රජයේ ගුරු පත්වීම් ලබා ගෙන අඩු ගණනේ වසර තුනක් වත් ගමේ දරුවන්ට අධ්‍යාපනය දීමට අධිෂ්ඨාන කැර ගන්නැයි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පාරට බැස දිවි හිමියෙන් සටන් කරන විශ්ව විද්‍යාල සිසුන්ගෙන් සහ උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටින බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.
ඔහු මෙම ඉල්ලිම කළේ නුගේගොඩ වෙළද ව්‍යාපාරික ප්‍රජාව විසින් නුගේගොඩ දී පවත්වන ලද හමුවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා
‘ගමේ තිබෙන නිදහස් අධ්‍යාපනය ගැන මෙතරම් කට මැත දොඩවන උපධිධාරීන් ඔවුනට ගමේ පාසලකට පත්වීමක් ලබා දුන්නම යන්නෙ නැහැ.කවුරුත් බලාපොරොත්තු වන්නේ ආනන්ද, නාලන්ද, විශාඛා හෝ නගරයේ පාසලක්.
පසු ගිය කාලේ විද්‍යා , ගණිත, පරිගණක , ඉංග්‍රීසි ගුරුවරුන් හාරදහසක් බදවා ගන්න කටයුතු කළා. ඒත් ඉංග්‍රීසි ගුරු පත්වීම් ගත්තේ පනස් දෙදෙනකු විතරයි.
ප්‍රාථමික ,ද්විතික , විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් නොමිලේ ලබා ගෙන අවුරුදු තුනක් ගමේ ළමයින්ට උගන්වන්න යන්න මේ උපාධිධාරීන් කැමති නැහැ.ඔවුන්ගේ කථාව විතරයි. කෙරුවාව නැහැ.
ජාතියක් බිහි වෙලා.අපිට සමස්ත ජාතියේම ආකල්ප වෙනස් කර ගන්න කාලය ඇවිත්.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නෝ දනිති. (නි)
ඔබතුමා පටන් ගත්ත පාසල් දැම්මේ ගමේ වෙන්න ඇති නේද ? අනේ ඔබතුම වගේ ගමේ ළමයි ගැන හිතන කෙනෙක් ඇමති උන එක පුදුම වාසනාවක් (දී)
අනේ අපි දන්නෙ නැහැ මේවා (නි)
මෙතුමා කියන කතාව ඇත්ත. උපාධිධාරි බොහෝ ගුරුවරු හිතන්නේ හැම පහසුකමක්ම අරගෙන තමාගේ ඉදිරි දියුණුව හදාගන්නයි. ඔවුන් හිතන්නේ උපාධිධාරි නොවන ගුරුවරු තමා ගමට, දුෂ්කර පළාත්වල සේවයට යන්න ඕනෑ කියලා. (නි)
සල්ලි තියෙන උදවියට විතරද නගරය හොද? එක්කෝ දුෂ්කර ගුරුවරුන්ට හොදට ගෙවන්න. නැත්නම් මෙහෙම කතා නොකියා ඉන්න. (නි)
අපෝ! මෙතුමලා නියම වැඩ කරනවා. අපි දන්නවනේ (නි)
උපාධිධාරියො ගමට යවලා හරියන්නේ නැහැ. ඒ මිනිස්සු හොඳට ඉගෙනගෙන, අවුරුදු 4 ක් කැම්පස් එකෙත් ගතකරලා එළියට ආපුගමන් දුෂ්කර දැම්මම ජීවිතයක් කෝ? පවුල් රැක ගන්නේ කොහොමද? අම්මා තාත්තා බලාගන්නේ කොහොමද? ඒ ඒ පළාතේ අයව ඒ ඒ පළාතෙ තමන්ගෙ ගමේ පාසැල් වලට අන්යුක්ත කරන්න. නැතුව අනුරාධපුරේ කෙනා නුවරඑළියටයි, ගාල්ලේ කෙනා බදුල්ලටයි දාලා හරියන්නේ නැහැ. ඒ අයත් ගෙවල් හදාගෙන ළමයි ස්ථිර පාසලකට දාගෙන ජීවත් වෙන්න කැමතියි. (නි)
අවුරුදු දෙකතුනක් සටහන් කටපාඩම් කරලා සහතිකයක් ගෙනාවම ලොකු පඩියක් සමග රක්ෂාවක් දෙනවා. ලකුණු දෙකතුනක් මදිවෙලා සාමාන්‍ය රක්ෂාවකට ගිය අයට අවුරුදු දහයක පළපුරුද්ද තිබුණත් හොඳින් වැඩකරන්න පුළුවන් වුණත් සැලකීමක් නැහැ. පළපුරුද්ද සළකනවා නම් මෙහෙම වෙන්න බැහැ (නි)
හැමෝටම එකම අධ්‍යාපනය දෙන්නේ. පන්තියක කෙනෙක් හොඳට ඉගෙන ගන්නවා. කෙනෙක් ඉගෙන ගන්නේ නැහැ හෝ බැහැ. හොඳින් වැඩකළ ළමයා කැම්පස් යනවා. කුමක් හෝ හේතුවක් මත කැම්පස් නොගිය කෙනා ගිය කෙනාට ගරහන එක වැරදියි. (නි)
කල්ප, කටපාඩම් කරන්න පුළුවන් කලා විෂයන් වගේ ඒවා විතරයි. හැම උපාධිධාරියම කටපාඩම් කරන්නේ නැහැ. අනික උපාධියක් නැහැයි කියන්නේ කටපාඩම් කරන්න හරි ඔයාට එතනට යන්න බැරිවුණා කියන එකනේ. එතනදී ඔයා ඔවුන්ට වඩා පහළින් ඉන්නේ.කැම්පස් ගිය අයට වෙනම ඉගැන්නුවෙ නැහැනේ. කට්ටියක් ඉගෙනගත්තා. කට්ටියකට බැරිවුණා. කැම්පස් යන්න පුළුවන් වුණ එක වරදක් වගේ ද්වේශයෙන් සමහරු කතාකරන්නේ. (නි)
උපාධිධාරි කියන වචනේ හරි පරිස්සමට පාවිච්චි කරන්න ඕනෑ. ඔය කියන හුඟත් ප්‍රශ්න තියෙන්නේ ඉංග්‍රිසි බැරි, හැදියාවක් නැති, පංති සාමාර්ථයක් නැති) උපාධිධාරින්ට. (නි)
නවක ගුරුවරුන්ට උපදෙස් දෙන්න පෙර තමුනාන්සේලගේ ඔය බොරුවෙන්ම ජීවත් වෙන චන්දෙ කාලෙට විතරක් මහජනයාව හැම මුල්ලක් ගානෙම හොයා ගෙන ගිහින් බොරු පොරාන්දු දෙන දේශපාලකයන්ට කියනවා අනිත් අයට පූර්ව ආදර්ශයක් වෙන්න කියල නිකම් බහුබූත දොඩවන්නේ නැතිව. මහාජනයාගේ මුදල් නාස්තිකරමින් ලෝකේ වැඩියෙන්ම ඇමතිවරු හා උපදේශකවරු ඉන්න එකම රට ලංකාවය්. තමුන් දන්නේ මෙහෙ ඉඳන් එහාට පිල් මාරු වෙන්නයි එහේ ඉඳන් මෙහාට පිල් මාරු වෙන්නයයි වෙන දන්නා අධ්‍යාපනයකුත් නැහැ. ඇති මුසාවාද වලින් අහිංසක මිනිස්සු රැවට්ටුවා. (දී)
මම භෞතික විද්‍යාව ඇනගත්තේ මෙයා හින්දා තමයි.(නදී)
ඔබතුමා නිදහස් අධ්‍යාපනෙන් ඉගෙනගෙන විශ්ව විද්‍යාලයට ගිහිල්ලා ඉගෙනගෙන පස්සේ ටියුෂන් පන්ති කරලා අන්තිමට ජාත්‍යන්තර ස්කෝල දාලා සල්ලි හොයපු කෙනෙක්. අමුවෙන්ම කිව්වොත් අධ්‍යාපනය විකුනපු කෙනෙක්. අපිට ඒ කලේ නුගේගොඩ රේල්වේ ඇවනියු එකේ උගන්වද්දී කිව්වා එව්වා දැන් වැල් බයිලා කියල හිතෙනවා. වරායේ කම්කරුවෙකුගේ පුතෙකුට රජයේ ඇමති කෙනෙක් වෙන්න පුළුවන් කම ලැබුනේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න. (නදී)
වැදි බන.(නදී)
නිදහස් අධ්‍යාපනේ උපරිම ප්‍රයෝජන ගත්තු අය තමා ඔය (දී)
උපාධිකාරයන්ගේ විතරක් නොවෙයි, දේශපාලකයන්ගේත් කතාව විතරයි. හැබැයි දේශපාලකයන් වාසිය බලාගන පැති මාරු කරන්නත්, හොඳින් හෝ නරකින් හම්බ කරගන්නත් හරිම ශුරයි. (නදී)
මම මෙතුමා දිහා බලන්නේ යමක් කරන්න උත්සාහ දරන කෙනෙක් විදිහට.ඔහු රාජකීය විද්‍යාලයේත්, ආනන්ද විද්‍යාලයෙත් ඉගෙන ගත්ත රට ගැන හැගීමක් තියෙන අනාගතය විනිවිද දකින්න පුලුවන් කෙනෙක්.ඒ නිසයි 1977 බහුතර බලයක් තිබ්බ එ.ජා.ප ය විශ්ව විද්‍යාල වලට සිසුන් ගන්න ප්‍රමිත කරණය අහෝසි කල වෙලේ සටන් කරලා හිරබත් කැවෙත්.අද විශ්ව විද්‍යාල සිසුන් සහ එදා අය අතරෙ වෙනස බුද්ධිමය සටන් නොවෙන නිසා.ලයිසියම් පටන් ගත්තෙත් ඔහු රටේ පිස්සු නටන ජාත්‍යන්තර පාසල්වලට ආදර්ශයක් වෙන්න.අද පෝය දවසට එකේ සිල් ගන්න්නවා අපේ දරුවෝ.සිංහල ඉගෙන ගන්නවා.උඩරට නැටුම්, පෙරදිග සංගීතය ඉගෙන ගන්නවා.හැම දෙයක් දිහාම වැරදියට බලන්න එපා.එතුමා දුප්පත් ගම් වල දරුවන් 30000 කට විතර නොමිලේ ඉංග්‍රිසි උගන්වනවා.පාඨමාලා 20ක් විතර නොමිලේ උගන්වලා රට පුරා තරුණ දරුවන්ට අනාගතයක් හදල කරන සේවය කවුරුත් දන්නෙ නැතුව ඇති.කොහොම හරි ඔබ තුමා කෙලින් කථා කරලා මෙම උපාධි ගන්න අයගේ ඇත්ත කියපු එක හොඳයි.අපි දැන් වත් වෙනස් වෙමු.දරුවනි ඔබ වසර 17ක් නොමිලේ ඉගෙන ගෙන වසර 3ක් වත් අපෙ ගමේ දරුවන්ට උගන්වන්න අකමැති වුන එක ගැන නම් ඇත්තටම දුකක්, කලකිරීමක්, පිළිකුලක් හිතේ ඇති වුනා.ග්‍රේරු මහතාණෙනි ඔබ තුමාට ඇත්තටම මේ උපාධි දරුවන් එක්ක කතා කර ඔවුන්වත් රට වෙනුවෙන් එක් කර ගන්න හැකි වේවා.සුබ පතමි ඔබට සහ රටට... (ස)
නිමල් රණසිංහ මහත්තයා මසුරන් කතාවක් නේ කියල තියෙන්නේ ..එතකොට මේ රටේ මේ නිදහස් අධ්‍යාපනේ තියෙන්නේ අන්තරේ හින්දා !..නිදහස් අධ්‍යාපනේ වලපල්ලට අරින එක වැලැක්වීම කොහොම වෙතත් අන්තරේ විසින් කොල්ලෝ කෙල්ලෝ දාස් ගානක් නිකරුනේ වලපල්ලට ඇරිය කියල නම් අපි අත්දැකීම් සමඟ දන්නවා ..ඔයාලගේ ඔය දේසපලනෙට අන්දන්න පුළුවන් මිනිස්සු දැන් ලංකාවේ නැහැ මහත්තයෝ..අන්තරේ හින්ද තමයි අද අපේ විශ්ව විද්‍යාල දවසින් දවස පිරිහෙන්නේ.වලට යන්නේ..ලෝකෙන් ප්‍රතික්ෂේප වෙන්නේ..විශ්ව විද්‍යාල දියුණු උනොත් පාඨමාලා වෙනස් උනොත් විශ්ව විද්‍යාලෙන් පුර්ණ උපාධිධාරියෙක් සමාජයට බිහි උනොත් ඔහුට ඇයට සුදුසු රැකියාවක් එලියට එන කොටම තිබුනොත්, මෙයාලගේ විශ්ව විද්‍යාල දේසපාලනේ අවසානයත් ඒ එක්කම සිදු වෙනවා.. මෙයාල කවදාවත් අවුල් ලිහන කට්ටිය නෙමෙයි..අවුල් මත යැපෙන කට්ටිය.. (ස)
මිනිසුන්ගේ අදහස් දැක්කම පිස්සු හැදෙනවා. මොනවා හරි දෙයක් තියෙනවා කියන්න. අර බූරුවයි තාත්තයි පුතයි ගමනක් යනකොට වෙච්ච දේ දන්වා ඇතිනේ. (ස)
මෙතන අදහස් දක්වල තිබෙන ගොගක් අය කැම්පස් ගිහිල්ලා නැති අය ටිකක්. නරියත් මිදී තිත්තයි කිව්වලුනේ. (නි)
ටික කලකින් බලාගන්න පුලුවන් වෙයි අධ‍්‍යාපනයේ නව වෙනස්කම් (නි)
ඔබතුමාගේ අදහසට 100% එකඟයි,මේ අය උගන්වන ක්‍රමය ගමේ ළමුන්ට නොතේරන නිසා වෙන්න ඇති. (නි)
මේ දැකලා පුරුදු කෙනෙක්.ම්ම්ම්ම්ම්ම් කවුද මේ? හරියටම මතකයක් නැහැ (නි)
මහත්තයත් සේවය කළේ ගමේ ළමුන්ටද? (නි)
කතාව ඇත්ත.ඒත් ඉතින් උපාධිධාරීන්ට බැනලා වැඩක් නැහැ.ඔයාලා තමා අධ්‍යාපන රටාව වෙනස් කළ යුත්තේ.අපේ අය දන්නේ කටපාඩම් කරලා උත්තර ලියන්න විතරයි. ස්වාධීන පර්යේෂණ කරනවා ඉතාම අඩුයි. මොකද අවශ්‍ය පහසුකම් නැහැ.අනික අපේ සමහර ගුරුවරු පර්යේෂණ භූමියට ගෙනියන්න හරිම අමාරුයි (නි)
එතකොට ඔබතුමා කොහෙටද සේවය කළේ? (නි)
මෙතුමා කියන කතාව ඇත්ත.උපාධිධාරි බොහෝ ගුරුවරුන්ගේ ආකල්ප දැක්කම සෑහෙන දුක හිතෙනවා.මොවුන් ප්‍රායෝගික නැහැ. (නි)
සම්පුර්ණ ඇත්ත (නි)
වැඩි වෙනසක් නැහැ. ඔයා වගේමයි, එයා ඒ දවස්වල අපිට භෞතික විද්‍යාව පන්තියේදී කිව්ව ඒවා අපිට තාම මතකයි (නි)
ඔබතුමන්ලා දුප්පත් දරුවන් වෙනුවෙන් වැඩ කරන්නේ කවදද? (නි)
අනේ!අපිත් ගියානේ මෙයාගේ පන්තියට. (නි)
ලයිසියම් රජයට පවරා දී නිදහස් පාසැලක් කිරීම ඉතාම පරමාදර්ශීයි (නි)
මේ කැම්පස් ඇතුලේ ඉදිද්දී ඇතිවෙන මානසික ආතතිය මග හැර ගන්න වෙනසකට වගේ ඔය පාරට බැහැලා නිදහස් අධ්‍යාපනේ රැකගනිව් කියලා ඔය අන්තරේ අයියලා දෙන බෝඩ් ලෑල්ල අල්ලාගෙන ඉදලා සතුටක් ගත්තට ඔහොම නිදහස් අධ්‍යාපනයක් තියෙනවද කියලාවත් කට්ටිය දන්නේ නැහැ. කට්ටියට ඕකෙන් ඇති වැඩකුත් නැහැ.එළියට ගිහින් හොද රස්සාවක් හොයාගෙන සැප විදින්න බලනවා මිසක් ඔය කැම්පස් කාලේ කියන කරන ඒවා මත්තේ නැහෙන්න කාටද අප්පා පුළුවන්..? (නි)
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන කාල සීමාව තුල විශ්වවිද්‍යාල පද්ධතිය වසා දැමීමට එරෙහිව රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් ඊයේ (06) එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී විරෝධතාවයක් පවත්වා තිබේ.......... (දී)
කාගේ කාගේත් ඔහොම තමයි (දී)
වසර විසිපහකට පෙරත් උප ඇමතිතුමා මේ ගැන මේ විධියටම කතා කලා. ලයිසියම් රජයට දීමට අවශ්‍ය නැත. ඔහු ගැන අප සතුටු විය යුතුයි . ලංකාවට ප්‍රථම වරට නියම අධ්‍යාපන අමතිවරෙයෙක් ලැබී ඇත . (දී)
අනේ මොහාන් රෙදි ඇඳගෙනද ඔය කතා කරන්නේ?(දී)
මෝඩ කතා කියන්න එපා (දී)
මිනිස්සු හැමෝම නගරයට එන්න දඟලන හේතුවට උත්තරනොදී ඔවුන්ගේ ක්‍රියාව බොළඳ විදියට දේශපාලන වාසියට විකිණීම හරිද මහත්තයෝ ? (දී)
ලංකාවේ මිනිස්සු මොනවා කලත් හිනාවෙන බන්දුල මහතාට දරුවන් නැතිද? (දී)
අනේ මගේ කට.......... (දී)
බන්දුල මහතා දරුවෝ ඉන්න පියෙක්ද එහෙම නැතිනම් කොහෙන් හරි ආපු පිල්ලීයක්ද.මේ ග්‍රේරු කියන ජාවාරම් කාරය කියන එක්සත් ජාතික පක්ෂයෙන් මොකක්ද ශක්තිමත් කොරන්න ආණ්ඩුවට පන්න නරියෙක්.අද ඔය අන්තරේ නැතිනම් නිදහස් අද්යපන්ය වලපල්ලට ගිහින් ගොඩක් කල් මතක තියාගන්න (දී)