IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


උපන් හැටියේ දරුවන් මැරූ එංගලන්ත හෙදියට දඬුවම්

බ්‍රිතාන්‍ය හෙදියක් ඇය සේවය කළ රෝහලේ උපත ලද ළදරුවන් 7 දෙනකු ඝාතනය කිරීම සහ තවත් ළදරුවන් 7 දෙනකු ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකදී ඇය වරදකාරිය බව මැන්චෙස්ටර් ක්‍රවුන් අධිකරණය ඇය වැරැදි කු බවට තීරණය කළේය.  

ලූසි ලෙට්බි නම් 33 හැවිරිදි වරදකාරිය, 2015 සහ 2016 අතර කාලයේදී මෙම ළදරුවන් ඝාතනය කර ඇති අතර ඝාතනයට ලක්වූ ළදරුවන් අතර පිරිමි ළදරුවන් 5 දෙනකු සහ ගැහැණු ළදරුවන් 2 දෙනකු සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලෙට්බිට ගොදුරු වූ සියලු ළදරුවන් නොමේරූ හෝ රෝගී තත්ත්වයන්ට පෙළුණු අය බවද පැවැසෙයි.

චෝදනා කීපයක් ලූසි ලෙට්බි හට චෝදනා එල්ල වී තිබිණ. ඒ හේතුවෙන් ඇයට විරුද්ධව මිනීමැරුම් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා ගොනු කෙරිණ. එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය පසුගිය ඔක්තෝබර් මස ආරම්භ වූ අතර එය දීර්ඝ නඩු විභාගයක් විය.

කාන්තාවන් හත් දෙනකු සහ පිරිමින් හතර දෙනකුගෙන් යුත් ජූරි සභාව තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර දින 22 ක් ඉතාමත් සැලකිල්ලෙන් සාක්ෂි විමසා බලා තීන්දුවට එළඹ ඇත.

එහිදී මිනී මැරීමට තැත්කිරීමේ චෝදනා දෙකකට ලෙට්බි වරදකාරිය නොවන බවට ජූරි සභාව තීරණය කර ඇති අතර තවත් චෝදනා හයකට ලෙට්බි වරදකාරිය හෝ නිවැරදිකාරිය දැයි එකඟතාවයකට පැමිණීමට ජූරි සභාවට නොහැකි වී තිබේ.

අනතුරුව ලෙට්බි ළදරුවන් 7 දෙනකු ඝාතනය කිරීම සහ තවත් ළදරුවන් 7 දෙනකු ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් වරදකාරිය යැයි මැන්චෙස්ටර් ක්‍රවුන් අධිකරණයේ ජූරි සභාව තීරණය කර ඇත.

ක්‍රවුන් අධිකරණය ඇයට ලබා දෙන දඬුවම එළඹෙන 21 වැනිදා එරට වේලාවෙන් උදෑසන 10 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

උපන් හැටියේ දරුවන් මැරූ එංගලන්ත හෙදියට දඬුවම්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඳින තුවක්කුවට දෙදරු පියා බිලි
2024 ඔක්තෝබර් මස 14 3 0

මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 14 149 0

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.


පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 1397 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 208 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 467 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 550 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 359 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1384 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site