IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


උපුල් තරංග - අජන්ත මෙන්ඩිස් දෙදෙනාම කණ්ඩායමෙන් හැලූනේ දස්කම් මොටවීමෙන්

ලබන ජූනි මස එංගලන්තයේදී පැවැත්වෙන ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට උපුල් තරංග සහ අජන්ත මෙන්ඩිස් ඇතුළත් නොවුණේ ඔවුන්ට වඩා කණ්ඩායමට ඇතුළත්ව සිටින ක‍්‍රීඩකයන් දස්කම් අතර සිටින නිසා බව ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා පැවසීය.

ජාතික කණ්ඩායම සහ ‘ඒ’ කණ්ඩායම නම් කිරීම පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී ජයසූරිය මෙසේ පැවසීය.

”උපුල් තරංගට වඩා මේ දිනවල තිලකරත්න ඩිල්ෂාන් සහ කුසල් ජනිත් දස්කම් දක්වනවා. ඒ නිසා ඔහුට (තරංගට) කණ්ඩායමේ ස්ථානය අහිමි වුණා. අජන්ත මෙන්ඩිස්ගේ දස්කම් වලට වඩා ඉදිරියෙන් සචිත‍්‍ර සේනානායක ඉන්නවා”

”බංග්ලාදේශ පිලේ ශී‍්‍ර ලංකා සංචාරයේදී අපි තරුණ ක‍්‍රීඩකයන්ට අවස්ථාව දුන්නා. ‘ශූරයන්ගේ කුසලාන’ තරගාවලියේ දෙවැනි වටයට එන්න නම් පළමු වටයේදී තරග දෙකක්වත් ජය ගන්න  ඕනේ, ඒ නිසා අපේ හොඳම කණ්ඩායම නම් කළා” යයිද සනත් ජයසූරිය පැවසීය.

ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට මුලින්ම නම් කළ කී‍්‍රඩකයන් 33 දෙනා අතරට පළමු පෙළ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන කෞෂාල් සිල්වා ඇතුළත් නොවූයේ අතපසුවීමකින් ද යන ප‍්‍රශ්නයට ජයසූරිය මෙසේ පිළිතුරු සැපයීය.

”අතපසුවීමක් වුණේ නෑ. කෞෂාල්ගේ දස්කම් පිළිබඳව අපි දන්නවා. ඒ නිසා අපි ඔහුව ඇතුළත් කළේය නෑ”
”ඒත් පසුව සාකච්ඡ කර ක‍්‍රීඩකයන් කීප දෙනකු ඇතුළත් කළා. එයට සරා කුසලාන තරගාවලියට ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයකුත් ඇතුළත් කළා” යයිද ජයසූරිය වැඩිදුරටත් පැවසීය.

කෞෂාල් සිල්වා පිතිකරුවකු ලෙස තරග අංශ තුනේදීම දස්කම් දක්වන නිසා පිතිකරුවකු ලෙස ක‍්‍රීඩා කිරීමේ අවස්ථාවක් ලබාදිය හැකිද යන්න නැගූ ප‍්‍රශ්නයට සනත් ජයසූරිය මෙසේ පිළිතුරු සැපයීය.

‘‘කෞෂාල්ට කඩුලූ රකින්නා ලෙස කණ්ඩායමට එන්න බැරිනම් පිතිකරුවකු ලෙස කණ්ඩායමට එනවා නම් එය ඔහු තීරණය කළ යුතුයි. කෞෂාල් ඒක අපිට කියන්න  ඕනෑ”

මෙවර පළමු පෙළ තරගාවලියේ තුන් ඉරියව් දස්කම් දැක්වූ ඩිල්රුවන් පෙරේරා සහ සචිත‍්‍ර සේනානායක එක කණ්ඩායමකටවත් ඇතුළත් නොවීම පිළිබඳව මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයට තේරීම් කමිටු සභාපතිවරයා මෙසේ පැවසීය.

‘‘අපි දන්නවා මේ ක‍්‍රීඩකයන් දෙදෙනාම දස්කම් දක්වනවා. ඒ නිසා තමයි ඩිල්රුවන්ව ශ්‍රී ලංකා සංචිතයටත් කැදෙව්වේ. මේ ක‍්‍රීඩකයන් දෙදෙනාව ක‍්‍රිකට් ආයතනයට කැඳවා කළ යුත්තේ කුමක් කියා උපදෙස් දුන්නා. කිසිම ක‍්‍රීඩකයකු අපි අතහැර නෑ’’

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, සෙසු තේරීම් කමිටු සාමාජිකයන් වන ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ, චමින්ද මෙන්ඩිස්, ඒරික් උපශාන්ත සහ හෂාන් තිලකරත්න යන මහත්වරු ද සහභාගි වූහ.

 

ඡයාරූපය: රොමේෂ් ධනුෂ්ක සිල්වා

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු නිලධාරීන් පුවත් පත් සාකච්ඡවේදී...


 

 



අදහස් (0)

උපුල් තරංග - අජන්ත මෙන්ඩිස් දෙදෙනාම කණ්ඩායමෙන් හැලූනේ දස්කම් මොටවීමෙන්

ශ්‍රී Friday, 03 May 2013 07:21 PM

සාධාරණ තේරීමක්. මෙලෙස නොකඩවාම කරනවා නම් ශ්‍රී ලංකා පිල ජයග්‍රාහී පිලක් වෙනවාට සැක නැත. (නි)

:       0       0

චමින්ද Saturday, 04 May 2013 10:47 PM

අජන්ත මෙන්ඩිස් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් අනුව 15 වන ස්ථානයට ආවේ දස්කම් මොට වෙළාද නැත්නම් ඉන්න කෙනාට පිස්සුද? මගේ මත මේ දෙන්නම ඉන්න ඕනේ. තරංග අපට සිටින සම්පතක් වාස්ලට අතපත්තු ලට කරපු දේ කරන්න එපා ඔවුන්ටත් .(නදී)

:       0       0

සරත් Friday, 03 May 2013 10:18 PM

වැඩ බැරිනම් වැඩක් නෑ.(නදී)

:       0       0

සමීර සාලින්ද Wednesday, 08 May 2013 10:08 AM

මෙහෙම ගියොත් ලංකාවට බුදු සරණයි. (ස)

:       0       0

සදි Friday, 03 May 2013 06:56 PM

ඒක හරි.හරියට වැඩ නොකොළොත් අයින් කරන්න. (නි)

:       0       0

ශාන්ත ලාල් Friday, 03 May 2013 07:14 PM

කතාව ඇත්ත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 2 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 3 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 18 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 60 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 72 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2349 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site