(විමුක්ති එස් රුද්‍රිගු)
බොරැල්ල ප්‍රසිද්ධ අවමංගල්‍ය ශාලාවක තිබූ දේහයක් අවසන් කටයුතු නවතා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බාර දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ට නියෝග කළේය.
මියගිය පුද්ගලයා ඇල්ෆ්‍රඩ් හවුස්හි ඔහුගේ අක්කගේ නිවසේ මාස තුනක පමණ කාලයක සිට නතර වී සිට ඇති බවත් ඔහුගේ මරණය 10 වැනිදා සිදුව ඇති බවත් කොල්ලුපිටිය පොලිසිය ප්‍රකාශ කළේය.
මියගිය පුද්ගලයාගේ බිරිඳ වූ මායා දිලුක්ෂි සිය ස්වාමිපුරුෂයා මරණය සැක සහිත බවට පොලිසියට පැමිණි කළ බවත් සිය සැමියාගේ අවසන් කටයුතු අද(13) සිදු කිරීමට නියමිත බව ඇය දැනුම්දුන් බවත් කොල්ලුපිටිය පොලිසිය ප්‍රකාශ කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි ලලිත් සේනානායක නම් පුද්ගලයෙක් බවත් වකුගඩු සහ හෘදයාබාධ රෝගයකින් ඔහු පෙළී ඇති බවත් කොල්ලුපිටිය පොලිසිය පැවැසුවේය.
බොරැල්ල ප්‍රසිද්ධ අවමංගල්‍ය ශාලාවක අවසන් කටයුතු සඳහා සූදානම් කර තිබී පොලිස් බාරයට ගත් මෘත දේහයේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (14) උදෑසන සිදුකිරීමට නියමිත බව කොල්ලුපිටිය පොලිසිය පැවසුවේය.
මියගිය ලලිත් සේනානායකගේ සියලුම වෛද්‍ය වාර්තා රැගෙන මරණකරුගේ අක්කාට හෙට(14) පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙන බවද කොල්ලුපිටිය පොලිසිය ප්‍රකාශ කළේය
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උසාවි නියෝගයෙන් අවසන් කටයුතු නවතී