(ගයාන් සූරිය ආරච්චි)

රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් කිලෝවකට වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවන් දෙදෙනකු ඇතුළු ජැමෙයිකානු ජාතිකයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.

සැකකරුවන් කොල්ලුපිටිය ප්‍රදේශයේ දී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකු හෙට්ටි මහතාගේ උපදෙස් පරිදි කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.