ජාතික උද්භිද උද්‍යානවලින් ඉහළම ආදායම වාර්තා කරමින් පසුගිය වසරේදී රුපියල් කෝටි 41.65 ක් ආදායමක් උපයාගෙන ඇත.
සංචාරකයන්ගේ පැමිණීම සියයට 13 කින් වැඩිවීම ඊට හේතුව බව දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර පවසයි.
මෙම ආදායමෙන් රුපියල් කෝටි 31.48 ක්ම උපයාගෙන ඇත්තේ එතෙර සංචාරකයන්ගේ ටිකට් පත‍්‍ර ගාස්තුවෙනි.
රුපියල් කෝටි 7.3 ක් දේශීය සංචාරකයන්ගෙනි. රුපියල් කෝටි 2.85 ක් පැල විකිණීම ආදියෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න තව තවත් (දී)
ඕව නඩත්තුවට ගිය වියදමත් දැම්ම නම් හොදයි .එතකොට ලාබය බලාගන්න පුළුවන්. (දී)
අගය කරන්න පුළුවන් වැඩක් (දී)
අවුරුදු 50 කට පෙර තිබු අලංකාරය ලංකාවේ උද්‍යාන වලින් ඈත්වෙලා, ඒ යුගයට යලි ගෙනාවොත් ලෝකයේ අලංකාරම උද්‍යාන ලංකාවෙයි (දී)
ලංකාවේ ජාතික උද්භිද උද්‍යාන වලට වැඩි හරියක් එන්නේ තරුණ ජෝඩු පෙම්සුව විඳින්න. ඒ අයගෙන් එන ආදායම දන්නා නිසා තමයි ආණ්ඩුව ගිය සතියේදී ප්‍රකාශයක් කළේ පෙම්වතුන්ට නිදහසේ මේ උද්‍යානවල ට පැමිණිය හැකියි නමුත් "පෙම් කෙලින්න" එපා කියලා. ඔය සංඛ්‍යා විදේශ සංචාරකයින්ගේ ගොඩට ආදේශ කරලා සංචාරකයින්ගේ පැමිණීම වැඩි උනා කියන එක මුළාවක්. (නදී)