හරීන් ප‍්‍රනාන්දු සහ රවින්ද්‍ර සමරවීර යන මහත්වරුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ලෙස පත්වීම නිසා පුරප්පාඩු වූ ඌව පළාත් සභා මන්ත‍්‍රී ධූරයන්ගෙන් එකකට තමා පත් කරන ලෙස ඉල්ලා පළාත් සභා මැතිවරණයකට තරග කළ අපේක්ෂකයකු ගොනු කළ රිට් පෙත්සම විභාගය අද(14) අවසන් කළ අභියාචනාධිකරණය එහි තීන්දුව ප‍්‍රකාශ කිරීම කල් තැබීය.
පුරප්පාඩු වූ මන්ත‍්‍රීධූර වෙනුවට පෙත්සම්කරු හැර වෙනත් අයකු පත් කිරීම වළකාලමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා වළක්වමින් මීට පෙර නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය මේ මස 20 වැනිදා තෙක් බල පැවැත්වෙන පරිදි දීර්ඝ කිරීමටද අභියාචනාධිකරණය තීරණය කළේය.
පෙත්සම සම්බන්ධයෙන් ලිඛිත දේශන ලබන 20 වැනිදාට හෝ ඊට පෙර අධිකරණය හමුවට ගොනු කරන ලෙසද අධිකරණය පෙත්සම්කරුවන්ට හා වගඋත්තරකරුවන්ට දැනුම් දෙන ලදී.
පුරප්පාඩුවූ ඌව පළාත් සභා එජාප මන්ත‍්‍රී ධූරයන්ගෙන් පළමුවැන්නට තමා පත් කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට සහ එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා මාළඹේ පදිංචි කේ.පී.ජී.පී විජේවර්ධන මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබිණි.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්, ඩබ්ලිව්.එස්.පටබැඳිගේ, එම්.සචිත‍්‍රානන්දන් ඌව පළාත් සභාවේ ලේකම් ඇතුළු 15 දෙනකු මෙහි වගඋත්තරකරුවෝ වෙති.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත
රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ඌව සබේ හබේට අධිකරණයේ විසඳුම කල් යයි