තණමල්විල බෝදාගම දී ලොරියක් වෑන් රියක හැපීමෙන් වෑන් රියේ සිටි තිදෙනෙක් තුවාල ලදහ.
ඒ අවස්ථාවේ වෙනත් ගමනක් යමින් සිටි ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා තුවාලකරුවන් රෝහල්ගත කිරීමට ඉදිරිපත් විය.
තුවාලකරුවන් එළියට ගැනීම සඳහා වෑන් රියේ දොරවල් කැඩීමට මිනිත්තු 20ක් පමණ ගතවිය. මහ ඇමැතිගේ ආරක්ෂකයෝ ඒ සඳහා ඉදිරිපත් වූහ.
ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතකද ඒ වුණාට එක දේශපාලකතුමෙක් තමුන්ගේ වාහනේට යටවුණ මනුස්සයාව මඟ දාලා ගියා? (නි)
නියම මනුසත්කම (බ)
මේක ඡන්දය බලාගෙන කරපු දෙයක් නොවේ. අගය කළයුතු වැඩක්. (නි)
රටේ හැමතැනම අවිනීත රියදුරෝ. අපේ රටේ මාර්ග නීති කඩන, නැති අනතුරු ඇති කරන හදිස්සිකාරයින්ට විරුද්ධව නැවත මාර්ගනීති ඉගැන්වීමේ පන්ති කරා යොමුකිරීම වැනි ප්‍රායෝගික වැඩපිළිවෙලක අවශ්‍යතාවය පෙනීයනවා. ඉස්සර ලංගමයේ රියදුරන් අනතුරක් සිදුකළවිට ඔවුන්ව නැවත ලංගමයේ රියදුරු පාසලේ පුහුණුවකට යොමු කිරීම මඟින් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලැබුවා. එමගින් නීතිගරුක රියදුරන් ලංගමය තුල බිහිවුණා. (නි)
ඉතා අගය කළයුතු වැඩක්. හැබැයි සාමාන්‍ය මිනිසුන් වන අපි මීටත් වඩා ඕනෑතරම් කරලා තියනවා. (නි)
සමහරවිට ලකුණු දාගන්නත් වෙන්න පුලුවන්. එ්ත් මේ අවස්ථාව මඟහැර නොගොස් කළයුතු දේ කළ ඇමතිතුමාට අපගේ ප්‍රණාමය! තමුන්ගේම වාහනයට හැපුණු මිනිස්සු දාලා පැනල යන උපාසක ඇමතිලාට වැඩිය මෙතුමා ශ්‍රේෂ්ඨයි. (නි)
නියම මහත්මා ගතිගුණ ඇති මහත්මයෙක් (නි)
අන්න නියම වැඩ. මොනවා වුණත් මේ ජීවිත. (නි)
සාමාන්‍ය ජනතාව දවසට මේ වගේ උදව් කීයක් කරනවද? එ්ත් එක වැකියකින්වත් ඒවා අගය කරනවද? මේ තරාතිරම් එක්ක ප්‍රශ්නයක් නෙමෙයි. මනුස්සකමට ඇගයීමක් කළාම ඇති. (නි)
අනතුරකදී පිහිටවීම හොඳ දෙයක්. නමුත් අනතුරකදී ලෙඩාට පිහිටවීමේදී ඉතා ප්‍රවේශම් වියයුතුයි. මා මෙයින් අදහස් කර පෙන්වන්නේ දැනුමක් නැති පුද්ගලයෙකු අනතුරක් සිදුවූ රෝගියෙක් එකවරම උස්සා ගතහොත් රෝගියාගේ තත්වයට අනතුරෙන් සිදුවූ හානියට වඩා හානියක් වීමයි. (නි)
දෙන මේක පුරුද්දකට කරයිද දන්නේ නැහැ අනෙක් අයත් (නි)
ලනකවේ මඟතොටේදී අනතුරක් වුණාම වහාම ක්‍රියාත්මක වන ගිලන් රථ සේවයක් ඉතාමත් අවශ්‍යයි. මෙතැන අදහස් දාන අය හිතන්නේ දේශපාලුවෝ මේවා කරන්නේ මිනිසුන්ට අාදරයට කියලා (නි)
මේවා අගය කරන්න ඕනෑ වැඩ (නි)
ඉතාම හොඳ ක්‍රියාවක්. මෝඩයෝ වගේ අදහස් පළකරන්න එපා. එතුමා හොඳ වැඩක් කළේ. නැත්නම් ඔතන ඉන්න වෙන කවුද ඔයවිදියට ඉදිරිපත් වෙන්නේ? තමන්ගේ වාහනේ ලේ බේරෙන ලෙඩ්ඩු ගෙනයන්න ඔය අදහස් ප්‍රකාශ කරන කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැනේ (නි)
අපි වාහනය නවතා බැස්ස එක ගැන සතුටු වෙනවා. නමුත් ටිකක් මොළයෙන් හිතන්න අපිටත් පුලුවන් (නි)
ඔබතුමා ඔය ශරීර ප්‍රමාණය අඩුකරගන්න ව්‍යායාම වලට යොමුවුණොත් හොඳ නැද්ද? (නි)
මොන පක්ෂේ උනත් මෙන්න අගය කරන්න ඕනි වැඩ. (ර)
මොනවා වුණත් ඔබතුමා බොහොම උතුම් ක්‍රියාවක් කරලා තියෙන්නේ. මේ කාලයේ දේශපාලකයන්ට ගල් වදින කාලේ, ඔබතුමාට මල්! (නි)
හතරවන ෆොටෝ එක දැක්කහම මටත් හිතෙනවා උදව් කරන්න (නි)
මේක අැත්තටම උතුම් ක්‍රියාවක්. (නි)
මේ උදවියගේ කරුණාව ඉහළින්ම අගය කරනවා (නි)
මෙතුමාට ඕන නම් මග හැර යන්න තිබුන. නමුත් එතුමා උදව්වට ආවා. අගය කල යුතු දේට කුහක වෙන අයත් ඉන්න බව දැකීම කනගාටුවක්. (ර)
අගය කරන්න ඕනි වැඩ. (ර)
අපි උනත් මේ වගේ පිරිසකට උදව් කරනවනේ... (ර)
කව්රු කරත් හොද දේ හොදමයි. පාට කන්නාඩි දාගෙන නොබලන මිනිස්සුන්ට විතරයි එහෙම හිතෙන්නේ. ඔබටත් දවසක මේ පින පල දෙවි. (ර)
මේ දාල තියෙන හෙඩිම කොයිතරම් ඇත්තද හතරවැනි ෆොටෝ එකේ ලෙඩාට කොයිතරම් අසාධ්‍යද කියලා පේනවා. (බ)
මෙන්න මේවා තමයි නියම ශ්‍රේෂ්ඨ උතුම් ක්‍රියාවන් මහජන නියෝජිතයන්ගෙන් තියා සාමාන්‍ය මිනිසකුගේන්වත් බලාපොරොත්තු වෙන්න බෑ, මොකද ලේ තැවරුණ තුවාල කරුවන් සිටින අවස්ථාවන්හිදී බොහෝ දෙන බලන්නේ එය මගහැර කුමන හෝ බොරුවක් පවසා මගහැර යන්නයි. (බ)
මෙහෙම ගියොත් කොහෙන් රට නවතී ද ? (බ)
මෙන්න මේවා තමයි නියම ශ්‍රේෂ්ඨ උතුම් ක්‍රියාවන් මහජන නියෝජිතයන්ගෙන් තියා සාමාන්‍ය මිනිසේකුගේන්වත් බලාපොරොත්තු වෙන්න බෑ, මොකද ලේ තැවරුණ තුවාල කරුවන් සිටින අවස්ථාවන්හිදී බොහෝ දෙනා බලන්නේ එය මග හැර කුමන හෝ බොරුවක් පවසා යන්නයි.(බ)
බොහොම උතුමා වැඩක් කරලා තියෙන්නේ. ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි. (ර)
සාමාන්‍ය මිනිස්සු දවසකට ඔය වාගේ දේවල් කීයකට ඉදිරිපත් වෙනවද. (ර)