වයඹ පළාත් සභා ඡන්දයේ ඡන්ද පත්‍රිකා පුත්තලම ශාන්ත ඇන්ඩෘ විදුහලේ මධ්‍යස්ථානයේ ගණන් කිරීමෙන් දින දෙකකට පසුව ඡන්ද පත්‍රිකා තොගයක් සොයා ගත් දිනයේ දී තේරීම් භාර නිලධාරී කිස්ලි ප්‍රනාන්දු මහතාට බැනවැදී අපහාස කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැති අශෝක වඩිගමංගාව හා හිටපු පළාත් සභා මන්ත්‍රී මොහොමඩ් කමුර්දීන් අධිකරණයට කැඳවීමට සිතාසි නිකුත් කරන්නැයි පුත්තලම පොලිසිය අද කළ ඉල්ලීම පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉවත දැමීය.
සිතාසි නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නැතැයි මහේස්ත්‍රාත් පොලිසියට පැවසීය.
ඔවුන් වරදක් කර ඇත්නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට හැකියැයි මහේස්ත්‍රාත්වරයා පොලිසිය දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විහිලු සපයන්නට ජය.(නදී)
ජනතාවට සේවය කරන්න දේශපාලකයන් විඳින දුක පේනවා නේද? (නි)
මම නම් බැනපු අයට ආපහු හොඳ කුණුහරප ටිකක් ලුණු ඇඹුල් දමා කියනවා මිස උසාවි යන්නෙ නැහැ. නැතහොත් හොඳ කිතුල් පොල්ලක සරණ යාම මැනවි (නි)
අපි නං ඉතින් නීතිය දන්නේ නැහැ. හැබැයි, මං දැකලා තියෙනවා පුවත් වාර්තාවල මෙහෙම නඩුවලදී නොතීසිද මොනවද කියලා ජාතියක් එහෙම යවනවා කියලා. පොලිසියට කරුණු මදි වෙන්න ඇතිනේ පැමිණිල්ලක් දාන්න තරම්. (නි)
ඇත්තටම වරදක් කරලා තිබේ නම් පොලීසිය මෙචරකල් මොකද නිකන් හිටියේ? අල්ලලා කුඩුවට දාන්න එපැයි. බොහොම හොඳ තීන්දුවක්. උසාවියට අපේ ප්‍රසාදය (නි)
නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ.අපට තියෙන්නෙ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නද? ඉවසුවා ඇති..... (ස)