යහපාලන ආණ්ඩුව කාලයේ දුම්රිය දෙපාර්තුමේන්තුවට සේවකයන් 1500 ක් 1700 ක් ප්‍රමාණයක් බඳවාගෙන ඇති බවත් තමාගේ කාලයේ එක් අයෙකුටවත් රස්සා නොදුන් බවත් එම නිසා මේ සේවකයන්ගෙන් උපරිම දායකත්වය ලබාගන්නා ආකාරයට පරිපාලනය සකස් කර ගත යුතු බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල මහතා අද (08) මහනුවරදි පැවැසිය.
මහනුවර පේරාදෙණිය අතර දුම්රිය බස් සේවාවක් ඇරඹීම හා මහනුවර දුම්රිය ස්ථානයේ වැඩ කටයුතු පරික්ෂා කර බැලිම සදහා අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේය.
මගීන් මුදල් නොදි දුම්රියේ ගමන් කරන බවත් ඒ සදහා ක්‍රියාත්මක කිරිමට යන දඩ මුදල රුපියල් 5000 සිට 20000 දක්වා වැඩි කිරිමට පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර සිට මේ සේවය ලංකාවේ අනෙක් පැති වලටත් ව්‍යාප්ත කරන්න (බ)
දුම්රිය වේලාවට ධාවනය කරන්න පුළුවන් නම් ලොකු දෙයක් (හේ)
රාජකාරි දුම්රියන් වේලාවට ධාවනය කරනවා නම් වටිනවා (හේ)
සහතික ඇත්ත. (ර)
අපට කරදරයක් නැතුව රාජකාරියට එන්න , වෙලාවට එන කෝච්චි දෙක තුනක් දාන්න , ගොඩක් දවස් වලට කෝච්චි වෙලාවට නැහැ (බ)
පේරාදෙණිය කියන්නේ ප්‍රධාන මාර්ගයෙන් ඈත පිහිටි දුම්රිය ස්ථානයක්. ඒ නිසා මේක කඩුගන්නාව සිට ආරම්භ කරනවානම් වඩාත් ප්‍රයෝජනවත්. මොකද කඩුගන්නාව ඉඳල පිලිමතලවට බස් පාරෙන් එන්න (කි.මී.5) විනාඩි 45ක් පැයක් විතර යනවා. (බ)
කට්ටිය මෙතනත් නිදි.(හේ)
පසුගිය රජය බලවේග කට්ටල ගෙනල්ල ධාවනයට එක්කරන කොට ඊට වඩා තුන්ගුණයක් සංවර්ධනය කරනවා කිව්ව මේ රජය ආසන 40 යේ බස් ධාවනය කරනවා. (බ)
ඇමතිතුමා කයිවාරු නොගසා ඔය කියන කාරණය ක්‍රියාවට නංවන්න. ධනාත්මක වෙනසක් සිදුවුවොත් ජනතාව යහපත් ප්‍රතිචාර දක්වාවි. (ම)
මහනුවර කොළඹ උදේ යන දුම්රිය ගණන වැඩි කිරීමට කටයුතු කළ හොත් ඉතා වටිනවා උදේ 6 ට නුවරින් යන නගරාන්තර දුම්රියට කලින් තව දුම්රියක් දැමීම මගින් කොළඹට යන බස් තද බදය අඩු කළ හැකියි. දැනට යන ඒවගේ මැදිරි ගණන වැඩි කළ හැකිනම් වටිනවා (බ)
යන තැන නිදිනේ අපේ දේශපාලකයෝ....? (නි)
නුවර සිට මාතලේටත් දැම්මොත් ගොඩක් හොඳයි (නි)
හොඳ වැඩක්. අපි මේවා ආරක්ෂා කරගත යුතුයි (නි)
ආසනයේ එක්කෙනාටද යන්න පුළුවන්? මම මේ දැනගන්නයි අහන්නේ (නි)
එක සීට් එකේ දෙදෙනෙකුට ඉඳගන්න අපහසුයි වගේ මටත් පෙනෙන්නේ (නි)
මේ දුම්රිය බස් සේවාව ඇරඹූ එක ගැන නම් ගොඩක් සතුටුයි (නි)
සමහරු නම් අදත් හොඳටම නිදි වගේ (නි)
මෙය ඉතාම හොඳ වැඩක් (නි)
මේ සේවය ලංකාවේ අනෙක් පැති වලටත් ව්‍යාප්ත කරන්න (නි)