බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරු කැමිලා කොන්වෝල් ආදිපාදවරිය සමඟ ශ්‍රී ලංකාවේත් ඉන්දියාවේත් සංචාරය කිරිමට පෙර දෙරටේ මහා කොමසාරිස් වරුන් සහ බ්‍රිතාන්‍යයේ වෙසෙන ප්‍රභූන් කිහිපදෙනකු වෙනුවෙන් ප්‍රිය සම්භාෂණයක් පැවැත්වීය.
චාර්ල්ස් කුමරුන්ගේ ලන්ඩන් නුවර නිල මාලිගය වන ශාන්ත ජේම්ස් මැදුරේදී පැවැත්වුන මෙම ප්‍රිය සම්භාෂණයට ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් සහ වැඩබලන ඉන්දියානු මහා කොමසාරින් බිරේන්ද්‍ර පොල් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගිවී ඇත.
චාර්ල්ස් කුමරුන්ගේ 65 වෙනි ජන්මදිනය වන මෙම මස 14 වෙනි දින එම දෙපළ ශ්‍රී ලංකාවට සැපත්වීමට නියමිතය. ඔවුන් දැනටමත් ඉන්දියා නිල සංචාරය ආරම්භ කර ඇති අතර ගිය බ්‍රහස්පතින්දා ගංගානම් නදීතීරයේදී තිබු විචිත්‍රවත්වූ පුජාවකටද ඔවුහු සහභාගී වුහ.
ඉන්දියා සහ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් රාජකීය යුවළට තම සුභපැතුම් පිරිනැමූ මහකොමසාරින් දොස්තර ක්‍රිස් නෝනිස් කියා සිටියේ " ශ්‍රී ලංකා වේ ජනාධිපතිතුමන් සහ සියලුම රටවැසියන්ගේ උණුසුම් සුභපැතුම් චාර්ල් කුමරුට, කැමිලා ආදිපාදතුමියට සහ එම කණ්ඩායමේ සියලුම දෙනාවෙත පිරිනමන" බවයි.
මෙම අවස්ථාවේදී චාර්ල්ස් කුමරුන්ගේ පළමුවන මුනුබුරාණන් වන ජෝර්ජ් කුමරුන්ගේ උපත පිලිබඳ තම සතුට සහ උණුසුම් සුබපැතුම් පිරිනැමීමට සතුටු බවද මහකොමසාරිස් වරයා පැවසිය.
උත්සවය සඳහා ඇරයුම් ලබා සහභාගිවූ සම්භාවනීය අමුත්තන් අතරට යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී නිරන්ජන් දේවාදිත්‍ය, බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය අරුල්කුමාරන් සභාරත්නම්, සරේ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය රවී සිල්වා, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති හරේන්ද්‍ර සිල්වා, නගර සභා මන්ත්‍රී නිසාම් ඉස්මයිල්, අධිනීතීඥ ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වා සහ ඔබීඊ නාමධාරී සුරන් ගුණතිලකද ඇතුළත් වුහ.
චාර්ල්ස් කුමරුන් මෙවර ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ තුන්වන වතාවටය. 1998 දී ශ්‍රී ලංකාවේ 50 වෙනි නිදහස් සමරු උත්සවය සඳහාත් 2005 දී සුනාමි ව්‍යසනය සහ එයට අදාළ සහන ව්‍යාපෘති පිළිබඳව විමසා බැලීම සඳහාත් එතුමන් ශ්‍රී ලංකාවට පැමිණියේය.
මෙවර පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව සඳහා ඔහු සහභාගී වන්නේ දෙවෙනි එලිසබත් මහරැජින නියෝජනය කරමිනි. එතුමිය කොළඹට නොපැමිණෙන්නේ දුරගමන් යාමෙන් වලකින ලෙසට රාජකීය වෛද්‍යවරුන් විසින් ලබාදී ඇති උපදෙස් නිසාය. 1926 දී උපත ලද මහරැජිනගේ වයස අවුරුදු 87කි.
චාර්ල් කුමරුන්ගේ භාරකාරත්වය යටතේ පවත්වාගෙන යනු ලබන සහනාධාර වැඩ සටහන් යටතේ වැදගත් ව්‍යාපෘති දෙකක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බව සඳහන් කළ මහකොමසාරිස් වරයා " එමගින් තරුණ ව්‍යවසායකත්වය සහ ප්‍රවර්ධන ව්‍යාපෘති කල්පවත්නා අයුරින් ක්‍රියාත්මක කරවීමෙහිලා දැනමුතුකම් සහ උපදෙස් සැපයීමෙහිලා අනුපමේය වැඩකොටසක් ඉටුවන බවද" පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපවතී අක්කේ ඇයි ඔයාට සත්‍යපාල බැනලා අදහස් දමන්නේ. ඔය එකම දෙය ස්ථාන දෙකකම සටහන් කරලා තියෙනවා. ඔයාලමයි ඔය වගේ දේවල් දමමින් අනිත් අය කුලප්පු කරලා ඊට පස්සේ එහෙම කරන එක හොදනේ කියල විවේචනය කරනවා.(නදී) යම් කිසිවෙකුට අඩ දබර කරගන්න ඕනෙම නම් තම තමන්ගේ පුද්ගලික ඊ මිල් හා වෙබ් හරහා ඒ දේවල් කරගන්න පුලුවනිනේ.(නදී)
අයියෝ මගේ අදහස උදහසට ලක්වෙලා කපල කොටලා නේ දාල තියෙන්නේ .උපන් ඇදුමෙන් කියන්නේ නරක වචනයක් නෙවෙයිනෙ . (නදී)
මේකේ මාතෘකාව දැක්ක ගමන් මට කියැවුණේම වෙන විදියකට (නි)
මොකට ඉන්දියාවෙ අස්සෙ රින්ගන්න ගියාද මන්ද?(අ)
සරත් මහත්තයෝ ඔබතුමා හරියට හරි .ඔබතුමා දෙයියෝ සාක්කි තීරුව බලන්ටකෝ එතකොට බලා ගන්ට පුළුවන් රගේ .දැන් දෙයියෝ සාක්කි තීරුව මේවගේ මෝඩ අදහස් වලින් විනාස කරලා තියෙන්නේ (අ).
ආයුර්වේදයට වැඩිය අපෙ වෙදකම (පාරම්පරික)විස්මිතයි.ආයුර්වේදය අපෙදෙයක් නොවෙයි.ඉන්දියාවෙන් ගත්ත දෙයක්.අපෙදේ අපද අගයකරමු. (අ)
මෙය ඌව වෙල්ලසට අරන් ගිහින් එදා කරපු විනාසේ නිසා අද ඇති වෙලා තියෙන තත්ත්වය පෙන්නුවානම් නරකද (අ)
මේ මෙතන වැදගත් තැනක් ඔය හැම දෙනාම තේරුම් ගන්න අපි ට ලැබිල තියන වැදගත් අවස්ථාව හරි ව්දියට පාව්ච්චි කරන්න (අ)
මොකද මෙතන අඬන හිරියෝ දෙන්නෙක් වලිගෙ පාග ගෙන? තමන්ගේ ආත්ම ගෞරවය ගැන හිතනවා වගේම අනිත් කෙනාගේ ගෞරවය ගැනත් සිතන්න. තමන්ගේ මතය ප්‍රකාශ කරනවා වෙනුවට හීනමාන ලක්ෂණ පෙන්නුම් කරන්න එපා. සරත් ගේ මතයට ගරු කරමි. (අ)
සරත්,මට ලියල තිබුන දේවල් සරා දැක්කේ නැද්ද , මං නිහඩ වෙලත් කට්ටිය මට අපහාසෙට ලියනවා , අපේ කතෘතුමත් ඒවා පල කරන්න අවසර දෙනවා, මේකට ලියල සතුටු වුනේ ඉස්සර දැන් හැමෝම කරන්නේ මඩ ගහන එක, මට නම් මොන රක්ෂාව කරත් ලජ්ජා නැහැ , හොරකම් කරන්නයි, ගණිකා වුර්තියේ යෙදෙන්නයි විතරයි ලජ්ජා, අපෙන් වචනයක් වැරදුනොත් (දිසාගෙන් )දොස් කියන පෙරේරා මහත්තයට පෙන්නේ නැහැ මට කට්ටිය ලියන දේවල්, මං මොන වරදක් කරාටද මේ පන්න පන්න පළි ගන්නේ,(නදී)
මේ දෙපලට අපි අයුර්වේදේ විශ්මය කොහොම හරි පෙන්වන්න.ඒ වගේම එහි එති විශිෂ්ට බව ඇත දකින්න අවස්තාව උදා කරන්න. (අ)
මට නම් උපමාවකට ගන්න ඉන්න එකම පුද්ගලයා. (නි)
එදාට සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරමු.(නදී) !
සත්‍යපාල මාමේ,ඔයා කොහෙද? අනේ මොනවා හරි බැනලා ලියන්නකෝ (නි)
කෝ අපේ සත්‍යපාල? ඇයි මට බැනලා මොකවත් ලියන්නේ නැත්තේ? (නි)
එදාට සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරමු. (නි)
මේපාර පැය 24 න් අපහුයනවා, මේගොල්ලන්ගේ ආධාර තාමත් ලංකාව ගන්නවා ,(අ)
මේ පාර පෙනෙයි රෝද පුටුවෙන් බැස්තමෙන් යන අය නැහැ. අවුරුද්දක් හරි හිටන් ඉන්න පුළුවන් අය ඉන්නේ (අ)
ලකාවේ සමරන එක හොදයි. (අ)
ඒ වුණාට කටුනායකට කීප අවස්ථාවකම ආවා වෙන ගමන් යන ගමන් (අ)