ලග්ගල ප්‍රදේශයේ මහා පරිමාණ මැණික් පතල් කැපීම් පොලිස් ආරක්ෂාව මැද සිදුවෙතියි මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී සම්බන්ධිකරණ කමිටු සභාපති කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂමන් වසන්ත පෙරේරා මහතා චෝදනා කළේය.
නියෝජය අමාත්‍යවරයා මෙසේද කීහ.
ලග්ගල ප්‍රදේශයේම පදිංචි ඇතැම් පොලිස් නිලධාරීන් ඉන්නවා. ඔවුන් තමයි මේ දේ කරන්නේ වැටලීමකට වෙන නිලධාරීන් ගියත් අර පොලිස් නිලධාරීන් ව්‍යාපාරිකයන්ට ඔත්තුව දෙනවා.ඒ නිසා මේ වගේ නිලධාරීන් මාරු කළ යුතුයි. මේ දේවල් නැති වෙන්න නම්. මං මේ පිළිබදව ආරක්ෂක අමාත්‍යංශයටත් දැනුම් දෙනවා.
මේ පිළිබඳව විමසීමේද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුයේ මෙතෙක් ඒ පිළිබඳව තොරතුරු වාර්තා වී නොමැති බවත් මේ ප්‍රකාශය පිළිබද තොරතුරු සොයා බලා එහි නිවැරදිතාවක් ඇත්නම් ඒ නිලධාරීන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියෙන් කරන වැරදි පොලිසියට වාර්තා වෙන්නේ නැහැ. (ස)
අයියෝ ලක්ෂ්මන් මහත්තයෝ..ඕක කමිටු වල කිය කියා නොසිට කෙලින්ම ආරක්ෂක අමාත්‍යාංශයටනේ කියන්න තිබුනේ.දැන් බලන්නකෝ..ඇහෙන එද්දී පොලිසියේ අය ඕකට ගෑවිලාවත් නැති විදිහට වැඩ වෙන හැටි.වෙලාව එනකම් ගානට කල් බලයිනේ..? (ස)
පොලිස් ප්‍රකාශක කියන්නේ පොලිසිය වැරදි කරන්නේ නැ කියලද ? (ස)
වාර්තා වුනත්, ගණන් ගන්නෙත් නැහැනේ ගජමෑන්,,,!!!! (ස)
පොලිසියේ නිරවද්‍යතාවය ඔප්පු කිරීම පොලිසිය සතු කාර්යයක්. චන්දිලා ඒකට කලබල වෙන්න ඕනෑ නැහැ (නි)
ඔය ගමන්ම ව්‍යාපාර එහෙම ගැනත් ටිකක් හොයලා බලමු හොදේ... (නි)
ලංකාවේ පොලිසිය යනු දුප්පතුන්ට පහර දෙන දනවතුන්ට දනගහන ලංකාවේ දුෂිතම තැන. (නදී)
දැන් අවුරුදු 60 ක් පහු වුණා. තාමත් නිරවද්‍යතාවය ඔප්පු කරගන්න බැරි වුණා. කවදද දොන් සේතන් අයියේ හැබෑටම ඕක කරන්නේ? (නි)
දොන් සේතන්, ඇයි චන්දිලා කලබල නොවිය යුත්තේ? පොලිසිය එහෙම නොකරන නිසා තමයි අපි පුරවැසියෝ හැටියට කලබල වියයුත්තේ. ලංකාවේ නෙමෙයිද ඉන්නේ? (නි)
ගජමෑනුත් හිටපු පොලිස්කාරයෙක් නිසා වෙන්න ඇති නේද? (නි)
වෙන රටවල පොලිසිය වැරදි කරන මිනිස්සු හා වැරදි කරන තැන් හොයාගෙන නීතිය ක්‍රියාත්මක කරනවා. නමුත් අපේ රටේ මේ විදියට මිනිහෙක් මරලා ගියත් පැමිණිල්ලක් නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන්න බැරි බැව් නේද මින් කියැවෙන්නේ (නි)
ඔය එක එක ආයතනවලට මාධ්‍ය ප්‍රකාශ කළ පත් කරලා තියෙන්නේ.එම ආයතනයේ කිළුටු හෝදන්න මිසක් වෙන අහවල් කාරියකටද? පේන්නේ නැතෙයි මේ ගොල්ලන් කරන හරිය. කට ඇරියොත් බොරු, කට ඇරියොත් බොරු. (ස)