IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


උෂ්ණත්වය අංශක දෙකකින් ඉහළ ගිහින් : අව්වේ වැඩ කරන්නත් එපාලු

දිවයිනේ ප්‍රදේශ රැසක දහවල් උපරිම උෂ්ණත්වය මේ දිනවල  සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක දෙකකින් තුනකින් පමණ ඉහළ ගොස් ඇති නිසා හිරු එළියට විවෘතව අධික ලෙස වෙහෙසවීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

ශරීරය වෙහෙසට පත්වන විට ශරීර උෂ්ණත්වය වැඩි වුවත් පවතින කාලගුණ තත්ත්වය යටතේ එම උෂ්ණත්වය අඩුකරගැනීමේ හැකියාවක් ශරීරයට නොමැති බැවින් හිරු එළියේ වෙහෙසීම අහිතකර බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ හා කෘෂි කාලගුණික අංශයේ අධ්‍යක්ෂ කේ.එච්.එම්.එස් ප්‍රේමලාල් මහතා පැවසීය.

දැනට පවතින දැඩි වියළි හා උණුසුම් කාලගුණ තත්ත්වය මැයි මාසයේ අවසානය දක්වාම පවතිනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අප්‍රේල් මාසයේ අන්තර් මෝසම සක්‍රීය වී වැසි ඇතිවුවත් මැයි මාසයේ නිරිත දිග මෝසම සක්‍රීය වන තුරු පරිසර උෂ්ණත්වය සම්බන්ධයෙන් විශාල සහනයක් බලාපොරොත්තු විය නොහැකි බව ද කේ. එච්. එම්. එස් ප්‍රේමලාල් මහතා සඳහන් කළේය.

එසේ වුවත්අප්‍රේල් මස හතර වැනිදා සිට 14 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වන බැවින් එම දිනවලදීද  පරිසරයේ උණුසුම තරමක් ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

අන්තර් මෝසම් වැසි නොලැබීම, සුළං ධාරාවල වෙනස්කම් නිසා පහළ වායුගෝලයේ පමණක් ජලවාෂ්ප වැඩිවීම ආදිය පරිසර උෂ්ණත්වය ඉහළයාමට හේතුව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 



අදහස් (0)

උෂ්ණත්වය අංශක දෙකකින් ඉහළ ගිහින් : අව්වේ වැඩ කරන්නත් එපාලු

භද්‍රානි Tuesday, 22 March 2016 01:29 PM

අපේ සමහර මිනිස්සු කරන වැඩ වලට මම නම් හිතුවේ දිගට හරහට දවල්ටත් අකුණු ගහන්න ගනියි කියලයි. (නි)

:       0       0

සුමිත් Wednesday, 23 March 2016 05:06 AM

සෑම් ඔයා කියපු දේ හරියට හරි, අපට මොනතරම් සුන්දර ළමා කාලයක් තිබුනද, ඉස්කෝල ඇරිලා ගෙදර ආව හැටියම හොදට කාලා ඇලේ දොලේ කැලේ පැනල මොනතරම් සතුටු උනාද , මොන හෙනයක් වත් නැහැනේ, විබාග වලට පාඩම් කරනව තියා පොතක් අතින් ඇල්ලුවේ නැහැනේ විබාග කියලා, ගල් කුර ගල් ලෑල්ල අරගෙන ඉස්කෝලේ ගියේ , ඉස්කොලේ හාමිනේ අපි ඉස්සරහට අරගෙන පාඩම කියලා දෙනවා , කියලා දීල ඉවරවෙලා කියනවා දැන් ගනිල්ලා ගල්ලෑල්ල ගල්කුර , මම අහන ප්‍රස්නවලට උත්තර ලියපල්ලා , උත්තර වැරදුනොත් කනට ගල් කැටයක් තියල හොල්ලනවනේ, ලොකු ඉස්කෝලේ මහත්තය ආරිය සිංහල ඇඳුම සාකුවේ පුරවල තියෙන්නේ පුංචි ගල්කැට. (ර)

:       0       0

අජන්ත Tuesday, 22 March 2016 04:43 PM

ගස්කොළන් විනාශ වුණාම රස්නය දැනෙන එක අහන්න දෙයක්ද? (නි)

:       0       0

සෑම් Tuesday, 22 March 2016 09:30 AM

අපි පොඩි කාලේ, එහෙම නැත්නම් තරුණ කාලේ අද වගේ කොම්පියුටර් , ලැප්ටොප් ,අයි පෑඩ්, අයි ෆෝන් තිබුනේ නැහැ .දවසම එළියේ සෙල්ලම් කරනවා . අව්ව වැස්ස කියන රාශි දෙකම අපිට අදාළ නැහැ .උෂ්ණත්වය අංශක කිහිපයක් වැඩිද අඩුද කියලා කව්රුවත් දන්නේ නැහැ . යාළුවො එක්ක උදේට බයිසිකලේට (මෝටර් සයිකල් නොවේ) නැග්ගාම සමහර දිනවල සැතපුම් සීයකට (කි.මි.160) වඩා තොප්පියක්වත් නැතුව ගිනි අව්වේ පදිනවා . දැන් ඉන්න පියර බබාලට නම් අව්වේ ගියත් ලෙඩ, වැස්සේ ගියත් ලෙඩ . මොකද දවසම පුටුවක ඉඳගෙන ගේම් ගහන එකනේ කරන්නේ .අපි තවමත් කට්ටිය එකතු වෙලා විනෝද වෙනකොට ඉස්සර කාලේ කරපු වැඩ ගැන කියලා සතුටු වෙනවා දැන් ඉන්න ළමයින්ට වයසට ගියාම කියන්න වෙන්නේ සෙන්ටිග්‍රේඩ් දෙකක් රස්නේ වැඩි උන නිසා එලියට බැස්සේ නැහැ කියලයි. (ර) .

:       0       0

කරුණාපාල Tuesday, 22 March 2016 10:26 AM

සෑම් මහත්තයෝ, ඔබ තුමාගේ හරවත් ප්‍රතිචාරය ගැන මගේ කිසිදු ගැටළුවක් නැහැ. නමුත් අපි අපේ බාල පරම්පරාවට එලියට බැහැලා නිදහසේ සෙල්ලම් කරන්න තරම් වටපිටාවක් හදලා දුන්නද කියන ගැටලුව තියනවා නේද? අපට එදා තිබුන ඒ සුන්දර පරිසරය ආරක්ෂා කරන්න අප දරුවන්ට දුන් ආදර්ශය ගැන අපට සතුටු වෙන්න පුලුවන්ද? (බ)

:       0       0

රොහාන් Tuesday, 22 March 2016 11:01 AM

කියල වැඩක් නැහැ සෑම් ඔයා සියට දෙසීයක් හරි. (බ)

:       0       0

ඉනෝකා Tuesday, 22 March 2016 11:09 AM

ගිනිගහන අව්ව වෙලාවට වත්ත පහල තියෙන කොහොඹ ගසක් යටට වෙලා ගිමන් හරින විට, දැනෙන සිසිලස නුතනයේ වායු සමීකරණය කරන ලද කෘතීම සිසිලසට වඩා කෙතරම් සුවදායකද...?අපි පොඩි කාලයේ විඳි ඒ ඉමිහිරි මතකයන් ,අපේ ළමයින්ට අහිමි වීම ගැන මගේ සිතේ ඇත්තේ ඉමහත් කනගාටුවකි. (ර)

:       0       0

ලකී Tuesday, 22 March 2016 11:36 AM

එන්න එන්නම රස්නය වැඩිවෙනවා. පහුගිය වසරට වඩා මේ වසරේ රස්නය වැඩියි. ඊට පෙර වසරට වඩා ගිය වසරේ රස්නය වැඩියි. මේ රටාවේ අඩුවීමක් පේන්න නැහැ. කොහොමත් මේ යන විදියට තව වසර කිහිපයකින් වායුසමීකරණයත් අපේ රටේ නිවාස වලට අත්‍යවශ්‍යම උපාංගයක් වේවි. (නි)

:       0       0

උදය Tuesday, 22 March 2016 11:36 AM

මුලින් ලිපිය හරියට කියවා අවබෝධ කරගෙන අදහස් දමන්න. (නි)

:       0       0

ටෙශාන් Tuesday, 22 March 2016 11:40 AM

ඒක තමා. මේ දවස්වල දවල්ට එළියට ගිහින් ආවහම තදබල හිසේ කැක්කුමකුයි, ඇඟට දැඩි මහන්සි ගතියකුයි එන්නේ. හිරු මුදුන් වෙනවා කියන අප්‍රේල් මාසයේ මේ තත්වය තවත් දරුණු වෙයි (නි)

:       0       0

සම්පත් Tuesday, 22 March 2016 12:00 PM

ඔව් මේ අව්වේ පාරෙවත් යන්න අමාරුයි. එපා වෙනවා.(හේ)

:       0       0

තුෂාර Tuesday, 22 March 2016 12:00 PM

මොකක්ද මේ වෙන්න යන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1758 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1102 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1652 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1155 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 616 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1140 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site