අයයි, තව දෙතුන් දෙනෙකුයි විතරයි (නි)
අපේ රටේ ඉන්න අයගේ මොළය පාදලා වැඩක් නැහැ.නිකන් ඉල්ලාගෙන කන්නේ නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉදිමු (නි)