රිය අනතුරකින් තුවාල ලබා ගම්පහ ඉඹුල්ගොඩ මහ පාරේ වැටි සිටි පියකු සහ පුතකු නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා තම ජීප් රියෙන් ගම්පහ රෝහලට රැගෙන ගියේය.
තුවාල ලැබු අට හැවිරිදි දරුවා ගම්පහ රෝහලෙන් කොළඹ රෝහලට මාරු කරනු ලැබීය.
රිය අනතුරකින් තුවාල ලබා ගම්පහ ඉඹුල්ගොඩ මහ පාරේ වැටි සිටි පියකු සහ පුතකු නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා තම ජීප් රියෙන් ගම්පහ රෝහලට රැගෙන ගියේය.
තුවාල ලැබු අට හැවිරිදි දරුවා ගම්පහ රෝහලෙන් කොළඹ රෝහලට මාරු කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් මාධ්‍යය මගින් ප්‍රචාරය කිරීමේ හොඳක් නැතුවා නොවේ. අපට වැඩි හරියක් කියවන්න ලැබෙන්නේ අමානුෂික දේවල්. ඒ තුලින් අපේ මනස යකාගේ කම්හලක් බවට පරිවර්තය වීම වළකා ගත හැක්කේ හොඳ කරන මිනිසුන්ද තවම රටේ ඉන්නා බව ප්‍රචලිත කිරීමෙන්. මොන අරමුණින් ඔහු මේ දෙය කලත් එහි ප්‍රතිපලය යහපත් නම් එහි ගෞරවය ඔහුට හිමි විය යුතුය. තනතුරක් නැති අයෙක් අතින් ඒ ගුණය ප්‍රකට වුනේ නම් මාධ්‍යය මගින් එයටද ප්‍රචාරයක් දී යුතුය. (අ)
හැමදේකටම දේශපාලනය ගාවගන්න එපා. හොඳ වැඩක් කල කෙනාට හොඳ කියන්න. නිකන් කට තිබ්බ පලියට ,ලියන්ඩ පුළුවන් කම තිබුනට මහා අශික්ෂිත විදිහට ප්‍රතිචාර දාන්න එපා. (නධී)
එතකොට හැප්පුනේ මොන රථයේද (දී)
මෙතුමා සිරිමාවෝ මැතිනිය ගේ දේශපාලන සෙවනේ හැදුණු වැඩුණු විනයගරුක මහත්මයෙක්.(දිල්)
ඔබ රටටම ආදර්ශයක්.(දී)
ඔබ කරපු දේ අගය කරනවා.....මේක තම මනුස්සකම කියන්නේ...(අ)
උතුම් ක්‍රියාවක් පින් ලැබෙන (අ)
මෙවන් මිනිසුන් සොයා අපේ වටිනා ඡන්දය දිය යුතුමයි... මෙයා මොන පළාතෙද.. අනිවාර්යයෙන්ම මගේ ඡන්දෙ දෙනවාමයි (අ)
හොඳ වැඩක්
අචිනි, ගයාන්, දමින්ද, ඔය තරම්ම පහල විදියට හිතන්න හොඳ නෑ නේද. කවුරු කලත් මෙක උතුම් වැඩක්. ඒක පක්ෂ හෝ පුද්ගල භේදයකින් තොරව අගය කිරීමයි වැදගත්. රිය අනතුර සිදුකල පාපතරයාට දැඩි දඬුවම් දිය යුතුය. (අ)
දමින්දගේ කතාව සහතික ඇත්ත .(අ)
හැම දේම වැරදි ඇහෙන් බලන්න උත්සහ කරන්න එපා හොඳදේ අගය කරන්න. මා දන්නා තරමින් ඔය නියෝජය ඇමතිතුමා බැකප් රථයක් පාවිච්චි කරන්නේ නැහැ. (අ)
ඡන්ද ගුණ්ඩු. රැවටෙන්න නම් එපා.(නදී)
එතකොට කව්ද හැප්පුවේ.(නදී)
ඇමති කලත් කවුරු කලත් හොඳ වැඩක් නේ මේ වගේ වෙලාවේදී එතුමාට ඉස්තුති කරනවා ඇරෙන්න දේසපාලනය ගව ගන්න එපා (අ)
ඉතාම අගය කළ යුතු ක්‍රියාවක්, ඔබට පින්...(අ)
ඡන්දෙන් පස්සේ උඹලව යටකරගෙන නවත්තන්නේ නැතිව යන හැටි බලපල්ලා. (අ)
හැමදාම ඡන්ද තියෙනවනම් මේ අය අපිව වාහන වල වැඩටත් ගිහින් ඇරලවයි. ඡන්දෙ දින්නට පස්සේ වතුර ඉල්ලුවත් වෙඩි තමයි. (අ)
අපේක්ෂකයෝ ඡන්දය ඉල්ලනේ ජනතාවට සේවය කිරීමට. ඇමතිවරුන්ට තීරුබදු රහිත යන වාහන , ඉන්ධන සහනාධාර දීල තිබෙන්නේ ජනතාවට සේවය කරන්න තමයි. නැතුව ගෙදර ඉන්න ඇල්ශේෂන් බල්ලෝ , පවුලේ අය සහ පාක්ෂිකයෝ විතරක් පටවාගෙන යන්න නෙමේ. සාමාන්‍යයෙන් ඇමතිවරු යනකොට යන්නේ පාරේ යන මිනිසුත් යට කරගෙන. මෙතන විශේෂයකට තිබෙන්නේ වෙනත් අනතුරකින් තුවාල වුන තුවාල කාරයෙක් ඉස්පිරිතාලෙට අරගෙන යාමයි. මෙවැනි උපකාර සාමාන්‍ය මිනිස්සු ඕනේ තරම් කරනවා. ලංකාවේ රිය අනතුරක් උනහම තුවාලකාරයෝ ඉස්පිරිතාලෙට ගෙනියන්නේ පාරේ ඒ වෙලාවට එන වාහනයක දමාගෙන තමයි නැතුව ඇමෙරිකාවේ වගේ අනතුරක් උන විගස සාත්තු සේවකයන් සහිත ගිලන්රථ අනතුරක් සිධුවුන ස්ථානයට විනාඩි 10 තුල පැමිණෙන සිරිතක් මෙහෙ නැහැ.(නදී)
මෙය හොද වැඩකි. (නදී)
මෙවනි දේවල් ඕනෙ තරම් සාමාන්‍ය මිනිස්සු කරනවා. එත් පත්තරේ වැටෙන්නේ ඇමති කෙනෙක් කලොත් විතරයි. (දී)
චන්දෙ ලග නිසා වෙන්න ඇති (දී)
ඔබට අපේ ආචාරය නියෝජ්‍ය ඇමතිතුමනි! (දී)
හොද වැඩක් ... (දී)
දෙවිවරු වගේ මිනිස්සුත් ඉන්නවා. (අ)
බලන්න කොච්චර හොඳ මහත්තුරුද කියලා. 'බැකප්' රථයක යවන්න පුළුවන්කම තියෙද්දී එතුමාගේම ජීප් එකේ දාගෙන ගිහිල්ලා. (අ)
ඇමති තුමනි ඔබට මගේ උත්තමාචාරය ! (අ)
සත් ක්‍රියාවක් හා ආදර්ශයක් (දී)
ආණ්ඩුවේ කෙනෙක් කරපු නිසා හොද වැඩක් විපක්ෂේ කෙනෙක් කලොත් ලකුණු දමා ගැනීමක් (දී)