ඌව උදානය යටතේ සියඹලාණ්ඩුව දනකිරිය ගමේ පවුල් 150 කට රුපියල් ලක්ෂ එකසිය හැත්තෑවක වියදමින් ඉදි කළ විදුලි බල යෝජනා ක්‍රමය විවෘත කිරීමට ගිය ඌව මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දේශපාලන අලකලංචියකට මුහුණ පෑවේය.
පසුගිය සිකුරාදා සවස පහට පමණ එහි ගිය මහ ඇමැතිට විදුලිය විවෘත කිරීමට හැකි වුයේ පසුදා අලුයම එකට පමණය.එතෙක් අටපැයක් ගමේ රැදී සිටීමට ඔහුට සිදු වුයේ විදුලිය විසන්ධිකර තැබු හෙයිනි.
අම්පාර විදුලිබල මණ්ඩලයෙන් විදුලි සේවකයන් පැමිණ නොසීටිම නිසා මහ ඇමැති මෙසේ රස්තියාදුවට ලක් විය. මහ ඇමැති විදුලිබල මණ්ඩල ලේකම්ට දුරකතනයෙන් කතා කිරීමෙන් පසු අම්පාරෙන් පැමිණි විදුලි බලමණ්ඩල සුළු සේවකයින් පැවසුයේ තමන් ට්‍රාන්ස්‍ෆෝමර ඇතුළු විදුලි උපකරණ රැගෙන ආවත් ප්‍රදේශයේ දේශපාලන බලයක් තමන් ආපසු හරවා යැවු බවයි.
මේ වැඩපිළිවෙළට එරෙහිව පුද්ගලයින්ගේ නම් ගම් කියමින් කුපිත වු ජනතාව සන්සුන් කිරීමට මහ ඇමැතිට මහත් වෙහෙසක් දැරීමටද සිදු විය.ඔවුන් පැවසුයේ මහ ඇමැතිගේ මොණරාගල සංවර්ධන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඇතැම් දේශපාලනඥයින්ගේ රහස් බලවේග මතු වී ඇති බවයි.
කවර බලවේග පැමිණියත් තමා පසුබට නොවන බවත් නිලධරයන් සිය රාජකාරීය හරියට ඉටුකරන බවත් එසේ නොකරන අයට සමාවක් නොලැබෙන බවත් මහ ඇමැති එහිදී කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිස් මුදල් ගත්තේ කව්ද ?(නදී)
මහජන මුදල් වලින් කරන වැඩ වලට හරස්වන අය දෙලොවටම නැති ජාතියක්.(නදී);
වහාම පියවරක් ගන්න මහා ඇමතිතුමෝ .වරද කරුවන්ට දඩුවම් දී රටට ප්‍රසිද්ද කරන්න කව්ද කියලා.(නදී);
අපේ රට ගැන දුකයි.(නදී)
මේක නම් මම මටම ගහ ගත්තා වගේ වැඩක් ?(නදී)
රාජපක්ෂලාට සලකන්නේ මෙහෙම නම් අනික් අයට කොහොමද අන්තිමට දුක් විඳින්නේ මහා ජනතාව? වැරදී කෙනා හොයල දඬුවම් දෙන්න ඕන (නදී)
ලග එන පළාත් සභා ජන්දෙට හොදම නාට්‍ය , පළාතේ මහා ඇමැතිටත් වඩා ඉහලින් ඉන්න බලාවතා කවුද ? මේවට කුලප්පු වෙන මිනිස්සුත් ඉන්නවනේ ඇත්තට (නදී)
බවලතා හා බලවතා අතරට මැදිවුණු දුප්පතාට දෙවියන්ගේම පිහිටයි! (ත)
මේ වගේ දේශපාලනයක්.(නදී)
යායුතු තැනට යනවාමයි ගලන ගඟ.(නදී)
"දරුවෝ රණ්ඩුවෙලා ගහගෙන තාත්තා ළගට දුවලා ගිහින් කිව්වහම තාත්තා අවවාද කරනවා. සමහර තාත්තලා පුතාලට වැඩියෙන් ආදරෙයි. සමහරු එහෙම නැහැ." (නි)
ශෂින්ද්‍ර නම් නළුවෙක් වගේ ලස්සනයි (නි)